3G සහ 4G නිසා ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන පිරිස ඉහල යයි.

10:35 AM

මිලියන 20.4 කට වැඩි ජනගහනයක් සිටින ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන මිලියන 20ක ට වඩා ඇති අතර  3G හා 4G භාවිතා කරන්නන්ගේ ප්‍රමාණයද නිරන්තරයෙන් ඉහල යමින් පවතී. 3G හා 4G අන්තර්ජාල භාවිතය නිසා අන්තර්ජාලය භාවිතා කරන අයට වාසි විශාල ප්‍රමාණයක් ලැබේ. අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් ඔහුන්ට එමගින් ලැබෙන අතර එමගින් ඕනෑම දෙයක් ඉතාමත් ඉක්මනට භාගත කර ගැනීමට හැකි වේ. 3G බොහෝ වේගවත් වන අතර එමගින් උසස් තත්ත්වයේ හඬ සහ වීඩියෝ ඇමතුම්, වේගවත් සම්බන්ධතා, බැංකු හා අන්තර්ජාලය ව්‍යාපාර  වැනි දේවල් තුලින් පාරිභෝගිකයන් හට ගුණාත්මක සේවා සපයයි.

ශ්‍රී ලංකාවේ පුද්ගලික ජංගම දුරකථන සේවා සැපයුම්කරුවන් වන  මොබිටෙල්, එටිසලාට්, එයාර්ටෙල් සහ ඩයලොග් දැනටමත් වෙළෙඳපොළ තුල වේගයෙන් ඔහුන්ගේ ගමන  ආරම්භ කර ඇත. හඬ සේවා සදහා ඔහුන් මුලිකත්වයක් දිය යුතු නමුත් දත්ත හා සම්බන්ධ සේවා වර්ධනයද ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව ඉහළ දත්ත භාවිතා කරන්නන්(අන්තර්ජාල භාවිතය) ලෙස හැදින්විය හැකි අතර එය වේගයෙන් වර්ධනය වෙමින් පවතී. මිලියන 20කට වඩා ජංගම දුරකථන ශ්‍රී ලංකාවේ භාවිතා වන බැවින් 4G පාරිභෝගික පදනමත් ඉතාමත් වේගෙන් ඉහල ය හැකි බවට දැනටමත් සංඥා ලබා දී ඇත.


ජංගම VAS වෙළඳපොළ ද 3G සේවා සමග ඉතා වේගයෙන් දියුණු වන්නේ mobile TV, ගීත භාගත කිරීම්, games භාගත කිරීම්, utility services, M-commerce වැනි  දේවල් නිසාය. ශ්‍රී ලංකාවේ තරුණයන් හට 3G භාවිතය හරහා ඵලදායී තොරතුරු සඳහා අන්තර්ජාල ගවේෂණය කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. ඔහුන්ට Kaymu, wow, takas වගේ සමාගම් වලින් අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා ලබා ගැනීමටත් පුළුවන්.අන්තර්ජාලය භාවිතා කරන අයගෙන්  90% ක් පමණ ජංගම දුරකතන හරහාද අන්තර්ජාල පහසුකම් ලබා ගන්නවා. 2015 වසරේදී 3G සහ 4G භාවිත කරන පිරිසද 20% කින් පමණ වැඩි වීමක් බලාපොරුත්තු වෙන්න පුළුවන්.
මේ වනවිට ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන්නන් තම ජංගම දුරකථන මගින් ආරක්ෂිත ආකාරයට  බැංකු කාර්යයන් ද සිදු කරන අතර ඒ සඳහා වේගවත් අන්තර්ජාල සම්බන්ධතා අවශ්‍ය වන අතර  මිලියන 7 ක් පමණ වන ජංගම බැංකු පරිශීලකයන් ඇත. සමාජජාල වෙබ් අඩවි භාවිතය ඉහල යාමටද ජංගම දුරකථන බෙහවින් ඉවහල් වී ඇත. Facebook අඩවියේ සිටින ශ්‍රී ලංකික සාමාජිකයන්ගෙන් අඩකට ආසන්න ප්‍රමානයක් අවුරුදු 18-24 අතර වන අතර ශ්‍රී ලංකාවේ Facebook භාවිතා කරන පිරිස මිලියන 3.3 ක් පමණ වේ. සැම තප්පර 20 කට වරක්ම අලුත් සාමාජිකයෙක්ද එයට එකතු වේ.

ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශ වලට  විදුලි පහසුකම් නොමැතිකම නිසා , ඩයලොග් වැනි සමාගම් අන්තර්ජාලය වෙළෙඳපොළ ඉහල දමා ගැනීමට 4GLTE සේවාවන් භාවිතා කරයි. මෙම සමාගම් පාරිභෝගික පදනම වැඩි කර ගැනීම සදහා ඉතාමත් උසස් තත්වයේ සේවාවක් ලබා දීමට සැම විටම වගේ උත්සහ කරන අතර එය රටේ සංවර්දනයටද බෙහෙවින් උපකාරී වේ. එමගින් 3G සහ 4G ජාල හරහා අන්තරජාලය භාවිත කරන පිරිස වැඩි වීමද අනිවාර්යෙන්ම සිදු වනු ඇත.

Share this

Related Posts

Previous
Next Post »

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon