පරිගණක පිලිබඳව ඔබ නොදත් කරුණු!

පරිගණක පිලිබඳව ඔබ නොදත් කරුණු!

6:55 PM 4 Comments

  1. සාමාන්‍යයෙන් සෑම මසකටම පරිගණක වයිරස 6000ක් පමණ අලුතින් නිකුත් වේ.
  2. Doug Engelbart විසින් පලමු පරිගණක මවුසය නිපදවූ අතර එය දැවයෙන් සාදා තිබුනි.
  3. Farooq Alvi සහෝදරයන් විසින් 1986 දී පලමු පරිගණක වයිරසය නිපදවූ අතර එය boot sector වර්ගයේ වයිරසයක් විය.ඔවුන්ගේ සමීක්ශණයක් සඳහා ඔවුන් එය නිපදවා ඇත.
  4. සාමන්‍ය මිනිසෙක් මිනිත්තුවකට ඇසිපිය 20ක් හෙලයි,නමුත් පරිගණකය භාවිතා කරන්නෙක් මිනිත්තුවකට 7 වතාවක් පමණක් ඇසිපිය හෙලයි!
  5. යතුරු පුවරුවේ එක පේලියක අකුරු පමණක් යොදා ගනිමින් සෑදිය හැකි දිගම වචනය TYPEWRITER වේ.
  6. පරිශීලකයන් ප්‍රමාණය මිලියන 50ක් දක්වා ගොඩ නගා ගැනීමට රේඩියෝවට අවුරුදු 38ක් ගතවූ අතර රූපවාහිනියට අවුරුදු 13ක් ගතවුනි,නමුත් අන්තර්ජාලයට ගතවුනේ අවුරුදු 4ක් පමණි.
  7. පළමුවෙන්ම ලියාපදිංචි කල ඩොමේන් නාමය Symbolics.com වේ.
  8. සාමාන්‍යයක් ලෙස ගත්විට යතුරුලියන්නෙකුගේ ඇගිලි දිනකට හැතැහ්ම 12.6ක් පමණ ගමන් කරයි!
  9. ලෝකයේ පළවෙනි පරිගණකය ලෙස හැදින්වෙන Z1 නම පරිගණකය Konrad Zuse විසින් 1936 දී නිපදවූ අතර ඔහු 1939 දී ඔහු Z2 ලෙස හඳුන්වන පළමු සම්පූර්ණ  ඉලෙක්ට්‍රොනික්-යාන්ත්‍රික පරිගණකය නිපද්වූවේය.
  10. ඩොමේන් නාම මිලියනයකටත් වඩා එක් මසකට ලියාපදිංචි වේ.
  11. ලෝකප්‍රකට මයික්‍රොසොෆ්ට් නිර්මාතෲ Bill Gates ගේ නිවස නිර්මාණය කර ඇත්තෙ macintosh පරිගණකයක් ආධාරයෙනි!
  12. ලෝකප්‍රසිද්ධ Hewlett Packard නොහොත් HP සමාගම ආරම්භ කර ඇත්තේ 1939 දී Palo Alto හි ගරාජයකය.
  13. eBay වෙබ් අඩවියෙහි තත්පරයකට $680 ක පමණ භාණ්ඩ විකිනීම සිදු වේ.
  14. ඔබේ ජංගම දුරකතනයෙහි ඇති පරිගණකය මිනිසුන් දෙදෙනෙකු හඳට ගෙන ගිය Apollo 11 යානයේ තිබූ පරිගණකයට වඩා බලවත්ය.
නැවතත් මෙවැනිම ලිපියකින් හමුවෙමු! සුභ දවසක්෴
Windows පරිගණකයක admin account එකට පාස්වර්ඩ් නොමැතිව ලොග් වෙන හැටි!

Windows පරිගණකයක admin account එකට පාස්වර්ඩ් නොමැතිව ලොග් වෙන හැටි!

6:54 PM 23 Comments
මෙහිදී ඔබේ පරිගණකයට සිදුවනා හානි පිලිබඳව කිසිඳු වගකීමක් අප දරන්නේ නැත.මෙය හුදෙක් අධ්‍යාපනික ප්‍රයෝජනය සඳහා පමණි.
(මෙහි දැක්වෙන රූප අපැහැදිලි නම් එම රූප මත එබීමෙන් ඒවා විශාල කර බැලිය හැකිය)

පළමුවෙන්ම ඔබේ පරිගණකය ක්‍රියාත්මක කරන්න එවිට පහත පරිදි boot screen වෙත පැමිණි විට පරිගණකය එකවරම ක්‍රියාවිරහිත කරන්න.(power බොත්තම දිගටම ඔබාගෙන සිටි විට පරිගණකය ක්‍රියාවිරහිත වේ.මෙසේ සිදු කිරීමෙන් ඔබේ පරිගණකයට කිසිඳූ හානියක් සිදුනොවේ.)



ඉන්පසුව නැවත පරිගණකය ක්‍රියාත්මක කරන්න.එවිට පහත පරිදි මෙනූවක් ඔබට දැකගත හැකි වනු ඇත.


එම මෙනූවේ ඇති "Launch Startup Repair" යන්න තෝරා enterබොත්තම ඔබන්න.
එවිට Startup Repair  ක්‍රියාත්මක වේ.මද වේලාවක් ගිය පසු පහත රූපයේ දැක්වෙන ආකාරයට වින්ඩෝවක් ඔබට ලැබේවි.එහි cancel බොත්තම ඔබන්න. 


cancel බොත්තම එබූ පසු පහත පරිදි වින්ඩෝවක් දිස්වේවි.එහි Show problem details ඔබා පහලට යන්න.ඉන්පසුව එහි  x:\widows\system32\en-us\erofflps.txt යන ලින්කුව මත කලික් කරන්න.




එවිට පැමිණෙන notepad එකෙහි   File/Open යන්න.ඉන්පසුව local disk (:c) වෙත යන්න.(සාමාන්‍යයෙන් ඔබේ මෙහෙයුම් පද්ධතියට අදාල file පවතින්නේ c partition එක තුලය)
ඉන්පසුව එහි ඇති widows ෆෝල්ඩරයට යන්න.ඉන්පසුව  windows folder එක තුල ඇති system 32 ලෙස නම් කර ඇති ෆෝල්ඩරය තුලට යන්න.

system 32 ෆෝල්ඩරයට ඇතුලු වූ පසු පහලින් ඇති "Files of type" සඳහා All files යන්න ලබා දෙන්න.
ඉන්පසු sethc යනුවෙන් ඇති ෆයිල් එක සොයාගන්න.ඉන්පසුව එය  sethc 1 ලෙස rename කරන්න.



එසේ කිරීමෙන් පසුව system 32 ෆෝල්ඩරය තුලම ඇති cmd යන ෆයිල් එක සොයාගන්න.සොයාගත් පසු එය copy කර එම ෆෝල්ඩරයටම paste කරන්න.
එසේ paste කරගත් file එක  "cmd-Copy" ලෙස දිස් වේ.එය නැවත sethc ලෙස නම් කරන්න.





දැන් ඔබේ පරිගණකය restart කරන්න.restart කිරීමෙන් පසුව නැවත login screen එකට පැමිණි විට shift key එක පස් වරක් ඔබන්න එවිට පහත පරිදි command prompt එක විවෘත වේ.



එහි net localgroup Administrators ලෙස type  කර enter ඔබන්න.මෙහිදී ඔබට ඔබේ පරිගණකයේ admin accounts දිස් වේ.
ඉන්පසුව command prompt එකෙහි net user <ACCOUNT NAME HERE> * ලෙස ටයිප් කොට enter ඔබන්න .මෙහි  <ACCOUNT NAME HERE> යන්න වෙනුවට ඉහතදී දිස් වූ admin accounts අතරින් ඔබට ලොග් වීමට අවශ්‍ය account එකෙහි නම දෙන්න.

උදා:- මට ලොග් වීමට අවශ්‍ය account එකෙහි නම nipuna නම් මෙය net user nipuna * ලෙස විය යුතුය.

එසේ කිරීමෙන් අනතුරුව පහත දක්වා ඇති ලෙස නව මුරපදයක් ^password) ඇතුලු කිරීමට පැමිණේ.ඒ සඳහා ඔබට කැමති මුරපදයක් එක් කොට enter ඔබන්න.ඉන් පසුව නැවතත් එම මුරපදයම යොදා enter ඔබන්න.


සුභ පැතුම්! දැන් ඔබට ඉහත ඔබ ඇතුලු කල මුරපදය යොදා ඔබේ පරිගණකයට ඇතුලු විය හැකියි!

මෙම ක්‍රමයෙන් 100% නිවැරදිව ඔබේ මුරපදය වෙනස් කල හැකිය.windows 07 වලදී අත්හදා බලා තිබේ.

මෙච්චර හොඳ ලිපියක් ගෙනල්ලත් Comments නොදා යන්න එපා ;) 

දැන් ඔබට පාසල් පෙල පොත් සියල්ල pdf ලෙස download කරගන්න පුලුවන්.

6:48 PM 31 Comments

2015 වර්ෂයේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා වන විෂය නිර්දේශය වෙනස් වීමත් සමගම පෙළ පොත් සියාලමත් වෙනස් වුණා.ඒත් තවම ඒ පෙළ පොත් සියල්ලම සෑම පාසලකටම ලැබිලා නැහැ.නමුත් දැන් අපිට ඒ පෙළ පොත් සියල්ලම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ pdf වශයෙන් ඉතා පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වාම පෙළ පොත් මෙහි අඩංගු වෙනවා.



අනාගත නිවාස ආරක්ෂාවේ අධි-තාක්ෂණය.

10:47 AM Add Comment


නිවෙසක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු අතරින් 20%ක් වැදගත්කමක් නිවසෙහි ආරක්ෂාවට හිමි වන බව සමීක්ෂණවලින් පෙන්වා දී තිබේ. වර්තමානයේ නිවෙස්හි ආරක්ෂාව,තාක්ෂණීක දියුණුව හේතුවෙන් අන් කවරදාකටත් වඩා පහසුවී තිබේ.  මෙම ගෘහස්ථ තාක්ෂණයේ තවදුරටත් සිදුවන වර්ධනය හේතුවෙන් නුදුරු අනාගතයේදි අපට
Hyper-Secure connected smart homeසංකල්පයට පවා ලඟාවිය හැක. පහත සඳහන් වන්නේ අනාගතයේ අපට දක්නට ලැබෙන එවන් තාක්ෂණික වෙනස්කම් කිහිපයකි,


Door Fingerprint Reader 
මෙහිදී දොරෙහි හෝ ගේට්ටුවෙහි අගුලට ඇඟිලි සලකුණු සංවේදකයක් සවිකෙරේ. එමගින් දොරගුල කරකවන්නාගේ ඇඟිලි සලකුණු සටහන් කර ගැනෙන අතර එය ගබඩා කර ඇති අවසරලත් පුද්ගලයන්ගේ දත්ත සමඟ සසඳා බලා අනන්‍යතාව තහවුරු කර ගැනේ. එසේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකිවිට එසේ ඇතුලුවන්නාගේ ඡායාරූපයක් සමඟ දැනුම්දීමක් නිවෙස් හිමියාගේ ජංගම දුරකථනයට මෙන්ම ආරක්ෂක නිළධාරීන් වෙතද ලැබෙනු ඇත.


Cross-Checking Facial Recognition
වඩාත් පහසුවෙන් නිවෙසට ඇතුලුවන්නන් හඳුනාගත හැකි තාක්ෂණයකි. දොරෙහි සවිකර ඇති facial recognition උපකරණයක් ආධාරයෙන් ඇතුලුවන්නාගේ දත්ත ඔබගේ සමාජ-ජාලා වෙබ් අඩවි හරහා සම්බන්ධ කල හැක. එයට අමතරව අදාල පණිවුඩ පොලිසිය වෙත යොමුකිරීමේ හැකියාව හේතුවෙන් යම්කිසි අපරාධයකදී ක්ෂණිකව ක්‍රියාකල හැක.


Full Smart-Home
නිවසෙහි සියලු සේවාවන් ස්මාර්ට් ජංගම දුරකථනයක් හා සම්බන්ධ කරනු ලබන මෙම තාක්ෂණය Universal remote සංකල්පය හා සමාන වේ. ආලෝක සහ විද්‍යුත් උපාංග හා සම්බන්ධ චලන සංවේදක වල ක්‍රියාකාරීත්වය වහා ඔබගේ දුරකථනයට දැනුම්දෙනු ලැබේ. තවද ආරක්ෂක පද්ධතිය තම ජංගම දුරකථනය හා සම්බන්ධව ඇති හෙයින් අනවසර ඇතුලුවීමකදී ඇතුලුවන්නාගේ ඡායාරූපයක් දුරකථනයට ලබා ගැනීමේ හැකියාවද පවති.


Cyber-Security is Improved

තාක්ෂණය අප ජීවිතයේ සෑම පැත්තක්ම ආක්‍රමණය කරමින් පවති, විශේෂයෙන් ගෘහස්ත තාක්ෂණය. අනෙක් පසින් මේ හා සම්බන්ධ ප්‍රධාන තර්ජනයක්ද වේ. එනම් අපරාධකරුවන්ද මෙම තාක්ෂණය තම අපරාධ සඳහා යොදා ගැනීමට ඇති හැකියාවයි. මේ හේතුවෙන් කිසියම් තර්ජනයක් කල්තියා හඳුනාගැනීමේ හැකියාවෙන් යුක්තව මුළුමනින්ම අපාරගම්‍ය Cyber-Security පද්ධතියක් තිබීම ඉතා වැදගත් වේ. මීට එක් විකල්පයක් වශයෙන් automatic IP back තාක්ෂණය හරහා අපරාධකරුවාට නොදැනී පොලීසිය වෙත සංඥාවක් යොමුකල හැක.
ලිපිය ලිව්වේ
ගයාන් දිසානායක
www.lamudi.com

3G සහ 4G නිසා ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන පිරිස ඉහල යයි.

10:35 AM Add Comment

මිලියන 20.4 කට වැඩි ජනගහනයක් සිටින ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන මිලියන 20ක ට වඩා ඇති අතර  3G හා 4G භාවිතා කරන්නන්ගේ ප්‍රමාණයද නිරන්තරයෙන් ඉහල යමින් පවතී. 3G හා 4G අන්තර්ජාල භාවිතය නිසා අන්තර්ජාලය භාවිතා කරන අයට වාසි විශාල ප්‍රමාණයක් ලැබේ. අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් ඔහුන්ට එමගින් ලැබෙන අතර එමගින් ඕනෑම දෙයක් ඉතාමත් ඉක්මනට භාගත කර ගැනීමට හැකි වේ. 3G බොහෝ වේගවත් වන අතර එමගින් උසස් තත්ත්වයේ හඬ සහ වීඩියෝ ඇමතුම්, වේගවත් සම්බන්ධතා, බැංකු හා අන්තර්ජාලය ව්‍යාපාර  වැනි දේවල් තුලින් පාරිභෝගිකයන් හට ගුණාත්මක සේවා සපයයි.

ශ්‍රී ලංකාවේ පුද්ගලික ජංගම දුරකථන සේවා සැපයුම්කරුවන් වන  මොබිටෙල්, එටිසලාට්, එයාර්ටෙල් සහ ඩයලොග් දැනටමත් වෙළෙඳපොළ තුල වේගයෙන් ඔහුන්ගේ ගමන  ආරම්භ කර ඇත. හඬ සේවා සදහා ඔහුන් මුලිකත්වයක් දිය යුතු නමුත් දත්ත හා සම්බන්ධ සේවා වර්ධනයද ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව ඉහළ දත්ත භාවිතා කරන්නන්(අන්තර්ජාල භාවිතය) ලෙස හැදින්විය හැකි අතර එය වේගයෙන් වර්ධනය වෙමින් පවතී. මිලියන 20කට වඩා ජංගම දුරකථන ශ්‍රී ලංකාවේ භාවිතා වන බැවින් 4G පාරිභෝගික පදනමත් ඉතාමත් වේගෙන් ඉහල ය හැකි බවට දැනටමත් සංඥා ලබා දී ඇත.


ජංගම VAS වෙළඳපොළ ද 3G සේවා සමග ඉතා වේගයෙන් දියුණු වන්නේ mobile TV, ගීත භාගත කිරීම්, games භාගත කිරීම්, utility services, M-commerce වැනි  දේවල් නිසාය. ශ්‍රී ලංකාවේ තරුණයන් හට 3G භාවිතය හරහා ඵලදායී තොරතුරු සඳහා අන්තර්ජාල ගවේෂණය කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. ඔහුන්ට Kaymu, wow, takas වගේ සමාගම් වලින් අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා ලබා ගැනීමටත් පුළුවන්.අන්තර්ජාලය භාවිතා කරන අයගෙන්  90% ක් පමණ ජංගම දුරකතන හරහාද අන්තර්ජාල පහසුකම් ලබා ගන්නවා. 2015 වසරේදී 3G සහ 4G භාවිත කරන පිරිසද 20% කින් පමණ වැඩි වීමක් බලාපොරුත්තු වෙන්න පුළුවන්.
මේ වනවිට ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන්නන් තම ජංගම දුරකථන මගින් ආරක්ෂිත ආකාරයට  බැංකු කාර්යයන් ද සිදු කරන අතර ඒ සඳහා වේගවත් අන්තර්ජාල සම්බන්ධතා අවශ්‍ය වන අතර  මිලියන 7 ක් පමණ වන ජංගම බැංකු පරිශීලකයන් ඇත. සමාජජාල වෙබ් අඩවි භාවිතය ඉහල යාමටද ජංගම දුරකථන බෙහවින් ඉවහල් වී ඇත. Facebook අඩවියේ සිටින ශ්‍රී ලංකික සාමාජිකයන්ගෙන් අඩකට ආසන්න ප්‍රමානයක් අවුරුදු 18-24 අතර වන අතර ශ්‍රී ලංකාවේ Facebook භාවිතා කරන පිරිස මිලියන 3.3 ක් පමණ වේ. සැම තප්පර 20 කට වරක්ම අලුත් සාමාජිකයෙක්ද එයට එකතු වේ.

ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශ වලට  විදුලි පහසුකම් නොමැතිකම නිසා , ඩයලොග් වැනි සමාගම් අන්තර්ජාලය වෙළෙඳපොළ ඉහල දමා ගැනීමට 4GLTE සේවාවන් භාවිතා කරයි. මෙම සමාගම් පාරිභෝගික පදනම වැඩි කර ගැනීම සදහා ඉතාමත් උසස් තත්වයේ සේවාවක් ලබා දීමට සැම විටම වගේ උත්සහ කරන අතර එය රටේ සංවර්දනයටද බෙහෙවින් උපකාරී වේ. එමගින් 3G සහ 4G ජාල හරහා අන්තරජාලය භාවිත කරන පිරිස වැඩි වීමද අනිවාර්යෙන්ම සිදු වනු ඇත.