ඔන්න අදත් ආවා පොඩි ට්‍රික් එකක් අරගෙන!! තාමත් ඉතින් ගොඩ දෙනෙක් windows xp භාවිතා කරනවනෙ අන්න ඒ කස්ටියට තමයි අද මම මේ ට්‍රික් එක අරගෙන ආවෙ!කවුරුත් දන්නවනෙ ඉතින් අපි winxp වලට ලොග් වෙනකොට welcome screen එක එනව කියල,පාස්වර්ඩ් එකක දාලා තිබ්බත් නැතත් ඒක එනවනෙ!සමහර වෙලාවට ඒක හරි කරදරයක් නේද? කැමතිද ඕක අයින් කරල දාන්න ඈ.එහෙමනම් ඕක අයින්ම කරල දාමු.හැබැයි ඉතින් පාස්වර්ඩ් එහෙම දාලා තමන්ගෙ කොම්පීතරේ ආරක්ශාව සපයගන්න අයට මේක කරන්න බෑ,කරන්න බැහැයි කිව්වෙ කරන්න පුලුවන් හැබැයි එතකොට පාස්වර්ඩ් ගහන්න එනෙ නෑ auto ම ලොග් වෙනව.හ්ම්ම් අපි එහෙමනම් වැඩේට බහිමුකෝ,ලේසි වැඩක් කරන්න තියෙන්නෙ අනේ!
මුලින්ම start යන්න,ඒකෙ තියනවා නේද run කියල එකක්? මෙන්න මේ වගේ
control userpasswords2
එහෙම ටයිප් කරලා එන්ටර් කලාම මෙන්න මේ වගේ window එකක් එයි.ඒකෙ තියන usermaust enter a username and password to use this computer කියල තියන චෙක් බොක්ස් එකේ තියන ටික් එක අයින් කරන්න.
හරි දැන් apply කියල තියන බොත්තම ඔබන්න එතකොට ඔයාගෙ username එකයි පාස්වර්ඩ් එකයි ගහන්න එයි පාස්වර්ඩ් නැති අය ඒ කොටුව හිස්ව තියන්න.දැන් restart කරල බලන්නකෝ... වැඩේ හරි ඇති! :D :D
එහෙනම් මම අදට සමුගන්නව ලගදීම තවත් පෝස්ට් එකකින් හමුවෙමු!!!!!
ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon