Showing posts with label විශේශාංග. Show all posts
Showing posts with label විශේශාංග. Show all posts

Stepper motor running patterns

7:40 PM 1 Comment

සොෆ්ට්වෙයා ලන්තය අපි අද කතා කරන්නෙ stepper motor වල running patterns ගැන. ඒ වගේම තමයි මේ පාඩම ඉදිරිපත් කරන්නේ යසන්ත නිරෝෂන් අයියා. මේ articel එක එයාගෙ නිර්මාණයක්.
ලිපියේ මොනව හරි අපහැදිලි තැනක් තියෙනවනම් කමෙන්ට් කරන්න. යසන්ත අයියා පිලිතුරු දේවි.

contact Yasantha Niroshan on Facebook

ගොඩක් අයට ස්ටෙප්පර් ගැන කතා කරනව.cnc වගෙම තවත් ගොඩක් දේවල් වලට ගොඩක් වටිනව මෙ ස්ටෙප්ර් මොටර් .මෙක වැඩ කරන විදිය ගැන පොඩි දෙයක් තමයි මම කියන්න යන්නෙ

මෙක හොදින් බලන්න.ඔයලගෙ ප්‍රොජෙක්ට් එක අනුව ඔයල ස්ටෙප්පර් මොටොර් එක තොර ගන්නව වගෙම එක running pattern එකත් ගොඩාක් වැදගත් .මොකද ඒකෙන් තමඉ මොටොර් එකේ ගන්න load එකයි resolution එකයි තිරනය වෙන්නෙ.

1 ක්‍රමය

ඔය පලවෙනි එකේ තියනව වගෙ one pase -full step pattern එකෙන් ගන්න අම්පියර් ගන අඩුයි වෙගය වැඩ්..

2 ක්‍රමය

2නි රුපය tow phas full steps ක්‍රමයෙන් පලවෙනි ක්‍රමයට වඩා 30% ,40% torque එක වැඩි(torque =බලය වගෙ දෙයක්,එ ගැන හොයාගන්න) .
ඉතින් ස්ටෙප්පර් එකක් ඩුවන්නෙ ස්ටෙප්ස් වලින් කියල දන්නවන්නෙ.සමාන්‍යන් එක ස්ටෙප්ස් එකක් ලෙබුනම මොටොර් එක 1.8° යනව.360° යන්න 200ස්ටෙප් ඔන.ඔය ක්‍රම දෙකෙන්ම 200වලෙන් 360ක් යනව..

3 ක්‍රමය

3වෙනි ක්‍රමයට half steps අර ක්‍රම දෙකටම වඩා දෙගුණයක් resolution and smoother වැඩි.
හැබැයි 15%ක් විතර torque එක අඩුයි..

4 ක්‍රමය

4 වෙනි ක්‍රමය තමයි පට්ටම ක්‍රමය.මගෙ අසම ක්‍රමය.ස්ටෙප්පර් එකකින් හොදම resolution එකක් ගන්න පුලුවන් .basic step එකක් 256වතාවකින් කඩල ගන්න පුලුවන්.හැබැයි 30% වගෙ torque එක අඩු වෙනවා..මෙ ක්‍රමයට නම් අපිට pattern එකක් ලෙයල කරන්න අමාරුයි .එකට micro stepping steppe driver ekak ඔන.අර ක්‍රම වලට වඩා ටිකක් වෙගය අඩුයි .ඉතින් ඔයලා micro stepping controler එකක් තොර ගද්දි ඔයලගෙ prossesing unit , software ,මොටොර් එක අනුව තොරගන්න.micro stepping 1, 1/2, 1/4, 1/8 වගෙම 1/16 න් එහා තියනව advance driver වල..එවගෙ drivers වල තියන dip ස්විච් වලින් අදාළ micro steps ගනන select කරන්න පුලුවන් .
ඔයල දැනගන්න ඔන ස්ටෙප්පර් එකක වෙගය වැඩි වෙනකොට torque එක අඩුවෙනව..
ඉතින් ඔයල H bridge මොටොර් කොන්ට්‍රෝල් එකක් පවිච්චි කරනවනම් pattern එක ඔය තියන ක්‍රමවලින් එකකට ලියන්න.මොකද drive එකට pattern එක 4wire වලින් කෙලින්ම දෙන නිසා.
ඔයල ස්ටෙප්පර් කොන්ට්‍රෝල් එකකින් දෙනවනම් අපිට pattern එක ලියන්න ඔන නැ.දෙන්න ඔන step signel and direction සිග්නල් එක විතරයි.advance කොන්ට්‍රෝල් වල select කරන්න පුලුවන් dip ස්විච් වලින් ..
ඉතින් ස්ටෙප්පර් ගැන හොදට ඉගෙන ගන්න.ගොඩක් වැදගත් වෙයි.

ලංකාවේ මුල්ම Alternative Arduino IDE එක මෙන්න.

6:23 AM 30 Comments

අද මම කියන්නෙ යන්නේ Codino IDE එකේ අලුත්ම version එක ගැනයි. Codino කියන්නෙ මොකක්ද කියලා කිව්වොත් Codino කියන්නේ Arduino IDE එක වෙනුවට භාවිතා කරන්න පුලුවන් Aulternative IDE එකක්, ඒ කියන්නේ දැන් තියෙන Arduino IDE එකේ තියෙන features වැඩි දියුණු කරලා හදපු IDE එකක්. ඒ වගේම Codino වල තවත් විශේෂත්වයක් තියෙනවා, ඒ තමයි මේ IDE එක 100% ක්ම මගේ නිර්මාණයක්, ඒ වගෙම තමයි මේක 100% free දෙන software එකක්, පුලුවන්නම් කීයක් හරි Donate කරන්න පුලුවන්.(web site එක continue කරන්න පුලුවන්නේ වෙන්නෙ ඔයලා දෙන donate වලීන් තමයි ඉතින්)
Codino  v3 එක මේ web site එකෙන් නොමිලේම download කාරගන්න පුලුවන්.

Download codino from : http://codinostudio.com/

භාවිතා කරන්නේ කොහොමද ?

මුලින්ම Codino download කරලා install කරගන්න. ඊට පස්සේ File > Settings ගිහිල්ලා Compiler tab එක් select කරන්න. ඊට පස්සේ Arduino main EXE කියන තැනට පහලින් තියෙන Browse button එක click කරලා Arduino IDE එක install කරපු තැන තියෙන arduino.exe තෝරලා open කරන්න. ඊට පස්සේ settings window එකේ තියෙන Done button එක click කරලා Codino එක Close කරල අයේ open කරන්න. දැන් ඔක්කොම හරි. දන් තියෙන්නෙ හිතේ හැටියට code කරන්නයි.

Codino Features

මීට කලින් relese කරපු version 2 ට වඩා වැඩි features ගණනාවක් Codino V3 එකේ ඇතුලත් කරලා තියෙනවා. පහලින් තියෙනවා Codino එකේ තියෙන අලුත් features මොනවද කියලා.

Code Auto Complete

Codino වල තියෙන ප්‍රධානම විශේෂත්වයක් තමයි මේ. මෙතනදී ඔයා මොකක් හරි වචනයක් type කරන කොට වචනයේ පළවෙනි අකුරු 2 type කරපු ගමන් ඒ කට ගැලපෙන වචන list එකක් එනවා, එතනින් ගැලපෙන වචනය තෝරලා enter කරන්න විතරයි ඕනේ. මේ option එක auto ම ඔය define කරපු variable වගේම ඔයා include කරගත්තු library වල තියෙන keywords හොයලා ඒකත් Auto complete list එකට එකතු කරනවා. ඒ නිසා සම්පූර්ණ වචනයම දැන් type කර කර ඉන්න ඕනෙ නෑ.

App Make

App make කියන්නෙ codino IDE එකේ තියෙන සුවිශේෂ tool එකක් මේකෙන් ඔයලාට Computer එකේ ඉදලා arduino board එක control කරන්න පුලුවන් software එකක් ඉතාම ලේසියෙන් හදගන්න පුලුවන්. ඒ වගේම App Make වලින් software හදන්න code කරන්න ඕනේ නෑ. මේ පහලින් තියෙන video එකේ තියෙන්නේ RGB LED එකක් control කරන software එකක් ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා..

Object Explorer

මේකත් තව ප්‍රධාන විශේෂත්වයක්, මෙතනදි ඔයලා define කරපු variable, voids, function වගේ objects වෙනම list එකක් විදිහට පෙන්නනවා. ඔයාලා දිග programe එකක් ලියන කොට ඒ ඒ objects define කරපු තැන් හොය හොය ඉන්නේ නැතුව මේ list එකෙන් තෝරලා ඒ උඩ click කරහම auto code එක define කරපු තැනට document එක focus වෙනවා.

Library Browser

මේ function එකෙන් ඔයාලා computer එකේ install කරපු හැම Arduino library එකක්ම මෙතනදී බලගන්න පුලුවන්. ඒ වගේම ඒ ඒ library වල තියෙන keywords මොනවද කියලත් ඒ වයේ examples වගේම ඊට අමතරව library වල අමතර තොරතුරුත් මොනවද කියලා මෙතනදී බලගන්න පුලුවන්.

Serial Ploter/Serial Monitor

සාමාන්‍ය serial plotter/monitor එකට වඩා වැඩි පහසුකම් මේකෙ තියෙනවා.

Library Manager

වඩාත් පහසුවෙන් Library Install/Uninstall කරන්න පුලුවන් වෙන විදිහට මේක develop කරලා තියෙනවා.

RGB Color Selector

RGB LED/Color screen use කරන කොට ඕනෙ වෙන color vaibale පහසුවෙන් හදාගන්න මේක නිර්මාණය කරලා තියෙනවා.

දැනගෙන තෙල් ගහමුද?

7:19 AM 8 Comments

1. Full Tank ගහන එක හොදයිද ?

හැමෝම දැකලා ඇති ඉන්ධනහල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවා.
අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්‍රව්‍යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා . අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේ. මේක ඉතිං හැමෝම දන්න දෙයක්නෙ..
මීට අමතරවව Full Tank පෙට්‍රල් ගැසීමේ අවාසි තමයි මේ...
පෙට්‍රල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වංක්‍රීයව නවතින ක්‍රමයක් තියන බව අපි හැමෝම දන්නවා.
මෙතනදී වැඩිපුර පැමිණි පෙට්‍රල් ප්‍රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා. නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්ය..
එනම් ඔබ මේ ඉන්ධන සදහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධනහල් හිමිකරුට ඉන්ධන වලින්ම ආධාර කර ඇත.

2. තෙල් ගහන්න වෙලාවක් තියනවද ?

හැකිතාක් උදේ වරුවෙ තෙල් ගහන්න. මොකද උදේ වරුවට පොලොව රත්වී නොමැති නිසා භුගත ගබඩා වල පවතින් ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමේ පවතී.. නමුත් උෂ්නත්වය වැඩිවීමටත් සමග ද්‍රව ප්‍රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ..
අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක් මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්‍රමාණයකි.

3. ඉක්මනට තෙල් ටික ගහමුද ?

හැමෝම හොදින් දැකලා ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්. නැවත මතක් කර ගත්තොතින් පෙට්‍රල් කියන්නෙ ඉතා ඉක්මනින් වාෂ්ප වන දුවයක් කියන එක ඔයාලටම තේරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී..
ඔබ වේගයෙන් පෙට්‍රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්‍රල් වලින් ප්‍රමාඉණයක් ඔබට නොදැනීම වායුගොලයට එක්වී හමාරය.
හැකි තරම් සෙමින් ඉන්න මුදාහැරීම සුදුසුය..

4. බවුසරයෙන් ආපු අලුත්ම තෙල් ගහමුද ?

ඕනෑම ඉන්ධනහලක ගබඩා කරලා තියෙන්නෙ භූගත ටැංකි වලය. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවනවත් දැකලා ඇතිනෙ..
හෙන්න මේ වගේ අවස්ථාවක ඉන්ධනහලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොද. මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණුරොඩු කැළඹීමට පත්වෙනවා. මේ වගේ වෙලාවක ඉන්ධන ලබාගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණුරොඩු ඔබේ ඇන්ඩිමටද ලබාගැනීමට හැකියාවක් තියනවා..
මෙම ලිපියෙන් මොනයම් දෙයක් හරි අලුතින් ඉගෙනගත්තා නම්.. ලිපිය හොදයි නම් share කරලා අනිත් යාලුවන්ටත් පෙන්නන්න අමතක කරන්න එපා
උපුටා ගැනීමකි
පරිගණක පිලිබඳව ඔබ නොදත් කරුණු!

පරිගණක පිලිබඳව ඔබ නොදත් කරුණු!

6:55 PM 4 Comments

  1. සාමාන්‍යයෙන් සෑම මසකටම පරිගණක වයිරස 6000ක් පමණ අලුතින් නිකුත් වේ.
  2. Doug Engelbart විසින් පලමු පරිගණක මවුසය නිපදවූ අතර එය දැවයෙන් සාදා තිබුනි.
  3. Farooq Alvi සහෝදරයන් විසින් 1986 දී පලමු පරිගණක වයිරසය නිපදවූ අතර එය boot sector වර්ගයේ වයිරසයක් විය.ඔවුන්ගේ සමීක්ශණයක් සඳහා ඔවුන් එය නිපදවා ඇත.
  4. සාමන්‍ය මිනිසෙක් මිනිත්තුවකට ඇසිපිය 20ක් හෙලයි,නමුත් පරිගණකය භාවිතා කරන්නෙක් මිනිත්තුවකට 7 වතාවක් පමණක් ඇසිපිය හෙලයි!
  5. යතුරු පුවරුවේ එක පේලියක අකුරු පමණක් යොදා ගනිමින් සෑදිය හැකි දිගම වචනය TYPEWRITER වේ.
  6. පරිශීලකයන් ප්‍රමාණය මිලියන 50ක් දක්වා ගොඩ නගා ගැනීමට රේඩියෝවට අවුරුදු 38ක් ගතවූ අතර රූපවාහිනියට අවුරුදු 13ක් ගතවුනි,නමුත් අන්තර්ජාලයට ගතවුනේ අවුරුදු 4ක් පමණි.
  7. පළමුවෙන්ම ලියාපදිංචි කල ඩොමේන් නාමය Symbolics.com වේ.
  8. සාමාන්‍යයක් ලෙස ගත්විට යතුරුලියන්නෙකුගේ ඇගිලි දිනකට හැතැහ්ම 12.6ක් පමණ ගමන් කරයි!
  9. ලෝකයේ පළවෙනි පරිගණකය ලෙස හැදින්වෙන Z1 නම පරිගණකය Konrad Zuse විසින් 1936 දී නිපදවූ අතර ඔහු 1939 දී ඔහු Z2 ලෙස හඳුන්වන පළමු සම්පූර්ණ  ඉලෙක්ට්‍රොනික්-යාන්ත්‍රික පරිගණකය නිපද්වූවේය.
  10. ඩොමේන් නාම මිලියනයකටත් වඩා එක් මසකට ලියාපදිංචි වේ.
  11. ලෝකප්‍රකට මයික්‍රොසොෆ්ට් නිර්මාතෲ Bill Gates ගේ නිවස නිර්මාණය කර ඇත්තෙ macintosh පරිගණකයක් ආධාරයෙනි!
  12. ලෝකප්‍රසිද්ධ Hewlett Packard නොහොත් HP සමාගම ආරම්භ කර ඇත්තේ 1939 දී Palo Alto හි ගරාජයකය.
  13. eBay වෙබ් අඩවියෙහි තත්පරයකට $680 ක පමණ භාණ්ඩ විකිනීම සිදු වේ.
  14. ඔබේ ජංගම දුරකතනයෙහි ඇති පරිගණකය මිනිසුන් දෙදෙනෙකු හඳට ගෙන ගිය Apollo 11 යානයේ තිබූ පරිගණකයට වඩා බලවත්ය.
නැවතත් මෙවැනිම ලිපියකින් හමුවෙමු! සුභ දවසක්෴

අනාගත නිවාස ආරක්ෂාවේ අධි-තාක්ෂණය.

10:47 AM Add Comment


නිවෙසක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු අතරින් 20%ක් වැදගත්කමක් නිවසෙහි ආරක්ෂාවට හිමි වන බව සමීක්ෂණවලින් පෙන්වා දී තිබේ. වර්තමානයේ නිවෙස්හි ආරක්ෂාව,තාක්ෂණීක දියුණුව හේතුවෙන් අන් කවරදාකටත් වඩා පහසුවී තිබේ.  මෙම ගෘහස්ථ තාක්ෂණයේ තවදුරටත් සිදුවන වර්ධනය හේතුවෙන් නුදුරු අනාගතයේදි අපට
Hyper-Secure connected smart homeසංකල්පයට පවා ලඟාවිය හැක. පහත සඳහන් වන්නේ අනාගතයේ අපට දක්නට ලැබෙන එවන් තාක්ෂණික වෙනස්කම් කිහිපයකි,


Door Fingerprint Reader 
මෙහිදී දොරෙහි හෝ ගේට්ටුවෙහි අගුලට ඇඟිලි සලකුණු සංවේදකයක් සවිකෙරේ. එමගින් දොරගුල කරකවන්නාගේ ඇඟිලි සලකුණු සටහන් කර ගැනෙන අතර එය ගබඩා කර ඇති අවසරලත් පුද්ගලයන්ගේ දත්ත සමඟ සසඳා බලා අනන්‍යතාව තහවුරු කර ගැනේ. එසේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකිවිට එසේ ඇතුලුවන්නාගේ ඡායාරූපයක් සමඟ දැනුම්දීමක් නිවෙස් හිමියාගේ ජංගම දුරකථනයට මෙන්ම ආරක්ෂක නිළධාරීන් වෙතද ලැබෙනු ඇත.


Cross-Checking Facial Recognition
වඩාත් පහසුවෙන් නිවෙසට ඇතුලුවන්නන් හඳුනාගත හැකි තාක්ෂණයකි. දොරෙහි සවිකර ඇති facial recognition උපකරණයක් ආධාරයෙන් ඇතුලුවන්නාගේ දත්ත ඔබගේ සමාජ-ජාලා වෙබ් අඩවි හරහා සම්බන්ධ කල හැක. එයට අමතරව අදාල පණිවුඩ පොලිසිය වෙත යොමුකිරීමේ හැකියාව හේතුවෙන් යම්කිසි අපරාධයකදී ක්ෂණිකව ක්‍රියාකල හැක.


Full Smart-Home
නිවසෙහි සියලු සේවාවන් ස්මාර්ට් ජංගම දුරකථනයක් හා සම්බන්ධ කරනු ලබන මෙම තාක්ෂණය Universal remote සංකල්පය හා සමාන වේ. ආලෝක සහ විද්‍යුත් උපාංග හා සම්බන්ධ චලන සංවේදක වල ක්‍රියාකාරීත්වය වහා ඔබගේ දුරකථනයට දැනුම්දෙනු ලැබේ. තවද ආරක්ෂක පද්ධතිය තම ජංගම දුරකථනය හා සම්බන්ධව ඇති හෙයින් අනවසර ඇතුලුවීමකදී ඇතුලුවන්නාගේ ඡායාරූපයක් දුරකථනයට ලබා ගැනීමේ හැකියාවද පවති.


Cyber-Security is Improved

තාක්ෂණය අප ජීවිතයේ සෑම පැත්තක්ම ආක්‍රමණය කරමින් පවති, විශේෂයෙන් ගෘහස්ත තාක්ෂණය. අනෙක් පසින් මේ හා සම්බන්ධ ප්‍රධාන තර්ජනයක්ද වේ. එනම් අපරාධකරුවන්ද මෙම තාක්ෂණය තම අපරාධ සඳහා යොදා ගැනීමට ඇති හැකියාවයි. මේ හේතුවෙන් කිසියම් තර්ජනයක් කල්තියා හඳුනාගැනීමේ හැකියාවෙන් යුක්තව මුළුමනින්ම අපාරගම්‍ය Cyber-Security පද්ධතියක් තිබීම ඉතා වැදගත් වේ. මීට එක් විකල්පයක් වශයෙන් automatic IP back තාක්ෂණය හරහා අපරාධකරුවාට නොදැනී පොලීසිය වෙත සංඥාවක් යොමුකල හැක.
ලිපිය ලිව්වේ
ගයාන් දිසානායක
www.lamudi.com