අහස නිල් පාට ඇයි? why is the sky blue?

2:13 PM

"අපි හැමෝම හැමදාම දකින් නිල් වන් අහස! ඒත් ඇයි අහස නිල පාට විතරක්! රතුපාට,කොළ පාට,කහ පාට වෙන්න තිබුනනෙ." ඔන්න ඔය වගේ ප්‍රශ්ණ කාට කාටත් ඇවිල්ලා ඇති.ඉතින් මම අද කියන්න යන්නෙ අපට පෙනෙන මේ අහස නිල් පාට ඇයි කියල.

අපි හැමෝම දන්නවා සූර්‍ය ආලෝකය වර්ණ හතකට බෙදෙනවා ඒ රතු,තැඹිලි,කහ,කොළ,නිල්,ඉන්ඩිගෝ,දම් වශයෙන්.අපි පොඩි කාලෙනම් ඕක මතක තියාගත්තෙ රන් තැඹිලි කඩන කොල්ලෝ නිල් ඉබ්බන් දකී කියන කවියෙ.මෙන්න මේ ආලෝකයේ වර්ණ ආශ්‍රයෙන් තමයි අපිට අහස නිල් පාටට පෙනෙන්නේ.


වායුගෝලයෙ නයිට්‍රජන්, ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ් වගේ වායුන් රැසකින් හැදිලා තියෙන්නෙ.මෙන්න මේ වායු එකතුවෙලා ස්ථර වශයෙන් වායුගෝලයේ තිබෙනවා.අන්න ඒ වායු ස්ථර අතරින් ආලෝකය ගමන් කරනකොට ආලෝකය වර්තනයකට ලක්වෙනවා (වර්තනය කියන්නේ එක් පාරදෘශ්‍ය මාධ්‍යක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යක් දක්වා ආලෝක කිරණ ගමන් කරන විට එම කිරණ නැමී ගමන් කිරීම.) මෙසේ ආලෝකයේ ඇති වර්ණ වර්තනයට ලක්වෙලා අපේ ඇසට වැඩිපුර පැමිනෙන්නේ ආලෝකයේ වර්ණ අතරින් නිල් පැහැය විතරයි. අන්න ඒ නිසයි අපට අහස නිල් පාටට පේන්නේ.


ඉර බැහැගෙන යනකොට පෘථිවිය හා ඉර අතර කෝණය වෙනස් වෙන නිසා අපේ ඇහැට රතු,කහ වගේ වර්ණයන් පැමිනෙනවා ඒ නිසා අපිට ඉර බැහැගෙන යනකොට අහස රතු පාටට දකින්න පුලුවන්!

ඉතින් සොෆ්ට්වෙයාලන්තයෙන් පරිගණක දැනුමට අමතරව මේ වගේ විද්‍යාත්මක කරුණුත් අප ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.මේ ලිපියේ යම් වැරැද්දක් තියනවනම් අපට ඒක පෙන්වලා දෙන්න කාරුණික වෙන්න.එසේනම් යලිත් හමුවෙමු‍‍෴

Share this

Related Posts

Previous
Next Post »

4 comments

Write comments
August 2, 2015 at 1:44 PM delete

ගොඩාක් වටිනවා යාලුවා ඔයාගේ සයිට් එක මෙක සයිට් එක අද මට අහම්බෙන් හම්බුනේ නියමයි . පුලුවන්නම් මේදේත් කරන්න යාලුවා මම ආසයි මගේම කියලා බ්ලොක් එකක් හදා ගන්න එක නෙට් එකට මුදා හරින්න එත් මට එක කරන්න තෙරෙන්නේ නෑ එක කරන්නේ කොහොමද කියලා විඩියෝ රෙකොඩ් එකක් දාලම යුටුබ් එකට අප්ලොඩ් කරන්න පුලුවන්නම් ගොඩාක් හොදායි

Reply
avatar
August 3, 2015 at 9:19 PM delete

ඉදිරියේදී අපි ඒක කරන්න බලන්නම්.http://campussyndi.blogspot.com/2014/01/1.html ඔන්න ඔය ලිපියෙනුත් අපිටම කියලා බ්ලොග් එකක් හදාගන්න හැටි ගැන පැහැදිලිව තියෙනවා

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon