WPF VB.Net පාඩම 11 - User settings save කරමු.

12:45 PM

ඕනෑම Computer program එකක භාවිත වෙන දෙයක් තමයි User settings කියන්නේ. ඒ කියන්නේ මොකක්ද කියලා උදාහරණයකින් කිව්වොත් ගොඩක්  Computer program වල settings හදන්න ගියහම තියෙනවා Tik දාන්න, මොනව හරි option එකක් තෝරන්න Theme එකක් තෝරන්න වගේ දේවල්. එක පාරක් මේවා තෝරල Ok කරහම program එක close කරල අයෙත් open කරහම අපි කලින් හදපු settings නැවත ඒ විදිහටම තියෙන්නේ මේ User settings නිසා තමයි.

User interface එක සහ property සැකසීම.

අපි දැන් බලමු කොහොමද මේ User settings භාවිතා කරන්නේ කියලා. ඒකට මුලින්ම අලුත් WPF application එකක් open කරගන්න. ඊලඟට MainWindow එකට Label 3 ක්, Button 3 ක්, Textbox 2 ක් හා Checkbox එකක් එකතු කරගෙන පහල තියෙන විදිහට ඒවයේ property හදාගන්න.

Label 1 -> Content : Name
Label 2 -> Content : Age
Label 3 -> Content : Is Married
Textbox 1 -> Text : හිස්ව තබන්න. Name : txtName
Textbox 2 -> Text : හිස්ව තබන්න. Name : txtAge
Checkbox 1 -> Content : Yes Name : chkYes
Button 1 -> Content : Load Default Name : btnDefault
Button 2 -> Content : Save Name : btnSave
Button 3 -> Content : Load Name : btnLoad



User settings සැකසීම්

මේ සදහා මුලින්ම Solution explorer තුලදී Right click කර ලැබෙන මෙනුව තුලින් Properties හරහා ගොස් Properties ටැබ් එක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ Properties යටතේ තියෙන settings  ටැබ් select කර අපි විසින් save කිරීමට බලාපොරොත්තුවෙන items ගනනට අදාලව හා එහි data type එකට අදාලව settings file එකෙහි element නිර්මාණය කරගත යුතුය.



මෙහි Name යන්න යටතේ Element එකෙහි නමත් Type යටතේ Element එකතුලදී save කිරීමට බලාපොරොත්තුවෙන data එකෙහි data type එකත් Value යටතේ save කරන data එකෙහි default value එකත් යෙදිය යුතුය.

පහත දැක්වෙන්නේ ඒ ආකාරයට සදාගත් element තුනකින් යුතු setting file එකයි.

මෙතනදී මම String element දෙකකුයි, boolean element එකකුයි හදාගෙන තියෙනවා. boolean element එක හදාගෙන තියෙන්නේ Checkbox එකට අදාල value එක save කරන්නයි.

User settings වැඩසටහන සමග සම්බන්ධ කිරීම.

ඒ සදහා මුලින්ම පහත code කොටස Class MainWindow යන්නට පහලින් ලිවිය යුතුය.

Dim Setting As New MySettings

මෙහි setting නම වෙනුවට වෙනත් කැමති නමක් වූවද යෙදිය හැක.

Setting load කිරීම.

ඒ සදහා Load button එකෙහි click event එක තුලදී පහත කෝඩ් කොටස ලිවිය යුතුය.

txtName.Text = Setting.Name
txtAge.Text = Setting.Age
chkYes.IsChecked = Setting.IsMarried

මෙහීදී පිළිවලින් Setting file එක තුල ඇති data textbox  දෙකට හා chekbox එකට යොමු කර ඇත.

Setting save කිරීම.

ඒ සදහා Save button එකෙහි click event එක තුලදී පහත කෝඩ් කොටස ලිවිය යුතුය.
Setting.Name = txtName.Text
Setting.Age = txtAge.Text
Setting.IsMarried = chkYes.IsChecked
Setting.Save()

මෙහීදී පිළිවලින් textbox දෙකේ හා checkbox එකෙහි ඇති data setting file එකෙහි අදාළ element වෙත යොමුකර ඇති අතර 4 පෙලියේ ඇති Setting.Save() මගින් එම data save කර ඇත.

Default Setting load කිරීම.

 යම් වැඩසටහනකදී settings තුල සිදුකල වෙනස් කම් නැවත මුල් තත්වයට ගෙන ඒම සඳහා Default button එකක් භාවිතා කල යුතුය. අනතුරුව  Load Default button එකෙහි click event එක තුලදී පහත කෝඩ් කොටස ලිවිය යුතුය.

Setting.Reset()
txtName.Text = Setting.Name
txtAge.Text = Setting.Age
chkYes.IsChecked = Setting.IsMarried
Setting.Save()

පළමු පේලියෙන් Settings file එක තුලට default value load කරගෙන ඇතිඅතර අනතුරුව
 Setting file එක තුල ඇති data textbox  දෙකට හා chekbox එකට යොමු කර ඇත. අවසාන පේලිය මගින් එම data save කර ඇත.


Settings file කිහිපයක් සමග වැඩ කිරීම.

Project එකක් තුලදී අපට එක settings file එකකට වඩා අවශ්‍ය වන අවස්ථා ඇත. එවිට අමතර Setting file ලබා ගත යුතුය. මෙසේ නව Setting file ලබා ගැනීමට Solution explorer තුලදී Right click කර ලැබෙන මෙනුව තුලින් Add -> New Item හරහා ගොස් New Item window එක ලබාගතයුතුය.

අනතුරුව New Item window එකෙහි වම් පස ඉහල කෙලවරේ ඇති Installed -> Common Items -> General  යටතේ ඇති  Setting File යන්න තෝරා පහලින් ඒ සඳහා නමක් ලබාදී Add යන්න ලබාදිය යුතුය.



 මෙලෙස ලබාගත් Setting file එක Solution explorer තුලදී දැකගත හැකි අතර ඒ මත Double click කිරීමෙන් ඒවෙත පිවිසිය හැකි අතර පෙර සේම element එකතු කරගත හැක.
මලෙස ලබා ගත් නව Setting File එක භාවිතා කිරීම ඉහත පරිදිම වේ.



Dim Setting As New MySettings

නමුත් මෙම පේලියේ ඇති MySettings යන්න වෙනුවට දෙවනුව ලබාගත් Setting File එකෙහි නම භාවිතා කල යුතුය.

දැන project folder එක වෙත ගොස් \bin\Debug වෙත ගොස් program එක Run කර ක්‍රියා කරන ආකාරය බැලිය හැක.

[Project එකට අදාල files තනි zip file එකක් විදිහට මෙතනින් downlaod කරගන්න.]
ලිපිය හොදනම්, ගැටලුවක් එහෙම තියෙනවනම්  comment එකක් දාගෙනම යන්න. share කරන්න අමතක කරන්නත් එපා. අපේ Page එකට Like එකකුත් දාන්න හොදේ.

Share this

Related Posts

Previous
Next Post »

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon