IoT සිංහලෙන් - IoT ගැන දැනගමු !

10:20 PM 3 Comments

softwarelanthaya blog එකට හැමෝම පිළිගන්නවා! දිග නිවාඩුවකට පස්සේ මම ඔයගොල්ලෝ  ලගට එන්නේ අලුත් පාඩමක් එක්ක. ඒ තමයි IoT.

IoT කියන්නේ මොකක්ද ?

IoT කියන්නේ හරියටම මොකක්ද කියලා ගොඩක් අය නොදන්නවා වුනත් මේ වෙනකොට අහල ඇති කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම IoT එහෙමත් නැත්නම් Internet Of Things කියන්නේ මොකක්ද කියලා කියනවනම් IoT කියන්නෙ මෙහෙම දෙයක්,

ඒක සරලව කිව්වොත් Internet of Things  කියන්නෙ මොකක් හරි technology එකකින්  internet එක හරහා එකිනෙකට interconnect වෙලා තියන devices network එකකට. 

මේ devices මොනවාද කියලා කිව්වොත් එහෙම අපි භාවිතා කරන smart phone, Laptop, PC, Tv, Light, Vehicle, Security system  වගේම අපිට ගොඩක් සමීප Arduino, NodeMCU වලින් හදපු දෙයක් උනත් අපිට IoT device එකක් විදිහට හදුන්වන්න පුලුවන්.

උදාහරණයක විදිහට කිව්වොත් ඔයාට පුලුවන් internet හරහා ඔයා කොහේ හරි හයි කරලා තියෙන උපාංගයක් ඔයාගෙ phone එකෙන්, Laptop එකෙන් එහෙමත් නැත්නම් smart watch එකකින් control කරන්න.

මේ පහල තියෙන video එක බැලුවහම තවත් තේරෙයි.


NB-IoT කියන්නේ මොකක්ද ?

video එක බලුවනම් මේ IoT කියන්නේ මොකක්ද කියලා හොඳ  අවබෝධයක් ඇති කියලා හිතනවා. දැන් මම කියන්න යන්නේ NB-IoT (Narrow Band - IoT) කියන්නේ මොකක්ද කියන්නයි. NB-IoT  කියන්නේ IoT වලම තවත් ඉදිරි පියවරක් කියලා කියන්න පුලුවන්.

අපි  බොහොමයක් වෙලාවට භාවිතා කරන IoT උපාංග mobile device එහෙමත් නැත්නම් ජංගම උපාංග. ඒ කියන්නේ බොහොමයක් වෙලාවට මේ device වැඩකරන්නේ battery වලින්. මන් කලින් කිව්වා මේ උපාංග internet එක්කා connect වෙනවා කියලා, ඒකට සැලකිය යුතු තරම ධාරාවක් battery එකෙන් ලබා ගන්නවා. එතකොට ඉතින් ඉක්මනින් battery එක බහිනවා.

ඒවගේම මේ උපංග internet එක්ක connect කරලා යම්කිසි තරමක data ප්‍රමාණයක් වැයවෙනවා. පොඩි වැඩකට මේක එච්චර ගැටුලුවක් නොව්නත්. ලොකුවැඩකටන්ම් මේක බලපානවා.

ඒ වගේම් අපි අපේ device එකට internet connect කරන්න use කරන්නේ WiFi router එකක් වගේනම් router connect කරන්න පුලුවන් device ප්‍රමාණයක් තියෙනවා. සමහර වෙලාවට අපිට එකත් ප්‍රශ්නයක්.

ඉතින් මෙන්න මේ කියන ප්‍රායෝගික  ප්‍රශ්නවලට විසදුමක් තමයි NB-IoT කියලා කියන්නේ. 

මීට අමතරව තාක්ෂණික වෙනස් කම්කිහිපයකුත්  NB-IoT  වල තියෙනවා.
 දැනට මම NB-IoT ගැන කතා කරන එක නවත්තනවා. මොකද NB-IoT වලට කලින් IoT වල තව දැනගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒක නිසා අපි මුලින්ම ඒ ගැන කතා කරමු.

IoT ඉගෙන ගන්න මොනවද ඕනේ ?

මම මුලින්ම කිව්වා IoT device එකක් internet එක්ක connect කරන්න ඕනෙ කියල. ඉතින් මේ වැඩේ කරගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. Arduino + Ethernet shield, Arduino + GSM shield, NodeMCU, RaspberryPi කියනේ IoT development වලට ගැලපෙන් Development kit කිහිපයක්.
කොහොම උනත් මම මේ IoT පාඩම ඉස්සරහට කරගෙන යන්නේ NodeMCU board එකකින්. ඒ කට ප්‍රධානම හේතුව තමයි. මිල අඩුවීම සහ Internet එක්ක connect 
වෙන්න අමතර උපාංග ඕනෙ වෙන්නේ නැතිවීම්.

මිට අමතරව WiFi router එකක් හරි mobile hotspot දාන්න පුලුවන් device එකක් ඕනෙ වෙනවා. 


Buy NodeMCU !

Click here to buy NodeMCU දින දෙකක් ඇතුලත නිවසටම ගෙන්ව ගන්න පුලුවන්. 


මීළග ලිපියෙන් NodeMCU ගැන අපි වැඩිපුර කතාකරමු.