Arduino පාඩම 09 - PC එකෙන් 4-pin RGB LED එකක් කොන්ට්‍රොල් කරමු.

6:56 PM 7 Comments


මම අද කියලා දෙන්නේ PC එකේ ඉදන් 4-pin RGB LED එකක් control කරනහ් හැටි. 4-pin RGB LED එකක නමේ තියෙන විදිහටම පින් 4 ක් තියෙනවා. මේ පින් 4 න් එකක් පොදු අග්‍රය වෙනවා. මේ RGB LED එකක් හැදිලා තියෙන්නේ. Red, Green, Blue color කියන LED 3කින්. ඉතුරු අග්‍ර 3 මේ LED 3 නේ ඉතුරු අග්‍රය. මේ පොදු අග්‍රය + හෝ - වෙන්න පුලුවන්. ඒක තීරණය වෙන්නේ ඔයා LED එක මිලදී ගන්න විදිහ අනුව. ප්‍රධාන වශයෙන් RGB LED එකක වර්ග 2 ක් තියෙනවා. Common anode හා common cathode තමයි ඒ වර්ග 2 ක.  Common anode එකක පොදු අග්‍රය +, common cathode එකක පොදූ අග්‍රය -. RGB LED එකක ක්‍රියාකාරිත්වය ගැන කතාකලොත් මේකේ එක එක අග්‍රවලට ලබාදෙන වෙනස් වෝල්ටීයතාව අනුව අපිට එක එක පාට ගන්න පුලුවන්. හරියට Photoshop එකේදී පාට තෝරනවා වගේ.

මෙතැනදී අපි කරන්න ඕන වැඩ 2 ක් තියෙනවා. ඒ තමයි arduino code එක ලියන එක හා අනිත් එක PC program එක ලියන එක. මම PC program එක ලියන්නේ VB.Net වලින්. අපි මුලින්ම arduino code එක ලියමු. මම මෙතැනදී Common anode හා common cathode කියන වර්ග 2 ටම arduino code එක ලියනවා. මුලින්ම අපි common cathode LED එකට code එක ලියමු.

Common cathode LED එකට arduino code එක ලියමු.

මේකට මුලින්ම පහලින් තියෙන විදිහට circuit එක හදාගන්න. 2.2 KOhm resistor එකක් තමයි දාලා තියෙන්නේ.



දැන් පහල තියෙන code එක arduino එකට upload කරන්න.



මම මෙතැනදී 2 පේලියෙන් Serial communication එක start කරලා තියෙනවා,  ඊළඟට 3,4,5 පේලිවලින් පිලිවලින් 9, 10, 11 කියන pin 3 න OUTPUT විදිහට setup කරගෙන තියෙනවා.

9 වෙනි පේලියෙන් if condition එක දාලා serial port එක හරහා data එනවද කියලා බලනවා. data එනවනම් if එක ඇතුලේ තියෙන දේවල් ටික ක්‍රියාත්මක වෙනවා. 11, 12, 13 වෙනි පේලිවලින් කරන්නේ r,g,b කියන නම් වලින් int variable 3 ක් හදාගෙන තියෙනවා. ඒවගේම Serial port එක හරහා එන data ඒ ඒ variable වලට වෙන වෙනම යොමුකරලා තියෙනවා.

15, 16, 17 පේලිවලින් ඒ ඒ  r,g,b කියන value එකට අදාලව 9, 10, 11 කියන pin වලින් voltage output කරලා තියෙනවා.

***වැදගත්***

මම මෙතනදී කියන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා.

මම PC program එකෙන් Arduino එකට එවන්නේ යම් කිසි වර්ණයකට අදාල RGB value එක එක පේලියට. උදාහරණයක් විදිහට රෝස පාටට අදාල RGB value එක වෙන්නේ 215,15,200 යි.

ඒ කියන්නේ රතු - 215, කොළ - 15, නිල් - 200 කියන සංයෝජනයෙන් තමයි රෝස පාට හැදිලා තියෙන්නේ.  මෙම මේ RGB value එක 215,15,200 ආකරයට තනි පේලියක් විදිහට තමයි Arduino එකට යවන්නේ. නමුත් 11, 12, 13 වෙනි පේලි වලදී  ලියලා තියෙන code වලින් values ටික වෙනවෙනම හදුනාගන්නවා.
උදාහරණයක් විදිහට කලින් කියපු රෝස පාටට අදාල RGB value එක වෙන 215,15,200 කියන value set එක තනි පේලියක් විදිහට arduino එකට එවපුවහම 11, 12, 13 පේලිවලින් r = 215, g = 15, b = 200 විදිහට හදුනාගන්නවා.

Common anode LED එකට arduino code එක ලියමු.

මේකට මුලින්ම පහලින් තියෙන විදිහට circuit එක හදාගන්න. 2.2 KOhm resistor එකක් තමයි දාලා තියෙන්නේ.


දැන් පහල තියෙන code එක arduino එකට upload කරන්න.



මේ code එකත් කලින් code එක වගේම තමයි. වෙන්සකට තියෙන්නේ 15, 16, 17 පේලිවලදී r,g,b කියන variable වලින් ලැබෙන අගයන් 255 න් අඩුකරලා යොදගෙන tතියෙන එක. එහෙම කරන්නෙ Common anode RGB LED එකක පොදු අග්‍රය + නිසා සුදුසු විභව අන්තරයක් ගොඩනගා ගන්න ඕනෙ නිසයි.

PC program එක ලියමු.

මම මේක ලියන්නේ VB.Net වලින්, ඒකට Visual studio කියන software එක ඕනේ. මුලින්ම Visual studio open එක කරගෙන අලුත් VB.Net project එක ලබාගන්න.



දැන් පහල තියෙන විදිහට Software එකේ interface එක design කරගන්න.



ඊළඟට පහල තියෙන විදිහට Properties window එක භාවිත කරලා property හදාගන්න.

Button 1 : Text - Connect Name - btnCon
Button 2 : Text - Disonnect Name - btnDis Enabled - False
Button 3 : Text - Select Color Name - btnColor
Combo Box 1 : Name - cmbPort
Track Bar 1 : Name - tbRed Maximum - 255
Track Bar 2 : Name - tbGreen Maximum - 255
Track Bar 3 : Name - tbBlue Maximum - 255
Panel 1 : Name - pnlColor Background Color : Black

ඊට පස්සේ toolbox එකෙන් SerialPort එක තෝරලා ඒක උඩ double click කරලා form එකට add කරගන්න.



ඊළඟට form එකේ load event එක ඇතුලෙදි පහල තියෙන code එක ලියන්න. form එක උඩ double click කරලා form එකේ load event එකට ඇතුලු වෙන්න පුලුවන්.

මෙතනදී කෙරෙන්නේ Form එක Load වෙනකොටම Combo Box එකට Serial Port name ටික එකතු කරගන්න එක.

For Each i As String In My.Computer.Ports.SerialPortNames
           cmbPort.Items.Add(i)
Next

ඊළඟට connect කියලා add කරගෙන තියෙන button එකේ click ඉවෙන්ට් එකෙදී පහල කෝඩ් එක ලියන්න.

SerialPort1.PortName = cmbPort.Text
SerialPort1.Open()
cmbPort.Enabled = False
btnCon.Enabled = False
btnDis.Enabled = TrueTrue

ඊළඟට disconnect කියලා add කරගෙන තියෙන button එකේ click ඉවෙන්ට් එකෙදී පහල කෝඩ් එක ලියන්න.

SerialPort1.Close()
cmbPort.Enabled = True
btnDis.Enabled = False
btnCon.Enabled = True

ඊළඟට Trackbar වල scroll event ඇතුලෙ පහල තියෙන code එක ලියන්න. Trackbar උඩ double click කරලා scroll event එකට enter වෙන්න පුලුවන්.

pnlColor.BackColor = Color.FromArgb(tbRed.Value, tbGreen.Value, tbBlue.Value)
SerialPort1.Write(tbRed.Value & "," & tbGreen.Value & "," & tbBlue.Value)

පලවෙනි පේලියෙන් කරලා තියෙන්නේ panel එකේ background color එක වෙනස් කරන එක. දෙවෙනි පේලියෙන් කරලා තියෙන්නේ Trackbar value තනි පේලියක් විදිහට හදලා Serial port එකට යවන එකයි. Track bar 3 ටම ලියන්න ඕනේ මේ කෝඩ් එකම තමයි.

ඊට පස්සේ Select Color කියන button එක උඩ double click කරලා button එකේ click event එකේ පහල තියෙන කෝඩ් එක ලියන්න.

Dim colorDialog As New ColorDialog
If colorDialog.ShowDialog = Windows.Forms.DialogResult.OK Then
tbRed.Value = colorDialog.Color.R
tbGreen.Value = colorDialog.Color.G
tbBlue.Value = colorDialog.Color.B
pnlColor.BackColor = Color.FromArgb(tbRed.Value, tbGreen.Value, tbBlue.Value)
SerialPort1.Write(tbRed.Value & "," & tbGreen.Value & "," & tbBlue.Value)
End If

දැන program එක RUN කරන්න.

ක්‍රියාත්මක කිරීම.

මුලින්ම circuit එක හරියට හදලා Arduino  එක PC එකට connect කරන්න. ඊට පස්සේ Program එක run කරලා හරියට COM Port එකතෝරලා Connect Button එක ඔබන්න. ඊට පස්සේ Trackbar වෙනස් කරලා පාට හදන්න පුලුවන්.

Project Files ටික මෙතනින් Download  කරගන්න.

ලිපිය හොදනම්, ගැටලුවක් එහෙම තියෙනවනම්  comment එකක් දාගෙනම යන්න. share කරන්න අමතක කරන්නත් එපා. අපේ Page එකට Like එකකුත් දාන්න හොදේ.

WPF VB.Net පාඩම 11 - User settings save කරමු.

12:45 PM Add Comment

ඕනෑම Computer program එකක භාවිත වෙන දෙයක් තමයි User settings කියන්නේ. ඒ කියන්නේ මොකක්ද කියලා උදාහරණයකින් කිව්වොත් ගොඩක්  Computer program වල settings හදන්න ගියහම තියෙනවා Tik දාන්න, මොනව හරි option එකක් තෝරන්න Theme එකක් තෝරන්න වගේ දේවල්. එක පාරක් මේවා තෝරල Ok කරහම program එක close කරල අයෙත් open කරහම අපි කලින් හදපු settings නැවත ඒ විදිහටම තියෙන්නේ මේ User settings නිසා තමයි.

User interface එක සහ property සැකසීම.

අපි දැන් බලමු කොහොමද මේ User settings භාවිතා කරන්නේ කියලා. ඒකට මුලින්ම අලුත් WPF application එකක් open කරගන්න. ඊලඟට MainWindow එකට Label 3 ක්, Button 3 ක්, Textbox 2 ක් හා Checkbox එකක් එකතු කරගෙන පහල තියෙන විදිහට ඒවයේ property හදාගන්න.

Label 1 -> Content : Name
Label 2 -> Content : Age
Label 3 -> Content : Is Married
Textbox 1 -> Text : හිස්ව තබන්න. Name : txtName
Textbox 2 -> Text : හිස්ව තබන්න. Name : txtAge
Checkbox 1 -> Content : Yes Name : chkYes
Button 1 -> Content : Load Default Name : btnDefault
Button 2 -> Content : Save Name : btnSave
Button 3 -> Content : Load Name : btnLoad



User settings සැකසීම්

මේ සදහා මුලින්ම Solution explorer තුලදී Right click කර ලැබෙන මෙනුව තුලින් Properties හරහා ගොස් Properties ටැබ් එක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ Properties යටතේ තියෙන settings  ටැබ් select කර අපි විසින් save කිරීමට බලාපොරොත්තුවෙන items ගනනට අදාලව හා එහි data type එකට අදාලව settings file එකෙහි element නිර්මාණය කරගත යුතුය.



මෙහි Name යන්න යටතේ Element එකෙහි නමත් Type යටතේ Element එකතුලදී save කිරීමට බලාපොරොත්තුවෙන data එකෙහි data type එකත් Value යටතේ save කරන data එකෙහි default value එකත් යෙදිය යුතුය.

පහත දැක්වෙන්නේ ඒ ආකාරයට සදාගත් element තුනකින් යුතු setting file එකයි.

මෙතනදී මම String element දෙකකුයි, boolean element එකකුයි හදාගෙන තියෙනවා. boolean element එක හදාගෙන තියෙන්නේ Checkbox එකට අදාල value එක save කරන්නයි.

User settings වැඩසටහන සමග සම්බන්ධ කිරීම.

ඒ සදහා මුලින්ම පහත code කොටස Class MainWindow යන්නට පහලින් ලිවිය යුතුය.

Dim Setting As New MySettings

මෙහි setting නම වෙනුවට වෙනත් කැමති නමක් වූවද යෙදිය හැක.

Setting load කිරීම.

ඒ සදහා Load button එකෙහි click event එක තුලදී පහත කෝඩ් කොටස ලිවිය යුතුය.

txtName.Text = Setting.Name
txtAge.Text = Setting.Age
chkYes.IsChecked = Setting.IsMarried

මෙහීදී පිළිවලින් Setting file එක තුල ඇති data textbox  දෙකට හා chekbox එකට යොමු කර ඇත.

Setting save කිරීම.

ඒ සදහා Save button එකෙහි click event එක තුලදී පහත කෝඩ් කොටස ලිවිය යුතුය.
Setting.Name = txtName.Text
Setting.Age = txtAge.Text
Setting.IsMarried = chkYes.IsChecked
Setting.Save()

මෙහීදී පිළිවලින් textbox දෙකේ හා checkbox එකෙහි ඇති data setting file එකෙහි අදාළ element වෙත යොමුකර ඇති අතර 4 පෙලියේ ඇති Setting.Save() මගින් එම data save කර ඇත.

Default Setting load කිරීම.

 යම් වැඩසටහනකදී settings තුල සිදුකල වෙනස් කම් නැවත මුල් තත්වයට ගෙන ඒම සඳහා Default button එකක් භාවිතා කල යුතුය. අනතුරුව  Load Default button එකෙහි click event එක තුලදී පහත කෝඩ් කොටස ලිවිය යුතුය.

Setting.Reset()
txtName.Text = Setting.Name
txtAge.Text = Setting.Age
chkYes.IsChecked = Setting.IsMarried
Setting.Save()

පළමු පේලියෙන් Settings file එක තුලට default value load කරගෙන ඇතිඅතර අනතුරුව
 Setting file එක තුල ඇති data textbox  දෙකට හා chekbox එකට යොමු කර ඇත. අවසාන පේලිය මගින් එම data save කර ඇත.


Settings file කිහිපයක් සමග වැඩ කිරීම.

Project එකක් තුලදී අපට එක settings file එකකට වඩා අවශ්‍ය වන අවස්ථා ඇත. එවිට අමතර Setting file ලබා ගත යුතුය. මෙසේ නව Setting file ලබා ගැනීමට Solution explorer තුලදී Right click කර ලැබෙන මෙනුව තුලින් Add -> New Item හරහා ගොස් New Item window එක ලබාගතයුතුය.

අනතුරුව New Item window එකෙහි වම් පස ඉහල කෙලවරේ ඇති Installed -> Common Items -> General  යටතේ ඇති  Setting File යන්න තෝරා පහලින් ඒ සඳහා නමක් ලබාදී Add යන්න ලබාදිය යුතුය.



 මෙලෙස ලබාගත් Setting file එක Solution explorer තුලදී දැකගත හැකි අතර ඒ මත Double click කිරීමෙන් ඒවෙත පිවිසිය හැකි අතර පෙර සේම element එකතු කරගත හැක.
මලෙස ලබා ගත් නව Setting File එක භාවිතා කිරීම ඉහත පරිදිම වේ.



Dim Setting As New MySettings

නමුත් මෙම පේලියේ ඇති MySettings යන්න වෙනුවට දෙවනුව ලබාගත් Setting File එකෙහි නම භාවිතා කල යුතුය.

දැන project folder එක වෙත ගොස් \bin\Debug වෙත ගොස් program එක Run කර ක්‍රියා කරන ආකාරය බැලිය හැක.

[Project එකට අදාල files තනි zip file එකක් විදිහට මෙතනින් downlaod කරගන්න.]
ලිපිය හොදනම්, ගැටලුවක් එහෙම තියෙනවනම්  comment එකක් දාගෙනම යන්න. share කරන්න අමතක කරන්නත් එපා. අපේ Page එකට Like එකකුත් දාන්න හොදේ.

Arduino පාඩම 8 - Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරමු.

11:26 AM 2 Comments

මම අද පාඩමෙන් කියලා දෙන්නේ Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරන ආකාරයයි. මම මෙතනදී C# හෝ VB.net එක්ක සම්බන්ධ කරන හැටි කියලා දුන්නට Arduino එක ඕනෑම programming language එකකින් ලියපු වැඩසටහනක් සමග සම්බන්ධ කරන්න පුලුවන්. Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරනව කිව්වම ප්‍රධාන කාරණා 2 ක් තියෙනවා, ඒ කියන්නේ Program එකෙන් Arduino එකට data යැවීම හා Arduino එකෙන් Program එකට data යැවීමයි.

Arduino පහුගිය පාඩම් ටික මෙතනින් ගිහින් බලන්න.

VB.Net ගැන දන්නේ නැත්නම් මම VB.Net ගැන ලියන පාඩම් ටික මෙතනින් ගිහින් බලන්න.

Program එකෙන් Arduino එකට data යැවීම

මම මෙතනදී කරන්න යන්නේ C# හෝ VB.net වැඩසටහන මගින් arduino එකට සම්බන්ධ කරන LED එකක එළිය අඩු වැඩි කරන එක. මේ කට අපි මුලින්ම arduino එක පැත්තෙන් කරන්න ඕන වැඩ 2 ක් තියෙනවා. ඒ කියන්නේ circuit එක නිර්මාණය හා  arduino කෝඩ් ලියන එක. අපි මුලින්ම circuit එක නිර්මාණය කරගමු. පහල තියෙන්නේ ඒ circuit එක.


ඊළඟට තියෙන්නේ කෝඩ් ලියන එක. පහල තියෙන කෝඩ් එක ලියලා arduino එකට upload කරන්න.

void setup() {
Serial.begin(9600);
pinMode(9,OUTPUT);
}
void loop() {
  if(Serial.available()>0){
    analogWrite(9,Serial.parseInt());
  }
}

මෙතනදී මම PWM output support කරන pin එකක් වෙන 9 පින් එක යොදගෙන තියෙනවා LED එක control කරන්න. loop එක ඇතුලේදී if condition එක දාලා Serial communication හරහා data ඇවිල්ලද කියල බලනවා data තියෙනවනම් analogWrite function එක භාවිතා කරලා power  එක output කරනවා. Serial.parseInt() කියන කොටසෙන් කියවෙන්නේ Serial communication හරහා එන සංඛ්‍යාත්මක අගය ලබාගන්නවා කියන එක.

ඊළඟට කරන්න තියෙන්නේ program එක හදන එක මේක කරන්න Microsoft Visual Studio කියන වැඩසටහන භාවිතා කරන්න ඕනේ.

පහළ තියෙන්නේ මම ඒ විදිහට හදාගත් program එක. මේක මම C#.net හා VB.net කියන language 2 න්ම කෝඩ් කරලා තියෙනවා. ප්‍රොජෙක්ට් ෆයිල් එක download කරගන්න. ඊට පස්සේ Visual Studio වැඩ සටහටන හරහා project file එක open කරගන්න. Code ටික comment දාලා පැහැදිලි කරලා තියෙනවා.

Program එකෙන් Arduino එකට data යැවීමට අදාල project zip file එක මෙතනින් download කරගන්න. Program එකේ exe ෆයිල් එක >bin > debug > කියන folder එක ඇතුලේ තියෙනවා.

දැන් Program එක Run කරලා COM port එක තෝරලා ඒකෙ තියෙන Slider එක වෙනස් කරල බල්න්න. LED එකේ එළිය අඩු වැඩි වෙනවා.


Arduino එකෙන් Program එකට data යැවීම.

මම මෙතනදී කරන්න යන්නේ Arduino එකට Variable resistor එකක් හයි කරලා resistor එකේ value එක Vb.Net වලින් ලියපු program එකකට යවලා program එකෙන් resistor එකේ value එක dispaly කරන එක. මේකට මුලින්ම පහලින් තියෙන විදිහට circuit එක හදාගන්න.

ඊට පස්සේ පහලින් තියෙන කෝඩ් එක Arduino එකට upload කරන්න.

void setup() {
Serial.begin(9600);
}
void loop() {
Serial.println(analogRead(A0));
}

2 වෙනි පේලියෙන් මම 9600 baudrate සහිතව Serial communication එක start කරලා තියෙනවා. 5 වෙනි පේලියේ Serial.println(analogRead(A0)); කොටසෙන් කරන්නේ A0 කියන analog pin එකට හයි කරලා තියෙන Variable resistor එකේ value එක read කරලා ඒ අගය පේලියක් විදිහට print කරන එකයි.

දැන් අපි ඊළඟට කරන්න ඕනේ program එක හදාගන්න එක. පහළ තියෙන්නේ මම ඒ විදිහට හදාගත්

program එක. මේක මම VB.net වලින් කෝඩ් කරලා තියෙනවා.ප්‍රොජෙක්ට් ෆයිල් එක download කරගන්න. ඊට පස්සේ Visual Studio වැඩ සටහටන හරහා project file එක open කරගන්න. Code ටික comment දාලා පැහැදිලි කරලා තියෙනවා.

Program එකෙන් Arduino එකට data යැවීමට අදාල project zip file එක මෙතනින් download කරගන්න. Program එකේ exe ෆයිල් එක >bin > debug > කියන folder එක ඇතුලේ තියෙනවා.

දැන් Program එක Run කරලා COM port එක තෝරලා resistor එකේ value වෙනස් කරලා බලන්න. වෙනස් වන value එක Serial monitor එකේ වගේ පෙන්නනවා.

[Project 2 ටම අදාල files තනි file එකක් විදිහට මෙතනින් downlaod කරගන්න.]
ලිපිය හොදනම්, ගැටලුවක් එහෙම තියෙනවනම්  comment එකක් දාගෙනම යන්න. share කරන්න අමතක කරන්නත් එපා. අපේ Page එකට Like එකකුත් දාන්න හොදේ.

Arduino පාඩම 7 - For Loop එක භාවිතා කරන හැටි + 20 LED Knight rider pattern

7:19 PM 14 Comments

මේ පාර පාඩමෙන් කියලා දෙන්නේ For Loop එක භාවිතා කරන හැටි හා For Loop එක පාවිච්චි කරලා 20 LED Knight rider pattern එකක් ලේසියෙන්ම හදාගන්න හැටි.

For Loop කියන්නෙ මොකක්ද ?

For Loop එකෙන් කෙරෙන්නේ අපි මොකක් හරි අගයක් දුන්නහම ඒ දුන්න අගයේ ඉදලා ඉස්සරහට හරි ආපස්සට හරි ඉබේම count කරන්න යොදාගන්න පුළුවන් control එකකට, මේ වගේ ක්‍රියාවලියක් සාමාන්‍යයෙන් iteration හෙවත් පුනර්කරනය කියලා කියනවා.

For Loop භාවිතය

For Loop එකත් If/Case වලට වගේම පොදු ආකෘතියක් තියෙනවා පහලින් තියෙන්නේ  For Loop එකේ පාවිච්චි කරන පොදු ආකෘතිය.

For(Data Type එකක් Variable_name = ආරම්භක අගයක්; ක්‍රියාත්මක විය යුතු පරාසය;  පියවර ){
//Your code here
}

For Loop එක ඇතුලෙ තියෙන Data Type එක විදිහට int, double, long වගේ ගණිතමය වැඩ කරන්න පුළුවන් Data Type එකක් පාවිච්චි කරන්න ඕනෙ.

Data Type එක වැඩ කරන හැටි ගැන තේරුම් ගන්න අපි පොඩි  program එකක් ලියමු. මම මෙතන්දී කරන්න හදන්නේ 1 ඉදලා 100 ට වෙනකන් තියෙන අගයන් Serial monitor එකේ පෙන්නන එක.

void setup() {
  Serial.begin(9600);
  for (int i = 0; i <= 100; i ++) {
    delay(50);
    Serial.println(i);
  }
}

මෙතනදී මම loop කොටස ඇතුලෙ මුකුත් ලියලා නෑ. මෙතනදී මම මුලින්ම Serial.begin(9600);
කියන කොටසෙන් serial communication එක start කරලා තියෙනවා. ඊළඟට For Loop එක ඇතුලේ i කියන නමින් int වර්ගයේ variable එකක් හදලා ඒ එකේ ආරම්භක අගය විදිහට 0 ඇතුලත් කරලා තියෙනවා. ඊටපස්සේ i වල අගය 100 ට අඩු හරි  සමාන හරි ද කියලා චෙක් කරනාවා ඒ එහෙමනම් i ++ එකෙන් කරන්නේ i වල තියෙන අගයට එකක් එකතු කරනවා. ඊටපස්සේ පොඩි delay එකක් තියලා i වල අගය Serial monitor එකේ print කරනවා. දැන් code එක upload කරලා Serial monitor එක open කරලා බලන්න.

1 ඉදලා 100 ට එකින් එක වෙනුවට 2න් 2 හරි 3න් 3 වගේ හරි count කරන්න ඕනෙනම්  i++ වෙනුවට i=i+2 හරි  i=i+3 හරි ලියන්න ඕනේ, ඒ වගේම එකින් එක අඩු කරන්න ඕනෙනම් i-- කියලා ලියන්න ඕනේ, දෙකෙන් දෙක අඩු කරන්න ඕනෙ නම් i=i-2 කියලා ලියන්න ඕනේ 

20 LED Knight rider pattern


LED 20 ක් අරගෙන් ඒවයේ -අග්‍රය Arduino එකේ GND pin එකට හයි කරන්න. පලවෙනි LED 14 +අග්‍ර  0-13 වෙනකන් තියෙන digital pin වලට හයි කරන්න. ඉතුරු LED 6 +අග්‍ර A0-A5 වෙනකන් තියෙන analog pin වලට හයි කරන්න. මේ Knight rider pattern එකේ මුලින්ම on වෙන්නේ 0 digital pin එකට සම්බන්ධ LED එක අන්තිමට on වෙන්නේ A5  analog pin එකට සම්බන්ධ LED එක.

මෙතනින් Arduino code file එක dowload කරලා Upload කරන්න. code එක upload කරන වෙලාවෙදී මතක ඇතුව digital pin 0 ටයි, digital pin 1 ටයි සම්බන්ධ LED 2 ක ගලවන්න.

නැවතත් මෙවැනිම ලිපියකින් මුනගැහෙමු.