Facebook හා Instagram වෙබ් අඩවි බිඳ වැටේ!

2:53 PM

ෆේස්බුක් හා instagram වෙබ් අඩවි ලොව පුරා ඊයේ රාත්‍රී 10ත් 11 ත් අතර කාලය තුල මිනිත්තු 30 ක පමණ බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.ඒත් සමගම http://downrightnow.com/  නැමැති මේ වන විට සක්‍රීයව හා බිඳවැටී ඇති වෙබ් අඩවි ගැන තොරතුරු දැනගත හැකි වෙබ් අඩවියද බිඳ වැටී තිබෙනවා.Lizard Squad නැමැති කණ්ඩායම විසින් එල්ල කරන ලද Ddos ප්‍රහාරයක් නිසා මෙය සිදු වී ඇති බව වෙබ් අඩවි වාර්ථා කරනවා.

Norse  නමින් හදුන්වන අන්තර්ජාල ආරක්ශන සමාගමේ ipviking නැමැති තාක්ශනය ඔස්සේ Ddos attack එල්ලවන ස්ථාන හදුනාගත හැකියි.ඒ සමාගමට අනුව ඊයේ රාත්‍රියේ දී ඇමරිකාව වෙත ඉතා විශාල Ddos ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.මේ නිසාවෙන් ෆේස්බුක් වෙබ් අඩවිය බිඳවැටී තිබෙනවා.


මේ පිලිබඳව ෆේස්බුක් අඩවිය මෙසේ සඳහන් කර තිබුනා.

"Facebook and Instagram experienced a major outage tonight from 22:10 until 23:10 PST. Our engineers identified the cause of the outage and recovered the site quickly. You should now see decreasing error rates while our systems stabilize. We don't expect any other break in service. I'll post another update within 30 mins. Thank you for your patience."

කෙසේවෙතත් මේ වන විට ෆේස්බුක් හා instagram වෙබ් අඩවි නැවත යථා තත්වයට පත් වී තිබෙනවා.

Share this

Related Posts

Previous
Next Post »

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon