Showing posts with label එල සොෆ්ට්වෙයා. Show all posts
Showing posts with label එල සොෆ්ට්වෙයා. Show all posts

Jhat English to Sinhala Dictionary V1.6 සුපිරි ශබ්දකෝෂය

8:54 AM Add Comment


දැන් ශබ්දකෝෂ මෘදුකාංග ඕනෑ තරම් තිබුණත් මෙය සාපේක්ෂව ගොඩක් වෙනස් වැඩ සහිත මෘදුකා‍ංගයක්. 

මේ මගින් ඉංග්‍රීසි, සිංහල වචන වල තේරුම දැනගන්නත්, ඒවා Pronounce කරන්නත් වගේම OCR තාක්ෂණයෙන් සිංහල, ඉංග්‍රීසි වචන වල තේරුම ලබා ගැනීම ඒ කියන්නේ වෙබ් කැමරාව ඉදිරිපස අපි ඉ‍ංග්‍රීසි වචන සහිත යමක් පෙන්වූ පසු එය කුමක්දැයි Recognize කරගන්න වැනි වටිනා පහසුකම් රැසක් සහිතයි. 



singlish ටයිප් කිරීම මගින් සිංහල වචන search කරන්නත් පුළුවන්.

32 bit පරිගණක සඳහා මෙතනින්ද, 64 bit පරිගණක සඳහා මෙතනින්ද, බාගන්න. 

බාවිතයට උපදෙස් පහතින් බලන්න.
  • singlish වචනයක් type කිරීමෙන් පසුව අවසානයට space bar press කරන්න. 
  • උදාහරණයක් විදිහට "අම්මා" ලෙස type කිරීමට ඔනිනම් "amma " ලෙස type කර යුතුය. සෑමවිටම අවසානයට "space bar" type කල යුතුය. 
  • අපට සිංහල වලට හැරවීමට ඕන කරන "singlish" වචනය ,අකුර හෝ අකුරු සමූහය type කිරීමෙන් පසුව අනිවාර්යෙන් "space bar" type කරන්න. එවිට එය සිංහල වචනයකට,අකුරකට හෝ අකුරු කිහිපයකට හැරේ. 
  •  අවශ්‍ය සෑම ගොනුවක්ම ඔබ Download කරන ගොනුව තුල අඩංගුවේ. වෙනම Download කිරීමට අවශ්‍ය නොවේ.

Coreldraw සිංහලෙන් 2 - Corel draw Interface ඒක ගැන දැනගමු.

10:02 PM 3 Comments
Corel Draw වලින් වැඩ පටන් ගන්න කලින් interface එක ගැන පොඩි අවබෝධයක් තියෙන්නම ඕනේ. එතකොට තමයි අපිට නිර්මාණයක් පහසුවෙන් කරගන්න පුලුවන් වෙන්නේ. නැත්නම් ඉතින් වෙන්නේ design කරන එක පැත්තකින් තියලා option හොය හොය ඉන්න. ඒක නිසාම මේ පාර video එකේ අපි කතා කරන්නේ Corel Draw එකේ interface එක ගැනයි. corel draw එකේ panel, tool වගේම menu ගැනත් අද කතා කරවා.

Coreldraw සිංහලෙන් - Graphic Design සහ Coreldraw පිළිබද මුලික හැදින්විම.

1:04 PM 1 Comment

හැමෝම පිලිගන්නවා අද ඉදලා අපේ සොෆ්ට්වෙයාලන්තය Page එකේ ආරම්භ වෙන Coreldraw පාඩම් මාලාවට. මේ Lesson serious එක video විදිහට තමයි කරන්නේ. මේක කරන්නේ අපේ page එකට අලුත්නි එකතු වුනු Lakshan Harsha සහෝදරයා.


මෙක තමයි මගේ පළවෙනි POST එක.. හැමදාම code ඒක්ක ඔට්ටු ෙවන අපේ  කොල්ලෝ  කෙල්ලෝ ටික ඒක්කහු කරගෙන පොඩි අාර්ට්ලි වැඩක් කරන්නයි මගේ idea ඒක. ඉස්සරහට මේ blog ඒකත් ඒක්ක set වෙලා ඔයාලට Graphic design ගැන  තෙරෙන සින්හලෙන්ම කියලා දෙන්නයි මගේ idea ඒක තියෙන්නේ. මං ඉස්සරහට අපේ මේ blog ඒකෙ ඉන්න කස්ටියට Photoshop Illustrator Coreldraw Indesign Lightroom වගේ හැම software ඒකක් ගැනම කතා කරන්න හිතාගෙන ඉන්නවා. software ඒකක් open කරපු ගමන් design ඒකක් හදනවට වඩා මේ හැම software ඒකක් ගැනම හොද knowledge ඒකක් ඒන විදියටයි මං මේ Tutorial හදලා තියෙන්නේ ඒහෙනම් අපි අද ඉදන් බෙලි කපන්න අත පය ගලනවන්න ඉගෙන ගමු. අාාාා කට්ටිය ඒකපාරට බය උනාද බය වෙන්න ඒපා අැත්තට බෙලි කපන්න නෙමේ අපි ඉස්සරහට කතා කරමු කොහොමද හොද designer කෙනෙක් වෙන්නෙ කියලා. අපි අද මුලින්ම කතා කරමු Graphic Design කියන්නේ මොකක්ද කියලා. මෙ video ඒක බලලා අඩු පාඩු කියන්නකෝ කස්ටිය. පළෙවනි ඒක නිසා අවුල් තියනවනම් මං සමාව ඉල්ලනවා මුලින්ම. ඒෙහෙනම් කොල්ලනෙ ලක්ෂාන්  කොල්ලා කැපුනා උබලා මට ෂාන් කියලම කියහල්ලකෝ..

Arduino පාඩම 13 - Code කරන්නේ නැතුව Arduino PC App හදන හැටි.

11:27 AM 14 Comments

මම මේ පාර article එකෙන් කතා කරන්න යන්නේ Arduino එක PC එකත් එක්ක සම්බන්ධ කරන program එකක් හදා ගන්න හැටි ගැන. මීට කලින් පාඩමක මම මේක කරන හැටි ගැන සඳහන් කලා නමුත් ඒ පාඩමේ මම කතා කලේ VB.net හරි C#.net යොදාගෙන ඒ විදිහට program එකක් ලියන හැටි ගැනයි. එහෙමත් නැත්නම් වෙන මොකක් හරි language එකක් use කරලා තමයි program එක ලියන්න වෙන්නේ.

නමුත් මම මේ පාර කියලා දෙන්නේ PC එකේ ඉදලා arduino එක control කරන්න පුලුවන් computer program එකක් කිසිම computer language එකක් use නොකර හදාගන්නේ කොහොමද කියන එක ගැනයි. 

මෙතනදී මම උදාහරණයක් විදිහට කියලා දෙන්න හදන්නේ RGB LED එකක පාට වෙනස් කරන්න පුලුවන් program එකක් code කරන්නේ නැතුව හදාගන්නේ කොහොමද කියන ගැනයි.

මේක කරන්න මම පාවිච්චි කරන්නේ App Make කියන software එක. මේ software එක 100% ක්ම මගේම නිර්මාණයක්. මේකෙ තවත් විශේෂත්වයක් තියෙනවා ඒ තමයි program එකට ගැලපෙන Arduino serial data code කොටස  එක auto generate වෙනවා. මේක ඇත්තටම අලුත් වැඩක්. මම දන්න තරමින් මේ වගේ software එකක් වෙන නෑ. 



මේ software එක මම Arduino වලට හදපු  aulternative IDE එක වන Codino IDE එක 2nd version එකත් එක්ක ලැබෙන software එකක්. App Make එක install කරග්න්න Codino IDE v2 setup එක download කරලා install කරගන්න ඔනේ. install කරගත්තට පස්සේ

Download setup here : http://codinostudio.com/

Start > All Programs > Codino > Codino IDE > App Make
Desktop > App Make
Codino IDE > Tools > App Make

වගේ ඕනම ක්‍රමයකට App Make open කරගන්න පුලුවන්. 

PC Program එක සෑදීම.

මේකට මුලින්ම App Make open කරගන්න ඕනේ. open කරගත්තට පස්සේ පහල තියෙනවා වගේ interface එකක් දකින්න පුලුවන්.

 ඊට පස්සේ කරන්න තියෙන්නේ  new project උඩ click කරලා Window settings window එක ලබා ගන්න එකයි. එතනදී project එකට කැමති නමක් දීලා Done කරහම App එකේ main window එක desgin කරන අවස්තාවට යන්න පුලුවන්.

එතනින් එහාට කරන්න තියෙන්නෙ බොහොම සුළු දේවල් ටිකක්. ඒ දේවල් ටික පහල තියෙන video එකේ තියෙනවා.

කාගාව හරි RGB LED එකක් නැත් නම් ඒ වෙනුවට Red, Green, Blue LED 3 ක් use කරන්න පුලුවන්. එතකොට circuit එක පහල විදිහට තමයි එන්නේ.


වැඩ අවසන් කිරීම.

දැන් video එකේ විදිහට කරහට පසේ program එකේ exe file එක ගන්න ඕනෙනේ ඒකට කරන්න තියෙනේ පොඩි දෙයක්. program එක run කරාට පස්සේ අව්ලක් නැතුව වැඩ කරනවනම් 
Action > Make EXE  click කරහම ඇති. ඊට පස්සේ exe file එක save වෙන්න ඕනේ folder එක select කරහම exe file එක ඒ folder එකේ save වෙනවා.



මෙහෙම save කරහම file දෙකක් create වෙනවා. මේ හදපු වෙන computer එකක run කරන්න ඕනෙ නම් මේ file 2 ක විතරක් copy කරහම ඇති.

මේ විදිහට RGB LED විතරක් නෙමෙයි, Servo motor, Fan, Relay, Fan, Light, Displays වගේ ගොඩක් දේවල් control කරන්න පුලුවන් තවත් program ගොඩක් code නොකර හදා ගන්න පුලුවන්.

software එක හොදයි කියල හිතෙනවන codino page එකත් like කරන්න. http://facebook.com/codino

මේ ගැන තවත් විස්තර හා videos  http://codinostudio.com/හරහා ලබා ගන්න පුලුවන්.

මේ article එක හොදයි නම් share කරන්න අමතක කරන්නත් එපා. මොනව හරි නොතේරෙන දෙයක් තියෙනවනම් comment එකක් දාලා අහන්න.


ඔබගේ ඔන්ලයින් ගිණුමේ ආරක්ෂාව ප්රමාණවත්ද ?

8:51 PM Add Comment

Facebook, Tiwitter, Google, Viber, Pay Pal... ආදී නොයෙකුත් ඔන්ලයින් සේවා ගැන ඔබ අසා ඇතමින් එකක් හෝ කිහිපයක් ඔබට ඇතුවාට සැකයක් නැත. නමුත් මෙම ගිණුම් වලට එම ආයතනයෙන් සපයන ආරක්ෂාවට අමතරව ඔබ යොදනු ලබන මුර පදයද මෙම ගිනුම් වල ආරක්ෂාවට මහත් පිටුවහලක් සපයනු ලබනවා. ඔබගේ ගිනුමට කෙනෙකුට අනවසරයෙන් ඇතුලු වීමට අවශ් වූ විට ඔවුන් සිදු කරනුයේ විවිධ ක්රම මගින් ඔබේ මුර පදය බිදහෙලීමයි. කෙසේ නමුත් අද බොහෝ දෙනා සිදුකරනුයේ තම දුරකතන අංකය, උපන්දිනය, නමක් වැනි ඉතාම සරල ආකරයේ මුර පදයක් භාවිතා කිරීමයි. නමුත් මෙවැනි  මුර පද ලෙහෙසියෙන්ම බිදහෙලීමට පුලුවන. මෙවැනි හේතු නිසා බිද හෙලීමට අපහසු ආකාරයේ මෘදුකාංග නිපදවා තිබෙනවා. Password Manager Software ලෙස පොදුවේ හදුන්වන්නේ මෙම මෘදුකාංගයි
.

 Passcrypt  Pro යනු මුදල් ගෙවා ලබා ගත් යුතු සංස්කරණයයි. මෙහි මිල  1.90 $  පමණ වෙනවා. නමුත් මෙහිදී Passwords නිර්මාණය කිරීමට අමතරව තවත් පහසුකම් රාශියක් සලසා දී තිබෙනවා. එනම් Passwords නිර්මාණය, Save Passwords, Export Passwords, Manage Passwords හා අමතර පහසුකම්ක් වශයෙන් File Locker නම් පහසුකමක්ද හදුන්වා දි ඇත.

කෙසේ නමුත් මෙම වැඩසටහන ධාවනය කිරීමට .Net Framework 4  අවශ් වනවා. ඔබලග .Net Framework 4  නොමැතිනම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
(Windows 8, 8.1, 10  සඳහා  .Net Framework 4  අවශ් නොවේ.)

ඩවුන්ලෝඩ් කරගැනීමට  : https://sellfy.com/p/XvTy

 Settings ැකසීම.

වැඩසටහන පළමු වර  Run කිරීමේදී පැමිණෙන්නේ Enter new Password ඩයලොග් බොක්ස් එකයි. මෙහිදී වැඩසටහනට පිවිසීමට Password එකක් ලබාදීය යුතු අතර ඔබ මතක තබාගතයුතු එකම එක Password එක වන්නේද මෙයයි. මෙහිදී Password එක නිවැරදිව ලබාදී Login වූ පසු වැඩසටහනට පිවිසෙයි. එහිදි Settings Tab එක තුලදී සාදන Password ගණන, Password එකක ඇතුලත් විය යුතු Charators ගණන හා අතුලත් විය යුතු Charactor වර්ග සදහන් කලයුතුය.

Password නිර්මාණය.

සැකසුම් සිදුකර අවසන් වූ පසු Password නිර්මාණය කරගැනීමට Crate Tab එක Select කර එහි ඇති Create Password බට්න් එක  Click කල යුතුය.

Password Save කිරීම.

සඳහා නිර්මාණයවූ Password එකක් මත ක්ලික් කර Save Selected බට්න් එක ක්ලික් කල යුතුය. එවිට විවෘත වන්නේ  Save Password  ඩයලොග් බොක්ස් එකයි. තුලදී Password එක හා සම්බන්ධ වෙනත් අමතර තොරතුරු ලබාදී  OK   කල විට Password එක Save  වෙයි. Save කරන ලද Password Saving Tab එක යටතේදී බැලිය හැක.

Password Export කිරීම.

සඳහා නිර්මාණයවූ Password එකක් මත ක්ලික් කර Export Selected button එක මත ක්ලික් කල යුතුය. එවිට විවෘත වන්නේ  Save As ඩයලොග් බොක්ස් එකයි. මේ තුලදී Passcrypt Password File ෆයිල් ටයිප් එක තේරුවහොත් විවෘත වන්නේ Save Password  ඩයලොග් බොක්ස් එකයි. තුලදී Password එක හා සම්බන්ධ වෙනත් අමතර තොරතුරු ලබාදී  OK   කල විට Password එක Save  වෙයි. මෙවිට මෙම Password  එක නැවත බැලිමට අවශ් වූ විට Passcrypt වෙත login වී File එක විවෘත කල යුතුය.
මෙහිදී  Text File ලෙස file type එක ලබාදුන්නේ නම් සාමාන් Text file එකක් ලෙස Save වන අතර  Note pad, Word Pad, MS WORD වැනි text editor මෘදුකාංගයක් හරහා නැවත විවෘත කරගත හැක.

File Lock  කිරීම.


මේ සඳහා File Locker Tab එක සිලෙක්ට් කර File Lock යටතේ File to lock යන්න ඉදිරියෙන් ඇති Browse button එක ක්ලික් කර ලොක් කිරීමට අවශ්  File එක තෝරා දිය යුතුය. අවශ් නම් ලොක් කරන ලද ෆයිල් එක සේව් වන තැනද File to destination යන්න ඉදිරියෙන් ඇති Browse button එක ක්ලික් කර වෙනස් කල හැක. ඊලඟට ලබාදිය යුත්තේ Password එකයි. මෙම Password එක වැඩසටහනට පිවිසීමේදී ලබදුන් Password  එක නොව වෙනමම Password  එකකි. එනම් ඔබ නැවත File එක Unlock කිරීමේදී ලබාදිය යුත්තෙ මෙම Password එකයි. එහෙයින් මෙම Password එක මතක තබාගත යුතුය.

පරිගණකය ගැන දන්න නොදන්න හැමදෙයක්ම දැනගන්න.

4:32 PM 3 Comments
පරිගණකයේ ඇති දෘඩාංග හා මෘදුකාංග පිළිබද වඩා ගැඹුරින් සොයා බැලියහැකි විවිධ මෘදුකාංග තිබේ. This-PC යනු තවත් එවැනි වැඩසටහනකි. මෙමගින් පරිගණකයේ ඇති මෘදුකාංග, දෘඩාංග, නෙට්වර්ක් හා යූසර් එකවුන්ට් ගැන තොරතුරු විවිධ කාණ්ඩ 8 යටතේ ලබාදේ. එසේම මෙමගින් පහසුවෙන් විවිධ උපාංගවල ඩ්‍රයිවර්ස් සොෆ්ට්වෙයා වල අංකද පහසුවෙන් සොයාගත හැක. මෙය නොමිලේ දෙනුලබන මෘදුකාංගයකි.

                                                                                 
                                                                                   Screen Shots:

ඩවුන්ලෝඩ් කරගන්න :
http://aquaform.businesscatalyst.com/this-pc.html

එක ක්ලික් එකෙන් සිංහල fonts,sinhala tamil IME,sinhala input tools install කරගනිමු.

8:17 PM 4 Comments

සාමාන්‍යයෙන් අපි අපේ පරිගණකය ෆෝමැට් කලාට පස්සෙ ආයෙත් අලුතින්ම sinhala fonts,sinhala typing tools වගේ ඒවා install කරගන්න අවශ්‍ය වෙනවා.නමුත් මේ සියල්ලම එකම තැනකින් install කරගන්න විදිහක් නැහැ.අද මම දෙන සොෆ්ට්වෙයා එකෙන් අපිට ඉතා පහසුවෙන් මේ සියල්ලම එක ක්ලික් එකෙන් install කරගන්න පුලුවන් :)

මේ පැක් එකේ අන්තර්ගත වෙනවා,

  • සිංහල fonts 82 ක් 
  • Input Tools + Sinhala Check
  • Enhancements (online sinhala-tamil-english dictionary)
(මේ පැක් එක install වීමෙන් පසුව එම ෆෝල්ඩරය වෙත ගොස් ඉහත සඳහන් කල සොෆ්ට්වෙයාස් වෙන වෙනම install කරගත යුතුය)


PC 1 Slow ද??? මෙන්න ස්පීඩ් කරගන්නා විදිය

6:57 PM 8 Comments
                                


කොහොමද යාලුවනේ......මම දැන් ඔයාලට කියන්න යන්නෙ කම්පියුටර් 1 ස්පීඩ් කරගන්න විදියක්.......
එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනකොට ටික කාලයක් ගියාම PC 1 slow වෙන 1 සාමාන්‍ය දෙයක්.....එහෙම වෙන්නෙ වින්ඩෝස් registry 1 වෙන වෙනස්කම් හින්දා වගේම එක එක junk files හින්දා....

පහල තියෙන ලින්ක් 1න් මේ software 1 ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්...

http://www.iobit.com/advanced-systemcare-antivirus.php


මේ සොෆ්ට්වෙයාර් 1න් කරන්නෙ ඔයාගෙ කම්පියුටර් 1 තියෙන errors හදල වින්ඩෝස් registri 1 fix කරන එකයි..

download කරල ඉන්ස්ටෝල් කලාට පස්සෙ ස්කෑන් කරල පෙන්න errors fix කරන්න....හරිම ලේසියි

මේකෙන් තව වැඩ ගොඩක් ගන්න පුලුවන්....ඔයාලගෙ කම්පියුටර් 1 run වෙන අනවශ්‍ය programme deactivate කරන්නත් හාඩ් ඩිස්ක් 1 errors වගේම fragment වෙලා තියෙන files defrag කරන්නත් පුලුවන්....

මේකෙ තියෙන smart ram කියන එකෙන් ‍රැම් 1 use කරන්නෙ නැති ස්පේස් clear කරල ‍රැම් 1 වැඩි කරගන්නත් පුලුවන්.........

එහෙනම් අපි ගියා ආයෙ අලුත් වටින ලිපියකින් හම්බෙමු!
අව්ලක් තියනවනම් කමෙන්ට් කරල අහන්න ඕනෙ වෙලාවක අපි ඉන්නව!






                         

ශක්තිමත් මුරපදයක් සාදා ගැනීම !

3:47 PM Add Comment
ෆේස්බුක්, ඊමේල් වැනි ඔන්ලයින් එකවුන්ට් වෙත පිවිසීම සදහා පාස්වර්ඩ් එකක් හෙවත් මුර පදයක් ලබාදීම අනිවාර්ය අංගයක් වේ. නමුත් අප විසින් ලබා දෙන පාස්වර්ඩ් එකෙහි ශක්තිමත් භාවය හොද මට්ටමක නොමැතිවිට ලෙහෙසියෙන්ම අපගේ ඔන්ලයින් එකවුන්ට් හැක් කිරීමට පුලුවන. මෙලෙස ශක්තිමත් පාස්වර්ඩ් සකසා ගැනීම සදහා විවිධ මෘදුකාංග ඇත. Hard Pass යනු නොමිලේ ලබා දෙන තවත් එවැනි හොද වැඩසටහනකි. මෙමගින් පාස්වර්ඩ් සකසා ගැනීමට අමතරව සෑදූ පාස්වර්ඩ් ගබඩා කොට තබා ගැනීමටද පහසුකම් සපයාදී ඇත.

http://aquaform.businesscatalyst.com/hardpass.html යන වෙබ් අඩවියෙන් මෙම වැඩසටහන නොමිලේ ඩවුන්ලෝඩ් කරගැනීමට හැකෛ අතර මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට අන්තර්ජාල සම්බන්ධතාවය බලපාන්නේ නැත. මෙම වැඩසටහන ඉන්ස්ටෝල් කරගත් පසු Start > All Programs > Hard Pass > Hard Pass හරහා ගොස් වැඩසටහනට පිවිසිය යුතුය.



මෙම වැඩසටහන වෙත මුල් වරට පිවිසීමේදී දක්නට ලැබෙන්නේ First Run ඩයලොග් බොක්ස් එකයි මේ තුල වැඩසටහ වෙත පිවිසීමට අදාල පාස්වර්ඩ් එකක් ලබාදිය යුතු අතර නැවත වරක් වැඩසටහන වෙත පිවිසීමේදී මෙම පාස්වර්ඩ් එක අවශ්‍යවන බැවින් මෙහිදී ලබා දෙන පාස්වර්ඩ් හොදින් මතක තාබා ගත යුතුය. මෙහිදී පාස්වර්ඩ් එක ලබාදී Finish යන්න මත ක්ලික් කල පසු වැඩසටහන වෙත පිවිසෙයි.

(සැ. යු. : මෙම වැඩසටහන සදහා Microsoft .NET Framework 4.0 අවශ්‍ය වන අතර එය ඩවුන්ලෝඩ් කරගැනීම සදහා මෙතැන ක්ලික් කරන්න)



පාස්වර්ඩ් නිර්මාණය කර ගැනීම.

පළමු වරට වැඩසටහන මගින් පාස්වර්ඩ් සාදාගැනීමට මත්තෙන් ඒ සදහා සැකසුම් කිහිපයක් සිදු කල යුතුය. මේ සදහා මුලින්ම Options ටැබ් එක ක්ලික් කලයුතුය. ඒ සදහා කල යුතු සැකසුම් පහත වේ.


1. Large Letters - ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු පාස්වර්ඩ් සෑදීමට යොදා ගනී.
2. Small Letter - ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු පාස්වර්ඩ් සෑදීමට යොදා ගනී.
3. Numbers - ඉලක්කම් පාස්වර්ඩ් සෑදීමට යොදා ගනී.
4. Symbols - විවිධ සංකේත පාස්වර්ඩ් සෑදීමට යොදා ගනී.
5. Max Length - මෙමගින් එක් පාස්වර්ඩ් එකක් ඇති අක්ෂර/සංකේත ගණන තීරනය කරයි.
6. Password Quantity - මෙමගින් එක් වරකදී නිර්මාණය කරන පාස්වර්ඩ් ගණන් තීරනය කරයි.

මෙලෙස සැකසුම් සිදුකර අවසානයේදී සැකසුම් Save කිරීම සදහා Save Changes බටනය ක්ලික් කල යුතුය. දැන් නව පස්වර්ඩ් සදා ගැනීම සදහා Generate ටැබ් එක මත ක්ලික් කර අනතුරුව එහි ඇති Generate බටනය මත ක්ලික් කලයුතුය. මේවිට ඉහලින් පාස්වර්ඩ් නිරිමාණය වනු දැක ගත හැක.



පාස්වර්ඩ් සේව් කිරීම.

මේ සදහා ඔබට සේව් කිරීමට අවශ්‍ය පාස්වර්ඩ් එක මත ක්ලික් කර Manage බටනය මත ක්ලික් කර යුතුය. එවිට විවෘත වන්නේ Add Itemඩය්ලොග් බොක්ස් එකයි. එතුල පාස්වර්ඩ් එක සෙව් කිරීම්ට අදාල අනෙකුත් වස්තර ඇතුලත් කර Ok බටනය ක්ලික් කර වින්ඩෝ එක ක්ලෝස් කල යුතුය. මෙලෙස සෙව් කරගත් පාස්වර්ඩ් එකක් නැවත බැලීම සදහා Manage ටැබ් එක මත ක්ලික් කර ඔබට අවශ්‍ය පාස්වර්ඩ් නේම් එක මත ක්ලික් කර පාස්ව්ර්ඩ් එක ඇතුලු අනෙකුත් විස්තර දැක ගත හැක.

Backup and Restore පහසුකම.

යම් කිසි හෙතුවක් නිසා පරිගණකය ෆෝමැට් කිරීමට සිදු වුවහොත් මෘදුකාංගය තුල සේව් කරනු ලැබූ පාස්වර්ඩ් නැතිවී යාම වැලෙක්වීම සදහා මෙම පසුකම ලබාදී ඇත.

බැකප් කිරීම : මේ සදහා Backup ටැබ් එක මත ක්ලික් කර Create Backup බටනය ක්ලික් කර යුතුය. එවිට බැකප් ෆයිල් එක සදහා සුදුසු නමක් ලබාදී බැකප් ෆයිල් එක සේව් කල යුතුය. එවිට ලබා දුන් නමින් බැකප් ෆයිල් එක සේව් වනු ඇත.

රීස්ටෝ කිරීම : මේ සදහා Backup ටැබ් එක මත ක්ලික් කර Install Backup බටනය ක්ලික් කර යුතුය. එවිට ලැබෙන ඕපන් ෆයිල් ඩයලොග් බොක්ස් එක තුලින් කලින් සෙව් කරගත් බැකප් ෆයිල් එක ‍තෝරා ඕපන් කරගත යුතුය. එවිට කලින් සෙව් කරගෙන් තිබූ පාස්වර්ඩ් Manage ටැබ් එක තුල දැක ගත හැක.

HTML, CSS, Java script කෝඩ් නැතුව මනරම් වෙබ් අඩවියක් හදමු!

11:11 AM 4 Comments


අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඇඩෝබි සමාගමෙන් හදුන්වා දීපු අලුත්ම වෙබ් ඩිසයිනින් සොෆ්ට්වෙයා එකක් ගැන. මේකෙ නම ඇඩෝබි මියුස් (Adobe Muse). මේකෙ තියෙන විශේෂත්වය තමයි වෙබ් සයිට් එක හදලා ඉවර උනහම පස්සේ ඇඩෝබි සමාගමේම සර්වර් පරිගණක වලම ‍ෆ්‍රී හොස්ට් කරන්න පුළුවන් වීම ඒ වගේම HTML, CSS, Java Script වගේ වෙබ් අඩවි නිර්මාණ භාෂාවන් ගැන නොදන්න අයෙකුට උනත් පහසුවෙන්ම ඉතාම අලංකාර වෙබ් අඩවියක් හදාගන්න පුළුවන්. ‍මොකද මේ සොෆ්ට්වෙයා එකෙන් වෙබ් සයිට් හදන්න කිසිම අඩවි නිර්මාණ භාෂාවක් භාවිතා නොකරන නිසා.

ෆ්‍රී හොස්ට් කරන්නත් හරිම ලේසි. සයිට එක හදලා ඉවර උනහම Tool bar එකේ උඩ තියෙන Publish බට්න් එක click කරහම සයිට් එක ඉබේම හොස්ට් වෙනවා. ෆ්‍රී හොස්ට් කරහම ඔයාට මේ වගේ (ex:http://yourname.businesscatalyst.com/) URL එකක් ගන්න පුළුවන්.
ඒ වගේම තමයි ඉතාමත්ම ලස්සනට වෙබ් සයිට් එක ඩිසයින් කරන්න ප්ලග් ඉන්ස් ගණනාවක්මත් තියෙනවා.

වැඩි දුර තොරතුරු සදහා : http://www.muse.adobe.com

 Adobe Muse CC 7.0 වර්ශන් එක ක්‍රැක් එකත් එක්ක ‍ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පහල ලින්ක් එක පාවිචිකරන්න : http://kickass.to/adobe-muse-cc-7-0-build-314-multilanguage-chingliu-t8206533.html

  Adobe Muse CC 2014 වර්ශන් එක ක්‍රැක් එකත් එක්ක ‍ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පහල ලින්ක් එක පාවිචිකරන්න : http://kickass.to/adobe-muse-cc-2014-t9275603.html
උඩ තියෙන එකට ගිහිල්ලා Download Torrent බට්න් Click එක කරන්න. එත කොට torrent ෆයිල්  එකක් ඩවුන්ලෝඩ් වෙවි ඒක පාවිච්චි කරලා ඔයාලට පුලුවන් මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න.

අපි ඔයාල වෙනුවෙන්ම ඇඩෝබි මියුස් පාඩම් මාලාවකුත් පටන් ගත්තා! ඉගෙන ගන්න කැමති අය මෙතින් යන්න. සරලව පැහැදිලිව හදලා තියෙන්නෙ :D

පහල තියෙන වීඩියො වලින් පුලුවන් මේ සොෆ්ට්වෙයා එකෙන් වැඩ කරන හැටි ඉගෙන ගන්න :

1. මූලික  මට්ටමේ වෙබ් අඩවියක් නිර්මාණය
 


 2. Photo Slideshow භාවිතා කිරීම

3. Publish කිරීම

ඔයාලගේ වෙබ් සයිට් එකටත් Ultimate Web Traffic !

1:04 PM 13 Comments


මම අද ඔය ගොල්ලන්ට අරන් ආවේ හුගක් වටින සොෆ්ට්වෙයා එකක්. ඇත්තටම කිව්වොත් මේ සොෆ්ට්වෙයාර් එක හුගක්ම වැදගත් වෙන්නේ බ්ලොග් සයිට් එකක් එහෙමත් නැත්නම් වෙබ් සයිට් එකක් කරන අයට. මේ සොෆ්ට්වෙයා එක ඇත්තටම ට්‍රැ‍ෆික් බොට් එකක්. ඒ කියනේ බ්ලොග් සයිට්/වෙබ් සයිට් වලට යුරෝපය, ඇමෙරිකාව වගේ රටවල් වලින් විසිටර්ස්ලා ගෙන්වගන්න පුලුවන් වැඩසටහනක්.
හැබැයි මේ සොෆ්ට්වෙයා එකට නොනවතින අන්තර්ජාල සම්බන්ධතාවක් ඕන.

 කොහොම උනත මේකේ ඔක්කොම තියෙන්නේ චීන භාෂාවෙන්. ඒක නිසා මේකෙන් වැඩ කරන හැටි පහල තියෙන රූප වලින් ඕය ගොල්ලන්ට බලාගන්න පුළුවන්.

 පියවර 1 : Download කිරීමට මෙතන ක්ලික් කරන්න.  ඊට පස්සේ  එතන තියෙන Download බට්න් එක උඩ ක්ලික් කරහම සොෆ්ට්වෙයා එක වේවි. ඊට පස්සේ ඩවුන්ලෝඩ් වෙන සිප් ෆයිල් එකේ තියෙන් සොෆ්ට්වෙයා එක extract කරන්න. මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න දෙයක් නැහැ. ඩබල් ක්ලික් කරහම නිකන්ම ඕපන් වෙනවා.

(සැ.යු. : මේ සොෆ්ට්වෙයා එක බොට් එකක් නිසා මේ සොෆ්ට්වෙයා එක වයිරස් ගාඩ් එකෙන් වයිරස් එකක් කියලා පෙන්නයි. ඒ උනාට මේක වයිරස් එකක් නෙමෙයි. මේ සොෆ්ට්වෙයා එක මමත් පාවිච්චි කරනවා.)


පියවර 2 : සොෆ්ට්වෙයා එක ඕපන් කරගත්තට පස්සේ පහල රූපයේ දැකවෙන් බට්න් එක ක්ලික් කරන්න.






පියවර 3 : ඊට පස්සේ පොඩි වින්ඩෝ එකක් විවෘත වෙවි, එතනදී ඔයා වෙබ් සයිට්/බ්ලොග් සයිට් එකේ වෙබ් ඇඩ්ඩ්‍රස් එක ඇතුලත් කරලා රූපයේ තියෙන් බට්න් එක ක්ලික් කරන්න.






මේවගෙ ඔය ගොල්ලන්ට වෙබ් සයිට් 4 ක් දකවා ඇතුලත් කරන්න පුලුවන්. දැන් තියෙන්නේ බලන් ඉන්න විතරයි. බලන් ඉදිද්දී ඔයාගේ සයිට් එකට විසිටර්ස් ලා ගලාගෙන ඒවි.
අවවාදයයි:ඔබ google adsense භාවිතා කරයි නම් මෙමඟින් ඔබගේ ගිනුමට යම් යම් ගැටලු මතුවිය හැක.

පරිගණකය වේගවත් කරගන්න කැමතිද! Smart Cleaner!

11:44 AM 4 Comments

මෙන්න තවත් එල සොෆ්ට්වෙයා එකක්. මේකෙ නම Smart Cleaner. ඇත්තටම කිව්වොත් මේක මගේ වැඩක්. මේ සොෆ්ට්වෙයා එක සිස්ටම් ක්ලීනර් (System Cleaner) වර්ගයේ සොෆ්ට්වෙයා එකක්. ඒ කියන්නේ මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා ඔය ගොල්ලන්ගේ පරිගණකයේ තියෙන අනවශ්‍ය ෆයිල්, අනවශ්‍ය තොරතුරු  හාඩ් ඩිස්ක් එකෙන් ඉවත් කරලා හාඩ් ඩිස්ක් එකේ තියෙන හිස් ඉඩ (Free space) වැඩි කරගන්න පුලුවන්. ඒ වගේම පරිගණකය වෙගවත් කරගන්නත් පුලුවන්.

ඊට අමතරව Duplicate කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එකෙන් ඔයාලා නොදැනුවත්ව පරිගණකයේ ගොඩගැහුනු එක වගේ ෆයිල් ස්කෑන් කරලා මකලා දාන්නත් පුලුවන්.

භාවිතය: මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරන්න හරිම ලේසි! සොෆ්ට්වෙයා එක ඉන්ස්ටොල් කරගත්තට පස්සේ ඕපන් කරගන්න. ඊට පස්සේ Cleaner ටැබ් එක සිලෙක්ට් කරලා Next බට්න් එක ඔබන්න. ඊට පස්සේ Start බට්න් එක ඔබන්න. දැන් ඔයාගේ පරිගණකය පිරිසිදුවේවි.

හැබැයි ඉතින් මේක වැඩ කරන්න Microsoft .Net Framework 3.5 version එක හරි ඊට වඩා අළුත් එකක් හරි ඕන. Windows 7, 8, 8.1 වලටනම් ඒක ප්‍රශ්නයක් නෑ.

Download Smart Cleaner Now

(Don't click EDIT CUSTOM button. )


වින්ඩෝස් පරිගණකයක තිබිය යුතුම ලොකු ලොකු වැඩ කරන පොඩි පොඩි සොෆ්ට්වෙයාස් ටිකක්. PART 2

10:50 AM Add Comment

ඔන්න යාලුවනේ පොරොන්දු වුන විදිහටම මම කලින් දීපු වින්ඩෝස් පරිගණකයක තිබිය යුතුම ලොකු ලොකු වැඩ කරන පොඩි පොඩි සොෆ්ට්වෙයාස් ටිකක් ලිපියෙ දෙවෙනි කොටස අරගෙන ආවා!හ්ම්ම් බලන්නකො එහෙනම් මේ සොෆ්ට්වෙයාස් ටිකත් ඔයාලට ප්‍රයෝජනවත්ද කියල.

  1. MiniBin -අපිට recycle bin එක ඕපන් කරගන්න ගියාම ඩෙස්ක්ටොප් එකේ තියන එක එක වින්ඩෝස් ක්ලෝස් කර කර ඉන්න වෙනවනෙ ඉතින් මේ සොෆ්ට්වෙයා එකෙන් රීසයිකල් බින් එක system tray එකට දාලා දෙනව.
  2. MailStore -අපේ ඊමේල් අපිට ඕෆ්ලයින් ඉඳන් බලන්න ඕනෙ නම් මේ සොෆ්ට්වෙයා එක දාගන්න,මේකෙන් ඊමේල් ඩවුන්ලෝඩ් කරල දෙනවා.
  3. MediaInfo -අපි වීඩියෝ එකක් ප්ලේ කරනකොට ඒකෙ ෆෝමැට් එක සමහර විට ප්ලේයර් එකට නොගැලපෙන නිසා ඒක ප්ලේ නොවෙන්න පුලුවන්.මේන්න මේ සොෆ්ට්වෙයා එකෙන් ඒක ප්ලේ වෙන්නෙ නැත්තෙ මොන කොඩෙක් එක නැති නිසාද කියල අපිට හොයල දෙනව.
  4. MediaInfo -සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගෙන් අපිට ෆයිල් කොපි කරගන්න මේකෙන් පුලුවන්.
  5. Soluto –අපේ කම්පියුටර් එක බූට් එන්න ගතවන කාලය අඩු කරල දෙන සොෆ්ට්වෙයා එකක්, අනවශ්‍ය start up programmes අයින් කරල ස්පීඩ් කරල දෙනව.
  6. Background Switcher – අපේ Facebook, Instagram, RSS Feeds, Picasa, Google Images වගේ අකවුන්ට් වලින් පොටෝස් අරගෙන ඒව ඩෙස්ක්ටොප් එකේ backgroun images විදිහට මාරුවෙන් මාරුවට පෙන්නන සොෆ්ට්වෙයා එකක්.
  7. f.lux –මේකෙන් අපේ කාලගුණයට ගැලපෙන විදිහට ඩෙස්ක්ටොප් එකේ colours වෙනස් කරනව.ඒක කරන්නෙ ඒවෙලාවෙ තියන සූර්යාලොකය වගේ දේවල් ගැන තොරතුරු ගනනය කරල.
  8. ZoomIt -අපේ desktop එක වයිට්බෝඩ් එකක් කරල දෙනව.පාට පාට පෑන් වලින් ඩෙස්ක්ටොප් එකේ ඕනෙම තැනක එතකොට අපිට ලියන්න පුලුවන්!
  9. LockBox –අපිට වැදගත් වෙන ෆයිල් අනිත් අයට නොපෙනෙන විදිහට ලොක් කරල හංගල තියාගන්න මේකෙන් පුලුවන්.
එහෙනම් අපි ගියා කස්ටියටම ජයෙන් ජය!

වින්ඩෝස් පරිගණකයක තිබිය යුතුම ලොකු ලොකු වැඩ කරන පොඩි පොඩි සොෆ්ට්වෙයාස් ටිකක්. PART 1

7:33 AM 5 Comments

ඔන්න අදත් මම සොෆ්ට්වෙයාස් ටිකක් අරගෙන ආවා! :) හැබැයි මහ ලොකු ඒවනන් නෙමේ ගොඩාක් පුන්චි ඒවා.හැබැයි මේවගෙන් කරගන්න පුලුවන් වැඩ කිඩ ටිකනම් පුන්චි නෑ හෙනම ලොකුයි! බලන්නකො ඔයාලගෙ කම්පියුටර් එකෙත් මේවා තියනවද කියල?නැත්නම් ඉතින් බාගන්න මොකද මේවනම් අනිව කොයි වෙලාවක හරි ඔයාලට ඕනෙ වෙන එක  වෙනවමයි.ඒකයි ඉතින් මමත් මේ පන දාගෙන දෙන්නෙ :))
  1. Eraser -අපි මොකක් හරි ෆයිල් එකක් delete කරහම ආයෙත් ඒක recover කරල ගන්න පුලුවන්න්නෙ.මම ඒක ගැනත් පෝස්ට් එකක් ලිව්ව ඒක බලන්න මෙතනින් යන්න.මෙන්න මේ සොෆ්ට්වෙයා එක භාවිත කරල delete කරහම නම් සදහටම මොකාටවත් හොයාගන බැරි විදිහට ෆයිල් ඩිලීට් කරන්න පුලුවන්.
  2. Unlocker -අපි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් delete කරන්න යනකොට මෙන්න මෙහෙම"file is in use” by another program මැසේජ් එකක් ආවොත් මේ සොෆ්ට්වෙයා කෑල්ල පාවිච්චි කරල ඒ process එක නවත්ත්තල ප්‍රෝග්‍රෑම් එක delete කරල දාන්න පුලුවන්.
  3. ShellExView – අපි මොකක් හරි සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කලහම right click menu එකටත් ඒක සමහර විට එනවනෙ.ඒකත් ඉතින් මලම වදයක් මේ සිෆ්ට්වෙර්යා එකෙන් පුලුවන් තමනට කැමති විදිහට ඒ මෙනූ එක හදාගන්න!
  4. Everything – windows search වගේ නෙමේ මේකෙන් පට්ට ඉකමනට ඕනෙමෙ දෙයක් search කරන්න පුලුවන්.
  5. Always on Top-අපි හිතමු අපි වෙබ් බ්‍රව්සර් එකේ ම්කක් හරි වැඩක් කර කර ඉන්නව.ඒත් එක්කම අපිට ෆිල්ම් එකක් බලාගන්නත් ඕනෙ.ඒත් ඉතින් වෙබ් බ්‍රව්සර් එක සිලෙක්ට් කෙරුව ගමන් ප්ලේයර් එක යටට යනවනෙ.අන්න ඒ කරදරෙන් නිදහස් වෙන්න මේකෙන් පුලුවන්
  6. Double Killer -එකම ෆයිල් එක කම්පියුටර් එකේ තැන් ගොඩක තියනවනම් මේකෙන් ඒ ෆයිල් හොයල ඩිලීට් කරගන්න පුලුවන්.
  7. TCPView-මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට බලාගන්න පුලුවනකපේ කොම්පියුටැර් එකේ තියන ඉන්ටනෙට් භාවිතා කරන අප් ip address  එහෙම ගන්න සොෆ්ට්වෙයා ලැයිස්තුවක්.
  8. Droplr -එක ක්ලික් එකෙන්ම ඉන්ටනෙට් එකට ෆයිල් අප්ලෝඩ් කරගන්න මේකෙන් අපිට පුලුවන්.
  9. TinyGrab -ගේමක් නැතුවම ඩෙස්ක්ටොප් එකේ ස්ක්‍රීන් ශොට් එකක් ගහගන්න පුලුවන්.මේකෙන් ඒ ස්ක්‍රීන් ශොට් එක ඔටෝම ඉන්ටැනෙට් එකට අප්ලීඕඩුත් කරනව.
  10. Mouse Jiggler-අපි ෆිල්ම් එකක් එහෙම බලද්දි මවුස් එක හොල්ලන්නෙ නැතුව තිබුනාම මොනිටර් එක ඕෆ් වෙනවනෙ.මේන්න මේ සොෆ්ට්වෙයා කෑල්ල දාගත්තම නම් එහෙම වෙන එක නතර වෙයි.
මේ සොෆ්ට්වෙයා භාවිත කරන විදිහ නැත්නම් මේවාගෙ තියන අව්ල් ඕනෙම එකක් පහලින් කමෙන්ට් කරන්න.අපි කැමතියි ඔයාලට උදව් කරන්න.
ලිපිය ටිකක් දිගයි.අනික මට තියන වෙලාවත් සීමිතයි,ඒකනිසා මේකෙ දෙවෙනි කොටස පුලුවන් තරම් ඉක්මනට මම දාන්නම්.රැඳිල ඉන්න අපිත් එක්කම :)

පැත්තෙන් තියන"සාමාජිකයෝ" කියන ගැජට් එකේ තියන JOIN THIS SITE ඔබලා ඔයාලටත් පුලුවන් අපේ බ්ලොග් එකේ සාමාජිකයෙක් වෙන්නෙහෙනම් අපි චුත වුනා බායි ඈ.
AVG Internet Security 2014 (ආරක්ෂාව ප්‍රථමයෙන්)

AVG Internet Security 2014 (ආරක්ෂාව ප්‍රථමයෙන්)

6:44 PM 1 Comment
ඔන්න ඉතින් දවසේ දෙවැනි පෝස්ටුව පිස්සු හැදෙනවා මේ බ්ලොග් කෙරුවාවත්, ඔව් අපේ සොෆ්ට්වෙයාර් ලන්තය ෆේස්බූක් group එකේ යාලුවෙක් ඉල්ලා තිබුන AVG Internet Security 2014, ඉතින් මේක වැඩ ගොඩක් තියෙන සුපිරි බාන්ඩයක් අනේ මේ ඇති යට තියෙන එව්වා කියවල ඕගොල්ලොත් මේක හරියනවනම් හොඳයි කියල හිතනවා නම් බා ගෙන බලන්න අවුලක් තිබ්බොත් කියන්ට අපිට. (එහෙම අවුලක් නැ හොඳේ)


General

  • Publisher AVG Technologies USA
  • Publisher web site http://www.avg.com/
  • Release date April 25, 2014
  • Date added April 25, 2014
  • Version 2014.0.4577

Category


  • Category Security Software
  • Subcategory Antivirus Software

System requirements

  • Operating systems Windows 7, Windows 8, Windows Vista, Windows XP

(දැක්කාම කන්න හිතෙනවා)



මෙව්වත් torrent ම තමා හොඳේ!

SPECS

Protection

Anti-virus

Yes
Anti-spyware

Yes
Anti-spam

Yes
Firewall

Yes
Anti-phishing

Yes
Parental controls

No


Anti-virus

Real-time virus protection

Yes
Kernel-level protection

No
Heuristic detection

Yes
Keylogger detection

Yes
Trojan detection

Yes
Search engine protection

Yes
Quarantine

Yes


Anti-spyware

Real-time spyware detection

Yes
Spyware alerts

No
Spyware detection

Yes
Adware blocking

Yes


Firewall

Two way firewall

Yes
Advanced rules

Yes
Data filtering

Yes
Port monitoring

Yes
Registry protection

No
Network traffic monitoring

Yes


Parental controls

Website filtering

Yes
IM filering

Yes
Social networks protection

Yes
Time limits

Yes


Scans

On-access scans

Yes
Quick & deep scans

Yes
Scheduled scans

Yes
Selective scans

Yes
Compressed files

Yes


Features

Password protection

No
Laptop mode

No
Gamer mode

Yes
Automatic updates

Yes
Logfiles

Yes

ඔන්න අපි ගියෙමු.....