Facebook තහනම් කලොත් නැවත එන්නේ මෙහෙමයි!!

10:27 AM 6 Comments

ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් හා ලමා පරපුර හා සංස්කෘතියේ මතු ආරක්ෂාව සඳහා යැයි සුරංගනා කතා කියමින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය තහනම් කිරීමේ සූදානමක් පවතින බව මෑත කාලයේදී නොයෙක් දෙනාගේ කථා බහට ලක්වූ මාතෘකාවකි. එහි සත්‍ය අසත්‍යතාවය ගැන ආණ්ඩුව තවමත් නිල වශයෙන් කිසිවක් පවසා නැති මුත් හදිසියේ ෆේස්බුක් සමාජ ජාලය ලංකාව තුල තහනමකට ලක්වුව හොත් වෙබ් අඩවි තහනම් කිරීමේ තාක්ෂණික ක්‍රමවේද අභිබවා ෆේස් බුක් වෙත නැවත කිසිඳු බාධාවකින් තොරව පිවිසෙන ආකාරය ඔබට කියා දීම මාගේ අරමුණයි. මෙය කියවා අවසන් වූ විට ශ්‍රී ලංකාවේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය දූෂිත නූගත් චෛරයෙකුට වුවමනා ආකාරයට වාරණය කල නොහැකි බව ඔබට පැහැදිලි වනු ඇත.

තාක්ෂණික ක්‍රමවේද භාවිතා කර ෆේස්බුක් තහනම් කල හොත් ඔබට සාමාන්‍ය ආකාරයට ෆේස්බුක් වෙත පිවිසීමට නොහැකි වනු ඇති අතර ඒ වෙනුවට මා ඔබට වෙනත් ක්‍රමයකි ඉදිරිපත් කරමි. එනම් tor ජාලය භාවිතා කිරීමයි.

Tor ජාලය යනු කුමක්ද ?

Tor ජාලය යනු ලොව පුරා සිටින පරිගණක පරීශීලකයන්ට සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් සහ අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් කරා කිසිඳු බාධාවකින් තොරව ඇතුලු වීමට ඉඩ සලසා දෙන පරිගණක ජාලයකි. මෙය මුල් අවධියේ භාවිතා කෙරුනේ ඇමරිකානු නාවික හමුදාවේ සන්නිවේදන කටයුතු ආරක්ෂාකාරීව කර ගැනීම සඳහා පමණක් වුවත් අද වන විට ලොව ඕනෑම පරිගණක පරීශීලකයෙකුට නොමිලේ Tor ජාලය භාවිතා කිරීමේ හැකියාව ඇත. ජාලයේ නිල වෙබ් අඩවිය වනුයේ - www.torproject.org වේ. අවශ්‍ය නම් එම වෙබ් අඩවිය වෙත පිවිස Tor ජාලය ගැන වැඩිදුර ඉගෙන ගැනීම කල හැක.



Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී සිදුවන්නේකුමක්ද?


Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී ඔබගේ සේවා සපයන්නා (SLT, Dialog, Mobitel, Etisalat, Airtel, Hutch වැනි) හරහා ඔබ ප්‍රථමයෙන්ම පිවිසෙන්නේ Tor ජාලය වෙතය. පසුව Tor ජාලය විසින් ඔබව ලොව පුරා විසිර ඇති Tor ජාලයට අයත් කිහිපයක් පරිගණක හරහා ඔබව ෆේස්බුක් වෙබ් අඩවිය වෙත යොමු කරයි. මෙහිදී සත්‍ය වශයෙන්ම ඔබගේ සේවා සපයන්නා හට පෙනෙන්නේ ඔබ Tor ජාලය වෙත පමණක් සම්බන්ධ වනවා යැයි කියාය. එනිසා සේවා සපයන්නා විසින් කර ඇති කිසිඳු අන්දමේ තහනම් කිරීමකින් ඔබට බාධාවක් ඇති නොවේ. එනිසා ෆේස්බුක් පමණක් නොව සේවා සපයන්නා තාක්ෂණික වශයෙන් අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් වෙත මෙම Tor ජාලය හරහා පිවිසිය හැක.

ආණ්ඩුවට Tor ජාලයට පිවිසීමත් අවහිර කල හැකිද ?

නැත. Tor ජාලය විසින් භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේදයන් නිසා Tor ජාලය කිසිවෙකුට සම්පූර්ණයෙන් තහනම් කිරීම සිදු කල නොහැක. මේ බව ඔවුනගේ වෙබ් අඩවියේ පැහැදිලව දැක්වේ.

Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමට අවශ්‍ය වන්නේ මොනවාද ?


මේ සඳහා ඔබට Tor ජාලය විසින් සකස් කරන ලද Tor Browser Bundle මෘදුකාංගය අවශ්‍ය වන අතර එය ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන www.torproject.org මඟින් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.
ඒ සඳහා එම වෙබ් අඩිවයට පිවිස එහි ඇති Download Tor මත ක්ලික් කර ලැබෙන වෙබ් පිටුවේ Download මත ක්ලික් කිරීමෙන් ඔබට මෙය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.


www.torproject.org

මෙම ලිපිය සකස්කොට අනෙක් අයගේ යහපත උදෙසා පල කිරීමට අවස්ථාව ලබාදුන් Suneth Christo Fernando සහෝදරයාට මාගෙ ප්‍රණාමය!
 

computer එකෙන් drums ගහමුද?

9:40 AM Add Comment

හරි හරි යාංතං ඇති පොඩි වැස්සක් වැටුන! ඒක නේමේ මම අද ආවෙ පොඩි ෆන්සොෆ්ට්වෙයා කෑල්ලකුත් අරගෙන.මම ඔය සංගීත ක්ශේත්‍රය ගැන නම් එච්චර දන්නෙ නෑ කමක් නෑ මම අද ඔය ගොල්ලන්ට ගෙනාවෙ ඩ්‍රම්ස් ප්ලේයර් එකක්!ඒ කිව්වෙ කීබෝඩ් එකෙන් ඩ්‍රම් ගහන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. bass drum,floor drum,cymbals,tom tom,hi-hat cymbals,snare drum වලින් මේ ඩ්‍ර්ම් ප්ලේයරේ සමන්විතයි.ඒත් එක්කම මේකෙන් අපිට වේගය අඩු වැඩි කරල ඩ්‍රම් ගහන්නත් පුලුවන්.මුලින් පුරුදුවෙද්දි ටිකක් අමාරුයි තමා ඒත් ටිකක් කල්යද්දි එච්චර අව්ලක් නෑ!හැබැයි ඩ්‍රම් ගහන්න ගිහිල්ලා කීබෝඩ් එක එහෙම කඩාගන්නව නෙමේ හරිය?
මෙන්න එහෙනම් බාගන්න,ඩ්‍රම් ටික පැලෙන්නම ඩ්‍රම් ගහන්න,

http://www.mediafire.com/download/yylupx5j2vu2g0w/dacdrums+by+softwarelanthaya.blogspot.com.exe

මම හැමතැනම හෙව්වා මේකෙcrack එකක් ඒත් තිබ්බෙ නෑ. තිබුනත් ඒවා ස්පෑම් ඒක නිසා trail එකක් දුන්නෙ අව්ලක් නෑ ඔයාලට ඕනෙ නම් පුලුවන් දවස් ගාන ඉවර වුනාම ආයෙත් ඉන්ස්ටෝල් කරල පාවිච්චි කරන්න.

ලඟදිම එන GTA 5 PC VERSION

2:34 PM 10 Comments


GTA නැත්නම් Grand Theft Auto පරිගණක ක්‍රීඩා මාලාව අපි හැමෝම ගහලා තියනවා.GTA කියන්නෙ ආදායම් වාර්තා බිඳහෙලපු ගේම් එකක්.මේ ගේම් එකේ 15 වන සංස්කරණය GTA 5 නමින් playstation හා xbox වලට නිකුත්වුනා.ආරංචියේ හැටියටනම් මේකෙ pc version එකත් ලගඳිම එනවලු!(2014 අග
විතර)Rockstar North සමාගම තමයි gta 5 හදල තියෙන්නෙ.GTA San Andreas වල තිබුන මනඃකල්පිත නගරයම තමයි මේකෙත් තියෙන්නෙ.


හැබැයි මේකෙදි අපිට Trevor,Franklin,Michael කියන චරිත තුනම මෙහෙයවන්න වෙනවා.Trevor,Franklin,Michael කියන චරිත වලට විශේශ දක්ශතා තියනවා.උදාහරණයක් හැටියටTrevor ට පුලුවන් පහරදීමකදී දෙගුනයක් හානි කරන්න. අවශ්‍ය වෙලාවක අපිට ඒ චරිත අතර මාරුවෙන්න පුලුවන්.කලින් ගේම් වලදි අපේ ලයිෆ් එක අඩුවුනාම ආයෙ ඒක වැඩිවුනෙ නැති වුනාට GTA 5 වලදිනම් කාලයත් එක්ක ඒක ආපහු වැඩි වෙනවා!ඒ වගේම වෙඩි තියන වෙලාවට භාවිතා කරන්න පුලුවන් auto aim feature එක හා cover system එකකුත් මේකට අමතරව එකතු කරලා තියනව.කොහොම වුනත් මේකෙ ග්‍රැෆික්ස් නම් ඉතාම උසස්! ඒ වගේම තාත්විකයි.


  
 

 

ගේම් එකේ pc version එක ආපු ගමන්ම ඒක ඔයාලට දෙන්න අපි පොරොන්දු වෙනවා :D

GTA 5 minimum requirements.
  • INTEL CPU-Core 2 Duo E4600 2.4GHz
  • AMD CPU-Athlon 64 X2 Dual Core 5400
  • Nvidia GPU-GeForce GT 340
  • AMD GPU-Radeon HD 3800 series
  • RAM -2 GB
  • OS-Win Xp 32
  • Direct X -DX 10
  • HDD Space-32 GB
Grand Theft Auto V: The Official Trailer
 






-අන්තර්ජාලය ඇසුරිනි

ඇඳුමත් smart වෙයි!smartphone වලින් හැදූ ඇඳුමක් එලි දකී!

8:49 AM 10 Comments

smartphone ඇඳුම තමයි මේවන විට ඇවිල්ලා තියන නවතම ඒ වාගේම විශාලතම විලාසිතාව!London fashion week එසේත් නැතිනම් ලන්ඩනයේ විශාලතම විලාසිතා දැක්මේදී තමයි මේක එලි දක්වුවෙ.Fyodor Golan කියන නිර්මාණකරුවා නොකියා සමඟ එක් වෙලයි මේ ගවුම හදලා තියෙන්නෙ.Fyodor Golan ඇතුලු ඔහුගේ කණ්ඩායමට මේක නිර්මාණය කරන්න මාස 3ක් පමණ ගතවෙලා තියනවා.ස්මාට්ෆෝන් 80ක් විතර මේ සඳහා යොදාගෙන තියන බවයි ආරංචිය.මේ ස්මාට්ෆෝන් වල වර්ණ රටා හදන්න වෙනමම මෘදුකාංගයකුත් ඔවුන් සකසලා තියනවා.මෘදුකාංගය මගින් අවට පරිසරයට අනුව එකිනෙකට වෙනස් රූප රටා 70ක් පමණ ස්වයංක්‍රීයව වෙනස් වෙනවා. 

 Fyodor Golan කියන විදිහට මෙය තාක්ශනය හා විලාසිතා එක්වුන අවස්ථාවක් ලෙස හඳුන්වන්න පුලුවන්.හැබැයි මේක ඇඳගත්තු කෙනෙක්ට වාඩිවෙන්න නම් හම්බෙන්නෙ නෑ :D Fyodor Golan ගේ බලාඅපොරොත්තුව නම් නොකියා සමග එක් වෙලා මේ වගේ තවත් වැඩ ගොඩක් කරන්න!

ඒතරම්ම ප්‍රායෝගික නොවුනත් හොඳ අදහසක් නේද?මේක ගැන ඔයාලගෙ අදහසුත් පහලින් කමෙන්ට් කරන්නකෝ.....
softwarelanthaya.blogspot.com
   

Internet වලින් වැඩ ගනිමු-අන්තර්ජාලය තුල ඔබට වඩාත් වැදගත් වෙබ් අඩවි.Part 2

5:50 PM 5 Comments

මම අද දෙන්න යන්නෙ මම කිලින් දීපු පෝස්ට් එකේ දෙවැනි කොටස.මේකත් අරක වගේම බොහොම ප්‍රයෝජවත් වෙයි කියල හිතනව.තව ඔයාල දන්න මේවගේ සයිට් තියනවනම් පහලින් කමෙන්ට් කරන්න එතකොට ඔයාලටත් පුලුවන් දැනුම බෙදාගෙන පුන්චි සතුටක් ලබාගන්න.මගේ පලවෙනි පෝස්ට් එකට මෙතැනින් යන්න.
  1. translate.google.com-ඕනෑම වෙබ් පේජ් එකක් pdf ෆයිල් එකක් පරිවර්තනය කරගන්න. 
  2. kleki.com-විවිධ වර්ගයේ බුරුසු වලින් ලස්සන චිත්‍ර අදින්න.
  3. midomi.com-අමතකවුන සින්දුවේ නම හොයාගන්න.
  4. homestyler.com-ඔබගේ සිහින නිවෙසේ 3D අනුරුවක් සාදාගන්න.  
  5. aviary.com/myna -ඔන්ලයින් ඕඩියෝ ඉඩිටර් එකකි.
  6. picmonkey.com-ඔන්ලයින් image editor එකකි.
  7. formspring.me-මතනදී ඔබට පෞද්ගලික ප්‍රශ්ණයක් ඇසීමට හෝ උත්තර දීමට පුලුවන.  
  8. safeweb.norton.com-වෙබ් අඩවියක ආරක්දාව තහවුරු කරගැනීමට.
  9. deadurl.com-ඔබ bookmark කරගත් web pages ඩිලීට් වුන විට මෙයින් උදව් ගත් හැක.
  10. youtube.com/leanback-You tube channel TV එකක මෙන් බලන්න.
  11. talltweets.com-වචන 140ට වැඩි ට්වීට්ස් යවන්න.
  12. notes.io-බ්‍රව්සර් එකේ පොඩි පොඩි නෝට්ස් ලියාගන්න.
  13. otixo.com -ඔන්ලයින් ෆයිල් එකම තැනකදී කලමණාකරනය කරගන්න(Dropbox, Google Docs)
  14. tinychat.com-පෞද්ගලික චැට් room එකක් හදාගන්න.
  15. ctrlq.org/dictation-ඔබ ලියූ දෙය කියවා දෙන ඔන්ලයින් අඩවියකි. 
  16. https://history.google.com-google වල ඔබ කරපු වැඩ ඔක්කොම.
එහෙනම් ආයිත් තවත් පෝස්ට් එකකින් හමුවෙමු!එතෙක් ආයුබෝවන්!!

Internet වලින් වැඩ ගනිමු.-Address Book තුල save කරගත යුතු ඉතාමත් ප්‍රයෝජනවත් ඊමේල් ලිපින.

9:11 AM 5 Comments


ඊ මේල් වලින් අපි දන්නෙ නැති වැඩ ගොඩාක් කරන්න පුලුවන්.උදාහරණයක් විදිහට වචනයක තේරුම හොයාගන්න,බ්ලොග් පෝස්ට් එකක් ලියල පෝස්ට් කරන්න,FB එකට වීඩියෝ එකක් ෆොටෝ එකක් පෝස්ට් කරන්න වගේ දේවල්.ගොඩක් අය තමන්ගෙ ඊ මේල් ලිපිනයෙන් හරි වැඩක් ගන්නෙ නැතුව ඇති.මේ ලිපිය කියවපුවාම ඔයාලට තේරෙයි ඔයාලගෙ ඒ මේල් ලිපිනයෙන් කොච්චර වැඩ ගන්න පුලුවන්ද කියල.

බ්ලොග් පෝස්ට් එකක් ලියල ඊ මේල් වලින්පෝස්ට් කරන්න.
*මුලින්ම මේකට ඔයාලට secret ඊමේල් එකක් හදාගන්න වෙනව,ඒක හදාගන්නෙ මෙහෙමයි,
*බ්ලොග් එකේ Dashboard එකේ settings යන්න.
*ඒ කෙ තියනව mobile and e mail කියල.ඒක සිලෙක්ට් කරන්න.

*එතකොට මෙන්න මේවගේ වින්ඩෝ එකක් එයි.


*රතු පාට කොටුව ඇතුලෙ තියන secretWords කියන තැනට ඔයාලට කැමති සීක්‍රට් word එකක් දාගන්න.ඔන්න ඔහොම හදාගත්තු ඒ මේල් එකට තමයි අපි පෝස්ට් එක ඊමේල් කරන්න ඕනි. 

Mobile phone එකෙන් ‍යූ ටියුබ් වලට වීඬියෝ අප්ලෝඩ් කරන්න.
  • මුලින්ම YouTube account settings  වලට ගිහින් ඔයාගෙ සීක්‍රට් ඒ මේල් එක ගන්න.වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනෙ නම් සීක්‍රට් ඒ මේල් එකට විඩියෝ එක ඊ මේල් කරන්න.

ඔයාගෙ මොබයිල් ෆෝන් එකේ ලස්සන ස්ක්‍රීන් ශොට් එකක් ගන්න.
  •  smartphones@mailchimp.com ඊ මේල් ඇඩ්‍රස් එකට ඔයාගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් ශොට් එකක් යවන්න.වෙබ් සයිට් එක ෆෝන් එකේ වර්ගෙ අඳුනගෙන ෆෝන් එකේ frame එකත් එක්ක ලස්සන ස්ක්‍රීන් ශොට් එකක් ඔයාලට එවයි.
වචනයක තේරුම හොයාගමු.
  •  wsmith@wordsmith.org ඊම්ල් ඇව්ඩ්‍ර්ස් එකට හිස් ඊමේල් එකක් යවන්න subject එකට define myword දාන්න myword වෙනුවට තේරුම ගන්න ඕනෙ වචනය දාන්න.
FB එකට වීඩියෝ එකක් ෆොටෝ එකක් පෝස්ට් කරමු.
  •  මුලින්ම ඔයාගෙ account එකේ settings ගිහිල්ලා Mobile section එකේ තියන Post-by-email address එක හොයාගන්නනාන්න ඒ ඊමේළ් ඇඩ්‍රස් එකට ෆොටෝ වීඩියෝ මේල් කරඩ්‍රැතකොට ඒවා fb එකේ පෝස්ට් වෙයි.
ෆයිල් එකක් කන්වර්ට් කරගමු.
  •  documentformat@zamzar.com ඇඩ්‍ර්ස් එකට document එක ඊ මේල්කරන්න.එයාල ඩොකියුමන්ට් එකේ එක එක කන්වර්ට් ෆෝමැට් වල ලින්ක් එතකොට එවයි තමන්ට ඕනෙ ලින්ක් එකට ගිහින් කන්වර්ට් කරගන්න පුලුවන්.
 වෙබ් පේජ් එකක් pdf කරගමු.
  •  webconvert@pdfconvert.me ඇඩ්‍ර්ස් එකට වෙබ් පේජ් එකේ url එක යවන්න එයාල pdf කරල එවයි.
 flickr වලට photos upload කරමු.
  •  මුලින් Flickr settings page. එකේ තියන ඔයාට දෙන ඊ මේල් ඇඩ්‍ර්ස් එක හොයාගන්න.ඒකට ඔයාට අප්ලෝඩ් කරන්න ඕනෙ videos,photos යවන්න.  

ආතල් එකේ බැංකුවක් දෙකක් කඩමුද?

12:26 PM Add Comment
කස්ටියම බලන්ඩ ඇති මොකක්ද බොලේ මේ බැංකු කැඩිල්ල කියල. නැ නැ එහෙම දෙයක් නෙවෙයි මේ තමා Payday කියන game එක. PAYDAY: The Heist තමා පළමු වැනි game එක ගිය අවුරුද්දේ අගෝස්තු 13 තමා මේකේ දෙවැනි game එක release උනේ ඒක PAYDAY 2 කියලයි ආවේ game එක develop කරන්නේ starbreeze කියල company එකකින් rockstar ලගේ සම්බන්දයකුත් තියෙනවා එහෙනම් games දෙකටම පහල download ලින්ක් තියෙනවා.


INTEL CPU-Core 2 Quad Q8200 2.33GHz
AMD CPU-Athlon II X4 620
Nvidia GPU-GeForce GTX 460
AMD GPU-Radeon HD 5850 1024MB
RAM -3 GB
OS-Win 7 32
Direct X -DX 9
HDD Space-10 GB


Payday The Heist Game Trailer

 
 Payday 2 Game Trailer





http://torcache.net/torrent/5C6D4BD6C466DA3266301F1AF19F18919509DCA9.torrent?title=[kickass.to]payday.2.flt
http://torcache.net/torrent/A9EC2D08C5BF75F3E138D7A278DAF4A92E989288.torrent?title=[kickass.to]payday.the.heist.reloaded

ඔයාට ඕන game එකේ photo එක උඩ CLICK කරාම game එකේ torrent file එක download වෙයි එහෙනම් මම ගියා! 

Thief 2014 [PC]

7:59 AM Add Comment
කස්ටියටම ගූඩ් මොර්නින්ග් අද දෙන්ඩ යන්නෙත් එල game 1ක් ගැන විස්තර සමහර විට ඕගොල්ලෝ අහලත් ඇති ඒ තමා Thief 2014


මේක ගැන කතා කරනවා නම් මේක අයත් වන්නේ Shooter & Strategy කියන වර්ගෙට කතාවේ තේමාව ගැන කතා කරන්ඩ අවශ්‍ය නැ මොකද කතාවේ නමෙන් හොයා ගන්ට පුළුවන් මොනවද කරන්ඩ තියෙන්නෙ කියල ඉතින් මොනවා උනත් මේක Strategy games play කරන අයට ලොකු ආතල් 1ක් ගන්ඩ පුළුවන් game 1ක් වෙයි නමුත් වැඩේ කියන්නෙ මේක release වෙන්නෙ පෙබරවාරි 25 ඒ කියන්නෙ තව දවස් කීපයයි.

OFFICIAL TRAILER








6 GB

Win 7 64

DX 11

20 GB

මතක ඇතිව අපේ පොස්ට් හොඳ නම් comment 1කකුත් දාගෙනම යන්ඩ හොඳේ.


Need For Speed Rivals බාගන්න

Unknown 2:08 PM 4 Comments

Need For Speed කිව්වම දන්නෙ නැති එකෙක් නෑනේ.ඔන්න එකේ අලුත්ම ගේම් එක Need For Speed Rivals තමයි.මේ ගේම් එක නොවැම්බර් මාසයේදී නිකුත් වුනු සුපිරි ගණයේ ගේම් එකක්.මේ ගේම් එක බොහෝ Gamers ලගෙ අවදානයට ලක්වෙන්න මූලික හේතුවක් වෙන්නෙ මේ ගේම් එකේ තිබෙන Graphics වල දියුනුවයි.

Don Bradman Cricket 14

12:56 PM 2 Comments
ඔන්න cricket play කරන අයට ඇති වෙනකන් ගහන්ඩ එල ගේම් 1ක් ළඟදීම එලියට දානවා 1ක තමා

Don Bradman Cricket 14 


ඉතින් ආරංචි හැටියට මේක ලබන මාසේ ඒ කියන්නෙ මාර්තු වල ඉස්සෙල්ලම release වෙන්නෙ X box 360 & PS3 console වලටලු. PC gamers ලාට නම් ටිකක් දවස් ඉවසන්ඩ වෙනවා මොකද PC release date 1ක මැයි වළලු තියෙන්නෙ.

හැබැයි මේ ගේම් 1ක ICC T20 ලෝක කුසලානය මත release වෙන දවස් ටික එහා මෙහා වෙන්ඩ පුළුවන් කියලත් කියනවා.

Official Trailer




SCREENSHOTS






Download now!!

GAME 1ක release උන ගමන් download කරගන්ඩ ලින්ක් 1ක දාන්නම්කො.එහෙනම් මතක ඇතිව comment එකකුත් දාලම යමුකෝ.

ලොව ජනප්‍රියම files sharing website 15ක්.

9:13 AM 1 Comment

හැමෝම දන්නවනෙ ෆයිල්ස් ශෙයාරින්ග් වෙබ්සයිට් ගැන .files sharing websites කියන්නෙ අපිට කැමති ෆයිල්ස් අප්ලෝඩ් කරලා අනික් අය සමග බෙදාගන්න පුලුවන් වෙබ් අඩවි වලට.අපේ වටිනාකියන ලිපිගොනු ආරක්ෂා කරගන්නත් අනික් අයට ලිපිගොනු ලබා දෙන්නත් මේවා ගොඩාක් වටිනවා(Pictures, MP3, Video, Games, Software,Document).මම ඔයාලට දෙන සොෆ්ට්වෙයාත් මේවට අප්ලෝඩ් කරලා ඒ ඔස්සේ තමයි ඔයාලට දෙන්නෙ.මේ විදිහට වෙබ්සයිට් රෑන්ක් කරන්න සලකා බලපු සාධක තමයි  ඇලෙක්සා රෑනක් එක,Compete වෙබ් අඩවිය අනුව ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක හා මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය.මේ ලින්ක් මත ක්ලික් කිරීමෙන් ඔයාලටත් පුලුවන් ඒ වෙබ් සයිට් වලට ගිහින් රෙජිස්ටර් වෙලා ගිණුමක් හදාගන්න.

35,000,000-මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය 135-ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක| 116 - Alexa Rank. 
22,500,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය| 462 - ඇමරිකාවෙ වෙබ්සයිට්    රෑන්ක් එක| 147 - Alexa rank

3 | 4Shared
21,000,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය| 821 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක| 148 - Alexa Rank.

18,500,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය*100* - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක| *NA* - Alexa Rank.
16,000,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | *650* - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක| *NA* - Alexa Rank.
9,500,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 430 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක| 981 - Alexa Rank.

6,750,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 1,597 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 898 - Alexa Rank.

 8 | ZippyShare
6,500,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 2,164 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 357 - Alexa Rank.

 9 | Uploaded
6,000,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 2,459 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 231 - Alexa Rank.
5,500,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 3,117 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 706 - Alexa Rank.
4,000,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 4,838 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 1,139 - Alexa Rank.
3,500,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 3,559 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 1,363 - Alexa Rank.

13 | RapidShare
3,250,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 5,193 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 1,380 - Alexa Rank.
3,000,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 5,557 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 1,933 - Alexa Rank.
1,000,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 9,666 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 3,554 - Alexa Rank.