VB.net 4 පාඩම - කොන්දේසි පරික්ෂා කර පිළිතුරු ලබා දෙන හැටි.

2:16 PM 4 Comments

සෑම පරිගණක භාෂාවකම පාහේ කොන්දේසි පරික්ෂා කර පිළිතුරු ලබාදීම සදහා විශේෂයෙන් සැකසූ කෝඩ් ක්‍රමයක් භාවිතා කරයි. මේවා කන්ඩිෂනල් ලොජික් (Conditional Logic) ලෙස හැදින්වේ. විෂුවල් බේසික් තුල මේ සදහා භාවිතා කරන්නේ If හා Switch යන ඒවාය. එයිනුත් වැඩි පුරම භාවිතා වන්නේ If කන්ඩිෂනල් ලොජික් එකය. මෙය ආකාර තුනකි.

If Then  ආකාරය.

මෙම ආකාරයේදී කොන්දේසිය හා එය සත්‍ය වූ විට ඉ‍ටුවිය යුතු කාර්යය තනි පෙළකට ලිවිය යුතුය. එහි පොදු ආකෘතිය පහත පරිදි වේ.

ex :- If  කොන්දේසිය Then ඉ‍ටුවිය යුතු කාර්යය

මේ ගැන තවත් හොදින් අවබෝධ කොට ගැනීම සදහා පහත වැඩසටහන සකසමු. මෙහිදී සකසන්නේ ටෙක්ස්ට් බොක්ස් එක තුල අංක 1 සදහන් කර බට්න් එක ක්ලික් කලහොත් ලේබල් එක තුල Computer ලෙස දිස් වෙන වැඩ සටහනකි. මේ සදහා පළමුවෙන්ම නව WPF Application project එකක් ලබා ගත යුතුය. එවිට ලැබෙන වින්ඩෝ එක මතට බට්න් එකක්, ටෙක්ස්ට් බොක්ස් එකක් හා ලේබල් එකක් ලබා ගත යුතුය. පසුව ඒවායේ ප්‍රොපටි පහත පරිදි සැකසිය යුතුය.

Button    [Name] = btnOk,  [Content] = Ok
TextBox [Name] = txtIf,     [Text] = හිස්ව තබන්න
Label      [Name] = lblIf,     [Content] = හිස්ව තබන්න

මෙහිදී වැඩසටහන සදහා කෝඩ් ලිවිය යුත්තේ btnOk ලෙස නම් කල බට්න් එකට අදාලවය. ඒ සදහා ලබා ගත් බට්න් එක මත ඩබල් ක්ලික් කර පහත පරිදි කෝඩ් ලිව්ය යුතුය.

If txtIf.Text = 1 Then lblIf.Content = "Computer"

මෙහි txtIf.Text = 1 යන කොටසින් කෙරෙන්නේ ටෙක්ස්ට් බොක්ස් එක තුල අංක 1 තිබේ දැයි පරීක්ෂා කිරීමයි. එය එසේ නම් lblIf.Content = "Computer" යන කොටසින් Computer යන්න ලේබල් එක තුල පෙන්වයි. මේ ආකාරයට කොන්දේසි කිහිපයක් පරීක්ෂා කර බැලිය යුතුනම් ඒ සදහා කෝඩ් ලිවිය යුත්තේ පහත ආකාරයටයි.

If txtIf.Text = 1 Then lblIf.Content = "Monday"
If txtIf.Text = 2 Then lblIf.Content = "Tuesday"
If txtIf.Text = 3 Then lblIf.Content = "Wendnesday"
If txtIf.Text = 4 Then lblIf.Content = "Thursday"

මෙහිදී පළමු පේළියෙන් ටෙක්ස්ට් බොක්ස් එක තුල ඇත්තේ 1 නම් ලෙබල් එක තුල Monday යන්න පෙන්වයි, දෙවැනි පේළියෙන් ටෙක්ස්ට් බොක්ස් එක තුල ඇත්තේ 2 නම් ලෙබල් එක තුල Tuesday යන්න පෙන්වයි, තෙවැනි පේළියෙන් ටෙක්ස්ට් බොක්ස් එක තුල ඇත්තේ 3 නම් ලෙබල් එක තුල Wendnesday යන්න පෙන්වයි හා සිව්වන පේළියෙන් ටෙක්ස්ට් බොක්ස් එක තුල ඇත්තේ 4 නම් ලෙබල් එක තුල Thursday යන්න පෙන්වයි. මෙහිදී උදෘත පාඨ තුල ඇතුලත් කර ඇති වචන වෙනුවට තමන් කැමති වචනයක් යොදා ගත හැකිය.

If සමග Else භාවිතය.

ඉහතදී අප සලකා බැලුවේ ලබාදුන් කොන්දේසිය සත්‍ය අවස්ථාව පමණි. එහෙත් ලබා දුන් කොන්දේසිය අසත්‍ය අවස්ථාවද සලකා බැලිය යුතුනම් ඒ සදහා If සමග Else යන්නද ලිවිය යුතුය. එවිට කෝඩ් පේළිය තනි පෙලකට ලිවිය නොහැක. එහිදී භාවිතා වන පොදු ආකෘතිය පහත පරිදිවේ.

ex: If කොන්දේසිය Then
            කොන්දේසිය සත්‍ය විට ඉ‍ටු විය යුතු කාර්යය.
    Else
            කොන්දේසිය අසත්‍ය විට ඉ‍ටු විය යුතු කාර්යය.
    End If

මෙහිදී අවශ්‍ය නම් කොන්දේසියක් සත්‍ය වුවිට තනි කාර්යයක් වෙනුවට කාර්යයන් කිහිපක් වුවත් සිදුකර ගත හැක. එය තේරුම් ගැනීම සදහා පහත උදාහරණ් කෝඩ් කොටස සලකා බලන්න. ඒ සදහා වින්ඩෝ එක මතට බට්න් එකක්, ටෙක්ස්ට් බොක්ස් එකක් හා ලේබල් එකක් ලබා ගත යුතුය. පසුව ඒවායේ ප්‍රොපටි පහත පරිදි සැකසිය යුතුය.

Button    [Name] = btnOk2,  [Content] = Ok (2)
TextBox [Name] = txtIf2,     [Text] = හිස්ව තබන්න
Label      [Name] = lblIf2,     [Content] = හිස්ව තබන්න

මෙහිදී වැඩසටහන සදහා කෝඩ් ලිවිය යුත්තේ btnOk2 ලෙස නම් කල බට්න් එකට අදාලවය. ඒ සදහා ලබා ගත් බට්න් එක මත ඩබල් ක්ලික් කර පහත පරිදි කෝඩ් ලිව්ය යුතුය.

        If txtIf2.Text = 1 Then
            lblIf2.Content = "Good"
            lblIf2.FontWeight = FontWeights.Bold
        Else
            lblIf2.Content = "Bad"
            lblIf2.FontWeight = FontWeights.Light
        End If

දැන් වැඩසටහ ධාවනය කර ටෙක්ස්ට් බොක්ස් එකමත අංක 1 යොදා. බටනය එබූ විට ලේබල් එකමත තද කළු (Bold) අකුරෙන් Good යන්නත් එක හැර වෙන්ත් යමක් ටයිප් කර බටනය එබූ විට ලාකළු (Light) අකුරෙන් Bad යන්නත් දිස් වෙනු ඇත.
ඉහත කෝඩ් කොටසේ විස්තර මෙසේ වේ. මෙහිදී පළමු කොඩ් පේළියෙන් ටෙක්ස්ට් බොක්ස් එක තුල ඇත්තේ අංක 1 දැයි සොයා බලයි. එය එසේ වීනම් වැඩසටහන ඊළග කෝඩ් කොටසට යොමුවෙයි. එනම් කොන්දේසිය සත්‍ය වූ විට සිදුවිය යුතු කාර්යය වෙත යොමු වෙයි. එනම් 2 හා 3 කොඩ් පේළි වෙත යොමුවෙයි. එහිදී දෙවැනි කෝඩ් පේළියෙන් ලේබල් එකතුල Good යන්න පෙන්වන අතර 3 වන කෝඩ් පේළියෙන් ඒතුල ඇති අකුරු සදහා Bold ඉෆෙක්ට් එක ලබා දෙයි. මෙහි 4 වන කෝඩ් කොටස වන Else පදයට පසුව ලියනු ලබන කෝඩ් කොටස අයත් වනුයේ ඉහත ලබාදුන් කොනදේසිය අසත්‍ය වුවිට සිදු විය යුතු කාර්යයන් හටය. එනම් ටෙක්ස්ට් බොක්ස් එකතුල ඇති අංකය 1 නොවේ නම් සිදු විය යුතු කාර්යයන් ලිවිය යුත්තේ මෙම Else පදයට පහලින්ය. මෙහි 5 වන කේත පේළියෙන් කරන්නේ ලේබල් එක තුල Bad යන්න පෙන්වන අතර.  6 වන කෝඩ් පේළියෙන් ඒතුල ඇති අකුරු සදහා Light ඉෆෙක්ට් එක ලබා දෙයි. 7 වන හෙවත් අවසාන කෝඩ් පේළියෙන් If කොන්දේසිය ක්‍රියාත්මක වීම නවතා දමයි.

If සමග Else හා ElseIF භාවිතය.

දිගින් දිගටම කොන්දේසි පරීක්ෂා කරමින් යම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් ඒ සදහා යොදා ගත යුත්තේ ElseIF ආකාරයයි. එහි පොදු ආකාරය පහත පරිදිවේ.

Ex : If කොන්දේසිය Then
කොන්දේසිය සත්‍ය නම් විය යුතු කාර්යය.
ElseIF දෙවැනි කොන්දේසිය Then
කොන්දේසිය සත්‍ය නම් විය යුතු කාර්යය.
ElseIF තුන් වැනි කොන්දේසිය Then
කොන්දේසිය සත්‍ය නම් විය යුතු කාර්යය.
ElseIF හතරවෙනි කොන්දේසිය Then
කොන්දේසිය සත්‍ය නම් විය යුතු කාර්යය.
........................................................
Else
සියළු කොන්දේසි අසත්‍ය නම් විය යුතු කාර්යය.
End If

මෙහිදී පළමු කොන්දේසිය අසත්‍ය නම් දෙවැනි කොන්දේසියද එයද අසත්‍ය නම් තෙවැනි කොන්දේසියද පරීක්ෂාකරයි. මෙසේ දිගින් දිගටම අවශ්‍ය තරම් කොන්දේසි ප්‍රමාණයක් පරීක්ෂා කිරීමට ඉඩ ලබා දිය හැක. මෙහි අවසානයට Else යන්න මගින් කෙරෙන්නේ ඉහත ඇති සියළු කොන්දේසි අසත්‍ය නම් යම් කාර්යයක් ඉ‍ටු කිරීම සදහාය.
මෙය තේරුම් ගැනීමට පහත දක්වා ඇති කෝඩ් වලට අදාල වැඩසටහන සකස් කරන්න.  ඒ සදහා වින්ඩෝ එක මතට බට්න් එකක්, ටෙක්ස්ට් බොක්ස් එකක් හා ලේබල් එකක් ලබා ගත යුතුය. පසුව ඒවායේ ප්‍රොපටි පහත පරිදි සැකසිය යුතුය.

Button    [Name] = btnOk3,  [Content] = Ok (3)
TextBox [Name] = txtIf3,     [Text] = හිස්ව තබන්න
Label      [Name] = lblIf3,     [Content] = හිස්ව තබන්න

මෙහිදී වැඩසටහන සදහා කෝඩ් ලිවිය යුත්තේ btnOk3 ලෙස නම් කල බට්න් එකට අදාලවය. ඒ සදහා ලබා ගත් බට්න් එක මත ඩබල් ක්ලික් කර පහත පරිදි කෝඩ් ලිව්ය යුතුය.

 If txtIf3.Text >= 75 Then
            lblIf3.Content = "A"
        ElseIf txtIf3.Text >= 65 Then
            lblIf3.Content = "B"
        ElseIf txtIf3.Text >= 55 Then
            lblIf3.Content = "C"
        ElseIf txtIf3.Text >= 35 Then
            lblIf3.Content = "S"
        Else
            lblIf3.Content = "F"
        End If

පළමු කෝඩ් පේලියෙන් කෙරෙන්නේ ටෙක්ස්ට් බොක්ස් එකෙහි ඇති අගය 75 හෝ ඊට වැඩි අගයක් දැයි පරීක්ෂා කිරීමයි. එය එසේ නම් ලේබල් එකතුල A පෙන්වයි. එහෙත් ටෙක්ස්ට් බොක්ස් එකෙහි ඇති අගය 75 ට අඩුනම් දෙවන කොන්දේසිය පරීක්ෂා කිරීමට යොමුවෙයි. එහිදී සලකා බලන්නේ ටෙක්ස්ට් බොක්ස් එකෙහි ඇති අගය 65 හෝ ඊට වැඩි අගයක් දැයි පරීක්ෂා කිරීමයි. එය එසේ නම් ලේබල් එකතුල B පෙන්වයි. මේ ආකාරයෙන්ම 5 හා 7 වෙනි පේළිවල්දීද ElseIf මගින් කොන්දේසි පරීක්ෂා කර බලයි. මෙහිදී සියළු කොන්දේසි අසත්‍ය ලෙස සැලකෙන්නේ ටෙක්ස්ට් බොක්ස් එක තුල ඇති අගය 35 ට අඩු අවස්ථාවයි. එය එසේ වූ විට Else කොටස ක්‍රියාත්මක වී ලේබල් එක තුල F පෙන්වයි.

මෙවර පාඩමට අදාල විෂුවල් බේසික් ප්‍රොජෙක්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.

පසුගිය පාඩම් මාලාවන් :

එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියෙහි 3 වන ස්ථානය සොෆ්ට්වෙයාලන්තයට!

8:35 AM 7 Comments


ekathuwa.org වෙබ් අඩවිය සමග radiokaluthara.com වෙබ් අඩවියේ සහයෝගයෙන් පවත්වපු බ්ලොග් සම්මාන සැනකෙලියේ 3 වන ස්ථානය අපේ බ්ලොග් අඩවියට ලැබිලා තියනවා ඒ ගැන අපිට ගොඩ්ඩාක් සතුටුයි.අපි ලබාගත්තු විශාල ජයග්‍රහණයක් හැටියට අපි සලකනවා.ඉතින් අපි මේක අව්ස්ථාවක් කරගන්නවා අපේ ආදරණීය පාඨකයන්ට ස්තූති කරන්න.ඒ වගේම එකතුව.org වෙබ් අඩවියටත් radiokaluthara.com වෙබ් අඩවියටත් අපේ කණ්ඩායම හදපිරි ස්තූතිය පලකර සිටිනවා.

දිනපු නොදිනපු සෑම බ්ලොග් අඩවියකටම අපේ උනුසුම් සුභ පැතුම්!!!

ටොරන්ට් ඩවුන්ලෝඩ් ස්පීඩ් කරන විදිය මෙන්න

9:30 PM 5 Comments


                ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරනකොට ඔයාලගෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වෙනස් වෙනව වගේම වෙලවකට ස්ලෝව් වෙනව නේද??
                ඔයාල ඩවුන්ලෝඩ් කරන්නෙ utorrent  එකෙන්නම් පහල තියෙන පියවර අනුගමනය කරල ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරගන්න පුලුවන්.

1.settings වලට ගිහින් bittorent වල තියෙන protocol encryption කියන එක enable කරල ඉස්සරහින් තියෙන
checkbox එකට tick එකක් දාන්න.
                     

2.Bandwith වල තියෙන Number of Connections කියන එක යටතේ  තියෙන Global Max number of connections කියන එක 2500 කරල Max number of connected peers per torrent කියන එක 500 කරන්න.

                       

දැන් ස්පීඩ් එක ටිකක් වඩි වෙයි.ගැටලු තියෙනවනම් කොමන්‍ටුවක් දාන්න....:D

PC 1 Slow ද??? මෙන්න ස්පීඩ් කරගන්නා විදිය

6:57 PM 8 Comments
                                


කොහොමද යාලුවනේ......මම දැන් ඔයාලට කියන්න යන්නෙ කම්පියුටර් 1 ස්පීඩ් කරගන්න විදියක්.......
එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනකොට ටික කාලයක් ගියාම PC 1 slow වෙන 1 සාමාන්‍ය දෙයක්.....එහෙම වෙන්නෙ වින්ඩෝස් registry 1 වෙන වෙනස්කම් හින්දා වගේම එක එක junk files හින්දා....

පහල තියෙන ලින්ක් 1න් මේ software 1 ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්...

http://www.iobit.com/advanced-systemcare-antivirus.php


මේ සොෆ්ට්වෙයාර් 1න් කරන්නෙ ඔයාගෙ කම්පියුටර් 1 තියෙන errors හදල වින්ඩෝස් registri 1 fix කරන එකයි..

download කරල ඉන්ස්ටෝල් කලාට පස්සෙ ස්කෑන් කරල පෙන්න errors fix කරන්න....හරිම ලේසියි

මේකෙන් තව වැඩ ගොඩක් ගන්න පුලුවන්....ඔයාලගෙ කම්පියුටර් 1 run වෙන අනවශ්‍ය programme deactivate කරන්නත් හාඩ් ඩිස්ක් 1 errors වගේම fragment වෙලා තියෙන files defrag කරන්නත් පුලුවන්....

මේකෙ තියෙන smart ram කියන එකෙන් ‍රැම් 1 use කරන්නෙ නැති ස්පේස් clear කරල ‍රැම් 1 වැඩි කරගන්නත් පුලුවන්.........

එහෙනම් අපි ගියා ආයෙ අලුත් වටින ලිපියකින් හම්බෙමු!
අව්ලක් තියනවනම් කමෙන්ට් කරල අහන්න ඕනෙ වෙලාවක අපි ඉන්නව!






                         

microsoft සමාගම windows 9 අත්හැර windows 10 නිකුත් කරයි!!

11:13 AM 4 Comments

වින්ඩෝස් 8 එලි දැක්වූවාට පස්සෙ අපි හැමෝම හිතුවෙ ඊළඟට එන වින්ඩෝස් සංස්කරණය වින්ඩෝස් 9 වෙයි කියල.ඒත් අපි නොහිතපු විදිහට ඊලඟ වින්ඩෝස් සංස්කරණය මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් 10 කියල නම් කරල තියනව.මෙයට හේතුවක් විදිහට දක්වලා තිබෙන්නෙ මේ වින්ඩෝස් සංස්කරණය අද්විතීය එකක් වෙන නිසයි.ඊයේ (සැප්තැම්බර් 30) තිබුන විශේෂ සමුළුවකදී තමයි මයික්‍රොසොෆ්ට් සමාගම මේ ගැන මුලින්ම හෙලි කලේ.ඒ අනුව අද සිට (ඔක්තෝම්බර් 1) අපි windows 10 වල ලැප්ටොප් හා ඩෙක්ස්ටොප් සඳහා වෙන technical preview එක අත්හදා බලන්න අවස්ථාව ලැබෙනවා.නමුත් මේ technical preview එක අපිට එදිනෙදා භාවිතා කරන්න නම් සුදුසු නෑ.මොකද මේකෙ තවමත් දෝශ බොහෝමයක් තියනවා.2015 වර්ෂයේ මුල් බාගයේදී පාරිභොගිකයින් සඳහා winows 10 නිකුත් කරන බව තමයි මයික්‍රොසොෆ්ට් සමාගමේ terry myerson මහත්මයා සඳහන් කරල තියෙන්නෙ.තවම මෙහි මිල ගණන් පිලිබඳව න සටහනක් නෑ.සියලුම වින්ඩෝස් device සඳහා ගැලපෙන විදිහට මෙය නිපදවලා තිබෙන බවටයි ආරංචිය.
වින්ඩෝස් 10 වල start එක touch හා mouse යන දෙකටම ගැලපෙන විදිහට සකසලා තිබෙනවා ඒ චායාරූප පහලින් බලාගන්න පුලුවන්.වින්ඩෝස් 10 වල චායාරූප පහලින් ඔබට බලාගන්න පුලුවන්.





මෙන්න වීඩීයෝ එක ..


අදට සමුගන්නම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු!
Update: windows 10 technical preview ඔබට මෙතනින් භාගත කරගත හැක.