2015 ක්‍රිකට් ලෝක කුසලානය

7:52 AM Add Comment

 

 2015 ක්‍රිකට් ලෝක කුසලානය යනු 11 වන ක්‍රිකට් ලෝක කුසලානය වන අතර එය 2015 පෙබරවාරි 14 සිට මාර්තු 29 දක්වා සම සත්කාරකත්වයෙන් යුතුව ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ දී පැවැත්වෙයි. 2015 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඇති තරග පිළිබද වැඩි අවදානයක් යොමුවී තිබේ. මෙවර ලෝක කුසලානයට රටවල් 14 සම්බන්ධ වන අතර කාණ්ඩ දෙකකින් ඔවුනු තරගවැදීමට නියමිතය.  ඕස්ටෙ‍්‍රලියාව සහ නවසීලන්ත පුර විසිරුනු ක්‍රිඩාගාර කිහිපයක මෙම තරග පැවැත්වීමට  සැලසුම් යොදා තිබේ. 2015 ක්‍රිකට් ලෝක කුසලාන අන්තර්ජාතික වශයෙන් පැවැත්වෙන ප්‍රධන තරඟාවලියක්  වන අතර 400 වැඩි ක්‍රිඩකයන් සහ නිලධාරීන් සහභාගි වීමට නියමතය.

 ලොවපුරා ක්‍රිකට් ලෝලීන් මග බලා සිටින ක්‍රිකට් ලෝක කුසලානය, ඔවුන්  නැරබීමට පමණක් නොව තමා කැමති කණ්ඩායම හැකි අන්දමිනි සහයෝගය දැක්වීමට අමතක නොකරනු ඇත. සමහරුන් කණ්ඩායම් ගැන සාකච්ඡාව පවත්වන අතර තවත්  සමහරුන් ජයග්‍රාහී කණ්ඩායම ගැන අනුමාන පලකරයි. මෙම ලෝක කුසලාන සමයේදී ක්‍රිකට් උණුසුම වැඩිවීමට තවත් එක් හෙතුවක් වේ ඇත්තේ  ක්‍රිකට් ලෝලීන් රටපුරා  ක්‍රිඩාගාර සහ පාරවල් වල පවත්වන ක්‍රිකට් තරඟයි. ඔවුන් ශ්‍රී ලංකා  ක්‍රිකට් ඇදුමෙන් සැරසී ක්‍රිඩා කිරීම සුලබ දසුනකි.

 ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝලීන්ගෙන් ඉතිරීගිය රටක් බව ලෝකය පුර ප්‍රසිද්ධය. කඩුල්ලක්, කඩුල්ලක් පාසා ක්‍රිකට් රසිකයන් උන්මාදයට පත්කිරීමට  සැම තරගයක්ම සමත්වේ. ක්‍රිකට් රසිකයින් තම මිත්‍රයන් සමග එකතුවීක්‍රිකට් තරග නැරබීම ලංකාවේ සුලබ දසුනකි. තම නිවෙස් වල, පාරවල් පුරා  හෝ අවන්හල ඔවුන් එක්රසිවී ක්‍රිඩා නරබන ආකාරය මෙම 2015 ක්‍රිකට් ලෝක කුසලානය කාලය පුරා දැකිය හැකි සුලබ දසුනකි.

 2015 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට අදාල නිල ඇඳුම් ඇතුළු සියලු අංගෝපාංග වෙළෙඳ පොළට නිකුත් වී ඇති බැවින් ක්‍රිකට් උන්මාදයෙන් පෙලෙන රසික රසිකාවියන්ගෙන් නගරයේ වෙළෙඳ සැල් පිරි ඉතිරි ගොස් ඇත. මින් සමහරක් ක්‍රිකට් ලෝලීන් තරඟාවලියට පෙරම ඇණවුම් කිරීමට සුදානම් වෙති. kaymu වැනි අන්තර්ජාල වෙබ් අඩවියන්හි ඉතා අඩු මිලට, තත්වයෙන් උසස් භාණ්ඩ පාරිභෝගිකයාට ඉදිරිපත් කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ, ක්‍රිකට් ක්‍රිඩාවට රසිකයෝ මෙන්ම රසිකවියෝද බොහෝමයක් සිටීමය. මේ සියලුදෙනාටම තම වඩාත් ප්‍රිය කරන ක්‍රිඩකයෙක් සිටි. එමෙන්ම තාම ප්‍රියතම ක්‍රීඩකයා උද්යෝගිමත් කිරීම වෙනුවෙන්ද මොවුහු මෙම භාණ්ඩ මිලදී ගනිති.

 ලාංකීය අන්තර්ජාල වෙළෙන්දන් තුල මෑතකදී හටගත් නවතම රැල්ල හේතුවෙන් දැන් තමාට අවශ්‍ය ක්‍රිකට් නිල ඇඳුම් මිලදී ගැනීම ඉතා පහසු වේ. ඔබ ක්‍රිකට් ලොව බොහෝ සේ ඇලුම් කරන්නෙකු නම් ඔබට අවශ්‍ය ඕනෑම ක්‍රිකට් ක්‍රිඩාවට සම්බන්ද භාණ්ඩ kaymu.lk වෙතින් දැන් ඔබට ලබා ගත හැක.