Arduino පාඩම 8 - Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරමු.

11:26 AM

මම අද පාඩමෙන් කියලා දෙන්නේ Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරන ආකාරයයි. මම මෙතනදී C# හෝ VB.net එක්ක සම්බන්ධ කරන හැටි කියලා දුන්නට Arduino එක ඕනෑම programming language එකකින් ලියපු වැඩසටහනක් සමග සම්බන්ධ කරන්න පුලුවන්. Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරනව කිව්වම ප්‍රධාන කාරණා 2 ක් තියෙනවා, ඒ කියන්නේ Program එකෙන් Arduino එකට data යැවීම හා Arduino එකෙන් Program එකට data යැවීමයි.

Arduino පහුගිය පාඩම් ටික මෙතනින් ගිහින් බලන්න.

VB.Net ගැන දන්නේ නැත්නම් මම VB.Net ගැන ලියන පාඩම් ටික මෙතනින් ගිහින් බලන්න.

Program එකෙන් Arduino එකට data යැවීම

මම මෙතනදී කරන්න යන්නේ C# හෝ VB.net වැඩසටහන මගින් arduino එකට සම්බන්ධ කරන LED එකක එළිය අඩු වැඩි කරන එක. මේ කට අපි මුලින්ම arduino එක පැත්තෙන් කරන්න ඕන වැඩ 2 ක් තියෙනවා. ඒ කියන්නේ circuit එක නිර්මාණය හා  arduino කෝඩ් ලියන එක. අපි මුලින්ම circuit එක නිර්මාණය කරගමු. පහල තියෙන්නේ ඒ circuit එක.


ඊළඟට තියෙන්නේ කෝඩ් ලියන එක. පහල තියෙන කෝඩ් එක ලියලා arduino එකට upload කරන්න.

void setup() {
Serial.begin(9600);
pinMode(9,OUTPUT);
}
void loop() {
  if(Serial.available()>0){
    analogWrite(9,Serial.parseInt());
  }
}

මෙතනදී මම PWM output support කරන pin එකක් වෙන 9 පින් එක යොදගෙන තියෙනවා LED එක control කරන්න. loop එක ඇතුලේදී if condition එක දාලා Serial communication හරහා data ඇවිල්ලද කියල බලනවා data තියෙනවනම් analogWrite function එක භාවිතා කරලා power  එක output කරනවා. Serial.parseInt() කියන කොටසෙන් කියවෙන්නේ Serial communication හරහා එන සංඛ්‍යාත්මක අගය ලබාගන්නවා කියන එක.

ඊළඟට කරන්න තියෙන්නේ program එක හදන එක මේක කරන්න Microsoft Visual Studio කියන වැඩසටහන භාවිතා කරන්න ඕනේ.

පහළ තියෙන්නේ මම ඒ විදිහට හදාගත් program එක. මේක මම C#.net හා VB.net කියන language 2 න්ම කෝඩ් කරලා තියෙනවා. ප්‍රොජෙක්ට් ෆයිල් එක download කරගන්න. ඊට පස්සේ Visual Studio වැඩ සටහටන හරහා project file එක open කරගන්න. Code ටික comment දාලා පැහැදිලි කරලා තියෙනවා.

Program එකෙන් Arduino එකට data යැවීමට අදාල project zip file එක මෙතනින් download කරගන්න. Program එකේ exe ෆයිල් එක >bin > debug > කියන folder එක ඇතුලේ තියෙනවා.

දැන් Program එක Run කරලා COM port එක තෝරලා ඒකෙ තියෙන Slider එක වෙනස් කරල බල්න්න. LED එකේ එළිය අඩු වැඩි වෙනවා.


Arduino එකෙන් Program එකට data යැවීම.

මම මෙතනදී කරන්න යන්නේ Arduino එකට Variable resistor එකක් හයි කරලා resistor එකේ value එක Vb.Net වලින් ලියපු program එකකට යවලා program එකෙන් resistor එකේ value එක dispaly කරන එක. මේකට මුලින්ම පහලින් තියෙන විදිහට circuit එක හදාගන්න.

ඊට පස්සේ පහලින් තියෙන කෝඩ් එක Arduino එකට upload කරන්න.

void setup() {
Serial.begin(9600);
}
void loop() {
Serial.println(analogRead(A0));
}

2 වෙනි පේලියෙන් මම 9600 baudrate සහිතව Serial communication එක start කරලා තියෙනවා. 5 වෙනි පේලියේ Serial.println(analogRead(A0)); කොටසෙන් කරන්නේ A0 කියන analog pin එකට හයි කරලා තියෙන Variable resistor එකේ value එක read කරලා ඒ අගය පේලියක් විදිහට print කරන එකයි.

දැන් අපි ඊළඟට කරන්න ඕනේ program එක හදාගන්න එක. පහළ තියෙන්නේ මම ඒ විදිහට හදාගත්

program එක. මේක මම VB.net වලින් කෝඩ් කරලා තියෙනවා.ප්‍රොජෙක්ට් ෆයිල් එක download කරගන්න. ඊට පස්සේ Visual Studio වැඩ සටහටන හරහා project file එක open කරගන්න. Code ටික comment දාලා පැහැදිලි කරලා තියෙනවා.

Program එකෙන් Arduino එකට data යැවීමට අදාල project zip file එක මෙතනින් download කරගන්න. Program එකේ exe ෆයිල් එක >bin > debug > කියන folder එක ඇතුලේ තියෙනවා.

දැන් Program එක Run කරලා COM port එක තෝරලා resistor එකේ value වෙනස් කරලා බලන්න. වෙනස් වන value එක Serial monitor එකේ වගේ පෙන්නනවා.

[Project 2 ටම අදාල files තනි file එකක් විදිහට මෙතනින් downlaod කරගන්න.]
ලිපිය හොදනම්, ගැටලුවක් එහෙම තියෙනවනම්  comment එකක් දාගෙනම යන්න. share කරන්න අමතක කරන්නත් එපා. අපේ Page එකට Like එකකුත් දාන්න හොදේ.

Share this

Related Posts

Previous
Next Post »

2 comments

Write comments
August 28, 2018 at 2:39 PM delete

Clear explanation and valuable post. Keep it up

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon