removable drive එකක අයිකනයේ හැඩය වෙනස් කරගමු .

10:35 AM
කොහොමද යාලුවනේ !පොඩි ආරංචියක් කියන්න තියනව .ඒ තමයි අපේ බ්ලොග් එක pageviews 10000 පන්නලා!ඇත්තටම ගොඩක් සතුටුයි .මමවත් හිතුවෙ නෑ මේතරම් පොඩි කාලෙකින් මෙච්චර දියුනුවක් ලබන්න පුලුවන් වෙයි කියල .ඒකෙ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනෙ ඔයාලට.ඔයාලට ගොඩාක් ස්තූතියි .ඔය පුරාජේරු කියව කියව ඉඳල හරියන්නෙ නෑ අපි වැඩේට බහිමු .මම අද කියල දෙන්න යන්නෙ removable drive එකක අයිකනයේ හැඩය වෙනස් හැටි .ආසයි නේ ?  x-) .පොඩි වැඩයි කරන්න තියෙන්නෙ ,
  • මුලින්ම ඔයාලට removable drive එකේ ඉකන් එක විදිහට දාගන්න කැමති අයිකන් එකක් බාගන්න ,නැත්නම් පොටෝශොප් වලින් වගේ හදාගන්න.මේකෙදි වැදගත් දේ තමයි මේ අයිකන් එක අනිවා පික්සල් 32 වෙන්න ඕනෙ.අනික එකේ අගට .ico කියන එක්ස්ටෙන්ශන් එක එන්නත් ඕනෙ .
  • ඊටපස්සෙ තියෙන්නෙ ඔටෝරන් එකක් හදාගන්න එක,නෝට්පෑඩ් ඕපන් කරගෙන ඒකෙ මේ විදිහට ගහගන්න .  

  • මේකෙ label=My usb කියන ටෙක්ස්ට් එකේ My usb වෙනුවට ඔයාලගෙ පෙන් එකේ නම දෙන්න .
  • usbdrive.ico  වෙනුවට ඔයාල් තෝරගත්තු අයිකන් එකේ නම දෙන්න 

උදා :-ඔයාලගෙ අයිකන් එකේ නම computer නම් computer.ico කියල දෙන්න .

හරි දැන් ඔයාල වැඩේ ඔක්කොම වගේ කරගෙන ඉවරයි
ඊට පස්සෙ save as ගිහිල්ල change the file type ඉස්සරහින් all file දීල
නම විදිහට AUTORUN.inf  කියල දීලා සේව් කරන්න .
අන්තිමට පෙන් එක කම්පියුටරෙන් ගලවල ආයෙ ගහල බලන්න ලස්සනට අර අයිකන් එක පෙන් එකේ අයිකන් එක විදිහට පෙන්නයි !

Share this

Related Posts

Previous
Next Post »

7 comments

Write comments

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon