ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක තිබිය යුතුම වටිනා ඇප්ස් ටිකක්.part 1

1:53 PM
Best Android Apps


කොහොමද යාලුවනේ ! හ්ම්ම් ඔන්න අලුත් ලිපියක්!කවුරුත් දන්නවනෙ ඇන්ඩ්‍රොයිඩ් ගැන.මේකෙ තියන සරල බව භාවිතයට පහසුබව නිසාම මේක ගොඩාක් දෙනා අතරෙ ජනප්‍රියයි.ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියනවනම් අපිට පරිගණකයෙන් කරගන්නත් බැරි වැඩ ගොඩාක් කරගන්න පුලුවන්. ඒ එක එක ඇප්ස් භාවිතා කරල.අන්න ඒවගේ වටින කියන ඇප්ස් ටිකක් තමයි මම මේ දෙන්න යන්නෙ.මේව බාගන්න ඕනෙ නම් දීලා තියන ලින්ක් උඩ ක්ලික් කරන්න.

  • My Tracks-ඔබ ගමන් කරන වේගය,ගමන් කල දුර මේ ඇප් එකෙන් අපිට බලාගන්න පුලුවන්.
  • Fing-ඔයාගේ wifi network එකට connect වෙලා තියන අනිත් device බලාගන්න පුලුවන්.
  • File Wrangler -භාවිතය පහසු ඒත් ගොඩක් වැඩ කරන file management ඇප් එකක්.
  • Any.Do -ඔබට කරන්න තියන වැඩ,විශේෂ දින වගේ දේවල් කලමණාකරනය කරගන්න පුලුවන් ඇප් එකක්.
  • Focal -පරණ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට වුනත් ගොඩක් වැඩ කිඩ තියන කැමරා ඇප් එකක්.
  • HomeStyler-නිවසක ඇතුලත පිංතුරෙකට ගෘහ භාණ්ද එහෙම එකතු කරල හැඩ වැඩ බලන්න පුලුවන්. :D
  • Splashtop-ඔයාගෙ වින්ඩෝස් හරි මැක් හරි කම්පියුටර් එක දුරින් ඉඳල පාලනය කරන්න පුලුවන්.
  • Repix-ෆොටෝ එක අම්බානට ඉඩිට් කරගන්න. :)
  • Clean Master-ෆෝන් එක slow ද එහෙනම් මේක දාගන්න.
  • Reader -pdf ෆයිල් ෆෝන් එකෙන් කියවන්න.ඒ වගේම මේකෙන් අපිට ලොක් කරල තියන pdf ෆයිලුත් කියවන්න පුලුවන්.
  • TeamViewer-ඔයාගෙ පරිගණකයත් දුර ඉඳගෙන පාලනය කරන්න.  
  • Ustream-කොහෙ ඉඳගෙන හරි මොකක් හරි දෙයක් live broadcast කරන්න මේකෙන් අපිට පුලුවන්.
  • tTorrent -ටොරෙන්ට් ෆයිල් ඩිරෙක්ට් ඔයාගෙ ෆෝන් එකට බාගන්න.
  • RingtoneMaker-ඔයාටම හරියන විදිහට ringtone හදාගන්න.
  • WiFi Manager -අවට තියන wifi network හොයාගෙන ඒවගෙන් හොඳම එකට කනෙක්ට් කරල දෙනව.
  • Timely-හ්ම්ම් මේකනම් ඉතින් වටිනව නියම එලාම් ක්ලොක් එකක්.
  • InstaFontMaker-ඔයාගෙ අත් අකුරින්ම ඔයාට කැමති විදිහට ෆොන්ට් හදාගන්න පුලුවන්.
  • TrueCaller-දන්නෙ නැති නම්බර්ස් වලින් එක කෝල් අදුනගන්නවා.ඒ වගේම කරදරකාරී sms එවන නම්බර්ස් බ්ලොක් කරන්නත් පුලුවන්.
  • FoxFi-ඔයගේ ෆෝන් එක wifi hotspot එකක් කරල දෙනවා.
  • Avast-ඔයාගෙ ෆෝන් එක හොරුන්ගෙන්,වයිරස් වලින් ආරක්ෂාකරල දෙනවා.
  • AVG AntiVirus -ඔයාගෙ ෆෝන් එක හොරුන්ගෙන්,වයිරස් වලින් ආරක්ෂාකරල දෙනවා.
  • MyScript-ඔයාගෙ අත් අකුරු පවා අඳුනගන්න ගොඩක් වැඩ කිඩ තියන කැල්කියුලේටර් එකක්.
  • DU BatterySaver-බැට්‍රියේ චාජ් එක රැකගන්න මේකෙන් අපිට පුලුවන්.
  • SuperBeam-ඇන්ඩ්‍රොයිඩ් device දෙකක් අතර ෆයිල්ස් පහසුවෙන් බෙදාගන්න මේකෙන් අපිට පුලුවන්.
  • SmartCam-ෆෝන් එකේ කැමරාව වෙබ්කැම් එකක් විදිහට හරවලා පරිගණකයෙන් ස්කයිප් වගේ ඒවට පාවිච්චි කරන්න පුලුවන්. 

ඔය මොන ඇප්ස් තිබ්බත් වැඩක් නෑ ඔයාගේ ෆෝන් එකේ අපේ බ්ලොග් එකේ ඇප් එක නැත්නම් ! :D
ඒක මෙන්න මෙතනින් බාගන්න!මේ ඇප්ස් භාවිත කරන හැටි ගැන ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරල අපෙන් අහන්න ඕනෙ වෙලාවක උදව්වට අපි ඉන්නව.
හම්මේ වෙලාව මදි ඉතුරු ටික ඊලඟ ලිපියෙන් දෙන්නම්. එහෙනම් ඔන්න අපි චුත වුනා බායි ඈ.

මෙන්න එහෙනම් ලිපියෙ දෙවෙනි කොටස ඒකත් කියවලම බලන්ටකෝ!!

Share this

Related Posts

Previous
Next Post »

13 comments

Write comments
August 19, 2014 at 2:23 PM delete

වටිනවා විස්තර ටිකනම් ස්තුතියි෴

Reply
avatar
August 19, 2014 at 3:02 PM delete

ඒ වගේම ඔයාගෙ අදහසටත් ස්තූතියි සහෝ!

Reply
avatar
Anonymous
August 20, 2014 at 10:53 AM delete

වටිනා ලිපියක්. ගොඩක් ස්තුතියි!

Reply
avatar
August 20, 2014 at 11:34 AM delete

ස්තූතියි ඔයාටත් අපිව තවත් දිරිගැන්නුවට!

Reply
avatar
August 25, 2014 at 2:56 PM delete

thanks machn comment ekata!!!!!

Reply
avatar
August 28, 2014 at 3:52 AM delete

ජයවෙවා
පසුපසම එන්නෙමි.

Reply
avatar
August 28, 2014 at 6:15 AM delete

ආ මේ අපේ බ්ලොග් එකත් එක්ක ගොඩාක් කාලයක් තිස්සෙ හිටපු යාලුවෙක්නෙ!ජය වේවා සහෝ දෙවෙනි කොටස ලග ලගම එනවා!!

Reply
avatar
August 27, 2016 at 10:35 PM delete

Niyamai digatama karan yanna .api full support eka denawa....

Reply
avatar
August 27, 2016 at 10:35 PM delete

Niyamai digatama karan yanna .api full support eka denawa....

Reply
avatar
August 27, 2016 at 10:37 PM delete

Niyamai digatama karan yanna .api full support eka denawa....

Reply
avatar
July 21, 2017 at 9:39 PM delete

Mary bn . puluwan nm PC walata hoada software tikakauth danna .ela machan

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon