Showing posts with label අපේ දේ. Show all posts
Showing posts with label අපේ දේ. Show all posts

Jhat English to Sinhala Dictionary V1.6 සුපිරි ශබ්දකෝෂය

8:54 AM Add Comment


දැන් ශබ්දකෝෂ මෘදුකාංග ඕනෑ තරම් තිබුණත් මෙය සාපේක්ෂව ගොඩක් වෙනස් වැඩ සහිත මෘදුකා‍ංගයක්. 

මේ මගින් ඉංග්‍රීසි, සිංහල වචන වල තේරුම දැනගන්නත්, ඒවා Pronounce කරන්නත් වගේම OCR තාක්ෂණයෙන් සිංහල, ඉංග්‍රීසි වචන වල තේරුම ලබා ගැනීම ඒ කියන්නේ වෙබ් කැමරාව ඉදිරිපස අපි ඉ‍ංග්‍රීසි වචන සහිත යමක් පෙන්වූ පසු එය කුමක්දැයි Recognize කරගන්න වැනි වටිනා පහසුකම් රැසක් සහිතයි. 



singlish ටයිප් කිරීම මගින් සිංහල වචන search කරන්නත් පුළුවන්.

32 bit පරිගණක සඳහා මෙතනින්ද, 64 bit පරිගණක සඳහා මෙතනින්ද, බාගන්න. 

බාවිතයට උපදෙස් පහතින් බලන්න.
  • singlish වචනයක් type කිරීමෙන් පසුව අවසානයට space bar press කරන්න. 
  • උදාහරණයක් විදිහට "අම්මා" ලෙස type කිරීමට ඔනිනම් "amma " ලෙස type කර යුතුය. සෑමවිටම අවසානයට "space bar" type කල යුතුය. 
  • අපට සිංහල වලට හැරවීමට ඕන කරන "singlish" වචනය ,අකුර හෝ අකුරු සමූහය type කිරීමෙන් පසුව අනිවාර්යෙන් "space bar" type කරන්න. එවිට එය සිංහල වචනයකට,අකුරකට හෝ අකුරු කිහිපයකට හැරේ. 
  •  අවශ්‍ය සෑම ගොනුවක්ම ඔබ Download කරන ගොනුව තුල අඩංගුවේ. වෙනම Download කිරීමට අවශ්‍ය නොවේ.

ලංකාවේ මුල්ම Alternative Arduino IDE එක මෙන්න.

6:23 AM 30 Comments

අද මම කියන්නෙ යන්නේ Codino IDE එකේ අලුත්ම version එක ගැනයි. Codino කියන්නෙ මොකක්ද කියලා කිව්වොත් Codino කියන්නේ Arduino IDE එක වෙනුවට භාවිතා කරන්න පුලුවන් Aulternative IDE එකක්, ඒ කියන්නේ දැන් තියෙන Arduino IDE එකේ තියෙන features වැඩි දියුණු කරලා හදපු IDE එකක්. ඒ වගේම Codino වල තවත් විශේෂත්වයක් තියෙනවා, ඒ තමයි මේ IDE එක 100% ක්ම මගේ නිර්මාණයක්, ඒ වගෙම තමයි මේක 100% free දෙන software එකක්, පුලුවන්නම් කීයක් හරි Donate කරන්න පුලුවන්.(web site එක continue කරන්න පුලුවන්නේ වෙන්නෙ ඔයලා දෙන donate වලීන් තමයි ඉතින්)
Codino  v3 එක මේ web site එකෙන් නොමිලේම download කාරගන්න පුලුවන්.

Download codino from : http://codinostudio.com/

භාවිතා කරන්නේ කොහොමද ?

මුලින්ම Codino download කරලා install කරගන්න. ඊට පස්සේ File > Settings ගිහිල්ලා Compiler tab එක් select කරන්න. ඊට පස්සේ Arduino main EXE කියන තැනට පහලින් තියෙන Browse button එක click කරලා Arduino IDE එක install කරපු තැන තියෙන arduino.exe තෝරලා open කරන්න. ඊට පස්සේ settings window එකේ තියෙන Done button එක click කරලා Codino එක Close කරල අයේ open කරන්න. දැන් ඔක්කොම හරි. දන් තියෙන්නෙ හිතේ හැටියට code කරන්නයි.

Codino Features

මීට කලින් relese කරපු version 2 ට වඩා වැඩි features ගණනාවක් Codino V3 එකේ ඇතුලත් කරලා තියෙනවා. පහලින් තියෙනවා Codino එකේ තියෙන අලුත් features මොනවද කියලා.

Code Auto Complete

Codino වල තියෙන ප්‍රධානම විශේෂත්වයක් තමයි මේ. මෙතනදී ඔයා මොකක් හරි වචනයක් type කරන කොට වචනයේ පළවෙනි අකුරු 2 type කරපු ගමන් ඒ කට ගැලපෙන වචන list එකක් එනවා, එතනින් ගැලපෙන වචනය තෝරලා enter කරන්න විතරයි ඕනේ. මේ option එක auto ම ඔය define කරපු variable වගේම ඔයා include කරගත්තු library වල තියෙන keywords හොයලා ඒකත් Auto complete list එකට එකතු කරනවා. ඒ නිසා සම්පූර්ණ වචනයම දැන් type කර කර ඉන්න ඕනෙ නෑ.

App Make

App make කියන්නෙ codino IDE එකේ තියෙන සුවිශේෂ tool එකක් මේකෙන් ඔයලාට Computer එකේ ඉදලා arduino board එක control කරන්න පුලුවන් software එකක් ඉතාම ලේසියෙන් හදගන්න පුලුවන්. ඒ වගේම App Make වලින් software හදන්න code කරන්න ඕනේ නෑ. මේ පහලින් තියෙන video එකේ තියෙන්නේ RGB LED එකක් control කරන software එකක් ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා..

Object Explorer

මේකත් තව ප්‍රධාන විශේෂත්වයක්, මෙතනදි ඔයලා define කරපු variable, voids, function වගේ objects වෙනම list එකක් විදිහට පෙන්නනවා. ඔයාලා දිග programe එකක් ලියන කොට ඒ ඒ objects define කරපු තැන් හොය හොය ඉන්නේ නැතුව මේ list එකෙන් තෝරලා ඒ උඩ click කරහම auto code එක define කරපු තැනට document එක focus වෙනවා.

Library Browser

මේ function එකෙන් ඔයාලා computer එකේ install කරපු හැම Arduino library එකක්ම මෙතනදී බලගන්න පුලුවන්. ඒ වගේම ඒ ඒ library වල තියෙන keywords මොනවද කියලත් ඒ වයේ examples වගේම ඊට අමතරව library වල අමතර තොරතුරුත් මොනවද කියලා මෙතනදී බලගන්න පුලුවන්.

Serial Ploter/Serial Monitor

සාමාන්‍ය serial plotter/monitor එකට වඩා වැඩි පහසුකම් මේකෙ තියෙනවා.

Library Manager

වඩාත් පහසුවෙන් Library Install/Uninstall කරන්න පුලුවන් වෙන විදිහට මේක develop කරලා තියෙනවා.

RGB Color Selector

RGB LED/Color screen use කරන කොට ඕනෙ වෙන color vaibale පහසුවෙන් හදාගන්න මේක නිර්මාණය කරලා තියෙනවා.

ඔබගේ ඔන්ලයින් ගිණුමේ ආරක්ෂාව ප්රමාණවත්ද ?

8:51 PM Add Comment

Facebook, Tiwitter, Google, Viber, Pay Pal... ආදී නොයෙකුත් ඔන්ලයින් සේවා ගැන ඔබ අසා ඇත.  මින් එකක් හෝ කිහිපයක් ඔබට ඇතුවාට සැකයක් නැත. නමුත් මෙම ගිණුම් වලට එම ආයතනයෙන් සපයන ආරක්ෂාවට අමතරව ඔබ යොදනු ලබන මුර පදයද මෙම ගිනුම් වල ආරක්ෂාවට මහත් පිටුවහලක් සපයනු ලබනවා. ඔබගේ ගිනුමට කෙනෙකුට අනවසරයෙන් ඇතුලු වීමට අවශ්‍ය වූ විට ඔවුන් සිදු කරනුයේ විවිධ ක්‍රම මගින් ඔබේ මුර පදය බිදහෙලීමයි. කෙසේ නමුත් අද බොහෝ දෙනා සිදුකරනුයේ තම දුරකතන අංකය, උපන්දිනය, නමක් වැනි ඉතාම සරල ආකරයේ මුර පදයක් භාවිතා කිරීමයි. නමුත් මෙවැනි  මුර පද ලෙහෙසියෙන්ම බිදහෙලීමට පුලුවන. මෙවැනි හේතු නිසා බිද හෙලීමට අපහසු ආකාරයේ මෘදුකාංග නිපදවා තිබෙනවා. Password Manager Software ලෙස පොදුවේ හදුන්වන්නේ මෙම මෘදුකාංගයි
.

 Passcrypt  Pro යනු මුදල් ගෙවා ලබා ගත් යුතු සංස්කරණයයි. මෙහි මිල  1.90 $  පමණ වෙනවා. නමුත් මෙහිදී Passwords නිර්මාණය කිරීමට අමතරව තවත් පහසුකම් රාශියක් සලසා දී තිබෙනවා. එනම් Passwords නිර්මාණය, Save Passwords, Export Passwords, Manage Passwords හා අමතර පහසුකම්ක් වශයෙන් File Locker නම් පහසුකමක්ද හදුන්වා දි ඇත.

කෙසේ නමුත් මෙම වැඩසටහන ධාවනය කිරීමට .Net Framework 4  අවශ්‍ය වනවා. ඔබලග .Net Framework 4  නොමැතිනම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
(Windows 8, 8.1, 10  සඳහා  .Net Framework 4  අවශ්‍ය නොවේ.)

ඩවුන්ලෝඩ් කරගැනීමට  : https://sellfy.com/p/XvTy

 Settings සැකසීම.

වැඩසටහන පළමු වර  Run කිරීමේදී පැමිණෙන්නේ Enter new Password ඩයලොග් බොක්ස් එකයි. මෙහිදී වැඩසටහනට පිවිසීමට Password එකක් ලබාදීය යුතු අතර ඔබ මතක තබාගතයුතු එකම එක Password එක වන්නේද මෙයයි. මෙහිදී Password එක නිවැරදිව ලබාදී Login වූ පසු වැඩසටහනට පිවිසෙයි. එහිදි Settings Tab එක තුලදී සාදන Password ගණන, Password එකක ඇතුලත් විය යුතු Charators ගණන හා අතුලත් විය යුතු Charactor වර්ග සදහන් කලයුතුය.

Password නිර්මාණය.

සැකසුම් සිදුකර අවසන් වූ පසු Password නිර්මාණය කරගැනීමට Crate Tab එක Select කර එහි ඇති Create Password බට්න් එක  Click කල යුතුය.

Password Save කිරීම.

මේ සඳහා නිර්මාණයවූ Password එකක් මත ක්ලික් කර Save Selected බට්න් එක ක්ලික් කල යුතුය. එවිට විවෘත වන්නේ  Save Password  ඩයලොග් බොක්ස් එකයි. ඒ තුලදී Password එක හා සම්බන්ධ වෙනත් අමතර තොරතුරු ලබාදී  OK   කල විට Password එක Save  වෙයි. Save කරන ලද Password Saving Tab එක යටතේදී බැලිය හැක.

Password Export කිරීම.

මේ සඳහා නිර්මාණයවූ Password එකක් මත ක්ලික් කර Export Selected button එක මත ක්ලික් කල යුතුය. එවිට විවෘත වන්නේ  Save As ඩයලොග් බොක්ස් එකයි. මේ තුලදී Passcrypt Password File ෆයිල් ටයිප් එක තේරුවහොත් විවෘත වන්නේ Save Password  ඩයලොග් බොක්ස් එකයි. ඒ තුලදී Password එක හා සම්බන්ධ වෙනත් අමතර තොරතුරු ලබාදී  OK   කල විට Password එක Save  වෙයි. මෙවිට මෙම Password  එක නැවත බැලිමට අවශ්‍ය වූ විට Passcrypt වෙත login වී File එක විවෘත කල යුතුය.
මෙහිදී  Text File ලෙස file type එක ලබාදුන්නේ නම් සාමාන්‍ය Text file එකක් ලෙස Save වන අතර  Note pad, Word Pad, MS WORD වැනි text editor මෘදුකාංගයක් හරහා නැවත විවෘත කරගත හැක.

File Lock  කිරීම.


මේ සඳහා File Locker Tab එක සිලෙක්ට් කර File Lock යටතේ File to lock යන්න ඉදිරියෙන් ඇති Browse button එක ක්ලික් කර ලොක් කිරීමට අවශ්‍ය  File එක තෝරා දිය යුතුය. අවශ්‍ය නම් ලොක් කරන ලද ෆයිල් එක සේව් වන තැනද File to destination යන්න ඉදිරියෙන් ඇති Browse button එක ක්ලික් කර වෙනස් කල හැක. ඊලඟට ලබාදිය යුත්තේ Password එකයි. මෙම Password එක වැඩසටහනට පිවිසීමේදී ලබදුන් Password  එක නොව වෙනමම Password  එකකි. එනම් ඔබ නැවත File එක Unlock කිරීමේදී ලබාදිය යුත්තෙ මෙම Password එකයි. එහෙයින් මෙම Password එක මතක තබාගත යුතුය.

පරිගණකය ගැන දන්න නොදන්න හැමදෙයක්ම දැනගන්න.

4:32 PM 3 Comments
පරිගණකයේ ඇති දෘඩාංග හා මෘදුකාංග පිළිබද වඩා ගැඹුරින් සොයා බැලියහැකි විවිධ මෘදුකාංග තිබේ. This-PC යනු තවත් එවැනි වැඩසටහනකි. මෙමගින් පරිගණකයේ ඇති මෘදුකාංග, දෘඩාංග, නෙට්වර්ක් හා යූසර් එකවුන්ට් ගැන තොරතුරු විවිධ කාණ්ඩ 8 යටතේ ලබාදේ. එසේම මෙමගින් පහසුවෙන් විවිධ උපාංගවල ඩ්‍රයිවර්ස් සොෆ්ට්වෙයා වල අංකද පහසුවෙන් සොයාගත හැක. මෙය නොමිලේ දෙනුලබන මෘදුකාංගයකි.

                                                                                 
                                                                                   Screen Shots:

ඩවුන්ලෝඩ් කරගන්න :
http://aquaform.businesscatalyst.com/this-pc.html

දැන් ඔබට පාසල් පෙල පොත් සියල්ල pdf ලෙස download කරගන්න පුලුවන්.

6:48 PM 31 Comments

2015 වර්ෂයේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා වන විෂය නිර්දේශය වෙනස් වීමත් සමගම පෙළ පොත් සියාලමත් වෙනස් වුණා.ඒත් තවම ඒ පෙළ පොත් සියල්ලම සෑම පාසලකටම ලැබිලා නැහැ.නමුත් දැන් අපිට ඒ පෙළ පොත් සියල්ලම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ pdf වශයෙන් ඉතා පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වාම පෙළ පොත් මෙහි අඩංගු වෙනවා.



Google maps navigation දැන් ශ්‍රී ලංකාවටත්!

Google maps navigation දැන් ශ්‍රී ලංකාවටත්!

6:12 PM 2 Comments

ගූගල් මැප්ස් ආධාරයෙන් නැවිගේශන් සේවාව වෙනත් රටවල් වල ක්‍රියාත්මක වුනත් ශ්‍රී ල‍කාවේ මේ වෙනකන්ම එය ක්‍රියාත්මක වුනේ නෑ.බොහෝ අය මේ පහසුකම ලබාගත්තෙ තමන්ගෙ වාහනයට GPS navigation system එකක් මුදල් ගෙවා ලබාගැනීමෙන්.
නමුත් පසුගියදා ගූගල් සමාගම නිවේදනය කලා ශ්‍රී ලංකාව ඇතුල රටවල් විස්සකට මේ පහසුකම හදුන්වා දෙන බව.ඒ සමගම ඔබට හැකිවෙනවා තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය භාවිතා කරල ගූගල් මැප්ස් හරහා මේ පහසුකම අත්විඳින්නට.ගූගල් සමාගමෙන් නොමිලයේම සැපයෙන මේ සේවාව හරහා ඔබට හැකියි මාර්ගය නොදැන වුනත් ගූගල් නැවිගේශන් අධාරයෙන් තමන්ගෙ ගමනාන්තය දක්වාම යන්න.ඒ සඳහා අවශ්‍ය උපදෙසුත් මෙම සේවාවෙන්ම ලබාදෙනවා!මේ සේවාව තවමත් බීටා (beta) සංස්කරණය තමයි ශ්‍රී ලංකාව තුල ක්‍රියාතමක වෙන්නෙ.නමුත් ටික කාලයක් ගත්වෙන විට මේ සේවාව 100% නිවැරදිව අපට ලබාගන්න හැකි වේවි.
ඒ වගේම අපි අපේ ස්තූතිය අනිවාරෙන්ම් මෙයට දායක වුන google map maker sri lanka කණ්ඩායමටත් මේ අවස්ථාවේදී පුද කල යුතු වෙනවා෴