command prompt යොදාගෙන drives hide කරන හැටි.

command prompt යොදාගෙන drives hide කරන හැටි.

11:03 AM 6 Comments
අපේ පරිගණකයේ ඇති පෞද්ගලික ලිපි ගොනු ආදියා ආරක්ෂා කරගන්නට අපි විවිධ ක්‍රම භාවිතා කරනවා.බොහෝ අය ෆෝල්ඩර් ලොක් කරනවා,ෆෝල්ඩර් hide කරනවා.නමුත් මේ හැම එකක්ම කරන්නෙ 3rd party සොෆ්ට්වෙයාස් යොදාගෙනනාද මම කියලා දෙන්න යන්නෙ කිසිම සොෆ්ට්වෙය එකක් නොමැතිව Drives hide කරන හැටි.
(මෙහි ඇති රූප විශාල කර බැලීම සඳහා ඒවා මත ක්ලික් කරන්න)


  1. මුලින්ම Windows key + R ඔබා RUN වින්ඩෝව ලබාගන්න.
  2. එහි CMD යනුවෙන් ටයිප් කරන enter කරන්න.
  3. ඉන්පසුව එන command prompt වින්ඩෝවෙහි Diskpart ලෙස යොදා enter කරන්න.
  4. එවිට අලුතින් command prompt වින්ඩෝවක් පැමින්ණෙනු ඇති. (windows 8 වලදී මෙයට ඔබගෙන් අවසර ඉල්ලයි.එහිදී yes දෙන්න)
  5. එම වින්ඩෝවෙහි lіst vоlumе ලෙස යොදා enter කරන්න.
  6. එවිට ඔබගේ පරිගණකයේ ඇති සියලු drives දිස්වනු ඇත.එයින් ඔබට hide කිරීමට අවශ්‍ය drive එක තෝරාගන්න.(මෙතැන් සිට මට සැඟවීමට අවශ්‍ය drive එක ලෙසා මම E drive එක තෝරාගන්නවා)
  7. දැන් Select volume E ලෙස යොදා enter කරන්න. (මෙහිදී මා යොදා ඇති "E" වෙනුවට ඔබට සැඟවීමට අවශ්‍ය Drive එකෙහි letter එක දෙන්න)
  8. ඉන්පසුව Remove letter E ලෙස යොදා enter කරන්න.(මෙහිදී මා යොදා ඇති "E" වෙනුවට ඔබට සැඟවීමට අවශ්‍ය Drive එකෙහි letter එක දෙන්න)
  9. දැන් ඔබේ drive එක සැඟවෙනු ඇති!

නැවත මෙය යථා තත්වයට පත්කරගන්නේ කෙසේද?

  1. ඉහත මා සඳහන් කල පියවරවල් වලින් පියවර 7 දක්වා සියලු පියවර ඒ ලෙසටම සිදු කරන්න.
  2. ඉන්පසුව Assign letter E ලෙස යොදා enter කරන්න. ( මා ඉතතදී සැඟවූවේ E drive එක නිසා Assign letter E ලෙස යෙදිය යුතුය.ඔබ සැඟවූ drive එකෙහි Drive letter එක "E" වෙනුවට යොදන්න)
  3. දැන් එය යථා තත්වයට පත්වෙනු ඇති!
ඔබේ බ්ලොග් අඩවිය Country-Specific URLs වලට redirect වීම වලක්වා ගන්නා හැටි.

ඔබේ බ්ලොග් අඩවිය Country-Specific URLs වලට redirect වීම වලක්වා ගන්නා හැටි.

7:34 AM 23 Comments
සාමාන්‍යයෙන් blogger blog අඩවි තමන්ගේ ප්‍රේක්ශකයෝ එන රටවල් වල හැටියට තමන්ගේ url එක වෙනස් කරනවා.උදාහරණයක් හැටියට අපි හිතමු අපේ බ්ලොග් අඩවියේ url එක softwarelanthaya.blogspot.com කියලා ඒත් ඉන්දියාවෙ කෙනෙක් අපේ බ්ලොග් අඩවියට ආවොත් එයා එන්නෙ softwarelanthaya.blogspot.in කියන URL එක හරහා .මේ වගේ පහත දක්වා තියෙන හැම රටකටම අනුව අපේ blog අඩවියේ URL එක වෙනස් වෙනවා.

India [blogspot.in], Australia [blogspot.com.au], UK [blogspot.co.uk], Japan [blogspot.jp], New Zealand [blogspot.co.nz], Canada [blogspot.ca], Germany [blogspot.de], Italy [blogspot.it], France [blogspot.fr], Sweden [blogspot.se], Spain [blogspot.com.es], Portugal [blogspot.pt], Brazil [blogspot.com.br], Argentina [blogspot.com.ar], Mexico [blogspot.mx]


අපි බලමු මෙහෙම URL එක වෙනස් වෙන එකෙන් අපිට වෙන අවාසි මොනවද කියලා.

  1. අපි අපේ බ්ලොග් අඩවියට facebook,disqus වගේ comment system එකක් දාලා තිබුනොත් ඒකෙ ගැටලු මතු වෙන්න පුලුවන්.
  2. එකින් එක විසිටර්ස්ලට URL වෙන වෙන නිඋසා facebook likes,G+,tweets අඩුවෙන්න පුලුවන්.
  3. ඒ වගේ මේ එක එක URL වලින් එන traffic නිසි පරිදි ගණනය නොවෙන්නත් පුලුවන්.

මේක කොහොමද හදාගන්නෙ?

ඉතා පහසු වැඩක් කරන්න තියෙන්නෙ.මම පහලින් දාලා තියන codes ටික ඔයාගෙ බ්ලොග් එකේ template>edit HTML ගිහින් <head> tag එකට යටින් දාගෙන save කරන්න.

<script type="text/javascript">

      /* Get the full URL of the current blogger page */
      var blog = document.location.href.toLowerCase();

      /* Do not redirect if the domain is .com already */
      if (!blog.match(/\.blogspot\.com/)) {

        /* Replace the country TLD with .com and ncr switch */
        blog = blog.replace(/\.blogspot\..*?\//, ".blogspot.com/ncr/");

        /* Open the new URL in the current tab */
        windows.location.replace(blog);

      }

    </script>
දැන් ඔයාලගෙ බ්ලොග් එකට එනා සෑම visitor කෙනෙක්ම එන්නෙ blogspot.com URL එක හරහා :)

මේ වගේ ලිපියකින් නැවතත් හමුවෙමු!!

එක ක්ලික් එකෙන් සිංහල fonts,sinhala tamil IME,sinhala input tools install කරගනිමු.

8:17 PM 4 Comments

සාමාන්‍යයෙන් අපි අපේ පරිගණකය ෆෝමැට් කලාට පස්සෙ ආයෙත් අලුතින්ම sinhala fonts,sinhala typing tools වගේ ඒවා install කරගන්න අවශ්‍ය වෙනවා.නමුත් මේ සියල්ලම එකම තැනකින් install කරගන්න විදිහක් නැහැ.අද මම දෙන සොෆ්ට්වෙයා එකෙන් අපිට ඉතා පහසුවෙන් මේ සියල්ලම එක ක්ලික් එකෙන් install කරගන්න පුලුවන් :)

මේ පැක් එකේ අන්තර්ගත වෙනවා,

  • සිංහල fonts 82 ක් 
  • Input Tools + Sinhala Check
  • Enhancements (online sinhala-tamil-english dictionary)
(මේ පැක් එක install වීමෙන් පසුව එම ෆෝල්ඩරය වෙත ගොස් ඉහත සඳහන් කල සොෆ්ට්වෙයාස් වෙන වෙනම install කරගත යුතුය)