පරිගණක පිලිබඳව ඔබ නොදත් කරුණු!

6:55 PM

  1. සාමාන්‍යයෙන් සෑම මසකටම පරිගණක වයිරස 6000ක් පමණ අලුතින් නිකුත් වේ.
  2. Doug Engelbart විසින් පලමු පරිගණක මවුසය නිපදවූ අතර එය දැවයෙන් සාදා තිබුනි.
  3. Farooq Alvi සහෝදරයන් විසින් 1986 දී පලමු පරිගණක වයිරසය නිපදවූ අතර එය boot sector වර්ගයේ වයිරසයක් විය.ඔවුන්ගේ සමීක්ශණයක් සඳහා ඔවුන් එය නිපදවා ඇත.
  4. සාමන්‍ය මිනිසෙක් මිනිත්තුවකට ඇසිපිය 20ක් හෙලයි,නමුත් පරිගණකය භාවිතා කරන්නෙක් මිනිත්තුවකට 7 වතාවක් පමණක් ඇසිපිය හෙලයි!
  5. යතුරු පුවරුවේ එක පේලියක අකුරු පමණක් යොදා ගනිමින් සෑදිය හැකි දිගම වචනය TYPEWRITER වේ.
  6. පරිශීලකයන් ප්‍රමාණය මිලියන 50ක් දක්වා ගොඩ නගා ගැනීමට රේඩියෝවට අවුරුදු 38ක් ගතවූ අතර රූපවාහිනියට අවුරුදු 13ක් ගතවුනි,නමුත් අන්තර්ජාලයට ගතවුනේ අවුරුදු 4ක් පමණි.
  7. පළමුවෙන්ම ලියාපදිංචි කල ඩොමේන් නාමය Symbolics.com වේ.
  8. සාමාන්‍යයක් ලෙස ගත්විට යතුරුලියන්නෙකුගේ ඇගිලි දිනකට හැතැහ්ම 12.6ක් පමණ ගමන් කරයි!
  9. ලෝකයේ පළවෙනි පරිගණකය ලෙස හැදින්වෙන Z1 නම පරිගණකය Konrad Zuse විසින් 1936 දී නිපදවූ අතර ඔහු 1939 දී ඔහු Z2 ලෙස හඳුන්වන පළමු සම්පූර්ණ  ඉලෙක්ට්‍රොනික්-යාන්ත්‍රික පරිගණකය නිපද්වූවේය.
  10. ඩොමේන් නාම මිලියනයකටත් වඩා එක් මසකට ලියාපදිංචි වේ.
  11. ලෝකප්‍රකට මයික්‍රොසොෆ්ට් නිර්මාතෲ Bill Gates ගේ නිවස නිර්මාණය කර ඇත්තෙ macintosh පරිගණකයක් ආධාරයෙනි!
  12. ලෝකප්‍රසිද්ධ Hewlett Packard නොහොත් HP සමාගම ආරම්භ කර ඇත්තේ 1939 දී Palo Alto හි ගරාජයකය.
  13. eBay වෙබ් අඩවියෙහි තත්පරයකට $680 ක පමණ භාණ්ඩ විකිනීම සිදු වේ.
  14. ඔබේ ජංගම දුරකතනයෙහි ඇති පරිගණකය මිනිසුන් දෙදෙනෙකු හඳට ගෙන ගිය Apollo 11 යානයේ තිබූ පරිගණකයට වඩා බලවත්ය.
නැවතත් මෙවැනිම ලිපියකින් හමුවෙමු! සුභ දවසක්෴

Share this

Related Posts

Previous
Next Post »

4 comments

Write comments

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon