වින්ඩෝස් පරිගණකයක තිබිය යුතුම ලොකු ලොකු වැඩ කරන පොඩි පොඩි සොෆ්ට්වෙයාස් ටිකක්. PART 2

10:50 AM

ඔන්න යාලුවනේ පොරොන්දු වුන විදිහටම මම කලින් දීපු වින්ඩෝස් පරිගණකයක තිබිය යුතුම ලොකු ලොකු වැඩ කරන පොඩි පොඩි සොෆ්ට්වෙයාස් ටිකක් ලිපියෙ දෙවෙනි කොටස අරගෙන ආවා!හ්ම්ම් බලන්නකො එහෙනම් මේ සොෆ්ට්වෙයාස් ටිකත් ඔයාලට ප්‍රයෝජනවත්ද කියල.

  1. MiniBin -අපිට recycle bin එක ඕපන් කරගන්න ගියාම ඩෙස්ක්ටොප් එකේ තියන එක එක වින්ඩෝස් ක්ලෝස් කර කර ඉන්න වෙනවනෙ ඉතින් මේ සොෆ්ට්වෙයා එකෙන් රීසයිකල් බින් එක system tray එකට දාලා දෙනව.
  2. MailStore -අපේ ඊමේල් අපිට ඕෆ්ලයින් ඉඳන් බලන්න ඕනෙ නම් මේ සොෆ්ට්වෙයා එක දාගන්න,මේකෙන් ඊමේල් ඩවුන්ලෝඩ් කරල දෙනවා.
  3. MediaInfo -අපි වීඩියෝ එකක් ප්ලේ කරනකොට ඒකෙ ෆෝමැට් එක සමහර විට ප්ලේයර් එකට නොගැලපෙන නිසා ඒක ප්ලේ නොවෙන්න පුලුවන්.මේන්න මේ සොෆ්ට්වෙයා එකෙන් ඒක ප්ලේ වෙන්නෙ නැත්තෙ මොන කොඩෙක් එක නැති නිසාද කියල අපිට හොයල දෙනව.
  4. MediaInfo -සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගෙන් අපිට ෆයිල් කොපි කරගන්න මේකෙන් පුලුවන්.
  5. Soluto –අපේ කම්පියුටර් එක බූට් එන්න ගතවන කාලය අඩු කරල දෙන සොෆ්ට්වෙයා එකක්, අනවශ්‍ය start up programmes අයින් කරල ස්පීඩ් කරල දෙනව.
  6. Background Switcher – අපේ Facebook, Instagram, RSS Feeds, Picasa, Google Images වගේ අකවුන්ට් වලින් පොටෝස් අරගෙන ඒව ඩෙස්ක්ටොප් එකේ backgroun images විදිහට මාරුවෙන් මාරුවට පෙන්නන සොෆ්ට්වෙයා එකක්.
  7. f.lux –මේකෙන් අපේ කාලගුණයට ගැලපෙන විදිහට ඩෙස්ක්ටොප් එකේ colours වෙනස් කරනව.ඒක කරන්නෙ ඒවෙලාවෙ තියන සූර්යාලොකය වගේ දේවල් ගැන තොරතුරු ගනනය කරල.
  8. ZoomIt -අපේ desktop එක වයිට්බෝඩ් එකක් කරල දෙනව.පාට පාට පෑන් වලින් ඩෙස්ක්ටොප් එකේ ඕනෙම තැනක එතකොට අපිට ලියන්න පුලුවන්!
  9. LockBox –අපිට වැදගත් වෙන ෆයිල් අනිත් අයට නොපෙනෙන විදිහට ලොක් කරල හංගල තියාගන්න මේකෙන් පුලුවන්.
එහෙනම් අපි ගියා කස්ටියටම ජයෙන් ජය!

Share this

Related Posts

Previous
Next Post »

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon