Adobe Muse 2 පාඩම - වෙබ් පි‍ටු භාවිතය.

4:08 PM


සාර්ථක මට්ටමේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සදහා එක් වෙබ් පි‍ටුවක් පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එනම් ඒ සදහා වෙබ් පි‍ටු කිහිපයක් යොදා ගත යුතුය. Adobe Muse තුල මේ සදහා විශේෂ පහසුකම් සලසා ඇත. මේ සදහා ප්‍රථමයෙන්ම File > New Site යන්න හරහා ගොස් නව වෙබ් අඩවියක් ලබා ගත යුතුය.

නව පි‍ටුවක් ඇතුලත් කිරීම.

මේ සදහා ලබා ගත් නව වෙබ් අඩවියේ ප්ලෑන් මොඩ් එක වෙත පිවිසිය යුතුය. දැන් සයිට් ඩයග්‍රම් එකතුල Home නමින් එක් වෙබ් පි‍ටුවක් පමණක තිබෙනු දක්නට හැක. නව පි‍ටුවක් ලබා ගැනීම සදහා එම Home පි‍ටුව මතට මවුස් පොයින්ටරය ගෙනා යුතුය. එවිට Home පි‍ටුව වටේට + ලකුණ සහිත බට්න් 3 ක් දැකගත හැක (1 රූපය). නව වෙබ් පි‍ටු ඇතුලත කර ගැනීම සදහා යොදා ගත යුත්තේ මෙම + ලකුණ සහිත බට්නයන්ය.

එනම් ඔබට Home පි‍ටුවට වම් පසින් නව පි‍ටුවක් එකතු කරගත යුතුනම් වම් පස ඇති + ලකුණ සහිත බට්නය මත ක්ලික් කල යුතුය, Home පි‍ටුවට දකුණු පසින් නව පි‍ටුවක් එකතු කරගත යුතුනම් දකුණු පස ඇති + ලකුණ සහිත බට්නය මත ක්ලික් කල යුතුය, Home පි‍ටුවට පහළින් පසින් නව පි‍ටුවක් එකතු කරගත යුතුනම් පහළින් පස ඇති + ලකුණ සහිත බට්නය මත ක්ලික් කල යුතුය. මෙසේ ලැබෙන වෙබ් පි‍ටුවේ නම වෙනස් කිරීම සදහා වෙබ් පි‍ටුවේ නම මත ඩබල් ක්ලික් කොට කැමති නමක් ලබා දිය හැක. එසේ නොමැතිනම් අදාල වෙබ් පි‍ටුව මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනු එකෙන් Rename page යන්න ‍තෝරාද වෙබ් පි‍ටුවේ නම වෙනස් කල හැක.

ඇතුලත් කරන ලද වෙබ් පි‍ටුවක් ඉවත් කිරීම.

මේ සදහා අදාල වෙබ් පි‍ටුව මත රයිට් ක්ලික් කර ලැබෙන් මෙනූ එකෙන් Delete page යන්න ‍තෝරා වෙබ් පි‍ටු ඉවත් කල හැක. එසේත් නොමැති නම් අදාල වෙබ් පි‍ටුව මතට මවුස් පොයින්ටරය ගෙන ගිය විට මතුවන කතිර ලකුණ මත ක්ලික් කරද වෙබ් පි‍ටු ඉවත් කලහැක (2 රූපය). මේ කුමන ආකාරයකට වෙබ් පි‍ටුවක් ඉවත් කිරීමටද සයිට් එක තුල ඇති මුළු වෙබ් පි‍ටු ගණන එකට වඩා වැඩිවිය යුතුය.

Master Page පහසුකම.

Master Page යනු Adobe Muse තුල ඇති විශේෂිත පහසුකමකි. මාස්ටර් පේජ් වෙබ් අඩවිය තුල නොපෙන්වන අතර මෙහිදී සකසන වෙබ් පි‍ටු; වෙබ් අඩවිය තුල පෙන්වන පි‍ටු සදහා ටෙම්ප්ලීට් එකක් ලෙස භාවිතා කල හැක.
උදාහරණයක් ලෙස ඔබ සෑදූ වෙබ් අඩවියේ වෙබ් පි‍ටු 5 ක් ඇති අතර එම වෙබ් පි‍ටු පහේදීම යොදා ගන්නේ එකම ආකාරයේ මෙනූ බාර් එකක් යැයි සිතන්න. එවිට මෙම මෙනූ බාර් එක වෙබ් පි‍ටු 5 ටම එකතු කිරීම සදහා වෙබ් පි‍ටුවෙන් පි‍ටුවට ගොස් මෙනූ බාර් එක එක් කල යුතුය. මෙය ඉතාම කරදරකාරී කටයුත්තකි. මෙවැනි කටයුතු පහසු කර ගැනීම සදහා මෙම Master Page පහසුකම භාවිතා කල හැක. එනම් මෙම මෙනූ බාර් එක එක් Master Page තුල නිර්මාණය කර වෙබ් පි‍ටු 5 හේම Master Page ලෙස මෙනූ බාර් එක එක නිර්මාණය කරන ලද Master Page ය ‍තෝරා දිය යුතුය.

Master Page පහසුකම භාවිතා කිරීම.

ප්‍රථමයෙන්ම මේ සදහා වෙබ් පි‍ටු සියල්ලේම හෝ ‍තෝරා ගන්නා ලද වෙබ් පි‍ටු කිහිපයක තිබිය යුතු මෙනූ බාර්, ඡායාරූප ආදිය ඇතුලත් කර Master Page එකක් නිර්මාණය කර ගත යුතුය. මේ සදහා සයිට් ඩයග්‍රම් එකට පහලින් ඇති Maters නම් පැනල් එක තුල ඇති පි‍ටු භාවිතා කල යුතුය. Master Page තුලද කලින් විස්තර කලාක් මෙන්ම වෙබ් පි‍ටු ඇතුලත් කිරීම, ඉවත් කිරීම හා නම් කිරීම කලහැක.
මෙසේ සකස් කර ගත්  Master Pages වෙබ් අඩවිය තුල පෙන්වන වෙබ් පි‍ටු සදහා ‍තෝරා දීමට සයිට් ඩයග්‍රම් තුල ඇති වෙබ් පි‍ටු මත රයිට් ක්ලික් කර ලැබෙන් මෙනූ එකෙන්  Masters හරහා ගොස් ඔබ නිර්මාණය කරන ලද Master Page ‍තෝරා දිය හැක.

පේජ් ප්‍රොපටීස්.

වෙබ් අඩවියක් නිර්මාණයේදී තවත් වැදගත් අංගයක් වන්නේ පේජ් ප්‍රොපටීස් සකස් කිරීමයි. මෙලෙස සකස් කරන ලද ප්‍රොපටීස් මගින් සිදුවන්නේ වෙබ් අඩවිය වෙබ් අඩවිය බ්‍රව්සරය තුල පෙන්විය යුතු ආකාරය තීරණය කිරීමයි. එසේම සර්ච් එන්ජින් මගින් කරන සෙව්ම් සදහා සෙව්ම් ප්‍රතිඵල ලබා දීමේදීද මෙම පේජ් ප්‍රොපටීස් වැදගත් වේ.

පේජ් ප්‍රොපටීස් සැකසීම.

මේ සදහා ඔබට පේජ් ප්‍රොපටීස් වෙනස් කල යුතු වෙබ් පි‍ටුව මත රයිට් ක්ලික් කර ලැබෙන් මෙනූ එකෙන් Page Properties.. යන්න ‍තෝරා දිය යුතුය. ඉන් පසුව විවෘතවන ඩයලොග් බොක්ස් එකෙහි පේජ් ප්‍රොපටීස් වලට අදාල සැකසුම් සිදුකල යුතුය. මෙලෙස ලැබෙන ඩයලොග් බොක්ස් එකෙහි Layout, Metadata හා Options ලෙස ටැබ් තුනක් ඇත.



Layout ටැබ් එක : මෙම ටැබ් එක තුල ඇත්තේ වෙබ් අඩවියේ දිග හා පළලට අදාල සැකසුම් වේ. මෙම ටැබ් එකෙහි අවසානයට ඇති favicon යන්න මගින් වෙබ අඩවිය හදුනා ගැනීමට අදාල අයිකන් එකක් හෙවත් කුඩා ඉමේජයක් ලබා දිය හැක. වෙබ් බ්‍රව්සරය තුල වෙබ් අඩවියේ නමට ඉදිරියෙන් පෙන්වන්නේ මෙම කුඩා ඉමේජයයි.

Metadata ටැබ් එක : මෙමගින් වෙබ් පි‍ටුව සර්ච් එන්ජින් මගින් හදුනා ගැනීමට ඇති හැකියාව දියුණු කලහැක. Description මගින් වෙබ් අඩවිය හදුනා ගැනීම සදහා කෙටි විස්තරයක් එක් කලහැක. Keyword මගින් සර්ච් එන්ජින් තුල වෙබ් අඩවිය පෙන්විය යුත්තේ කුමන වචන වලට අදාලව දැයි තීරණය කලහැක.

Options ටැබ් එක : මෙමගින් වෙබ් පි‍ටුවට අදාල ෆයිල් එක පිලිබද සැකසීම් කලහැක.



ඔබට ඇති Adobe Muse සම්බන්ධ ගැටලු කමෙන්ට් මගින් විමසන්න.

පසුගිය පාඩම් සදහා මෙතැනින් පිවිසෙන්න


http://softwarelanthaya.blogspot.com/2014/08/blog-post_25.html

Share this

Related Posts

Previous
Next Post »

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon