Grand Theft Auto V

12:04 PM
Official Website
මේ නමින් හෝ GTA කියල හරි කියපුවම දන්නේ නැති පොඩි එකෙක් උනත් නැති තරම් කියල හැමෝම දන්නවනේ ඉතින්, බොහෝ කාලෙකට පස්සේ තමා මේ පෝස්ට් එකක් publish කරන්නේ, නොයෙක් කටයුතු නිසාවෙන් කාර්යබහුල උන  නිසා පෝස්ට් එකක් වත් දා ගන්න බැරි උන එකට පලමුවෙන්ම sorry කියනවා... :D

හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමා 'මේක PC එන්නේ නැද්ද එහෙමත් නැතිනම් කවදද PC සංස්කරණය නිකුත් වන්නේ යන්නයි', මොකද අපේ PC කට්ටිය කෙල හල හල බලා හිටියත් ඉස්සෙල්ලම ගේම ආවේ Consoles (X360 , PS3 , XO , PS4 , WII etc..) වලට නමුත් Console වලිනුත් 1st එකේම ආවේ x box 360 සහ ps3 යන දෙවර්ගයටයි, ඒ 2013 සැප්තැම්බර් 27 වෙනිදා, නමුත් x box one සහ ps4 යන නවතම consoles දෙක කලඑළි දැක්වීමට සුදානම් ව තිබියදීම මොවුන් පැරණි සංස්කරණ දෙකකට මෙය එලි දැක් උවේ ඇයි යන්න සියලු දෙනාටම මහත් ගැටලුවකි..! නමුත් පරිගණක ක්‍රීඩා ලොවම කලබමින් මෙම ක්‍රීඩාව උණු උණුවේ ලෝක වාර්තා තබමින් අලෙවිය සිදු උනා, 'සත්‍ය වශයෙන්ම මෙය තැනේ හැටියට කොක්ක ගැසීමකි..' මන්ද Rockstar ආයතනයට වෙනත් ආයතනයක වෙළෙදාම මත තම පරිගණක ක්‍රීඩාවේ රදා පැවතීම තබා ගැනීමට අවශ්‍ය නොවීමයි.

කෙසේ වෙතත් 2014 නොවැම්බර් 18 දින X Box ONE සහ Playstation 4 යන console දෙක සඳහා මෙය එලි දැක් උනා, සහ එමෙන්ම Rockstar පවසා සිටියේ GTA V PC සංස්කරණය 2015 ජනවාරි 27 ලබා දෙන බව නමුත් අවාසනාවකට මෙන් ක්‍රීඩාවේ තුල ඇති Bugs කිහිපයක් හේතුවෙන් ක්‍රීඩාව නැවත පරීක්ෂණය සිදු කල යුතු හේතුවෙන් PC සංස්කරණය 2015 මාර්තු 24 දක්වා කල් ගිය බව ඔවුන් නිල දැනුම් දීමකින් පවසා සිටියේය..., මෙවැනි සිදුවීමක් Watch Dogs ක්‍රීඩාවේ දීත් සිදු වූ නමුත් Ubisoft ආයතනය එම ගැටලුව නිරාකරණය කොට ගත්තා, බලමුකෝ එහෙනම් Rockstar මොකෝ කරන්නේ කියල... ;)


GTA V 20min PC Gameplay....

PC Requirements ටික ඉතින් Google එකෙන් වත් බලා ගන්න, මේ වගේම තව අලුත් පෝස්ට් එකකින් ආයෙත් සෙට් වෙමු..., දිගටම අපිත් සමග රැදී සිටින්න.. ගූඩ් ලක් , Happy Gaming.. :D


Share this

Related Posts

  • Thief 2014 [PC] කස්ටියටම ගූඩ් මොර්නින්ග් අද දෙන්ඩ යන්නෙත් එල game 1ක් ගැන විස්තර සමහර විට ඕගොල්ලෝ අහලත් ඇති ඒ තමා Thief 2014 මේ
  • ආයෙත් ms dos games ගහමු! අපි කවුරුත් ඉස්සර ආසාවෙන් ගහපු ms dos games මතකයි නේද? දැන්නම් ඒ ගේම්ස් හොයාගන්නත් අමාරුයි,මම විශ්වාස කරනවා ඔයාලත්
  • Need For Speed Rivals බාගන්න Need For Speed කිව්වම දන්නෙ නැති එකෙක් නෑනේ.ඔන්න එකේ අලුත්ම ගේම් එක Need For Speed Rivals තමයි.මේ ගේම් එක නොවැම්බර
  • ලඟදිම එන GTA 5 PC VERSION   GTA නැත්නම් Grand Theft Auto පරිගණක ක්‍රීඩා මාලාව අපි හැමෝම ගහලා තියනවා.GTA කියන්නෙ ආදායම් වාර්තා බිඳහෙලපු

2 comments

Write comments
January 21, 2015 at 11:46 PM delete

patta kollo! ela post ekak. hamadema saralawa harawathwa thiyenawa. suba pathanawa jaya!

Reply
avatar
January 22, 2015 at 4:27 PM delete

බොහොම ස්තුතියි comment එකට , අපිත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng