වින්ඩෝස් පරිගණකයක තිබිය යුතුම ලොකු ලොකු වැඩ කරන පොඩි පොඩි සොෆ්ට්වෙයාස් ටිකක්. PART 1

7:33 AM

ඔන්න අදත් මම සොෆ්ට්වෙයාස් ටිකක් අරගෙන ආවා! :) හැබැයි මහ ලොකු ඒවනන් නෙමේ ගොඩාක් පුන්චි ඒවා.හැබැයි මේවගෙන් කරගන්න පුලුවන් වැඩ කිඩ ටිකනම් පුන්චි නෑ හෙනම ලොකුයි! බලන්නකො ඔයාලගෙ කම්පියුටර් එකෙත් මේවා තියනවද කියල?නැත්නම් ඉතින් බාගන්න මොකද මේවනම් අනිව කොයි වෙලාවක හරි ඔයාලට ඕනෙ වෙන එක  වෙනවමයි.ඒකයි ඉතින් මමත් මේ පන දාගෙන දෙන්නෙ :))
  1. Eraser -අපි මොකක් හරි ෆයිල් එකක් delete කරහම ආයෙත් ඒක recover කරල ගන්න පුලුවන්න්නෙ.මම ඒක ගැනත් පෝස්ට් එකක් ලිව්ව ඒක බලන්න මෙතනින් යන්න.මෙන්න මේ සොෆ්ට්වෙයා එක භාවිත කරල delete කරහම නම් සදහටම මොකාටවත් හොයාගන බැරි විදිහට ෆයිල් ඩිලීට් කරන්න පුලුවන්.
  2. Unlocker -අපි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් delete කරන්න යනකොට මෙන්න මෙහෙම"file is in use” by another program මැසේජ් එකක් ආවොත් මේ සොෆ්ට්වෙයා කෑල්ල පාවිච්චි කරල ඒ process එක නවත්ත්තල ප්‍රෝග්‍රෑම් එක delete කරල දාන්න පුලුවන්.
  3. ShellExView – අපි මොකක් හරි සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කලහම right click menu එකටත් ඒක සමහර විට එනවනෙ.ඒකත් ඉතින් මලම වදයක් මේ සිෆ්ට්වෙර්යා එකෙන් පුලුවන් තමනට කැමති විදිහට ඒ මෙනූ එක හදාගන්න!
  4. Everything – windows search වගේ නෙමේ මේකෙන් පට්ට ඉකමනට ඕනෙමෙ දෙයක් search කරන්න පුලුවන්.
  5. Always on Top-අපි හිතමු අපි වෙබ් බ්‍රව්සර් එකේ ම්කක් හරි වැඩක් කර කර ඉන්නව.ඒත් එක්කම අපිට ෆිල්ම් එකක් බලාගන්නත් ඕනෙ.ඒත් ඉතින් වෙබ් බ්‍රව්සර් එක සිලෙක්ට් කෙරුව ගමන් ප්ලේයර් එක යටට යනවනෙ.අන්න ඒ කරදරෙන් නිදහස් වෙන්න මේකෙන් පුලුවන්
  6. Double Killer -එකම ෆයිල් එක කම්පියුටර් එකේ තැන් ගොඩක තියනවනම් මේකෙන් ඒ ෆයිල් හොයල ඩිලීට් කරගන්න පුලුවන්.
  7. TCPView-මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට බලාගන්න පුලුවනකපේ කොම්පියුටැර් එකේ තියන ඉන්ටනෙට් භාවිතා කරන අප් ip address  එහෙම ගන්න සොෆ්ට්වෙයා ලැයිස්තුවක්.
  8. Droplr -එක ක්ලික් එකෙන්ම ඉන්ටනෙට් එකට ෆයිල් අප්ලෝඩ් කරගන්න මේකෙන් අපිට පුලුවන්.
  9. TinyGrab -ගේමක් නැතුවම ඩෙස්ක්ටොප් එකේ ස්ක්‍රීන් ශොට් එකක් ගහගන්න පුලුවන්.මේකෙන් ඒ ස්ක්‍රීන් ශොට් එක ඔටෝම ඉන්ටැනෙට් එකට අප්ලීඕඩුත් කරනව.
  10. Mouse Jiggler-අපි ෆිල්ම් එකක් එහෙම බලද්දි මවුස් එක හොල්ලන්නෙ නැතුව තිබුනාම මොනිටර් එක ඕෆ් වෙනවනෙ.මේන්න මේ සොෆ්ට්වෙයා කෑල්ල දාගත්තම නම් එහෙම වෙන එක නතර වෙයි.
මේ සොෆ්ට්වෙයා භාවිත කරන විදිහ නැත්නම් මේවාගෙ තියන අව්ල් ඕනෙම එකක් පහලින් කමෙන්ට් කරන්න.අපි කැමතියි ඔයාලට උදව් කරන්න.
ලිපිය ටිකක් දිගයි.අනික මට තියන වෙලාවත් සීමිතයි,ඒකනිසා මේකෙ දෙවෙනි කොටස පුලුවන් තරම් ඉක්මනට මම දාන්නම්.රැඳිල ඉන්න අපිත් එක්කම :)

පැත්තෙන් තියන"සාමාජිකයෝ" කියන ගැජට් එකේ තියන JOIN THIS SITE ඔබලා ඔයාලටත් පුලුවන් අපේ බ්ලොග් එකේ සාමාජිකයෙක් වෙන්නෙහෙනම් අපි චුත වුනා බායි ඈ.

Share this

Related Posts

Previous
Next Post »

5 comments

Write comments
Anonymous
June 22, 2014 at 10:38 AM delete

thanks macho! godak watinawa. :D

Reply
avatar
June 22, 2014 at 11:26 AM delete

එල මේකෙ අනිත් කොටස ලගඳිම දෙන්නම්!

Reply
avatar
June 23, 2014 at 10:09 AM delete

most of this features have in windows 8.1

Reply
avatar
June 23, 2014 at 8:18 PM delete

but win xp and win 7 haven't these features :D

Reply
avatar
July 13, 2017 at 8:30 PM delete

ගොඩක් ලින්ක්ස් වැඩ නෑ නෙහ්.. පුලුවන්නම් ලින්ක් අප්ඩේට් කරන්න

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon