VB.net 4 පාඩම - කොන්දේසි පරික්ෂා කර පිළිතුරු ලබා දෙන හැටි.

2:16 PM 4 Comments

සෑම පරිගණක භාෂාවකම පාහේ කොන්දේසි පරික්ෂා කර පිළිතුරු ලබාදීම සදහා විශේෂයෙන් සැකසූ කෝඩ් ක්‍රමයක් භාවිතා කරයි. මේවා කන්ඩිෂනල් ලොජික් (Conditional Logic) ලෙස හැදින්වේ. විෂුවල් බේසික් තුල මේ සදහා භාවිතා කරන්නේ If හා Switch යන ඒවාය. එයිනුත් වැඩි පුරම භාවිතා වන්නේ If කන්ඩිෂනල් ලොජික් එකය. මෙය ආකාර තුනකි.

If Then  ආකාරය.

මෙම ආකාරයේදී කොන්දේසිය හා එය සත්‍ය වූ විට ඉ‍ටුවිය යුතු කාර්යය තනි පෙළකට ලිවිය යුතුය. එහි පොදු ආකෘතිය පහත පරිදි වේ.

ex :- If  කොන්දේසිය Then ඉ‍ටුවිය යුතු කාර්යය

මේ ගැන තවත් හොදින් අවබෝධ කොට ගැනීම සදහා පහත වැඩසටහන සකසමු. මෙහිදී සකසන්නේ ටෙක්ස්ට් බොක්ස් එක තුල අංක 1 සදහන් කර බට්න් එක ක්ලික් කලහොත් ලේබල් එක තුල Computer ලෙස දිස් වෙන වැඩ සටහනකි. මේ සදහා පළමුවෙන්ම නව WPF Application project එකක් ලබා ගත යුතුය. එවිට ලැබෙන වින්ඩෝ එක මතට බට්න් එකක්, ටෙක්ස්ට් බොක්ස් එකක් හා ලේබල් එකක් ලබා ගත යුතුය. පසුව ඒවායේ ප්‍රොපටි පහත පරිදි සැකසිය යුතුය.

Button    [Name] = btnOk,  [Content] = Ok
TextBox [Name] = txtIf,     [Text] = හිස්ව තබන්න
Label      [Name] = lblIf,     [Content] = හිස්ව තබන්න

මෙහිදී වැඩසටහන සදහා කෝඩ් ලිවිය යුත්තේ btnOk ලෙස නම් කල බට්න් එකට අදාලවය. ඒ සදහා ලබා ගත් බට්න් එක මත ඩබල් ක්ලික් කර පහත පරිදි කෝඩ් ලිව්ය යුතුය.

If txtIf.Text = 1 Then lblIf.Content = "Computer"

මෙහි txtIf.Text = 1 යන කොටසින් කෙරෙන්නේ ටෙක්ස්ට් බොක්ස් එක තුල අංක 1 තිබේ දැයි පරීක්ෂා කිරීමයි. එය එසේ නම් lblIf.Content = "Computer" යන කොටසින් Computer යන්න ලේබල් එක තුල පෙන්වයි. මේ ආකාරයට කොන්දේසි කිහිපයක් පරීක්ෂා කර බැලිය යුතුනම් ඒ සදහා කෝඩ් ලිවිය යුත්තේ පහත ආකාරයටයි.

If txtIf.Text = 1 Then lblIf.Content = "Monday"
If txtIf.Text = 2 Then lblIf.Content = "Tuesday"
If txtIf.Text = 3 Then lblIf.Content = "Wendnesday"
If txtIf.Text = 4 Then lblIf.Content = "Thursday"

මෙහිදී පළමු පේළියෙන් ටෙක්ස්ට් බොක්ස් එක තුල ඇත්තේ 1 නම් ලෙබල් එක තුල Monday යන්න පෙන්වයි, දෙවැනි පේළියෙන් ටෙක්ස්ට් බොක්ස් එක තුල ඇත්තේ 2 නම් ලෙබල් එක තුල Tuesday යන්න පෙන්වයි, තෙවැනි පේළියෙන් ටෙක්ස්ට් බොක්ස් එක තුල ඇත්තේ 3 නම් ලෙබල් එක තුල Wendnesday යන්න පෙන්වයි හා සිව්වන පේළියෙන් ටෙක්ස්ට් බොක්ස් එක තුල ඇත්තේ 4 නම් ලෙබල් එක තුල Thursday යන්න පෙන්වයි. මෙහිදී උදෘත පාඨ තුල ඇතුලත් කර ඇති වචන වෙනුවට තමන් කැමති වචනයක් යොදා ගත හැකිය.

If සමග Else භාවිතය.

ඉහතදී අප සලකා බැලුවේ ලබාදුන් කොන්දේසිය සත්‍ය අවස්ථාව පමණි. එහෙත් ලබා දුන් කොන්දේසිය අසත්‍ය අවස්ථාවද සලකා බැලිය යුතුනම් ඒ සදහා If සමග Else යන්නද ලිවිය යුතුය. එවිට කෝඩ් පේළිය තනි පෙලකට ලිවිය නොහැක. එහිදී භාවිතා වන පොදු ආකෘතිය පහත පරිදිවේ.

ex: If කොන්දේසිය Then
            කොන්දේසිය සත්‍ය විට ඉ‍ටු විය යුතු කාර්යය.
    Else
            කොන්දේසිය අසත්‍ය විට ඉ‍ටු විය යුතු කාර්යය.
    End If

මෙහිදී අවශ්‍ය නම් කොන්දේසියක් සත්‍ය වුවිට තනි කාර්යයක් වෙනුවට කාර්යයන් කිහිපක් වුවත් සිදුකර ගත හැක. එය තේරුම් ගැනීම සදහා පහත උදාහරණ් කෝඩ් කොටස සලකා බලන්න. ඒ සදහා වින්ඩෝ එක මතට බට්න් එකක්, ටෙක්ස්ට් බොක්ස් එකක් හා ලේබල් එකක් ලබා ගත යුතුය. පසුව ඒවායේ ප්‍රොපටි පහත පරිදි සැකසිය යුතුය.

Button    [Name] = btnOk2,  [Content] = Ok (2)
TextBox [Name] = txtIf2,     [Text] = හිස්ව තබන්න
Label      [Name] = lblIf2,     [Content] = හිස්ව තබන්න

මෙහිදී වැඩසටහන සදහා කෝඩ් ලිවිය යුත්තේ btnOk2 ලෙස නම් කල බට්න් එකට අදාලවය. ඒ සදහා ලබා ගත් බට්න් එක මත ඩබල් ක්ලික් කර පහත පරිදි කෝඩ් ලිව්ය යුතුය.

        If txtIf2.Text = 1 Then
            lblIf2.Content = "Good"
            lblIf2.FontWeight = FontWeights.Bold
        Else
            lblIf2.Content = "Bad"
            lblIf2.FontWeight = FontWeights.Light
        End If

දැන් වැඩසටහ ධාවනය කර ටෙක්ස්ට් බොක්ස් එකමත අංක 1 යොදා. බටනය එබූ විට ලේබල් එකමත තද කළු (Bold) අකුරෙන් Good යන්නත් එක හැර වෙන්ත් යමක් ටයිප් කර බටනය එබූ විට ලාකළු (Light) අකුරෙන් Bad යන්නත් දිස් වෙනු ඇත.
ඉහත කෝඩ් කොටසේ විස්තර මෙසේ වේ. මෙහිදී පළමු කොඩ් පේළියෙන් ටෙක්ස්ට් බොක්ස් එක තුල ඇත්තේ අංක 1 දැයි සොයා බලයි. එය එසේ වීනම් වැඩසටහන ඊළග කෝඩ් කොටසට යොමුවෙයි. එනම් කොන්දේසිය සත්‍ය වූ විට සිදුවිය යුතු කාර්යය වෙත යොමු වෙයි. එනම් 2 හා 3 කොඩ් පේළි වෙත යොමුවෙයි. එහිදී දෙවැනි කෝඩ් පේළියෙන් ලේබල් එකතුල Good යන්න පෙන්වන අතර 3 වන කෝඩ් පේළියෙන් ඒතුල ඇති අකුරු සදහා Bold ඉෆෙක්ට් එක ලබා දෙයි. මෙහි 4 වන කෝඩ් කොටස වන Else පදයට පසුව ලියනු ලබන කෝඩ් කොටස අයත් වනුයේ ඉහත ලබාදුන් කොනදේසිය අසත්‍ය වුවිට සිදු විය යුතු කාර්යයන් හටය. එනම් ටෙක්ස්ට් බොක්ස් එකතුල ඇති අංකය 1 නොවේ නම් සිදු විය යුතු කාර්යයන් ලිවිය යුත්තේ මෙම Else පදයට පහලින්ය. මෙහි 5 වන කේත පේළියෙන් කරන්නේ ලේබල් එක තුල Bad යන්න පෙන්වන අතර.  6 වන කෝඩ් පේළියෙන් ඒතුල ඇති අකුරු සදහා Light ඉෆෙක්ට් එක ලබා දෙයි. 7 වන හෙවත් අවසාන කෝඩ් පේළියෙන් If කොන්දේසිය ක්‍රියාත්මක වීම නවතා දමයි.

If සමග Else හා ElseIF භාවිතය.

දිගින් දිගටම කොන්දේසි පරීක්ෂා කරමින් යම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් ඒ සදහා යොදා ගත යුත්තේ ElseIF ආකාරයයි. එහි පොදු ආකාරය පහත පරිදිවේ.

Ex : If කොන්දේසිය Then
කොන්දේසිය සත්‍ය නම් විය යුතු කාර්යය.
ElseIF දෙවැනි කොන්දේසිය Then
කොන්දේසිය සත්‍ය නම් විය යුතු කාර්යය.
ElseIF තුන් වැනි කොන්දේසිය Then
කොන්දේසිය සත්‍ය නම් විය යුතු කාර්යය.
ElseIF හතරවෙනි කොන්දේසිය Then
කොන්දේසිය සත්‍ය නම් විය යුතු කාර්යය.
........................................................
Else
සියළු කොන්දේසි අසත්‍ය නම් විය යුතු කාර්යය.
End If

මෙහිදී පළමු කොන්දේසිය අසත්‍ය නම් දෙවැනි කොන්දේසියද එයද අසත්‍ය නම් තෙවැනි කොන්දේසියද පරීක්ෂාකරයි. මෙසේ දිගින් දිගටම අවශ්‍ය තරම් කොන්දේසි ප්‍රමාණයක් පරීක්ෂා කිරීමට ඉඩ ලබා දිය හැක. මෙහි අවසානයට Else යන්න මගින් කෙරෙන්නේ ඉහත ඇති සියළු කොන්දේසි අසත්‍ය නම් යම් කාර්යයක් ඉ‍ටු කිරීම සදහාය.
මෙය තේරුම් ගැනීමට පහත දක්වා ඇති කෝඩ් වලට අදාල වැඩසටහන සකස් කරන්න.  ඒ සදහා වින්ඩෝ එක මතට බට්න් එකක්, ටෙක්ස්ට් බොක්ස් එකක් හා ලේබල් එකක් ලබා ගත යුතුය. පසුව ඒවායේ ප්‍රොපටි පහත පරිදි සැකසිය යුතුය.

Button    [Name] = btnOk3,  [Content] = Ok (3)
TextBox [Name] = txtIf3,     [Text] = හිස්ව තබන්න
Label      [Name] = lblIf3,     [Content] = හිස්ව තබන්න

මෙහිදී වැඩසටහන සදහා කෝඩ් ලිවිය යුත්තේ btnOk3 ලෙස නම් කල බට්න් එකට අදාලවය. ඒ සදහා ලබා ගත් බට්න් එක මත ඩබල් ක්ලික් කර පහත පරිදි කෝඩ් ලිව්ය යුතුය.

 If txtIf3.Text >= 75 Then
            lblIf3.Content = "A"
        ElseIf txtIf3.Text >= 65 Then
            lblIf3.Content = "B"
        ElseIf txtIf3.Text >= 55 Then
            lblIf3.Content = "C"
        ElseIf txtIf3.Text >= 35 Then
            lblIf3.Content = "S"
        Else
            lblIf3.Content = "F"
        End If

පළමු කෝඩ් පේලියෙන් කෙරෙන්නේ ටෙක්ස්ට් බොක්ස් එකෙහි ඇති අගය 75 හෝ ඊට වැඩි අගයක් දැයි පරීක්ෂා කිරීමයි. එය එසේ නම් ලේබල් එකතුල A පෙන්වයි. එහෙත් ටෙක්ස්ට් බොක්ස් එකෙහි ඇති අගය 75 ට අඩුනම් දෙවන කොන්දේසිය පරීක්ෂා කිරීමට යොමුවෙයි. එහිදී සලකා බලන්නේ ටෙක්ස්ට් බොක්ස් එකෙහි ඇති අගය 65 හෝ ඊට වැඩි අගයක් දැයි පරීක්ෂා කිරීමයි. එය එසේ නම් ලේබල් එකතුල B පෙන්වයි. මේ ආකාරයෙන්ම 5 හා 7 වෙනි පේළිවල්දීද ElseIf මගින් කොන්දේසි පරීක්ෂා කර බලයි. මෙහිදී සියළු කොන්දේසි අසත්‍ය ලෙස සැලකෙන්නේ ටෙක්ස්ට් බොක්ස් එක තුල ඇති අගය 35 ට අඩු අවස්ථාවයි. එය එසේ වූ විට Else කොටස ක්‍රියාත්මක වී ලේබල් එක තුල F පෙන්වයි.

මෙවර පාඩමට අදාල විෂුවල් බේසික් ප්‍රොජෙක්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.

පසුගිය පාඩම් මාලාවන් :

එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියෙහි 3 වන ස්ථානය සොෆ්ට්වෙයාලන්තයට!

8:35 AM 7 Comments


ekathuwa.org වෙබ් අඩවිය සමග radiokaluthara.com වෙබ් අඩවියේ සහයෝගයෙන් පවත්වපු බ්ලොග් සම්මාන සැනකෙලියේ 3 වන ස්ථානය අපේ බ්ලොග් අඩවියට ලැබිලා තියනවා ඒ ගැන අපිට ගොඩ්ඩාක් සතුටුයි.අපි ලබාගත්තු විශාල ජයග්‍රහණයක් හැටියට අපි සලකනවා.ඉතින් අපි මේක අව්ස්ථාවක් කරගන්නවා අපේ ආදරණීය පාඨකයන්ට ස්තූති කරන්න.ඒ වගේම එකතුව.org වෙබ් අඩවියටත් radiokaluthara.com වෙබ් අඩවියටත් අපේ කණ්ඩායම හදපිරි ස්තූතිය පලකර සිටිනවා.

දිනපු නොදිනපු සෑම බ්ලොග් අඩවියකටම අපේ උනුසුම් සුභ පැතුම්!!!

ටොරන්ට් ඩවුන්ලෝඩ් ස්පීඩ් කරන විදිය මෙන්න

9:30 PM 5 Comments


                ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරනකොට ඔයාලගෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වෙනස් වෙනව වගේම වෙලවකට ස්ලෝව් වෙනව නේද??
                ඔයාල ඩවුන්ලෝඩ් කරන්නෙ utorrent  එකෙන්නම් පහල තියෙන පියවර අනුගමනය කරල ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරගන්න පුලුවන්.

1.settings වලට ගිහින් bittorent වල තියෙන protocol encryption කියන එක enable කරල ඉස්සරහින් තියෙන
checkbox එකට tick එකක් දාන්න.
                     

2.Bandwith වල තියෙන Number of Connections කියන එක යටතේ  තියෙන Global Max number of connections කියන එක 2500 කරල Max number of connected peers per torrent කියන එක 500 කරන්න.

                       

දැන් ස්පීඩ් එක ටිකක් වඩි වෙයි.ගැටලු තියෙනවනම් කොමන්‍ටුවක් දාන්න....:D

PC 1 Slow ද??? මෙන්න ස්පීඩ් කරගන්නා විදිය

6:57 PM 8 Comments
                                


කොහොමද යාලුවනේ......මම දැන් ඔයාලට කියන්න යන්නෙ කම්පියුටර් 1 ස්පීඩ් කරගන්න විදියක්.......
එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනකොට ටික කාලයක් ගියාම PC 1 slow වෙන 1 සාමාන්‍ය දෙයක්.....එහෙම වෙන්නෙ වින්ඩෝස් registry 1 වෙන වෙනස්කම් හින්දා වගේම එක එක junk files හින්දා....

පහල තියෙන ලින්ක් 1න් මේ software 1 ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්...

http://www.iobit.com/advanced-systemcare-antivirus.php


මේ සොෆ්ට්වෙයාර් 1න් කරන්නෙ ඔයාගෙ කම්පියුටර් 1 තියෙන errors හදල වින්ඩෝස් registri 1 fix කරන එකයි..

download කරල ඉන්ස්ටෝල් කලාට පස්සෙ ස්කෑන් කරල පෙන්න errors fix කරන්න....හරිම ලේසියි

මේකෙන් තව වැඩ ගොඩක් ගන්න පුලුවන්....ඔයාලගෙ කම්පියුටර් 1 run වෙන අනවශ්‍ය programme deactivate කරන්නත් හාඩ් ඩිස්ක් 1 errors වගේම fragment වෙලා තියෙන files defrag කරන්නත් පුලුවන්....

මේකෙ තියෙන smart ram කියන එකෙන් ‍රැම් 1 use කරන්නෙ නැති ස්පේස් clear කරල ‍රැම් 1 වැඩි කරගන්නත් පුලුවන්.........

එහෙනම් අපි ගියා ආයෙ අලුත් වටින ලිපියකින් හම්බෙමු!
අව්ලක් තියනවනම් කමෙන්ට් කරල අහන්න ඕනෙ වෙලාවක අපි ඉන්නව!






                         

microsoft සමාගම windows 9 අත්හැර windows 10 නිකුත් කරයි!!

11:13 AM 4 Comments

වින්ඩෝස් 8 එලි දැක්වූවාට පස්සෙ අපි හැමෝම හිතුවෙ ඊළඟට එන වින්ඩෝස් සංස්කරණය වින්ඩෝස් 9 වෙයි කියල.ඒත් අපි නොහිතපු විදිහට ඊලඟ වින්ඩෝස් සංස්කරණය මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් 10 කියල නම් කරල තියනව.මෙයට හේතුවක් විදිහට දක්වලා තිබෙන්නෙ මේ වින්ඩෝස් සංස්කරණය අද්විතීය එකක් වෙන නිසයි.ඊයේ (සැප්තැම්බර් 30) තිබුන විශේෂ සමුළුවකදී තමයි මයික්‍රොසොෆ්ට් සමාගම මේ ගැන මුලින්ම හෙලි කලේ.ඒ අනුව අද සිට (ඔක්තෝම්බර් 1) අපි windows 10 වල ලැප්ටොප් හා ඩෙක්ස්ටොප් සඳහා වෙන technical preview එක අත්හදා බලන්න අවස්ථාව ලැබෙනවා.නමුත් මේ technical preview එක අපිට එදිනෙදා භාවිතා කරන්න නම් සුදුසු නෑ.මොකද මේකෙ තවමත් දෝශ බොහෝමයක් තියනවා.2015 වර්ෂයේ මුල් බාගයේදී පාරිභොගිකයින් සඳහා winows 10 නිකුත් කරන බව තමයි මයික්‍රොසොෆ්ට් සමාගමේ terry myerson මහත්මයා සඳහන් කරල තියෙන්නෙ.තවම මෙහි මිල ගණන් පිලිබඳව න සටහනක් නෑ.සියලුම වින්ඩෝස් device සඳහා ගැලපෙන විදිහට මෙය නිපදවලා තිබෙන බවටයි ආරංචිය.
වින්ඩෝස් 10 වල start එක touch හා mouse යන දෙකටම ගැලපෙන විදිහට සකසලා තිබෙනවා ඒ චායාරූප පහලින් බලාගන්න පුලුවන්.වින්ඩෝස් 10 වල චායාරූප පහලින් ඔබට බලාගන්න පුලුවන්.





මෙන්න වීඩීයෝ එක ..


අදට සමුගන්නම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු!
Update: windows 10 technical preview ඔබට මෙතනින් භාගත කරගත හැක.

දියවන්නා දියත උයන ඇතුලු තවත් රමණීය ස්ථාන ගණනාවකටම virtual tour යමුද?

3:20 PM 6 Comments

කට්ටියම බලන්න ඇති මේ මොකක්ද කියල! කවුරුත් දන්නවනෙ දියවන්නාවෙ දියත උයන.විවේකීව කාලය ගත කරන්න පුලුවන් හරි අපූරු තැනක් නේද? ඒත් ඉතින් දුර ඉන්න කට්ටියට මේකට එන්න බෑනෙ!තවම දියත් උයන ඇස් දෙකෙන්ම දැකල නැති අය ඕනෙ තරම් මෙතන ඉන්න පුලුවන්නෙ. ඉතින් අන්න ඒ කට්ටියට පුලුවන් දැන් අන්තර්ජාලය හරහා දියත උයන වටේ රවුමක් ගිහිල්ල සිරි අසිරිය විඳින්න.හැම තැනම පැනෝරාමා ඉමේජස් විදිහට මේකෙ තියනවා.ඇත්තටම දියත උයනේ ඇවිදිනව වගේ යන්න පුලුවන්! අපූරුයි නේද? එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහිල්ලම බලන්නකෝ.. ඔයාලගෙ අදහසුත් කියන්න.මේක picture.lk එකේ වැඩක්.

මෙතනින් යන්න  

http://pano.picture.lk/ යන ලිපිනයෙන් ඔයාලට පුලුවන් තවත් මේ වගේ තවත් ශ්‍රී ලංකාවේ තියන ජාතික උරුමයන්,රක්ශිත,ආගමික ස්ථාන ආදී නොයෙකුත් දේවල් virtual tour තාක්ශණයෙන් දැක බලාගන්න.තවමත් මේක ආරම්භක අවදියේ තියෙන්නෙ.ඒ වගේම ඔයාලටත් පුලුවන් මේකට තොරතුරු සපයලා සහාය වෙන්න.මේක කිසිම වාණිජ අරමුනකින් සිදු කරන දෙයක් නෙමෙයි.


අපේ බ්ලොග් අඩවිය එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය කරන්න මෙන්න මේ ලිපිනයට පිවිස  http://www.opinionstage.com/polls/2223008/poll
ඉන්පසුව http://softwarelanthaya.blogspot.com/ වෙත ඔබේ මනාපය ලබාදෙන්න .ඔබට සොයාගැනීමට අපහසු නම් ctrl+f  ඔබා අප බ්ලොග් අඩවියේ නම search කරන්න.

ඔබේ සහයෝගයත් අපට මේ මොහොතේදී අත්‍යාවශ්‍යයි!

10:19 AM Add Comment


ආයුබෝවන් ! සොෆ්ට්වෙයාලන්තය ආදරණීය පාඨක ඔබ සැමටම.අපි දන්නවා ඔයාලා ඕනෙ මොහොතකදි අපේ සහයෝගයට ඉන්න බව.ඉතින් ඔයාල සොෆ්ට්වෙයාලන්තයෙන් මොනව හරි දෙයක් ඉගෙන ගත්ත නම් අලුත් දෙයක් ලබාගත්ත නම්.අපේ ලිපි වලින් ඔයාලට යම් ප්‍රයෝජනයක් වුනා නම් අපේ බ්ලොග් අඩවිය එකතුව බ්ලොග් සම්මාන සැනකෙළියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය කරන්න අපිට උදව් වෙන්න‍෴
ඔයාලට කරන්න තියෙන්නෙ මෙන්න මේ ලින්ක් එකෙන් (http://www.opinionstage.com/polls/2223008/poll) ගිහිල්ලා http://softwarelanthaya.blogspot.com/ අපේ බ්ලොග් අඩවියට  ඔබේ වටිනා මනාපය ලබාදෙන එකයි! අපි විශ්වාස කරනවා ඔයාලා අපිට උදව් වෙයි කියලා ! එහෙනම් අදට ගිහින් එන්නම්.ඔයාලට බොහොම ස්තූතියි වන්ත වෙනවා!
ඔයාලගෙ සහයෝගය මත තමයි අපේ ජයග්‍රහණය රඳා පවතින්නෙ.
Google maps navigation දැන් ශ්‍රී ලංකාවටත්!

Google maps navigation දැන් ශ්‍රී ලංකාවටත්!

6:12 PM 2 Comments

ගූගල් මැප්ස් ආධාරයෙන් නැවිගේශන් සේවාව වෙනත් රටවල් වල ක්‍රියාත්මක වුනත් ශ්‍රී ල‍කාවේ මේ වෙනකන්ම එය ක්‍රියාත්මක වුනේ නෑ.බොහෝ අය මේ පහසුකම ලබාගත්තෙ තමන්ගෙ වාහනයට GPS navigation system එකක් මුදල් ගෙවා ලබාගැනීමෙන්.
නමුත් පසුගියදා ගූගල් සමාගම නිවේදනය කලා ශ්‍රී ලංකාව ඇතුල රටවල් විස්සකට මේ පහසුකම හදුන්වා දෙන බව.ඒ සමගම ඔබට හැකිවෙනවා තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය භාවිතා කරල ගූගල් මැප්ස් හරහා මේ පහසුකම අත්විඳින්නට.ගූගල් සමාගමෙන් නොමිලයේම සැපයෙන මේ සේවාව හරහා ඔබට හැකියි මාර්ගය නොදැන වුනත් ගූගල් නැවිගේශන් අධාරයෙන් තමන්ගෙ ගමනාන්තය දක්වාම යන්න.ඒ සඳහා අවශ්‍ය උපදෙසුත් මෙම සේවාවෙන්ම ලබාදෙනවා!මේ සේවාව තවමත් බීටා (beta) සංස්කරණය තමයි ශ්‍රී ලංකාව තුල ක්‍රියාතමක වෙන්නෙ.නමුත් ටික කාලයක් ගත්වෙන විට මේ සේවාව 100% නිවැරදිව අපට ලබාගන්න හැකි වේවි.
ඒ වගේම අපි අපේ ස්තූතිය අනිවාරෙන්ම් මෙයට දායක වුන google map maker sri lanka කණ්ඩායමටත් මේ අවස්ථාවේදී පුද කල යුතු වෙනවා෴ 

VB.net 3 පාඩම - වේරියබල් භාවිතය.

12:03 PM 1 Comment

පරිගණක වැඩසටහනකදී යොදා ගන්නා නොයෙක් දත්ත ‍රැස්  කිරීම සදහා විද්‍යුත් මතකය අවශ්‍ය වේ. පරිගණකය තුලදී සාමාන්‍ය මෘදුකාංගයක් සේ  විෂුවල් බේසික් ක්‍රියාත්මක වන විට ක්‍රමලේඛන වලට අවශ්‍ය දත්ත එම මෘදුකාංගයට යොදා ගන්නා මතකය තුලම ‍රැදේ. එහෙත් ඊට පිටින් ගොස් පරිගණකයෙන් අමතර මතකයක්ද ලබා ගත හැකි ක්‍රම තිබේ. මෙසේ අමතර මතකයක් ලබා ගත හැක්කේ වේරියබල් යොදා ගෙනය. එවිට අමතර මතකය තුල වැඩි දත්ත ප්‍රමාණයක් රදවමින් වඩා කාර්යක්ෂමව වැඩසටහන් ලිවීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් පුළුවන.
සෑම වේරියබල් එකක් පාහේම පහත දැක්වෙන මූලික කොටස් වලින් යුක්තවේ.

* කීවර්ඩ් එක
* වේරියබල් එකෙහි නමා
*As පදය
* ඩේටා ටයිප් එක හෙවත් ඇතුලත් කරන දත්ත වර්ගය
මේ අනුව විෂුවල් බේසික් තුල සකසන වේරියබල් එකක පොදු ආකෘතිය මෙසේය.

[කීවර්ඩ් එක] [නම] As [ඩේටා ටයිප් එක]
Dim Softlanda as Integer

මෙහි Dim යන්න වේරියබල් එකෙහි කීවර්ඩ් එකයි. එය වේරියබල් එක යොදන තැන අනුව වෙනස් කර ගත යුතුය. ලියනු ලබන කෝඩ් පේළියක් විෂුවල් බේසික් භාශාව විසින් හදුනා ගන්නේ මෙම කීවර්ඩ් එකෙනි. මෙහි මීළගට ඇති Softlanda යන්න වේරියබල් එකෙහි නමයි. එය අවශ්‍ය පරිදි වෙනස් කරගත හැක. වේරියබල්  එකෙහි නමට පසුව යොදන As පදය අනිවාර්යයෙන්ම යෙදිය යුතුය. එයින පසුව Integer ලෙස යොදා ඇත්තේ ඩේටා ටයිප් එකයි. එය වේරියබල්  එක තුළට යොදනු ලබ දත්ත වර්ගය අනුව වෙනස් කළ යුතුය.
වේරියබල් හා කීවර්ඩ් වර්ග.
වේරියබල් එකක් සැකසීමේදී කීවර්ඩ් එක යොදන්නේ වේරියබල් එක යොදන තැන අනුවය. විෂුවල් බේසික් තුල භාවිතා කරන වේරියබල් වර්ග, ප්‍රොජෙක්ට් වේරියබල් (Project variable), ෆෝම් වේරියබල් (Form variable), ප්‍රොසීජ වේරියබල් (Procedure variable) ලෙස වර්ග තුනකි. එහි භාවිතයන් පහත පරිදි වේ.

විෂුවල් බේසික් තුල භාවිතයට ගන්නා තවත් දත්ත වර්ග හා එහි විස්තර : http://msdn.microsoft.com/en-us/library/47zceaw7%28v=vs.100%29.aspx

ප්‍රොසීජ වේරියබ් (Procedure variable).

වේරියබල් වර්ග අතරින් කුඩාම ප්‍රදේශයකදී ක්‍රියාත්මක වන වේරියබල් වර්ගය හෙවත් කුඩාම වේරියබල් වර්ගය ප්‍රොසීජ වේරියබල් වේ. මේවා ක්‍රියාත්මක වෙන්නේ එක් කොන්ට්‍රෝල් එකකට අදාලව තනි ඉවෙන්ට් එකක් තුලය. උදාහරණයක් ලෙස වින්ඩෝ එකක් මතට බට්න් එකක් යොදා ක්ලික් කිරීමට අදාලව ප්‍රොසීජ වේරියබල් එකක් සැකසුවහොත් වේරියබල් එක ක්‍රියාත්මක වන්නේ එම බට්න් එක ක්ලික් කිරීමේ සිද්ධියේදී පමණි. ප්‍රොසීජ වේරියබල්, Dim හෝ Static යන කීවර්ඩ් දෙකෙන් එකක් යොදාගෙන ලිවීමට පුලුවන. ඒ සදහා පහත දැක්වෙන උදාහරණ දෙක සලකා බලන්න. මෙම කෝඩ් කොටස ලියා ඇත්තේ බට්න් එකක් ක්ලික් කිරීමේදී පමණක් ක්‍රියාත්මක වීමටය.

Static x As Integer
Dim y As Integer

ෆෝම් වේරියබල් (Form variable).

ෆෝම් වේරියබල්. එකක් ප්‍රොසීජ වේරියබල් එකකට වඩා වැඩි ප්‍රදේශයක ක්‍රියාත්මක වේ. මෙය යොදන්නේ සම්පූර්ණ වින්ඩෝ (ෆෝම්) එකකටම අදාලවය. ඒ නිසා ඒම ෆෝම් එක තුළ ඇති සියලුම කොන්ට්‍රෝල් තුලදීත් ඒවා තුල ඇති සියලුම ප්‍රොසීජ තුලදීත් මෙම වේරියබල් එක ක්‍රියා කරයි. මේ නිසා වින්ඩෝ එක මත ඇති එක් බට්න් එකකින් දත්ත ඇතුලු කර තවත් බට්න් එකක් මගින් එම දත්ත භාවිතා කිරීමට පුලුවන. ෆෝම් වේරියබල්  Dim හෝ Private යන කීවර්ඩ් දෙකෙන් එකක් යොදා ගෙන ලිවීමට පුළුවන. පහත දැක්වෙන්නේ මෙම කීවර්ඩ් දෙක යොදා ගෙන ලියා ඇති ෆෝම් වේරියබල් දෙකකි.

Private x As Integer
Dim y As Integer

ෆෝම් වේරියබල් සැකසිය යුත්තේ ෆෝම් එකට අදාළ කෝඩ් තුල ප්‍රොසීජ වලට අදාල කෝඩ් වලට පිටින්ය. ඒ අනුව Class MainWindow ලෙස පටන් ගන්නා ෆෝම් එකෙහි ආරම්භක කෝඩ් පේලියට පහලින් මෙම කෝඩ් කොටස ලිවිය යුතුය.


ප්‍රොජෙක්ට් වේරියබල් (Project variable).

ප්‍රොජෙක්ට් වේරියබල් එකක් සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක තුලදීම ක්‍රියාතමක වෙයි. ඒ අනුව ප්‍රොජෙක්ට් එක තුළ ඇති සෑම වින්ඩෝ එකක් තුලදීම ක්‍රියාත්මක වේ. එබැවින් එක් ප්‍රොජෙක්ට් වේරියබල් එකක් සැකසූ පසු එම ප්‍රොජෙක්ට් එකතුල ඇති සියලුම වින්ඩෝ තුලදීත්, එම වින්ඩෝ එක තුල ඇති සියලුම කොන්ට්‍රෝල් තුලදීත් එම වේරියබල් එක භාවිත කල හැක.මේ නිසා එක් වින්ඩෝ එකකදී ඇතුලත් කරන දත්තයක් තවත් වින්ඩෝ එකකදී භාවිතා කිරීමට අවශ්‍ය නම් ඒ සදහා යොදා ගත යුත්තේ ප්‍රොජෙක්ට් වේරියබල් එකකි. මෙම වේරියබල් එක සදහා භාවිතා කරන්නේ Public නම් කීවර්ඩ් එකයි. මෙම ප්‍රොජෙක්ට් වේරියබල් එක සැකසිය යුත්තේ මොඩියුල් එකක් තුලයි.
ප්‍රොජෙක්ට් එක සදහා මොඩියුල් එකක් ලබා ගන්නට Solution Explorer වින්ඩෝ එකතුල ඇති ප්‍රොජෙක්ට් එකෙහි නම මත රයිට් ක්ලික් කර එවිට ලැබෙන මෙනූ එකෙන් Add > Module යන්න හරහා ගොස් මොඩියුල්  එකක් ලබා ගත යුතුය. එවිට මොඩියුල් එකට අදාල කොඩ් වින්ඩෝ එකක් ලැබෙනු ඇති. වේරියබල් අදාල කෝඩ් ලිවිය යුත්තේ මෙහි ඇති මොඩියුල් එකට අදාල ප්‍රධාන කෝඩ් කොටස වන Module Module1 හා End Module යන අතරය. Public a3 As Integer යනු මෙහි සකසා ඇති වේරියබල් එකකි.


වේරියබල් නම් කිරීම.

වේරියබල් එකක් සැකසීමේදී වේරියබල් එකෙහි නම හා එය යොදන තැන පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මෙසේ නමක් ලබා දීමේදී පහත කරුනු සැලකිල්ලට ගත යුතුය.

* එකම ප්‍රොජෙක්ට් එකතුල එකම නමින් වේරියබල් දෙකක් සැකසිය නොහැක.

* වේරියබල් එකෙහි නම ආරම්භ කළ යුත්තේ අකුරකිනි, අවශ්‍ය නම නෙමේ මැද කොටස සදහා ඉලක්කම් භාවිතා කලහැක.

* වේරියබල් එකක වචන දෙකක් අතර හිස් ඉඩක් නොතැබිය යුතුය. එසේ අවශ්‍ය නම් ඒවෙනුවට අන්ඩර්ස්කෝ ලකුණ ( _ ) භාවිතා කලහැක.

* වේරියබල් එක සදහා නමක් ලබා දීමේදී %, &, !, #, $ යන සලකුණු භාවිතා කළ නොහැක.

* වේරියබල් එකක නමක් සදහා භාවිතා කලහැකි උපරිම අකුරු ගණන 255 කි.

මීට අමතරව විෂුවල් බේසික් තුල වෙන් කර ඇති Dim, If, Else, Select, Case, Do, For, While, Until, With, Loop, Next යනාදී වචන වේරියබල් නමක් සදහා භාවිතා කළ නොහැක.

දත්ත ඇතුලු කිරීම

වේරියබල් එකක් සදහා දත්ත ඇතුළු කිරීමේ පොදු ආකෘතිය සහ උදාහරණ මෙසේය.

නම = දත්තය
intSoftware = 12

මෙහිදී intSoftware නම් වේරියබල් එකක් සදහා 12 නම් සංඛ්‍යාව ඇතුළු කර ඇත.
වේරියබල් එකක් සදහා දත්ත ඇතුළු කරන ආකාරය තේරුම් ගන්නට පහත දැක්වෙන වැඩසටහන සකස් කර බලමු. මේ සදහා වින්ඩෝ එක මතට බට්න් (Button) එකක් හා ලේබල් (Label) එකක් යොදා ගත යුතුය. මෙම ලේබල් එක Label1 ලෙස නම් කර ගත යුතුය. දැන් බට්න් එක ඩබල් ක්ලික් කොට, කෝඩ් ව්න්ඩෝව වෙත පිවිස, එයට අදාලව පහත දක්වා ඇති ආකාරයට කෝඩ් ලිවිය යුතුය.

        Dim intA As Integer
        Dim intB As Integer
        intA = 20
        intB = 30
        Label1.Content = intA + intB

මෙහි පළමු හා දෙවන පේළියේදී intA හා intB ලෙස් වේරියබල් දෙකක් සකස් කර ඇත. තෙවන හා සිව්වන පේළියේදී එම වේරියබල් තුලට පිලිවලින් 20 හා 30 යන සංඛ්‍යා ඇතුළු කර ඇත. පස් වන පේළියේදී එම වේරියබල් දෙක එකතුකර එම එම අගය ලේබල් එකේ කන්ටෙන්ට් ප්‍රොපටිය වෙත යොමු කිරීමයි. වැඩසටහන ක්‍රියාත්මක කල පසු වේරියබල් දෙකෙහි එකතුව ලේබල් එක මත ඔබට දැක ගත හැක.

මෙවර පාඩමේ විෂුවල් බේසික් ප්‍රොජෙක්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න  : http://www.mediafire.com/download/gaia11txdu1i0gb/Variable.rar

පසුගිය පාඩම් සදහා 

පළමු පාඩම     : http://softwarelanthaya.blogspot.com/2014/08/visual-basic-net.html
දෙවන පාඩම   : http://softwarelanthaya.blogspot.com/2014/09/vbnet-2.html

Adobe Muse 3 පාඩම - ටෙක්ස් බොක්ස් භාවිතය

12:03 PM 5 Comments

ටෙක්ස් බොක්ස් භාවිතය සදහා මුලින්ම Adobe Muse වෙත පිවිස File > New site හරහා ගොස් නව වෙබ් අඩවියක් ලබා ගත යුතුය. දැන් අළුතින් ලබාගත් නව වෙබ් අඩවියේ ප්ලෑන් මොඩ් එක තුල ඇති පි‍ටුවක් මත ඩබල් ක්ලික් කර එම පි‍ටුවේ ඩිසයින් මොඩ් එක වෙත පිවිසිය යුතුය.
පි‍ටුව වෙත වචන හෝ වාක්‍ය කණ්ඩ ඇතුලත් කර ගැනීම සදහා ටූල් බාර් එකෙහි ඉහලින් ඇති Text Tool එක සිලෙක්ට් කරගත යුතුය. යතුරු පුවරුවේ T අකුර තද කරද Text Tool  එක සිලෙක්ට් කර ගත යුතුය. දැන් Text Tool  එක සිලෙක්ට්ව තිබියදීම පි‍ටුවේ අවශ්‍ය පරිදි ටෙක්ස්ට් බොක්ස් එකක් ඇද ගත යුතුය. දැන් එම ඇදගත් ටෙක්ස්ට් බොක්ස් එක තුල ඔබට අවශ්‍ය පරිදි වචන හෝ වාක්‍ය කණ්ඩ එක්ක කල හැකිය.

Font වර්ග තේරීම

Adobe Muse තුල ටෙක්ස්ට් බොක්ස් සදහා Font  වර්ග තේරීමේදී මදක් සැලකිලිමත් විය යුතුය. මක් නිසාදයත් මෙහිදී Web safe font හා System font ලෙස Font වර්ග දෙකක් භාවිතා කිරීමයි.

ටෙක්ස් බොක්ස් එකක් තුල ඇති වචනයක හෝ වාක්‍ය කණ්ඩයක Font වෙනස් කිරීම සදහා පළමුව අදාල ටෙක්ස් බොක්ස් එක මත ඩබල් ක්ලික් කර ඒ තුල ඔබට වෙනස් කිරීමට අවශ්‍ය ටෙක්ස් කොටස් පමණක් සිලෙක්ට් කරගත යුතුය. පසුව ටූල් බොක්ස් එකෙහි ඉහලින් Text යන්නට ඉහලින් ඩ්‍රොප් ඩවුන් මෙනුවක් දැක ගත හැකිවන අතර එතුලින් ඔබට අවශ්‍ය Font වර්ගය ‍තෝරා දිය හැක.එසේත් නැතිනම් ටූල් බොක්ස් එකෙහි Text ටැබ් එක සිලෙක්ට් කර ඒතුල ඇති ඩ්‍රොප් ඩවුන් මෙනූ එක මගින්ද Font  එක වෙනස් කරහැකිය.
මේ කුමන අකාරයට Font  එක වෙනස්කලද ඩ්‍රොප් ඩවුන් මෙනූ එක තුලදී Font  දැක ගත හැක්කේ Web safe font හා System font යනුවෙන් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේය. එහි විස්තර පහත පරිදිවේ.

Web safe font

මෙම කාණ්ඩය තුල ඇති Font වර්ග යොදාගත් විට එම Font සහිත පි‍ටුව වෙබ් බ්‍රව්සරය වෙත ඩවුන්ලෝඩ් වීම සිදුවන්නේ සාමාන්‍ය අක්ෂර ආකරයටයි. එනම් මෙහිදී වඩා ඉක්මනින් වෙබ් පි‍ටුව වෙත පිවිසිය හැක. එසේම වෙබ් පි‍ටුවේ ඇති අක්ෂර කොපි කිරීමටද අවස්ථාව ලබා දෙයි. එසේම යම්කිසි වචන හෝ වාක්‍ය කණ්ඩයක් වෙත ලින්ක් එකක් ලබා දීමේදී එම වචන හෝ වාක්‍ය කණ්ඩයක් වෙත ලබාදිය යුත්තේද මෙම Web safe font  කාණ්ඩය යටතේ ඇති Font වර්ගයි.

System font

මෙම කාණ්ඩය තුල ඇති Font වර්ග යොදාගත් විට එම Font සහිත පි‍ටුව වෙබ් බ්‍රව්සරය වෙත ඩවුන්ලෝඩ් වීම සිදුවන්නේ රූපයක් ඩවුන්ලෝඩ් වෙන ආකාරයටයි. එනම් මෙහිදී Web safe font  යොදාගත් වෙබ් පි‍ටුවක් විවෘත වීමට සාපේක්ෂව අඩු වේගයක් ගනී. එසේම මෙහිදී ටෙක්ස්ට් කොපි කිරීමට අවස්ථාවක් ලබා නොදෙන අතර ලින්ක් සදහා භාවිත කිරීමටද නොහැක.

ටෙක්ස් ඉෆෙක්ට් හා වර්ණ භාවිතය

ටෙක්ස් ඉෆෙක්ට් භාවිතා කිරීම සදහා පළමුව ටෙක්ස්ට් බොක්ස් එකක් තුල ඇති ටෙක්ස් කොටස් සිලෙක්ට් කරගත යුතුය. නැතිනම් ඔබට මුළු ටෙක්ස් බොක්ස් එකතුල ඇති සියළුම වචන සදහා ටෙක්ස්ට් ඉෆෙක්ට් ලබා දිය යුතුනම් ටෙක්ස්ට් බොක්ස් එක සිලෙක්ට කර ගත යුතුය. දැන් ටෙක්ස් ඉෆෙක්ට් ලබා දීම සදහා ටූල් බොක්ස් එකතුල ඇති Text පැනල් එක සිලෙක් කර ගත යුතුය. දැන් ඒ තුල ඇති Bold, Italic, Underline ආදී ටෙක්ස්ට් ඉෆෙක්ට් ලබා දිය හැක. එසේම වර්ණයන්ද ලබා දිය හැක.

පසුගිය පාඩම් මාලාවන්

පළමු පාඩම     : http://softwarelanthaya.blogspot.com/2014/08/blog-post_25.html
දෙවන පාඩම   : http://softwarelanthaya.blogspot.com/2014/09/adobe-muse-2.html
තෙවන පාඩම  : http://softwarelanthaya.blogspot.com/2014/09/adobe-muse-3.html

ශක්තිමත් මුරපදයක් සාදා ගැනීම !

3:47 PM Add Comment
ෆේස්බුක්, ඊමේල් වැනි ඔන්ලයින් එකවුන්ට් වෙත පිවිසීම සදහා පාස්වර්ඩ් එකක් හෙවත් මුර පදයක් ලබාදීම අනිවාර්ය අංගයක් වේ. නමුත් අප විසින් ලබා දෙන පාස්වර්ඩ් එකෙහි ශක්තිමත් භාවය හොද මට්ටමක නොමැතිවිට ලෙහෙසියෙන්ම අපගේ ඔන්ලයින් එකවුන්ට් හැක් කිරීමට පුලුවන. මෙලෙස ශක්තිමත් පාස්වර්ඩ් සකසා ගැනීම සදහා විවිධ මෘදුකාංග ඇත. Hard Pass යනු නොමිලේ ලබා දෙන තවත් එවැනි හොද වැඩසටහනකි. මෙමගින් පාස්වර්ඩ් සකසා ගැනීමට අමතරව සෑදූ පාස්වර්ඩ් ගබඩා කොට තබා ගැනීමටද පහසුකම් සපයාදී ඇත.

http://aquaform.businesscatalyst.com/hardpass.html යන වෙබ් අඩවියෙන් මෙම වැඩසටහන නොමිලේ ඩවුන්ලෝඩ් කරගැනීමට හැකෛ අතර මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට අන්තර්ජාල සම්බන්ධතාවය බලපාන්නේ නැත. මෙම වැඩසටහන ඉන්ස්ටෝල් කරගත් පසු Start > All Programs > Hard Pass > Hard Pass හරහා ගොස් වැඩසටහනට පිවිසිය යුතුය.



මෙම වැඩසටහන වෙත මුල් වරට පිවිසීමේදී දක්නට ලැබෙන්නේ First Run ඩයලොග් බොක්ස් එකයි මේ තුල වැඩසටහ වෙත පිවිසීමට අදාල පාස්වර්ඩ් එකක් ලබාදිය යුතු අතර නැවත වරක් වැඩසටහන වෙත පිවිසීමේදී මෙම පාස්වර්ඩ් එක අවශ්‍යවන බැවින් මෙහිදී ලබා දෙන පාස්වර්ඩ් හොදින් මතක තාබා ගත යුතුය. මෙහිදී පාස්වර්ඩ් එක ලබාදී Finish යන්න මත ක්ලික් කල පසු වැඩසටහන වෙත පිවිසෙයි.

(සැ. යු. : මෙම වැඩසටහන සදහා Microsoft .NET Framework 4.0 අවශ්‍ය වන අතර එය ඩවුන්ලෝඩ් කරගැනීම සදහා මෙතැන ක්ලික් කරන්න)



පාස්වර්ඩ් නිර්මාණය කර ගැනීම.

පළමු වරට වැඩසටහන මගින් පාස්වර්ඩ් සාදාගැනීමට මත්තෙන් ඒ සදහා සැකසුම් කිහිපයක් සිදු කල යුතුය. මේ සදහා මුලින්ම Options ටැබ් එක ක්ලික් කලයුතුය. ඒ සදහා කල යුතු සැකසුම් පහත වේ.


1. Large Letters - ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු පාස්වර්ඩ් සෑදීමට යොදා ගනී.
2. Small Letter - ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු පාස්වර්ඩ් සෑදීමට යොදා ගනී.
3. Numbers - ඉලක්කම් පාස්වර්ඩ් සෑදීමට යොදා ගනී.
4. Symbols - විවිධ සංකේත පාස්වර්ඩ් සෑදීමට යොදා ගනී.
5. Max Length - මෙමගින් එක් පාස්වර්ඩ් එකක් ඇති අක්ෂර/සංකේත ගණන තීරනය කරයි.
6. Password Quantity - මෙමගින් එක් වරකදී නිර්මාණය කරන පාස්වර්ඩ් ගණන් තීරනය කරයි.

මෙලෙස සැකසුම් සිදුකර අවසානයේදී සැකසුම් Save කිරීම සදහා Save Changes බටනය ක්ලික් කල යුතුය. දැන් නව පස්වර්ඩ් සදා ගැනීම සදහා Generate ටැබ් එක මත ක්ලික් කර අනතුරුව එහි ඇති Generate බටනය මත ක්ලික් කලයුතුය. මේවිට ඉහලින් පාස්වර්ඩ් නිරිමාණය වනු දැක ගත හැක.



පාස්වර්ඩ් සේව් කිරීම.

මේ සදහා ඔබට සේව් කිරීමට අවශ්‍ය පාස්වර්ඩ් එක මත ක්ලික් කර Manage බටනය මත ක්ලික් කර යුතුය. එවිට විවෘත වන්නේ Add Itemඩය්ලොග් බොක්ස් එකයි. එතුල පාස්වර්ඩ් එක සෙව් කිරීම්ට අදාල අනෙකුත් වස්තර ඇතුලත් කර Ok බටනය ක්ලික් කර වින්ඩෝ එක ක්ලෝස් කල යුතුය. මෙලෙස සෙව් කරගත් පාස්වර්ඩ් එකක් නැවත බැලීම සදහා Manage ටැබ් එක මත ක්ලික් කර ඔබට අවශ්‍ය පාස්වර්ඩ් නේම් එක මත ක්ලික් කර පාස්ව්ර්ඩ් එක ඇතුලු අනෙකුත් විස්තර දැක ගත හැක.

Backup and Restore පහසුකම.

යම් කිසි හෙතුවක් නිසා පරිගණකය ෆෝමැට් කිරීමට සිදු වුවහොත් මෘදුකාංගය තුල සේව් කරනු ලැබූ පාස්වර්ඩ් නැතිවී යාම වැලෙක්වීම සදහා මෙම පසුකම ලබාදී ඇත.

බැකප් කිරීම : මේ සදහා Backup ටැබ් එක මත ක්ලික් කර Create Backup බටනය ක්ලික් කර යුතුය. එවිට බැකප් ෆයිල් එක සදහා සුදුසු නමක් ලබාදී බැකප් ෆයිල් එක සේව් කල යුතුය. එවිට ලබා දුන් නමින් බැකප් ෆයිල් එක සේව් වනු ඇත.

රීස්ටෝ කිරීම : මේ සදහා Backup ටැබ් එක මත ක්ලික් කර Install Backup බටනය ක්ලික් කර යුතුය. එවිට ලැබෙන ඕපන් ෆයිල් ඩයලොග් බොක්ස් එක තුලින් කලින් සෙව් කරගත් බැකප් ෆයිල් එක ‍තෝරා ඕපන් කරගත යුතුය. එවිට කලින් සෙව් කරගෙන් තිබූ පාස්වර්ඩ් Manage ටැබ් එක තුල දැක ගත හැක.

හොඳ පාස්වර්ඩ් එකක් සාදාගන්නේ කෙසේද?

8:06 AM Add Comment

පසුගිය දවසේ gmail account මිලියන 5ක පාස්වර්ඩ් හැක් වුන ප්‍රවෘත්තියත් එක්ක අපි හිතුවා හොඳ පාස්වර්ඩ් එකක් හදාගන්න හැටි ගැන ඔයාලට අවබෝධයක් ලබාදෙන්න.මේක දන්න කට්ටියත් ඇති ඒත් නොදන්න කට්ටියත් ඇතිනෙ ,ඒ යාලුවොන්ට තමයි මේ...

දිගු මුරපදයක් භාවිතා කරන්න.

අපි භාවිතා කරන මුර පදය හැම විටකම අකුරු 8කට වඩා වැඩියෙන් අඩංගු මුර පදයක් වෙන්න ඕනෙ නැත්නම් ඒක හොඳ මුර පදයක් නෙමෙයි.

අකුරුත් එක්කම ඉලක්කමුත් භාවිතා කරන්න.

මුරපදයක් හදනකොට ඒක වඩා සංකීර්ණ වන තරමට ඒක හැක් වීමේ සම්භාවිතාවත් අඩු වෙනවා.ඒක නිසා අපිට පුලුවන් මුරපදයට ඉලක්කම් එකතු කරගන්න.
උදා:- මගෙ පාස්වර්ඩ් එක softwarelanthaya නම් අපිට ඒක මෙහෙම වෙනස් කරගන්න පුලුවන්.
software1lanthaya567

අකුරු ඉලක්කම එක්ක සංකේතත් භාවිතා කරන්න.

උදා:-මගෙ පාස්වර්ඩ් එක software1lanthaya567 නම් අපිට ඒක මෙහෙම වෙනස් කරගන්න පුලුවන්.
$oftw&re1lanthaya567 

මතක තියාගන්න අමාරුනම් තමන්ට සමීප වචන වල මුලකුරු වලින් පාස්වර්ඩ් එකක් හදාගන්න.

උදා:-මගෙ හොඳම යාලුවන්ගෙ නම් ටික Nimal,Kamal,Sunil,Nihal නම් ඒවගේ මුලකුරු දාලා ඒකට ඉලක්කම්,සංකේත එකතු කරල අපිට පුලුවන් හොඳ පාස්වර්ඩ් එකක් හදාගන්න.
NKSNrock$2

සිම්පල් හා කැපිටල් යන අකුරු දෙවර්ගයම තැනින් තැන යොදන්න.

 උදා:-මගෙ පාස්වර්ඩ් එක software1lanthaya567 නම් අපිට ඒක මෙහෙම වෙනස් කරගන්න පුලුවන්.
SoFtwArelAnThaYa567

එක එක ගිණුම් වලට වෙනස් පාස්වර්ඩ් භාවිතා කරන්න.

උදා:-මගෙ පාස්වර්ඩ් එක SoFtwArelAnThaYa567නම් අපිට ඒක මෙහෙම වෙනස් කරගන්න පුලුවන්.
facebook වලට SoFtwArelAnThaYa567:fb
twitter වලට SoFtwArelAnThaYa567:twitter

gmail account වලට මෙන්න මෙතනින් ගිහින් 2-Step Verification active කරගන්න.එතක්ට අපේ gmail ගිණුම අපේ දුරකතනය හා සම්බන්ධ වෙලා අනවසර ඇතුලුවීම් පිලිබඳව අපිව දැනුවත් කරනවා.


අපි විශ්වාස කරනවා මේකෙන් ඔයාලට හොඳ මුරපදයක් සාදාගන්නා හැටි ගැන හොඳ අවබෝදයක් ලැබෙන්න ඇති කියල.ඔයාලට පුලුවන් මෙන්න මෙතනින් ගිහින් ඔයාලගේ පාස්වර්ඩ් එකේ ශක්තිමත් භාවය මැනල බලන්න.
එහෙනම් අදට මම සමුගන්නම් සුභ දව්සක් ඔයාලට!!

Gmail මුරපද මිලියන 5ක් හැකර්වරුන් අතට යයි!ඔබේ මුරපදයත් එතනද?

7:20 AM 4 Comments
Gmail passwords hacked

ඊයේ දිනයේදී රුසියානු හැකර් කරුවන් පිරිසක් විසින් gmail ගිණුම් මිලියන පහක පමණ මුර පද හැක් කොට තිබෙනවා.මේ මුරපද ඇතුලත් දත්ත ගොනුව ලොව සුප්‍රකට රුසියානු ෆෝරම් වෙබ් අඩවියක පල කොට අන්තර්ජාලයට එක් කොට තිබෙනවා.මෙම මුරපද අවුරුදු 3ක් පමණ පැරණි භාවිතයෙන් ඉවත් කල මුරපද නිසාවෙන් බිය වීම්මට කාරණාවක් නැති බවයි අදහස.නමුත් බීටීසී සෙක් නැමැති අන්තර්ජාල ආර්ක්ශන සමාගම පවසා සිටින්නේ මේවායින් 60% පමණ ලෝකයේ තැන් තැන් වල දැනටමත් භාවිතයේ බවයි.
කෙසේනමුත් මෙමෙ හැක් වීමත් සමගම gmail හි ආරක්ෂාව පිලිබඳව ගැටලුවක් මතුව තිබෙනවා.ගූගල් සමාගමේ ප්‍රකාශකයෙකු මේ පිලිබඳව අදහස් දක්වමින් කියාසිටියේ තම සමාගමේ ආරක්ෂන වැඩපිලිවෙළවල් වලින් කිසිවෙකුටත් රිංගා යා නොහැකි බවත් මේ මුරපද තම සමාගමේ සර්වර් පරිගණක වලින් සොරකම් කල ඒවා නොවන බවත්ය.ඔහු තව දුරටත් පවසා සිටියේ වෙනත් වෙබ් අඩවි වල ලියාපදිංචි වීමේදී ලබාදුන් දත්ත ඇසුරින් ඔවුන් මේ මුරපද ලබාගෙන ඇති බවට සැක කල හැකි බවත්ය.
මේ වන විට බොහෝ අන්තර්ජාල ආරක්ශන සමාගම් මේ පිලිබඳව පරීක්ෂන කටයුතු කරමින් සිටී.

ඕබේ gmail ගිණුමත් එහි අඩංගුදැයි මෙතනින් ගොස් බලන්න.   
Apple iphone 6 එයි!

Apple iphone 6 එයි!

10:11 AM Add Comment

අපි කවුරුත් අසාවෙන් බලාගෙන හිටිය ඇපල් iphone 6 ස්මාට් ෆෝන් එක පසුගියදා ඇමරිකාවේ කුපර්ටීනෝහි ඩී අන්සා විද්‍යාලීය ෆ්ලින්ට් ශාලාවේදී එලිදැක් වුවා.විශේශත්වය තමයි ස්ටීව් ජොබ්ස් මහත්මයා නැත්නම් ඇපල් සමාගමේ නිර්මාතෲවරයා තමන්ගෙ පලවෙනි මැක් පරිගණකයත් එලිදැක්වුවේ මෙතනම් වීම.

මේ ස්මාට් දුරකතනය තමයි ස්ටීව් ජොබ්ස් මියගියාට පස්සෙ ඇපල් සමාගම කරපු මුල්ම නව නිශ්පාදනය.සැම්සුන්ග් ආදී සමාගම් වල මීට කලින් හදුන්වලා ට් දීපු නව තාක්ශනික අංග ඇපල් සමාගම විසින් ටිකින් ටික තමන්ගෙ දුරකතන වලටත් ඇතුල් කරන්න යන බව මේ ඇප්ල් iphone 6 දුරකතනය දිහා බලනකොට අපට පැහැදිලි වෙනවා.


ඇපල් iphone 6 ස්මාට් දුරකතනයත් සමගන්ම ඇපල් iphone 6 plus නමින් තරමක් විශාල පැබ්ලට් නමින් හදුන්වන ස්මාට් දුරකතනයත් iwatch නමින් හදුන්වන ස්මාට් ඔරලෝසුවත් නිකුත්වුනා.iphone 6 තමයි මෙතෙක් ඇපල් සමාගම නිපදවපු සිහින්ම දුරකතනය.ඒක  වෙන්නෙ 6.9 mm විතරයි!අගල් 4.7ක සුපැහැදිලි retina HD තිරයකිනුත් එය සමන්විතයි.

කලින් ඇපල් ස්මාට් ෆෝන් වලට ආවේනික වුනු කොටු හැඩයට වඩා වෙනස් විදිහට මේ දුරකතනයේ දාර රවුම් විදිහට තමයි නිපදවල තියෙන්නෙ.64 bit A8 චිප් එකකින් මේක බලගැන්වෙනවා.ඒ වගේම චලන සංවේදන ඉතා නිවැරදිව අදුනා ගන්න M8 motion coprocessor එකකුත් මේකෙ අඩංගු වෙනවා.
මෙගා පික්සල් 8ක කැමරාවක් මෙහි අඩංගු වෙනවා ‘focus pixels.’ හා  “phase detection” යන නව තාක්ශනයනුත් මෙය එකතු කරල තියෙන බව තමයි ආරංච්ය.

මෙතෙක් ආපු හොඳම ios එක ලෙස හදුන්වන්න පුලුවන් ios 8 මෙහි මෙහෙයුම් පද්ධතිය ලෙස යොදා ගැනෙනවා.
බැටරිය  පිලිබඳව කතාකලොත් පැය 14ක් මේකෙන් අපිට කතාකරන්න පුලුවන් ,අන්තර්ජාලයේ පැය 10ක් සැරි සරන් මේකෙන් අපිට පුලුවන්.වීඩීයෝ බලනවනම් පැය 11ක් බලන්න පුලුවන්.මේකෙ wifi speed එකත් තුන් ගුණයකින් වැඩි බව තමයි ඇපල් සමාගම නම් කියන්නෙ.
ආරක්ශාව ගැන කතාකලොත Touch ID නමින් හදුනවන තමන්ගේ ඇගිලි සලකුන මුර පදය ලෙස යොදාගන්න තාක්ශනයක් මෙයට ඇතුල් කරල තිබෙනවා.
කොහොම වුනත් ඇපල් iphone 6 ස්මාට් දුරකතනයේ අවම මිල විදිහට 199$ නියම වෙලා තියෙනවා.apple iphone 6 plus ස්මාට් දුරකතනයේ අවම මිල 299$ විදිහට තමයි සටහන් වෙන්නෙ.

ඉතින් අදට අපි ඔබෙන් සමුගන්නවා නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු!

VB.net 2 පාඩම - ආදර්ශ වැඩසටහනක් සැකසීම.

4:09 PM 10 Comments

 

විෂුවල් බේසික් යනු අනෙකුත් ක්‍රමලේඛ භාෂාවන් සමග සසදන විට ඉගෙන ගැනීමට පහසු භාෂාවකි. නමුත් ක්‍රමලේඛ භෂාවෙන් භාෂාවට එහි කෝඩ් ලියන ආකාරය වෙනස් වේ. මෙම  නිසා මෙවර අප ඉදිරිපත් කරන ආදර්ශ වැඩසටහන සකසා ඇත්තේ විෂුවල් බේසික් තුල කෝඩ් ලියන ආකාරය ගැන මූලික අවබෝධයක් ලබා ගැනීම සදහාය.

වැඩසටහන සකස් කිරීම සදහා පළමුව Fille > New Project > Installed > Visual Basic > WPF Application යන්න හරහා ගොස් නව WPF Application විවෘත කරගත යුතුය. මෙම වැඩසටහන සදහා ලේබල් (Label) එකක් හා බට්න් (Button) එකක් යොදාගෙන තිබේ. ලේබල් එකක් ෆෝම් (Form) එක මතට යොදා ගැනීම සදහා මුලින්ම කළ යුත්තේ ටූල් බොක්ස් (Tool Box) එකෙහි Common WPF Controls යටතේ ඇති ලෙබල් (Label) යන්න මත ක්ලික් කර ෆෝම් එක මතට ඩ්‍රැග් කර එය ෆෝම් එක මතට යොදා ගත හැක. මෙලෙසම බට්න් එකක්ද ෆෝම් එක මතට යොදා ගත හැක.

මීට අමතරව Label, Button යන්න මත ඩබල් ක්ලික් කිරීමෙන්ද එම කන්ට්‍රොල් සම්මත ප්‍රමාණ වලින්ම ෆෝම් එක මතට යොදා ගත හැක.

WPF Application හි ඇති තවත් විශේෂ පහසු කමක් වන XAML ටැග් භාවිතා කරමින්ද කන්ට්‍රොල් ෆෝම් එක මතට යොදා ගත හැක. ඒ සදහා පහත කෝඩ් කොටස XAML එඩිටර් එක තුල ලිවිය යුතුය. (XAML එඩිටර් එක ෆෝම් වින්ඩෝ එකෙහි යටින් ඇති XAML නම් ටැබ් එක ක්ලික් කරද ලබා ගත හැක. )


මෙහි කළු පැහැයෙන් දක්වා ඇති කෝඩ් කොටස නිතැතින්ම ෆෝම එක සම්ග ලැබේ. XAML කෝඩ් ලිවීමේදී විශේෂ අවස්ථාවන් කිහිපයකදී හැර අන් සියළුම XAML කෝඩ් ලිවිය යුත්තේ තද පහැයෙන් දක්වා ඇති <Grid> </Grid> යන්නට ඇතුලතින්ය.

දැන් අප මෙහි XAML කෝඩ් කොටස් විශ්ලේෂනය කරමු :

<Grid> යන්නෙන් කරන්නේ නව Grid එකක් විවෘත කිරීමයි.
</Grid> යන්නෙන් කරන්නේ පෙර විවෘත කරන ලද Grid එකක් වසා දැමීමයි.

මෙහිදී නව Grid එකක් ආරම්භ කිරීම හා වසා දැමීම සදහා XAML ටැග් දෙකක් යොදා ගෙන තිබේ. නමුත් ආරම්භ කිරීම හා වසා දැමීම සදහා එක් XAML ටැග් එකක්ද යොදා ගත හැක. ඒ සදහා <Grid></Grid> යන්න වෙනුවට <Grid/> ලෙස ලිවිය හැක. (Grid එකක් යනු Label, Button, Radio Button ඇතුලු අනෙකුත් අප භාවිතා කරන කන්ට්‍රෝල් ස්ථානගත කිරීම සදහා යොදා ගන්නා බහාලුමක් වැනි විශේෂිත කන්ට්‍රෝල් එකකි.)

කෝඩ් ලියා කන්ට්‍රොල් එකක් ඇඩ් කර ගැනීම.

ඉහතින් දැක්වූ XAML කෝඩ් කොටසේ ඇති Enter your XAML code here යන්න වෙනුවට නව කන්ට්‍රෝල් ලබා ගැනීමට අවශ්‍ය XAML කෝඩ් ලිවිය යුතුය. ඒ සදහා පහත උදාහරණය සලකා බලමු.
මෙහිදී උදාහරණ වශයෙන් දක්වා ඇත්තේ Label හා Button බට්න් එකක් ලබා ගැනීමට අදාල XAML කෝඩ් කොටසයි.



මෙහිදී නව ලේබල් එකක් ලබා ගැනීම සදහා මුලින්ම <Label/> ලෙස XAML ටැගයක් ආරම්භ කොට තිබෙන අතරම නව බටනයක් එකක් ලබා ගැනීම සදහා මුලින්ම <Button/> ලෙස XAML ටැගයක් ආරම්භ කොට තිබේ. එම ලේබල් එක හා බටනය තුල ලියා ඇති අනෙකුත් කෝඩ් කොටස් වල විස්තර පහත පරිදි වේ.

Name - විෂුවල් බේසික් භාෂාව විසින් කන්ට්‍රෝලය එකිනෙකින් වෙන්කර හදුනා ගැනීම සදහා භාවිතා කරන්නේ මෙම නමයි. මෙහිදී ලබදෙන නම එකම ෆෝම එක හෙවත් විඩෝව තුල එක වරකට වඩා යොදා ගත නොහැක.

Content - ලේබල් එක තුල පෙනෙන වචනය මෙලෙස දක්වයි.
HorizontalAlignment - කන්ට්‍රෝල් එකෙහි HorizontalAlignment එක දක්වයි.
VerticalAlignment - කන්ට්‍රෝල් එකෙහි VerticalAlignment එක දක්වයි.
Margin - කන්ට්‍රෝල් එක වටේ අතහැරිය යුතු ඉඩ ප්‍රමාණය දක්වයි.

මෙම XAML ටැග් නිතරම අප විසින් ලිවීම අත්‍යවශ නොවන අතර ටූල් බොක්ස් එක මගින් කන්ට්‍රෝල් ලබා ගැනීමේදී හා ඒවායේ ප්‍රොපටීස් වෙන්ස් කිරීමේදී Visual Studio වැඩසටහ විසින් එම සැකසුම් වලට අනුරූපවන ආකාරයට XAML ටැග් ස්වයංක්‍රීයව ගොඩනගා ගනී.

ලේබල් එක හා බට්න් එක මත දිස් වන අකුරු වෙනස් කිරීම.

මේ සදහා බටනය හා ලේබල් එක සදහා  යොදා ගනු ලැබූ XAML ටැග් එක එකතුල ඇති Content යන්න ඉදිරියෙන් ඇති වචනය වෙන්ස් කිරීමෙන්ද ලේබල් එක හා බට්න් එක මත දිස් වන අකුරු වෙනස් කිරීම කල හැක.
මෙය සිදුකල හැකි අනෙක් ආකාරය වන්නේ ප්‍රොපර්ටීස් වින්ඩෝ එක යොදා ගැනීමයි.මෙය සිදුකල හැකි අනෙක් ආකාරය වන්නේ ප්‍රොපටීස් වින්ඩෝ එක යොදා ගැනීමයි. ලේබල් එක මත දිස් වන අකුරු වෙනස් කිරීමට නම් ෆෝම් එක මත ඇති ලේබල් එක සිලෙක්ට් කර ගත යුතුය. දැන් ප්‍රොපටීස් වින්ඩෝ එක තුල දැක ගත හැක්කේ ලේබල් එකට අදාලව සිදු කර ගත හැකි වෙනස්කම්ය. ලේබල් එක මත දිස්වන අකුරු වෙනස් කිරීම සදහා යොදා ගත යුතු සැකසුම වන්නේ Content යන්නයි. දැන් ඊට ඉදිරියෙන් ඇති ටෙක්ස්ට් බොක්ස් එක තුල දිස් වියයුතු වචනය ටයිප් කල යුතුය. මෙවිට ලේබල් එක මත දිස වන වචන වෙනස් වේ. මෙලෙසම බටනයේද දිස්විය යුතු වචනය වෙනස් කිරීම සදහා ෆෝම් එක මත ඇති බටනය සිලෙක්ට් කර ප්‍රොපටීස් වින්ඩො එකෙන් Content ප්‍රොපටි එක ‍තෝරාගෙන Content යන්නට ඉදිරියෙන් ඇති ටෙක්ස්ට් බොක්ස් එක තුල දිස් වියයුතු වචනය ටයිප් කල යුතුය. මෙවිට බටනය මත දිස වන වචන වෙනස් වේ.

මෙලෙස වෙනස් කරන ලද කන්ට්‍රෝල් තුල දිස්වන වචනය වැඩසටහන භාවිතා කරන්නාට වැඩසටහන ධාවනය වන අවස්ථාවේදී පෙනේ. නමුත් මෙම වචන වැඩසහන ධාවනය වන අවස්ථාවේදී වෙනස් කල නොහැක. ඒ සදාවා විෂුවල් බේසික් කේත ලිවීම හෙවත් වැඩ සටහන ක්‍රමලේඛ ගත කල යුතුය.

වැඩසටහන ක්‍රියාත්මක වෙන විටි Content ප්‍රොපටිය වෙනස් කිරීම.

වැඩසටහන ක්‍රියාත්මක වන විට Content ප්‍රොපටිය වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ සදහා විෂුවල් බේසික් කෝඩ් ලිවිය යුතුය. ප්‍රෝග්‍රෑම් කිරීම ලෙසද හදුන් වන්නේ මෙයමය. වැඩසටහන ධාවනයේදී බට්න් එක ක්ලික් කරන විට ලේබල් එකෙහි ඇති වචනය වෙනස් කල යුතුනම්  කෝඩ් ලිවිය යුත්තේ බට්න් එකට අදාලවය. මෙසේ කෝඩ් ලියන්නේ ලේබල් එක තුල සිදුවිය යුතු වෙනස් කමක් සදහා බැවින් ලෙබල් එක සදහා අනිවාර්යයෙන්ම නමක් ලබා දිය යුතුය. නමක් ලබාදීම සදහා ලේබල් එක මත ක්ලික් කර ප්‍රොපටීස් වින්ඩෝ එකේ Name යන්න ඉදිරියෙන් ඇති බොක්ස් එක තුල ලේබල් එක සදහා නමක් ලබාදිය යුතුය.

බට්න් එක තුල කෝඩ් ලිවීම.

බට්න් එක තුල කෝඩ් ලිවීම සදහා බට්න් එක මත ඩබල් ක්ලික් කර කෝඩ් වින්ඩෝවට පිවිසිය යුතුය. එසේ නොමැති ප්‍රොපටීස් වින්ඩෝවෙන් Event Handlers වෙත පිවිසිය යුතුය.  මෙහිදී අප කෝඩ් ලියන්නේ බට්න් එක සදහා වන බැවින් ෆෝම් එක තුල ඇති  බට්න් එක සිලෙක්ට් කර ප්‍රොපටීස් වින්ඩෝවේ ඇති අකුණක් වැනි සලකුණ ක්ලික් කර Event Handlers වෙත පිවිසිය යුතුය. මෙහිදී බට්න් එකට අදාලව ඇති සියළුම ඉවෙන්ට දැකගත හැකිය. අප මෙහිදී බලා පොරොත්තු වන්නේ බට්න් එක ක්ලික් කල විට ලේබල් එක තුල ඇති වචනය වෙනස් වීම සදහා වන බැවින් මෙහිදී අප ‍තෝරා ගත යුතු ඉවෙන්ට් එක වන්නේ Click ඉවෙන්ට් එකයි. Event Handlers තුලින් Click යන්න ‍තෝරාගත් පසු ඊට ඉදිරියෙන් ඇති ටෙක්ස්ට් බොක්ස් එක මත ඩබල් ක්ලික් කර යුතුය. ඉවිට බට්න් එකෙහි ක්ලික් ඉවෙන්ට් එකට අදාලව කෝඩ් වින්ඩෝව විවෘත වනු ඇත.

මෙහිදී අප විසින් ලියන සියලුම කෝඩ් ලිවිය යුත්තේ Private Sub Button1_Click... හා End Sub යන්න අතරය. එනම් බට්න් එකෙහි ක්ලික් කරීමේ ක්‍රියාවට අයත් වන්නේ මෙම කෝඩ් පේළි දැක අතර ලියනු ලබ කෝඩ් කෝටස් පමණි.

මෙම බට්න් එක මත ක්ලික් කලවිට ලේබල් එක මත වචන පෙළක් දිස්වීම සදහා Label1.Content = "Hello World Application" ලෙස කෝඩ් ලිවිය යුතුය.



මෙහි Label1 යනු ලේබල් එකෙහි නමයි. එසේ ලේබල් එකෙහි නම ලියා ඇත්තේ වැඩසටහන ක්‍රියාත්මක වන විට ඊට අදාල ප්‍රොපටි එක වෙනස් විය යුතු බැවිනි. මෙහි Content යනු වෙනස් විය යුතු ප්‍රොපටි එකයි.
මෙහි සමාන ලකුණට (=) ඉදිරියෙන් ඇති Hello World Application යන්න අනිවාර්යයෙන්ම උදෘතපාඨ තුල ලිවිය යුතු අතර වැඩ සටහන ක්‍රියාත්මක වීමේදී උදෘතපාඨ දැකගත නොහැක.
මෙසේ ලියන කෝඩ් කොටසට යටින් යම් හෙයකින් රතු පැහැති ඉරක් අදුනොත් ඉන් අදහස් වන්නේ ලියා ඇති කෝඩ් දෝෂ සහිත බවයි.

(මෙහි තබා ඇති තිතෙන් "එකෙහි" යන්න කියවෙන ලෙස සිතුවහොත් වැඩසටහන් සැකසීමේදී කෝඩ් තේරුම් ගැනීම පහසු වේ. උදාහරණයක් ලෙසින් ඉහතින් දැක්වූ කෝඩ් කොටස සැලකුවහොත් එහි අර්ථය වනුයේ Label1 එකෙහි Content එක "Hello World Application" යන්නට සමාන විය යුතුය; යන්නයි. )

දැන් වැඩසටහනේ කෝඩ් ලියා අවසන්ය. මෙසේ කෝඩ් ලියා අවසන් කොට වැඩ සටහන ක්‍රියාත්මක වන ආකාරය පරීක්ෂා කොට බැලිය හැක.  ඒ සදහා Standard ටූල් බාර් එක මත ඇති Start Debuggung බට්න් එක ක්ලික් කල යුතුය. මේ සදහා යතුරු පුවරුවේ F5 යතුර වූවද භාවිතා කිරීමට හැක.



දැන් මෙතෙක් ඩිසයින් අවස්ථාවේ තිබූ වැඩසටහන ක්‍රියාත්මක කල හැක. මෙම අවස්ථාව, රන් ටයිම් (Run time) එක ලෙස හදුන්වයි. දැන් ඔබට සෑදූ වැඩසටහන ක්‍රියාත්මක කොට බැලිය හැක.
මේ ආකාර යෙන් ක්‍රියාත්මක වන සටහන නැවැත්වීමට Standard ටූල් බාර් එකෙහි ඇති Stop Debuggung බට්න් එක ක්ලික් කල යුතුය. එසේ නොමැතිනම් ### එකවර එබීමෙන්ද වැඩ සටහන නතර කල හැක.

Exe ෆයිල් එක වෙන්කර ගැනීම.

දැන් මෙලෙස සෑදූ වැඩසටහනේ .exe ෆයිල් එක හෙවත් Application ෆයිල් එක වෙන් කොටගත යුතුය. වෙනත් පරිගණකයකදී Visual Basic වැඩසටහන නොමැතිව ඔබ සෑදූ වැඩ සටහන ක්‍රියාත්මක කොට බැලිය හැක්කේ මෙම ෆයිල් එක මගිනි.
මේ සදහා මුලින්ම සෑදූ වැඩ සටහ File > Save all මගින් සේව් කර ගත යුතුය. පසුව වැඩසටහන පෙර පරිදි ක්‍රියාත්මක කලයුතුය. 



දැන් ඔබ සෑදූ වැඩසටහනේ .exe  ෆයිල් එක සෑදී අවසන්ය. මෙම .exe ෆයිල් එක ලබා ගැනීම සදහා ඔබ වැඩසටහන සේව් කේරූ ෆොල්ඩරයට ගොස් bin ෆෝල්ඩරය ඕපන් කරගත යුතුය. පසුව එහි ඇති Debug නම් ෆෝල්ඩර් එක ඕපන් කර ගත යුතුය. දැන් ඔබ සෑදූ වැඩසටහන නමින් .exe ෆයිල් එකක් තිබෙනු දක්නටහැක. දැන් මෙම ෆයිල් එක ඩබල් ක්ලික් කර ඔබ සැදූ වැඩසටහන ධාවනය කරහැක.


ඔබට ඇති විෂුවල් බේසික් සම්බන්ධ ගැටලු කමෙන්ට් මගින් විමසන්න.

පසුගිය පාඩම් සදහා මෙතැනින් පිවිසෙන්න

Adobe Muse 2 පාඩම - වෙබ් පි‍ටු භාවිතය.

4:08 PM Add Comment


සාර්ථක මට්ටමේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සදහා එක් වෙබ් පි‍ටුවක් පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එනම් ඒ සදහා වෙබ් පි‍ටු කිහිපයක් යොදා ගත යුතුය. Adobe Muse තුල මේ සදහා විශේෂ පහසුකම් සලසා ඇත. මේ සදහා ප්‍රථමයෙන්ම File > New Site යන්න හරහා ගොස් නව වෙබ් අඩවියක් ලබා ගත යුතුය.

නව පි‍ටුවක් ඇතුලත් කිරීම.

මේ සදහා ලබා ගත් නව වෙබ් අඩවියේ ප්ලෑන් මොඩ් එක වෙත පිවිසිය යුතුය. දැන් සයිට් ඩයග්‍රම් එකතුල Home නමින් එක් වෙබ් පි‍ටුවක් පමණක තිබෙනු දක්නට හැක. නව පි‍ටුවක් ලබා ගැනීම සදහා එම Home පි‍ටුව මතට මවුස් පොයින්ටරය ගෙනා යුතුය. එවිට Home පි‍ටුව වටේට + ලකුණ සහිත බට්න් 3 ක් දැකගත හැක (1 රූපය). නව වෙබ් පි‍ටු ඇතුලත කර ගැනීම සදහා යොදා ගත යුත්තේ මෙම + ලකුණ සහිත බට්නයන්ය.

එනම් ඔබට Home පි‍ටුවට වම් පසින් නව පි‍ටුවක් එකතු කරගත යුතුනම් වම් පස ඇති + ලකුණ සහිත බට්නය මත ක්ලික් කල යුතුය, Home පි‍ටුවට දකුණු පසින් නව පි‍ටුවක් එකතු කරගත යුතුනම් දකුණු පස ඇති + ලකුණ සහිත බට්නය මත ක්ලික් කල යුතුය, Home පි‍ටුවට පහළින් පසින් නව පි‍ටුවක් එකතු කරගත යුතුනම් පහළින් පස ඇති + ලකුණ සහිත බට්නය මත ක්ලික් කල යුතුය. මෙසේ ලැබෙන වෙබ් පි‍ටුවේ නම වෙනස් කිරීම සදහා වෙබ් පි‍ටුවේ නම මත ඩබල් ක්ලික් කොට කැමති නමක් ලබා දිය හැක. එසේ නොමැතිනම් අදාල වෙබ් පි‍ටුව මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනු එකෙන් Rename page යන්න ‍තෝරාද වෙබ් පි‍ටුවේ නම වෙනස් කල හැක.

ඇතුලත් කරන ලද වෙබ් පි‍ටුවක් ඉවත් කිරීම.

මේ සදහා අදාල වෙබ් පි‍ටුව මත රයිට් ක්ලික් කර ලැබෙන් මෙනූ එකෙන් Delete page යන්න ‍තෝරා වෙබ් පි‍ටු ඉවත් කල හැක. එසේත් නොමැති නම් අදාල වෙබ් පි‍ටුව මතට මවුස් පොයින්ටරය ගෙන ගිය විට මතුවන කතිර ලකුණ මත ක්ලික් කරද වෙබ් පි‍ටු ඉවත් කලහැක (2 රූපය). මේ කුමන ආකාරයකට වෙබ් පි‍ටුවක් ඉවත් කිරීමටද සයිට් එක තුල ඇති මුළු වෙබ් පි‍ටු ගණන එකට වඩා වැඩිවිය යුතුය.

Master Page පහසුකම.

Master Page යනු Adobe Muse තුල ඇති විශේෂිත පහසුකමකි. මාස්ටර් පේජ් වෙබ් අඩවිය තුල නොපෙන්වන අතර මෙහිදී සකසන වෙබ් පි‍ටු; වෙබ් අඩවිය තුල පෙන්වන පි‍ටු සදහා ටෙම්ප්ලීට් එකක් ලෙස භාවිතා කල හැක.
උදාහරණයක් ලෙස ඔබ සෑදූ වෙබ් අඩවියේ වෙබ් පි‍ටු 5 ක් ඇති අතර එම වෙබ් පි‍ටු පහේදීම යොදා ගන්නේ එකම ආකාරයේ මෙනූ බාර් එකක් යැයි සිතන්න. එවිට මෙම මෙනූ බාර් එක වෙබ් පි‍ටු 5 ටම එකතු කිරීම සදහා වෙබ් පි‍ටුවෙන් පි‍ටුවට ගොස් මෙනූ බාර් එක එක් කල යුතුය. මෙය ඉතාම කරදරකාරී කටයුත්තකි. මෙවැනි කටයුතු පහසු කර ගැනීම සදහා මෙම Master Page පහසුකම භාවිතා කල හැක. එනම් මෙම මෙනූ බාර් එක එක් Master Page තුල නිර්මාණය කර වෙබ් පි‍ටු 5 හේම Master Page ලෙස මෙනූ බාර් එක එක නිර්මාණය කරන ලද Master Page ය ‍තෝරා දිය යුතුය.

Master Page පහසුකම භාවිතා කිරීම.

ප්‍රථමයෙන්ම මේ සදහා වෙබ් පි‍ටු සියල්ලේම හෝ ‍තෝරා ගන්නා ලද වෙබ් පි‍ටු කිහිපයක තිබිය යුතු මෙනූ බාර්, ඡායාරූප ආදිය ඇතුලත් කර Master Page එකක් නිර්මාණය කර ගත යුතුය. මේ සදහා සයිට් ඩයග්‍රම් එකට පහලින් ඇති Maters නම් පැනල් එක තුල ඇති පි‍ටු භාවිතා කල යුතුය. Master Page තුලද කලින් විස්තර කලාක් මෙන්ම වෙබ් පි‍ටු ඇතුලත් කිරීම, ඉවත් කිරීම හා නම් කිරීම කලහැක.
මෙසේ සකස් කර ගත්  Master Pages වෙබ් අඩවිය තුල පෙන්වන වෙබ් පි‍ටු සදහා ‍තෝරා දීමට සයිට් ඩයග්‍රම් තුල ඇති වෙබ් පි‍ටු මත රයිට් ක්ලික් කර ලැබෙන් මෙනූ එකෙන්  Masters හරහා ගොස් ඔබ නිර්මාණය කරන ලද Master Page ‍තෝරා දිය හැක.

පේජ් ප්‍රොපටීස්.

වෙබ් අඩවියක් නිර්මාණයේදී තවත් වැදගත් අංගයක් වන්නේ පේජ් ප්‍රොපටීස් සකස් කිරීමයි. මෙලෙස සකස් කරන ලද ප්‍රොපටීස් මගින් සිදුවන්නේ වෙබ් අඩවිය වෙබ් අඩවිය බ්‍රව්සරය තුල පෙන්විය යුතු ආකාරය තීරණය කිරීමයි. එසේම සර්ච් එන්ජින් මගින් කරන සෙව්ම් සදහා සෙව්ම් ප්‍රතිඵල ලබා දීමේදීද මෙම පේජ් ප්‍රොපටීස් වැදගත් වේ.

පේජ් ප්‍රොපටීස් සැකසීම.

මේ සදහා ඔබට පේජ් ප්‍රොපටීස් වෙනස් කල යුතු වෙබ් පි‍ටුව මත රයිට් ක්ලික් කර ලැබෙන් මෙනූ එකෙන් Page Properties.. යන්න ‍තෝරා දිය යුතුය. ඉන් පසුව විවෘතවන ඩයලොග් බොක්ස් එකෙහි පේජ් ප්‍රොපටීස් වලට අදාල සැකසුම් සිදුකල යුතුය. මෙලෙස ලැබෙන ඩයලොග් බොක්ස් එකෙහි Layout, Metadata හා Options ලෙස ටැබ් තුනක් ඇත.



Layout ටැබ් එක : මෙම ටැබ් එක තුල ඇත්තේ වෙබ් අඩවියේ දිග හා පළලට අදාල සැකසුම් වේ. මෙම ටැබ් එකෙහි අවසානයට ඇති favicon යන්න මගින් වෙබ අඩවිය හදුනා ගැනීමට අදාල අයිකන් එකක් හෙවත් කුඩා ඉමේජයක් ලබා දිය හැක. වෙබ් බ්‍රව්සරය තුල වෙබ් අඩවියේ නමට ඉදිරියෙන් පෙන්වන්නේ මෙම කුඩා ඉමේජයයි.

Metadata ටැබ් එක : මෙමගින් වෙබ් පි‍ටුව සර්ච් එන්ජින් මගින් හදුනා ගැනීමට ඇති හැකියාව දියුණු කලහැක. Description මගින් වෙබ් අඩවිය හදුනා ගැනීම සදහා කෙටි විස්තරයක් එක් කලහැක. Keyword මගින් සර්ච් එන්ජින් තුල වෙබ් අඩවිය පෙන්විය යුත්තේ කුමන වචන වලට අදාලව දැයි තීරණය කලහැක.

Options ටැබ් එක : මෙමගින් වෙබ් පි‍ටුවට අදාල ෆයිල් එක පිලිබද සැකසීම් කලහැක.



ඔබට ඇති Adobe Muse සම්බන්ධ ගැටලු කමෙන්ට් මගින් විමසන්න.

පසුගිය පාඩම් සදහා මෙතැනින් පිවිසෙන්න


http://softwarelanthaya.blogspot.com/2014/08/blog-post_25.html

ඔබත් දායක වන්න google සිංහල පරිවර්තනයට.

8:12 AM 7 Comments


මම විශ්වාස කරනවා ඔබ කවුරුත් දන්නව ඇති කියල google translate පිලිබඳව.ගූගල් translate වලින් භාශා 81 ක්පමණ වෙනත් භාශා වලට පරිවරතනය කිරීමේ හැකියාව තිබෙනවා.නමුත් මෙය සිංහල භාශාව අඩංගු වන්නෙ නෑ.ගූගල්සමාගම මීට පෙර අවස්ථා කීපයකදීම පැවසුවා ලගඳීම සිංහල පරිවර්තන  සේවාවත් ලබාදෙන බව.මෙය කල්ගතවෙන්න බලපාපු ප්‍රධානම හේතුව තමයි අනිත් භාශාවන්ට  වඩා සිංහල භාශාව වඩාත් සංකීර්ණ භාශාවක් වෙනඑක.ඒකනිසාම සිංහල භාශාවට අදාල translate ඇල්ගොරිතමයන් සාදන්නටත් විශාල කාලයක් ගතවෙනවා.
ඉතින් මේ සැප්තැම්බර මාසේ 1 වෙනිදා ඉඳන් 7 වෙනිදා  දක්වා ගූගල් සමාගම sinhala translate week නමින් විශේෂ වැඩසටහනක් පැවැත් වුවා.ඒ වැඩසටහනේ අරමුණ වුනේ සිංහල පරිවර්තනය සඳහා අපෙන් උදව්වක් ගන්න එක.ඉතින් ඔයාලටත් පුලුවන් ගූගල් සිංහල පරිවර්තනයට ඔයාලගෙ සහයත් ලබාදෙන්න මෙන්න මේ සබැඳියෙන් ගිහින්. https://translate.google.com/community අපි හැමෝගෙම උත්සහාය මත තමා ගූගල් සිංහල පරිවර්තනය සිදුවෙන්නෙ .ඒකට ගතවන කාලයත් අපේ උත්සහාය කැපැවීම මතම පවතීවි.මෙම පරිවර්තනය සම්පූර්ණ වුනදාට අපිට පුලුවන් වෙයි youtube,G+,adsense ආදී ගූගල් සමාගමේ හැම සේවාවකම සහාය සිංහලෙන්ම ලබාගන්නේ වගේම ඔයාලගෙ හිතේ නිහතමානී ආඩම්බරයකුත් ඇති කරගන්න පුලුවන්.මොකද ඔයාලත් මේ සිංහල පරිවර්තනයට පුංචි හරි සහයෝගයක් ලබාදුන්න කියල!එහෙනම් අදට මම ගිහිල්ල එන්නම් සුබ දවසක් ඔයාලා හැමෝටම!
යාලුවන්ව පොඩ්ඩක් අන්දමුද? :D

යාලුවන්ව පොඩ්ඩක් අන්දමුද? :D

10:11 AM 4 Comments

අද අපි පොඩි ෆන් වැඩක් කරන්න යnන්නෙ :D යාලුවන්ව පොඩ්ඩක් අන්දන්න කැමතිද?කැමති ඇතිනෙ!හ්ම්ම් එහෙනම් අපි වැඩේට බහිමු.මේක නිකං කෘතීම බුද්ධියක් වගේ එකක්.අහන අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා.උත්තර දෙනව කිව්වට අපි උත්තරෙත් දීලම තමයි ප්‍රශ්නෙ අහන්න.ඔහොම කිව්වට තේරෙන්නෙ නැතුව ඇති! අපිවැඩේ කරල බලමුකො එතකොට තේරෙයි.

මුලින්ම මෙන්න මේ සයිට් එකට යන්න> http://www.peteranswers.com
එතකොට මෙන්න මේ වගේ එකක් එනව.

ඕකෙ petition කියල තියන තැනට අපි ඉල්ලීමක් කරන්න ඕනෙ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියල හරියට මෙන්න මේ වගේ"Peter, please answer the following question" බයවෙන්න එපා මේක අපි ගහන්න ඕනෙ නෑ කරන්න තියන්නෙ මෙච්චරයි මුලින්ම keyboard එකේ ඩොට් එක (.) ඔබන්න,ඊට පස්සෙ  නිකන් ඒක ටයිප් කරනව වගේ මොනව හරි අකුරු ටිකක් ඔබන්න ඒක autoම එතකොට ටයිප් වෙනව.ඒකේ "Peter, please answer the following question" කියලා ටයිප් වෙලා ඉවරවුනහම ඔයාගෙ යාලුවා අහන ප්‍රශ්නෙට උත්තරෙත් එතනම ටයිප් කරන්න. අපි ඒක ටයිප් කලාට ඒක පෙනෙන්නෙ නෑ.

ඊට පස්සෙ question එක අහන්න,අහලා ok කලාම ලස්සනට අපි අර කලින් දීපු උත්තරේ එයි!! :D කොහොමද ඈ වඩේ?

windows xp වලට auto log වෙමුද?

7:37 AM Add Comment

ඔන්න අදත් ආවා පොඩි ට්‍රික් එකක් අරගෙන!! තාමත් ඉතින් ගොඩ දෙනෙක් windows xp භාවිතා කරනවනෙ අන්න ඒ කස්ටියට තමයි අද මම මේ ට්‍රික් එක අරගෙන ආවෙ!කවුරුත් දන්නවනෙ ඉතින් අපි winxp වලට ලොග් වෙනකොට welcome screen එක එනව කියල,පාස්වර්ඩ් එකක දාලා තිබ්බත් නැතත් ඒක එනවනෙ!සමහර වෙලාවට ඒක හරි කරදරයක් නේද? කැමතිද ඕක අයින් කරල දාන්න ඈ.එහෙමනම් ඕක අයින්ම කරල දාමු.හැබැයි ඉතින් පාස්වර්ඩ් එහෙම දාලා තමන්ගෙ කොම්පීතරේ ආරක්ශාව සපයගන්න අයට මේක කරන්න බෑ,කරන්න බැහැයි කිව්වෙ කරන්න පුලුවන් හැබැයි එතකොට පාස්වර්ඩ් ගහන්න එනෙ නෑ auto ම ලොග් වෙනව.හ්ම්ම් අපි එහෙමනම් වැඩේට බහිමුකෝ,ලේසි වැඩක් කරන්න තියෙන්නෙ අනේ!

මුලින්ම start යන්න,ඒකෙ තියනවා නේද run කියල එකක්? මෙන්න මේ වගේ


හරි අන්න ඒ run එක ක්ලික් කරල ඒකෙ මෙන්න මේ විදිහට ටයිප් කරන්න
control userpasswords2

එහෙම ටයිප් කරලා එන්ටර් කලාම මෙන්න මේ වගේ window එකක් එයි.ඒකෙ තියන usermaust enter a username and password to use this computer කියල තියන චෙක් බොක්ස් එකේ තියන ටික් එක අයින් කරන්න.

හරි දැන් apply කියල තියන බොත්තම ඔබන්න එතකොට ඔයාගෙ username එකයි පාස්වර්ඩ් එකයි ගහන්න එයි පාස්වර්ඩ් නැති අය ඒ කොටුව හිස්ව තියන්න.දැන් restart කරල බලන්නකෝ... වැඩේ හරි ඇති! :D :D

එහෙනම් මම අදට සමුගන්නව ලගදීම තවත් පෝස්ට් එකකින් හමුවෙමු!!!!!