Showing posts with label ඇන්ඩ්‍රොයිඩ්. Show all posts
Showing posts with label ඇන්ඩ්‍රොයිඩ්. Show all posts

Facebook Lite ඔස්සේ android දුරකථන සඳහා වඩාත් පහසු facebook අත්දැකීමක්.

8:08 AM 3 Comments

අපි බොහෝ දෙනෙක් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලින් facebook යන්න පාවිච්චි කලේ ඇන්ඩ්‍රොයිඩ් සඳහා එන Facebook app එක.ඒත් ඒ ඇප් එකෙ ගැටලු කිහිපයක්ම තිබුනා.ඒවගෙන් කිහිපයක් විදිහට අධිකව බැටරිය වැය වීම, අධිකව ඩේටා වැය වීම,සිංහල නොමැති දුරකථන වලදී නිසි ලෙස සි‍හල අකුරු නොපෙනීම වගේ ප්‍රශ්න.මේ නිසාම සමහර පිරිස් facebook යන්න Opera mini,UC browser වගේ බ්‍රව්සර් පාවිච්චි කලා නමුත් දැන් අපිට එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ .මොකද Facebook Lite කියන ඇප් එක Facebook විසින් හඳුන්වාදී තිබෙන නිසා.

screen shot

Facebook Lite වලදී ඉහත මම කියපු සෑම ගැටලුවක්ම වාගේ දකින්න ලැබෙන්නෙ නැහැ.ඩේටා පරිභෝජනයත් ගොඩාක් අඩුයි,ඒ වගේම බැට්‍රිය වැය වීමත් අඩුයි,සිංහල නැති ෆෝන් වල පවා කිසිම ගැටලුවක් නැතිවම සිංහල පෙනෙනවා.එහෙනම් පහල බොත්තම ඔබා Facebook Lite Download කරගන්න.
Facebook Lite(Google play store)

තවත් ලිපියකින් හමුවෙමු෴


whatsapp දැන් ඔබේ පරිගණකයේ!

5:34 PM Add Comment
අපි බොහෝ දෙනෙක් භාවිතා කරන ඇප් එකක් විදිහට whatsapp හදුන්වලා දෙන්න පුලුවන්. ඒත් අපිට අපේ ස්මාර්ට් දුරකථනයෙන් විතරයි whatsapp භාවිතා කරන්න පුලුවන් වුනේ.ඒත් දැන් අපිට අපේ පරිගණකයෙනුත් whatsapp භාවිතා කරන්න පුලුවන්! මෙන්න මෙහෙමයි කරන්න ඕනෙ.


  • මුලින්ම ෆෝන් එකෙන් whatsapp open කරගන්න.
  • ඒකෙ options හරහා whatsapp web යන්න.

  • එතකොට මෙහෙම එයි.


  • දැන් ෆෝන් එක පැත්තකින් තියලා computer එකෙන් web.whatsapp.com යන්න.
  • එතකොට මෙන්න මෙහෙම එයි.

  • දැන් ෆෝන් එකේ WHATSAPP එකෙන් මේ QR code එක scan කරන්න.
  • එහෙනම් වැඩේ හරි දැන් ඔයාලට ෆෝන් එකෙන් වගේම computer එකෙනුත් whatsapp යන්න පුලුවන්.හැබැයි මේකෙදී ඔයාගෙ ෆෝන් එකේ whatsapp on කරලා තිබීම අනිවාර්යයයි.
නැවතත් මෙවැනිම ලිපියකින් හමුවෙමු෴


Google maps navigation දැන් ශ්‍රී ලංකාවටත්!

Google maps navigation දැන් ශ්‍රී ලංකාවටත්!

6:12 PM 2 Comments

ගූගල් මැප්ස් ආධාරයෙන් නැවිගේශන් සේවාව වෙනත් රටවල් වල ක්‍රියාත්මක වුනත් ශ්‍රී ල‍කාවේ මේ වෙනකන්ම එය ක්‍රියාත්මක වුනේ නෑ.බොහෝ අය මේ පහසුකම ලබාගත්තෙ තමන්ගෙ වාහනයට GPS navigation system එකක් මුදල් ගෙවා ලබාගැනීමෙන්.
නමුත් පසුගියදා ගූගල් සමාගම නිවේදනය කලා ශ්‍රී ලංකාව ඇතුල රටවල් විස්සකට මේ පහසුකම හදුන්වා දෙන බව.ඒ සමගම ඔබට හැකිවෙනවා තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය භාවිතා කරල ගූගල් මැප්ස් හරහා මේ පහසුකම අත්විඳින්නට.ගූගල් සමාගමෙන් නොමිලයේම සැපයෙන මේ සේවාව හරහා ඔබට හැකියි මාර්ගය නොදැන වුනත් ගූගල් නැවිගේශන් අධාරයෙන් තමන්ගෙ ගමනාන්තය දක්වාම යන්න.ඒ සඳහා අවශ්‍ය උපදෙසුත් මෙම සේවාවෙන්ම ලබාදෙනවා!මේ සේවාව තවමත් බීටා (beta) සංස්කරණය තමයි ශ්‍රී ලංකාව තුල ක්‍රියාතමක වෙන්නෙ.නමුත් ටික කාලයක් ගත්වෙන විට මේ සේවාව 100% නිවැරදිව අපට ලබාගන්න හැකි වේවි.
ඒ වගේම අපි අපේ ස්තූතිය අනිවාරෙන්ම් මෙයට දායක වුන google map maker sri lanka කණ්ඩායමටත් මේ අවස්ථාවේදී පුද කල යුතු වෙනවා෴ 
ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක තිබිය යුතුම වටිනා ඇප්ස් ටිකක්.part 2

ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක තිබිය යුතුම වටිනා ඇප්ස් ටිකක්.part 2

9:24 AM 5 Comments

කොහොමද යාලුවනේ ඔන්න මම පොරොන්දු වුන විදිහටම ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක තිබිය යුතුම වටිනා ඇප්ස් ටිකක්. ලිපියේ දෙවෙනි කොටස අරගෙන ආවා! පලවෙනි ලිපිය බලන්න බැරි වුන කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් ඒ ලිපිය බලන්නකෝ :)
හරි එහෙනම් අනිත් වටින කියන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ටික.මේ වගේ වයිරස් එහෙම නෑ කියල 100% සහතික වෙන්න පුලුවන් මොකද මම දෙන්නෙ play store එකේ ලින්ක්ස් විතරයි නිසා.

  • Tape-a-talk- කුඩා ප්‍රමාණයේ voice recorder ඇප් එකක් screen එක off වෙලා තියනකොට උනත් රෙකෝඩ් කරන්න පුලුවන්.
  • Calculator-ඇඩ් බැඩ් නැති පට්ට කැල්කියුලේටර් එකක් ප්‍රස්තාර අදින්නත් පුලුවන් :D
  • Viber-ගොඩක් කස්ටිය දන්න එකක්නෙ!මේකෙන් අපිට wifi හෝ 3G භාවිතා කරල නොමිලේම message යවන්න පුලුවන්
  • Screenshots-රූට් නොකරම උනත් අපි ෆෝන් එකේ screenshot පහසුවෙනම ගන්න පුලුවන්.
  • Contacts+-හොඳ contact manager ඇප් එකක්.
  • Glympse -ඔයාගේ යාලුවො ඉන්නෙ කොහෙද කියල අපිට මේකෙන් හොයාගන්න පුලුවන්!
  • HelloText-ෆෝන් එකේ තියන sms ඇප් එකට එච්චර කැමැත්තක් නැත්නම් මේක දාගෙන බලන්න.
  • Easy Backup-ඔයාගේ ෆෝන් එකේ තියන sms,mms,call log ඔක්කොම sd card එකට backup කරගන්න මේකෙන් පුලුවන්.
  • Easy Alarm-youtube එකේ සින්දුවක් අපිට මේකෙන් එලාම් එක විදිහට තියාගන්න පුලුවන්.
  • MightyText-අපේ කම්පියුටර් එකෙන් අපිට sms යවන්න sms බලන්න මේකෙන් පුලුවන්.
  • Llama-අපි වැඩක ඉන්න වෙලාවක හරි නිදියගන්න වෙලාවක හරි අපේ ෆෝන් එක silence කරනවා :D
  • Pixlr-ෆොටෝ edit කරගන්න පට්ට ඇප් එකක්.
  • µTorrent-ෆෝන් එකෙන්ම ටොරෙන්ට් බාගන්න මේකෙන් අපිට පුලුවන්.
  • Aviary-මේකත් පට්ට photo edit කරන්න පුලුවන් ඇප් එකක්
  • MX Player-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකට හොඳම වීඩියෝ ප්ලේයර් එක.
එහෙනම් යාලුවනේ අදට මම ගිහිල්ල එන්නම්! /bye හිතනවා මේ ඇප්ස් ටික ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල.මේ ඇප්ස් ගැන ඕනෙම ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාල අපෙන් අහන්න :) 

ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල secret codes ටිකක්.

1:12 PM 1 Comment
අනිවාරෙන්ම කියවන්න

මේ දවස් වල ඉස්කෝලෙත් නිවාඩුනේ :D ඔන්න ඔය නිවාඩුවෙ ඉන්න ටිකෙ මමත් මගෙ  පෝං එක ගැන අධ්‍යනය කොරල බැලුවා.තව පොඩ්ඩෙන් කෙල වෙලාම යනව දන්නෙ නැති වැඩ කොරන්ඩ ගිහිල්ල ! අන්න ඒක නිසා තමයි මම මේ මහපලවෙනියෙන්ම කියන්නෙ මම පහලින් දීලා තියන කෝඩ්ස් අත්හදා බලන්න යනවනම් පොඩ්ඩක් ෆෝන් එක එහෙම අතපත ගාන,පෝං එකේ එක එක එව්වා අත්හදාබලන්න කැමති අය විතරක් ඕක කරන්න.නැත්නම් ඉතින් කට්ටිය මට බනී ෆෝන් එකේ අරව ඩිලීට් වුනා මෙව්වා ඩිලීට් වුනා කියල.තවත් එකක් කියන්න තියන මේවා වැඩ ඇන්ඩ්‍රොඉඩ් ෆෝන් වලට විතරයි එහෙම කියල හැම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකටම වැඩ නොකරන පුලුවන් හරිය.

ඔන්න ඉතින් warning එකක් දීලම වැඩේ පටාන් ගම්මුකෝ _/\_ _/\_

මේ කෝඩ් සාමාන්‍ය විදිහටම කෝල් එකක් ගන්න විදියටම ටයිප් කරන්න.
  • *#*#4636#*#*-මේ කෝඩ් එකෙන් අපිට අපේ ෆෝන් එකේ බැට්‍රිය හා ෆෝන් එක ගැන ගැන වටින තොරතුරු ටිකක් ගන්න පුලුවන්.මෙන්න මේ තොරතුරු තමයි ගන්න පුලුවන්.බැට්‍රිය ගැන තොරතුරු,ෆෝන් එක ගැන තොරතුරු,Wifi information,Usage statistics,Battery history
  • *#*#7780#*#* - factory data reset කරගන්න මේ කෝඩ් එකෙන් පුලුවන්,හැබැයි එතකොට මෙන්න මේවා ඩිලීට් වෙනවා ,#Google account settings,System and application data and settings,Downloaded applications හැබැයි මෙන්න මෙව්වනම් මේකෙන් ඩිලීට් වෙන්නෙ නෑ,#Current system software and bundled applications,sd card එකේ තියන එවා මෙව්වා.
  • *2767*3855# - මේක ට්‍රයි කරන එකනම් එච්චර ඇඟට ගුණ නෑ මොකද මේකෙන් factory format වෙනවා! එතකොට ඉතින් කාලා හමාරයි ඔක්කොම ඩිලීට් වෙලා යනවා ආයෙ ඉතින් firmware ගහන්න වෙනවා. මේ කෝඩ් එක ගහල ඉක්මනට බැට්‍රිය ගැලෙව්වනම් හරි :)
  • *#*#34971539#*#*-ඔයාගෙ ෆෝන් එකේ කැමරාව ගැන තොරතුරු මේකෙන් ගන්න පුලුවන්.හැබැයි මේකෙ option එකක් විදිහට තියන Update camera firmware in image කියන option එකනම් විහිලුවටවත් ඔබන්න එපා. එතකොට කැමරාව වැඩ නැතුව යනව !
  • *#*#7594#*#* -අපි සාමාන්‍යයෙන් power බට්න් එක ඔබාගෙන හිටියම options 4ක් එනවනෙ restart, Airplane mode ,Power off ,Data network mode කියල. මේ කෝඩ් එකෙන් අපිට පුලුවන් පවර් බට්න් එක එබුවාම ඒකෙන් එක දෙයක් විතරක් වෙන විදිහට හදාගන්න.
  • *#*#273283*255*663282*#*#*-මේ කෝඩ් එක ගහපුවාම File copy screen එකක් එනව.ඒකෙන් අපිට media filese (images,videos,mp3) backup කරගන්න පුලුවන්.
  • *#*#197328640#*#* - මේ කෝඩ් එක ගහපුවාම service mode එකට යන්න පුලුවන් නිකන් තියෙද්දිට වඩා settings එහෙම අපිට මේකෙදි හදන්න පුලුවන්.

WLAN, GPS and Bluetooth Test Codes:  

  • *#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* -WLAN test 
  • *#*#232338#*#*-wifi වල mac address එක පෙන්නනවා.
  • *#*#1472365#*#*-GPS test
  • *#*#1575#*#* - Another GPS test
  • *#*#232331#*#* - Bluetooth test
  • *#*#232337#*# -blue tooth device address එක පෙන්නනවා.

Firmware version ගැන තොරතුරු ගන්න කෝඩ්ස්:

  • *#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate
  • *#*#1234#*#* - PDA and Phone
  • *#*#1111#*#* - FTA SW Version
  • *#*#2222#*#* - FTA HW Version
  • *#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number

එක එක Factory Tests අත්හදා බලන්න කෝඩ්ස්:

  • *#*#0283#*#* - Packet Loopback
  • *#*#0*#*#* - LCD test
  • *#*#0673#*#* OR *#*#0289#*#* - Melody test
  • *#*#0842#*#* - Device test (Vibration test and BackLight test)
  • *#*#2663#*#* - Touch screen version
  • *#*#2664#*#* - Touch screen test
  • *#*#0588#*#* - Proximity sensor test
  • *#*#3264#*#* - RAM version
ඔයාලත් මේවා ට්‍රයි කරල බලන්නකො මමත් මේවා ට්‍රයි කරා සමහරක් ඒවා එක එක ෆෝන් අනුව වැඩ නෑ ට්‍රයි කරල ඔයාගෙ අදහසුත් කියන්නකො අපිට :D
                                                                                            -අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු ඇසුරිනි
ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක තිබිය යුතුම වටිනා ඇප්ස් ටිකක්.part 1

ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක තිබිය යුතුම වටිනා ඇප්ස් ටිකක්.part 1

1:53 PM 13 Comments
Best Android Apps


කොහොමද යාලුවනේ ! හ්ම්ම් ඔන්න අලුත් ලිපියක්!කවුරුත් දන්නවනෙ ඇන්ඩ්‍රොයිඩ් ගැන.මේකෙ තියන සරල බව භාවිතයට පහසුබව නිසාම මේක ගොඩාක් දෙනා අතරෙ ජනප්‍රියයි.ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියනවනම් අපිට පරිගණකයෙන් කරගන්නත් බැරි වැඩ ගොඩාක් කරගන්න පුලුවන්. ඒ එක එක ඇප්ස් භාවිතා කරල.අන්න ඒවගේ වටින කියන ඇප්ස් ටිකක් තමයි මම මේ දෙන්න යන්නෙ.මේව බාගන්න ඕනෙ නම් දීලා තියන ලින්ක් උඩ ක්ලික් කරන්න.

  • My Tracks-ඔබ ගමන් කරන වේගය,ගමන් කල දුර මේ ඇප් එකෙන් අපිට බලාගන්න පුලුවන්.
  • Fing-ඔයාගේ wifi network එකට connect වෙලා තියන අනිත් device බලාගන්න පුලුවන්.
  • File Wrangler -භාවිතය පහසු ඒත් ගොඩක් වැඩ කරන file management ඇප් එකක්.
  • Any.Do -ඔබට කරන්න තියන වැඩ,විශේෂ දින වගේ දේවල් කලමණාකරනය කරගන්න පුලුවන් ඇප් එකක්.
  • Focal -පරණ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට වුනත් ගොඩක් වැඩ කිඩ තියන කැමරා ඇප් එකක්.
  • HomeStyler-නිවසක ඇතුලත පිංතුරෙකට ගෘහ භාණ්ද එහෙම එකතු කරල හැඩ වැඩ බලන්න පුලුවන්. :D
  • Splashtop-ඔයාගෙ වින්ඩෝස් හරි මැක් හරි කම්පියුටර් එක දුරින් ඉඳල පාලනය කරන්න පුලුවන්.
  • Repix-ෆොටෝ එක අම්බානට ඉඩිට් කරගන්න. :)
  • Clean Master-ෆෝන් එක slow ද එහෙනම් මේක දාගන්න.
  • Reader -pdf ෆයිල් ෆෝන් එකෙන් කියවන්න.ඒ වගේම මේකෙන් අපිට ලොක් කරල තියන pdf ෆයිලුත් කියවන්න පුලුවන්.
  • TeamViewer-ඔයාගෙ පරිගණකයත් දුර ඉඳගෙන පාලනය කරන්න.  
  • Ustream-කොහෙ ඉඳගෙන හරි මොකක් හරි දෙයක් live broadcast කරන්න මේකෙන් අපිට පුලුවන්.
  • tTorrent -ටොරෙන්ට් ෆයිල් ඩිරෙක්ට් ඔයාගෙ ෆෝන් එකට බාගන්න.
  • RingtoneMaker-ඔයාටම හරියන විදිහට ringtone හදාගන්න.
  • WiFi Manager -අවට තියන wifi network හොයාගෙන ඒවගෙන් හොඳම එකට කනෙක්ට් කරල දෙනව.
  • Timely-හ්ම්ම් මේකනම් ඉතින් වටිනව නියම එලාම් ක්ලොක් එකක්.
  • InstaFontMaker-ඔයාගෙ අත් අකුරින්ම ඔයාට කැමති විදිහට ෆොන්ට් හදාගන්න පුලුවන්.
  • TrueCaller-දන්නෙ නැති නම්බර්ස් වලින් එක කෝල් අදුනගන්නවා.ඒ වගේම කරදරකාරී sms එවන නම්බර්ස් බ්ලොක් කරන්නත් පුලුවන්.
  • FoxFi-ඔයගේ ෆෝන් එක wifi hotspot එකක් කරල දෙනවා.
  • Avast-ඔයාගෙ ෆෝන් එක හොරුන්ගෙන්,වයිරස් වලින් ආරක්ෂාකරල දෙනවා.
  • AVG AntiVirus -ඔයාගෙ ෆෝන් එක හොරුන්ගෙන්,වයිරස් වලින් ආරක්ෂාකරල දෙනවා.
  • MyScript-ඔයාගෙ අත් අකුරු පවා අඳුනගන්න ගොඩක් වැඩ කිඩ තියන කැල්කියුලේටර් එකක්.
  • DU BatterySaver-බැට්‍රියේ චාජ් එක රැකගන්න මේකෙන් අපිට පුලුවන්.
  • SuperBeam-ඇන්ඩ්‍රොයිඩ් device දෙකක් අතර ෆයිල්ස් පහසුවෙන් බෙදාගන්න මේකෙන් අපිට පුලුවන්.
  • SmartCam-ෆෝන් එකේ කැමරාව වෙබ්කැම් එකක් විදිහට හරවලා පරිගණකයෙන් ස්කයිප් වගේ ඒවට පාවිච්චි කරන්න පුලුවන්. 

ඔය මොන ඇප්ස් තිබ්බත් වැඩක් නෑ ඔයාගේ ෆෝන් එකේ අපේ බ්ලොග් එකේ ඇප් එක නැත්නම් ! :D
ඒක මෙන්න මෙතනින් බාගන්න!මේ ඇප්ස් භාවිත කරන හැටි ගැන ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරල අපෙන් අහන්න ඕනෙ වෙලාවක උදව්වට අපි ඉන්නව.
හම්මේ වෙලාව මදි ඉතුරු ටික ඊලඟ ලිපියෙන් දෙන්නම්. එහෙනම් ඔන්න අපි චුත වුනා බායි ඈ.

මෙන්න එහෙනම් ලිපියෙ දෙවෙනි කොටස ඒකත් කියවලම බලන්ටකෝ!!