Windows 10 සමග අලුත් වෙබ් බ්‍රව්සරයකුත් එයි!

9:39 PM

වින්ඩෝස් 10 පිලිබදව විවිධ අදහස් පලවන අතර එයට එක් වන නව විශේෂාංග පිලිබඳවත් බොහෝ අවධානය යොමුව තිබෙනවා.එසේ වින්ඩෝස් 10 සඳහා එක් වෙන නවතම විශේෂාංගයක් ලෙසට spartan නම් නවතම වෙබ් බ්‍රව්සරය හැදින්විය හැකියි.

බොහෝ දෙනා මයික්‍රොසොෆ්ට් internet explorer භාවිතා කරන්නෙ අලුත් වෙබ් බ්‍රව්සරයක් ඩවුන්ලෝඩ් කරගන්න විතරයි.ඒකට හේතු වන්නේ internet explorer වල ඇති මන්දගාමී ස්වභාවයත් භාවිතයට පහසු interface එකක් නොතිබීමත් වගේ කරුණු.

මයික්‍රොසොෆ්ට් සමාගම පවසා සිටියේ තම නවතම බ්‍රව්සරය google chrome හා fire fox සමග කරට කර සටන් කලහැකි එකක් වන බවයි.නමුත් මේ බ්‍රව්සරය එලි දක්වන්නේ internet explorer හි යාවත්කාලිනයක් ලෙස නෙමේ.ඒ බ්‍රව්සරය වෙනම බ්‍රව්සරයක් ලෙස පැමිනෙනවා.පැමිනෙන්නට නියමිත් වින්ඩෝස් 10 වලදීත් internet explorer හා spartan වෙනමම බ්‍රව්සර දෙකක් ලෙස පැමිනේවි.මෙම බ්‍රව්සරය වින්ඩෝස් phone සඳහා සහය දක්වන නමුත් android හා ios වලට සහය දක්වන්නේද කියා සඳහන් කර නැහැ.

මෙම බ්‍රව්සරය,coratana කෘතීම බුද්ධිය වැනි අලුත්ම විශේෂාංග නිසාවෙන වින්ඩෝස් 10 පිලිබඳව පාරිභෝගිකයාගේ වැඩි අවධානයක් යොමුවීමටත් හේතුවක් වී ඇති බවයි ආරංචිය,

කෙසේවෙතත් internet explorer පිලිබඳව පරිගණක භාවිතා කරන්නන්ගේ ඇති සෘනාත්මක ආකල්පය වෙනස් කිරීමට මෙය පිටිවහලක් වෙනු ඇති!

Share this

Related Posts

Previous
Next Post »

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon