Showing posts with label tech news. Show all posts
Showing posts with label tech news. Show all posts

ඔබගේ ඔන්ලයින් ගිණුමේ ආරක්ෂාව ප්රමාණවත්ද ?

8:51 PM Add Comment

Facebook, Tiwitter, Google, Viber, Pay Pal... ආදී නොයෙකුත් ඔන්ලයින් සේවා ගැන ඔබ අසා ඇත.  මින් එකක් හෝ කිහිපයක් ඔබට ඇතුවාට සැකයක් නැත. නමුත් මෙම ගිණුම් වලට එම ආයතනයෙන් සපයන ආරක්ෂාවට අමතරව ඔබ යොදනු ලබන මුර පදයද මෙම ගිනුම් වල ආරක්ෂාවට මහත් පිටුවහලක් සපයනු ලබනවා. ඔබගේ ගිනුමට කෙනෙකුට අනවසරයෙන් ඇතුලු වීමට අවශ්‍ය වූ විට ඔවුන් සිදු කරනුයේ විවිධ ක්‍රම මගින් ඔබේ මුර පදය බිදහෙලීමයි. කෙසේ නමුත් අද බොහෝ දෙනා සිදුකරනුයේ තම දුරකතන අංකය, උපන්දිනය, නමක් වැනි ඉතාම සරල ආකරයේ මුර පදයක් භාවිතා කිරීමයි. නමුත් මෙවැනි  මුර පද ලෙහෙසියෙන්ම බිදහෙලීමට පුලුවන. මෙවැනි හේතු නිසා බිද හෙලීමට අපහසු ආකාරයේ මෘදුකාංග නිපදවා තිබෙනවා. Password Manager Software ලෙස පොදුවේ හදුන්වන්නේ මෙම මෘදුකාංගයි
.

 Passcrypt  Pro යනු මුදල් ගෙවා ලබා ගත් යුතු සංස්කරණයයි. මෙහි මිල  1.90 $  පමණ වෙනවා. නමුත් මෙහිදී Passwords නිර්මාණය කිරීමට අමතරව තවත් පහසුකම් රාශියක් සලසා දී තිබෙනවා. එනම් Passwords නිර්මාණය, Save Passwords, Export Passwords, Manage Passwords හා අමතර පහසුකම්ක් වශයෙන් File Locker නම් පහසුකමක්ද හදුන්වා දි ඇත.

කෙසේ නමුත් මෙම වැඩසටහන ධාවනය කිරීමට .Net Framework 4  අවශ්‍ය වනවා. ඔබලග .Net Framework 4  නොමැතිනම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
(Windows 8, 8.1, 10  සඳහා  .Net Framework 4  අවශ්‍ය නොවේ.)

ඩවුන්ලෝඩ් කරගැනීමට  : https://sellfy.com/p/XvTy

 Settings සැකසීම.

වැඩසටහන පළමු වර  Run කිරීමේදී පැමිණෙන්නේ Enter new Password ඩයලොග් බොක්ස් එකයි. මෙහිදී වැඩසටහනට පිවිසීමට Password එකක් ලබාදීය යුතු අතර ඔබ මතක තබාගතයුතු එකම එක Password එක වන්නේද මෙයයි. මෙහිදී Password එක නිවැරදිව ලබාදී Login වූ පසු වැඩසටහනට පිවිසෙයි. එහිදි Settings Tab එක තුලදී සාදන Password ගණන, Password එකක ඇතුලත් විය යුතු Charators ගණන හා අතුලත් විය යුතු Charactor වර්ග සදහන් කලයුතුය.

Password නිර්මාණය.

සැකසුම් සිදුකර අවසන් වූ පසු Password නිර්මාණය කරගැනීමට Crate Tab එක Select කර එහි ඇති Create Password බට්න් එක  Click කල යුතුය.

Password Save කිරීම.

මේ සඳහා නිර්මාණයවූ Password එකක් මත ක්ලික් කර Save Selected බට්න් එක ක්ලික් කල යුතුය. එවිට විවෘත වන්නේ  Save Password  ඩයලොග් බොක්ස් එකයි. ඒ තුලදී Password එක හා සම්බන්ධ වෙනත් අමතර තොරතුරු ලබාදී  OK   කල විට Password එක Save  වෙයි. Save කරන ලද Password Saving Tab එක යටතේදී බැලිය හැක.

Password Export කිරීම.

මේ සඳහා නිර්මාණයවූ Password එකක් මත ක්ලික් කර Export Selected button එක මත ක්ලික් කල යුතුය. එවිට විවෘත වන්නේ  Save As ඩයලොග් බොක්ස් එකයි. මේ තුලදී Passcrypt Password File ෆයිල් ටයිප් එක තේරුවහොත් විවෘත වන්නේ Save Password  ඩයලොග් බොක්ස් එකයි. ඒ තුලදී Password එක හා සම්බන්ධ වෙනත් අමතර තොරතුරු ලබාදී  OK   කල විට Password එක Save  වෙයි. මෙවිට මෙම Password  එක නැවත බැලිමට අවශ්‍ය වූ විට Passcrypt වෙත login වී File එක විවෘත කල යුතුය.
මෙහිදී  Text File ලෙස file type එක ලබාදුන්නේ නම් සාමාන්‍ය Text file එකක් ලෙස Save වන අතර  Note pad, Word Pad, MS WORD වැනි text editor මෘදුකාංගයක් හරහා නැවත විවෘත කරගත හැක.

File Lock  කිරීම.


මේ සඳහා File Locker Tab එක සිලෙක්ට් කර File Lock යටතේ File to lock යන්න ඉදිරියෙන් ඇති Browse button එක ක්ලික් කර ලොක් කිරීමට අවශ්‍ය  File එක තෝරා දිය යුතුය. අවශ්‍ය නම් ලොක් කරන ලද ෆයිල් එක සේව් වන තැනද File to destination යන්න ඉදිරියෙන් ඇති Browse button එක ක්ලික් කර වෙනස් කල හැක. ඊලඟට ලබාදිය යුත්තේ Password එකයි. මෙම Password එක වැඩසටහනට පිවිසීමේදී ලබදුන් Password  එක නොව වෙනමම Password  එකකි. එනම් ඔබ නැවත File එක Unlock කිරීමේදී ලබාදිය යුත්තෙ මෙම Password එකයි. එහෙයින් මෙම Password එක මතක තබාගත යුතුය.

අනාගත නිවාස ආරක්ෂාවේ අධි-තාක්ෂණය.

10:47 AM Add Comment


නිවෙසක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු අතරින් 20%ක් වැදගත්කමක් නිවසෙහි ආරක්ෂාවට හිමි වන බව සමීක්ෂණවලින් පෙන්වා දී තිබේ. වර්තමානයේ නිවෙස්හි ආරක්ෂාව,තාක්ෂණීක දියුණුව හේතුවෙන් අන් කවරදාකටත් වඩා පහසුවී තිබේ.  මෙම ගෘහස්ථ තාක්ෂණයේ තවදුරටත් සිදුවන වර්ධනය හේතුවෙන් නුදුරු අනාගතයේදි අපට
Hyper-Secure connected smart homeසංකල්පයට පවා ලඟාවිය හැක. පහත සඳහන් වන්නේ අනාගතයේ අපට දක්නට ලැබෙන එවන් තාක්ෂණික වෙනස්කම් කිහිපයකි,


Door Fingerprint Reader 
මෙහිදී දොරෙහි හෝ ගේට්ටුවෙහි අගුලට ඇඟිලි සලකුණු සංවේදකයක් සවිකෙරේ. එමගින් දොරගුල කරකවන්නාගේ ඇඟිලි සලකුණු සටහන් කර ගැනෙන අතර එය ගබඩා කර ඇති අවසරලත් පුද්ගලයන්ගේ දත්ත සමඟ සසඳා බලා අනන්‍යතාව තහවුරු කර ගැනේ. එසේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකිවිට එසේ ඇතුලුවන්නාගේ ඡායාරූපයක් සමඟ දැනුම්දීමක් නිවෙස් හිමියාගේ ජංගම දුරකථනයට මෙන්ම ආරක්ෂක නිළධාරීන් වෙතද ලැබෙනු ඇත.


Cross-Checking Facial Recognition
වඩාත් පහසුවෙන් නිවෙසට ඇතුලුවන්නන් හඳුනාගත හැකි තාක්ෂණයකි. දොරෙහි සවිකර ඇති facial recognition උපකරණයක් ආධාරයෙන් ඇතුලුවන්නාගේ දත්ත ඔබගේ සමාජ-ජාලා වෙබ් අඩවි හරහා සම්බන්ධ කල හැක. එයට අමතරව අදාල පණිවුඩ පොලිසිය වෙත යොමුකිරීමේ හැකියාව හේතුවෙන් යම්කිසි අපරාධයකදී ක්ෂණිකව ක්‍රියාකල හැක.


Full Smart-Home
නිවසෙහි සියලු සේවාවන් ස්මාර්ට් ජංගම දුරකථනයක් හා සම්බන්ධ කරනු ලබන මෙම තාක්ෂණය Universal remote සංකල්පය හා සමාන වේ. ආලෝක සහ විද්‍යුත් උපාංග හා සම්බන්ධ චලන සංවේදක වල ක්‍රියාකාරීත්වය වහා ඔබගේ දුරකථනයට දැනුම්දෙනු ලැබේ. තවද ආරක්ෂක පද්ධතිය තම ජංගම දුරකථනය හා සම්බන්ධව ඇති හෙයින් අනවසර ඇතුලුවීමකදී ඇතුලුවන්නාගේ ඡායාරූපයක් දුරකථනයට ලබා ගැනීමේ හැකියාවද පවති.


Cyber-Security is Improved

තාක්ෂණය අප ජීවිතයේ සෑම පැත්තක්ම ආක්‍රමණය කරමින් පවති, විශේෂයෙන් ගෘහස්ත තාක්ෂණය. අනෙක් පසින් මේ හා සම්බන්ධ ප්‍රධාන තර්ජනයක්ද වේ. එනම් අපරාධකරුවන්ද මෙම තාක්ෂණය තම අපරාධ සඳහා යොදා ගැනීමට ඇති හැකියාවයි. මේ හේතුවෙන් කිසියම් තර්ජනයක් කල්තියා හඳුනාගැනීමේ හැකියාවෙන් යුක්තව මුළුමනින්ම අපාරගම්‍ය Cyber-Security පද්ධතියක් තිබීම ඉතා වැදගත් වේ. මීට එක් විකල්පයක් වශයෙන් automatic IP back තාක්ෂණය හරහා අපරාධකරුවාට නොදැනී පොලීසිය වෙත සංඥාවක් යොමුකල හැක.
ලිපිය ලිව්වේ
ගයාන් දිසානායක
www.lamudi.com

3G සහ 4G නිසා ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන පිරිස ඉහල යයි.

10:35 AM Add Comment

මිලියන 20.4 කට වැඩි ජනගහනයක් සිටින ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන මිලියන 20ක ට වඩා ඇති අතර  3G හා 4G භාවිතා කරන්නන්ගේ ප්‍රමාණයද නිරන්තරයෙන් ඉහල යමින් පවතී. 3G හා 4G අන්තර්ජාල භාවිතය නිසා අන්තර්ජාලය භාවිතා කරන අයට වාසි විශාල ප්‍රමාණයක් ලැබේ. අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් ඔහුන්ට එමගින් ලැබෙන අතර එමගින් ඕනෑම දෙයක් ඉතාමත් ඉක්මනට භාගත කර ගැනීමට හැකි වේ. 3G බොහෝ වේගවත් වන අතර එමගින් උසස් තත්ත්වයේ හඬ සහ වීඩියෝ ඇමතුම්, වේගවත් සම්බන්ධතා, බැංකු හා අන්තර්ජාලය ව්‍යාපාර  වැනි දේවල් තුලින් පාරිභෝගිකයන් හට ගුණාත්මක සේවා සපයයි.

ශ්‍රී ලංකාවේ පුද්ගලික ජංගම දුරකථන සේවා සැපයුම්කරුවන් වන  මොබිටෙල්, එටිසලාට්, එයාර්ටෙල් සහ ඩයලොග් දැනටමත් වෙළෙඳපොළ තුල වේගයෙන් ඔහුන්ගේ ගමන  ආරම්භ කර ඇත. හඬ සේවා සදහා ඔහුන් මුලිකත්වයක් දිය යුතු නමුත් දත්ත හා සම්බන්ධ සේවා වර්ධනයද ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව ඉහළ දත්ත භාවිතා කරන්නන්(අන්තර්ජාල භාවිතය) ලෙස හැදින්විය හැකි අතර එය වේගයෙන් වර්ධනය වෙමින් පවතී. මිලියන 20කට වඩා ජංගම දුරකථන ශ්‍රී ලංකාවේ භාවිතා වන බැවින් 4G පාරිභෝගික පදනමත් ඉතාමත් වේගෙන් ඉහල ය හැකි බවට දැනටමත් සංඥා ලබා දී ඇත.


ජංගම VAS වෙළඳපොළ ද 3G සේවා සමග ඉතා වේගයෙන් දියුණු වන්නේ mobile TV, ගීත භාගත කිරීම්, games භාගත කිරීම්, utility services, M-commerce වැනි  දේවල් නිසාය. ශ්‍රී ලංකාවේ තරුණයන් හට 3G භාවිතය හරහා ඵලදායී තොරතුරු සඳහා අන්තර්ජාල ගවේෂණය කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. ඔහුන්ට Kaymu, wow, takas වගේ සමාගම් වලින් අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා ලබා ගැනීමටත් පුළුවන්.අන්තර්ජාලය භාවිතා කරන අයගෙන්  90% ක් පමණ ජංගම දුරකතන හරහාද අන්තර්ජාල පහසුකම් ලබා ගන්නවා. 2015 වසරේදී 3G සහ 4G භාවිත කරන පිරිසද 20% කින් පමණ වැඩි වීමක් බලාපොරුත්තු වෙන්න පුළුවන්.
මේ වනවිට ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන්නන් තම ජංගම දුරකථන මගින් ආරක්ෂිත ආකාරයට  බැංකු කාර්යයන් ද සිදු කරන අතර ඒ සඳහා වේගවත් අන්තර්ජාල සම්බන්ධතා අවශ්‍ය වන අතර  මිලියන 7 ක් පමණ වන ජංගම බැංකු පරිශීලකයන් ඇත. සමාජජාල වෙබ් අඩවි භාවිතය ඉහල යාමටද ජංගම දුරකථන බෙහවින් ඉවහල් වී ඇත. Facebook අඩවියේ සිටින ශ්‍රී ලංකික සාමාජිකයන්ගෙන් අඩකට ආසන්න ප්‍රමානයක් අවුරුදු 18-24 අතර වන අතර ශ්‍රී ලංකාවේ Facebook භාවිතා කරන පිරිස මිලියන 3.3 ක් පමණ වේ. සැම තප්පර 20 කට වරක්ම අලුත් සාමාජිකයෙක්ද එයට එකතු වේ.

ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශ වලට  විදුලි පහසුකම් නොමැතිකම නිසා , ඩයලොග් වැනි සමාගම් අන්තර්ජාලය වෙළෙඳපොළ ඉහල දමා ගැනීමට 4GLTE සේවාවන් භාවිතා කරයි. මෙම සමාගම් පාරිභෝගික පදනම වැඩි කර ගැනීම සදහා ඉතාමත් උසස් තත්වයේ සේවාවක් ලබා දීමට සැම විටම වගේ උත්සහ කරන අතර එය රටේ සංවර්දනයටද බෙහෙවින් උපකාරී වේ. එමගින් 3G සහ 4G ජාල හරහා අන්තරජාලය භාවිත කරන පිරිස වැඩි වීමද අනිවාර්යෙන්ම සිදු වනු ඇත.

Facebook හා Instagram වෙබ් අඩවි බිඳ වැටේ!

2:53 PM Add Comment

ෆේස්බුක් හා instagram වෙබ් අඩවි ලොව පුරා ඊයේ රාත්‍රී 10ත් 11 ත් අතර කාලය තුල මිනිත්තු 30 ක පමණ බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.ඒත් සමගම http://downrightnow.com/  නැමැති මේ වන විට සක්‍රීයව හා බිඳවැටී ඇති වෙබ් අඩවි ගැන තොරතුරු දැනගත හැකි වෙබ් අඩවියද බිඳ වැටී තිබෙනවා.Lizard Squad නැමැති කණ්ඩායම විසින් එල්ල කරන ලද Ddos ප්‍රහාරයක් නිසා මෙය සිදු වී ඇති බව වෙබ් අඩවි වාර්ථා කරනවා.

Norse  නමින් හදුන්වන අන්තර්ජාල ආරක්ශන සමාගමේ ipviking නැමැති තාක්ශනය ඔස්සේ Ddos attack එල්ලවන ස්ථාන හදුනාගත හැකියි.ඒ සමාගමට අනුව ඊයේ රාත්‍රියේ දී ඇමරිකාව වෙත ඉතා විශාල Ddos ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.මේ නිසාවෙන් ෆේස්බුක් වෙබ් අඩවිය බිඳවැටී තිබෙනවා.


මේ පිලිබඳව ෆේස්බුක් අඩවිය මෙසේ සඳහන් කර තිබුනා.

"Facebook and Instagram experienced a major outage tonight from 22:10 until 23:10 PST. Our engineers identified the cause of the outage and recovered the site quickly. You should now see decreasing error rates while our systems stabilize. We don't expect any other break in service. I'll post another update within 30 mins. Thank you for your patience."

කෙසේවෙතත් මේ වන විට ෆේස්බුක් හා instagram වෙබ් අඩවි නැවත යථා තත්වයට පත් වී තිබෙනවා.

සිම් නැතිව කතා කල හැකි google connections ලඟදීම.

7:19 AM Add Comment

අපේ රටේ නම් Dialog,mobitel,etisalat,Airtel.hutch වගේ දුරකථන සේවා සම්පාදකයින් ගොඩාක් ඉන්නවා.මම හිතනවා අපි හැමෝම මෙන්න මේ වගේ දෙයක් කවදා හරි හිතල ඇති "අපිටත් සිම් එකක් නැතිව කතාකරන්න පුලුවන්නම්" කියල.ඒත් ඒ බලාපොරොත්තුව වැඩි ඈතක නොවෙයි.දැනටමත් ගූගල් ආයතනය ඒ පිලිබඳව ව්‍යාපෘතියක් සිදුකරගෙන යනවා.

Nick Fox කියන ගූගල් සමාගමේ නිලධාරියෙක් තමයි මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙ. ඇමරිකාවේ T-mobile හා Sprint යන දුරකථන සේවා සම්පාදකයින් එක්ක එකතුවෙලා තමයි මේ MVNO mobile virtual network operator) රැහැන් රහිත දුරකථන ජාලය හදන්න යන්නෙ. මෙම ව්‍යාපෘතියේ නම "NOVA" ලෙස හදුන්වලා තිබෙනවා. කෙසේනමුත් මෙම ව්‍යාපෘතිය දැනට T-mobile හා Sprint සම්බන්ධතා ඇති ප්‍රදේශ වලට සීමා වේවි.

ඒ අනුව අපිටත් ලඟදීම සිම් පතක් නැතුව කතා කරන්න පුලුවන් යුගයක් ඒවි෴

මේ වීඩියෝ එකත් බලන්න.


Youtube ලඟදීම අංශක 360 විඩීයෝ සඳහා සහය දෙන ලකුණු.

4:08 PM Add Comment
ඉදිරි සති කිහිපය තුළදී ලෝකප්‍රසිද්ධ youtube අඩවිය අංශක 360 විඩියෝ පට සඳහා සහය දක්වන බව gizmodo නම් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.ඔවුන් එහි මෙලෙසින් සඳහන් කොට තිබෙනවා
Look out, YouTube fans. Soon, you’ll be able to immerse yourself in videos that go all the way around. Google has just confirmed to Gizmodo that it will be adding native support for 360-degree videos to its streaming video service,
එමෙන්ම ගූගල් ආයතනයේ ප්‍රකාශ්කයෙකුද ඒ බව සනාථ කොට තිබෙනවා.නමුත් එම සහය දීමට නියමිත් දිනය පිලිබඳව නම් තවම සඳහනක් නැහැ.ඔබටත් අංශක 360 වීඩියෝ පටයක් සෑදීමට අවශ්‍යනම් ඔබට සිදුවෙනවා  Ricoh Theta, Kodak SP360, Giroptic 360cam, VSN V.360, Bublcam  වගේ කැමරා ඒකට භාවිතා කරන්න.

අංශක 360 විඩීයෝ පට පිලිබඳව වැඩිදුර තොරතුරු පහත වීඩියෝව තුලින්..


අංශක 360 විඩීයෝ පට මෙතනින්.

එසේනම් නැවතත් හමුවෙමු ඔබට සුභ දවසක්!