web browesres භාවිතයේදී ඔබට ඉතා ප්‍රයෝජනවත් ඇඩෝනයන්(add-ons) කිහිපයක්.

8:53 AM

මුලින්ම අපි බලමු add-ons කියන්නෙ මොනවද කියල. ඇඩොන්ස් කියන්නෙ අපේ වෙබ් බ්‍රව්සර් වලට අලුත් උපාංග සම්බන්ධ කරන,අපේ වැඩ පහසු කරවන වෙබ් බ්‍රව්සරයත් එක්ක ක්‍රියාත්මක වෙන ඉතා කුඩා සොෆ්ට්වෙයා වලට.මම අද දෙන්න යන්නෙchrome,firefox,opera වගේ ජනප්‍රිය browser කීපයකට ප්‍රයෝජනවත් වන ඇඩොන්ස් ටිකක්.

ක්‍රෝම් සඳහා

ක්‍රෝම් තුලදී අනවශය ads හා පොප් අප් අවහිර කරන"Shut-up" ඇඩෝනය.


සමහර අවස්ථා වලදී අපි වෙබ් සයිට් එකකට පිවිසෙනකොට පීඩාකාරී ඇඩ් එනව නේද ?එහෙමත් නැතිනම් ඒ වෙබ් පේජ් එකේ ගොඩක් කමෙන්ට්ස් එහෙම තිබුනොත් ඒක ලෝඩ් වෙනව හොරයි නේ?මේ එකෙන් අපිට පුලුවන් ඒව ඔක්කොම නවත්වගන්න!
goo.gl/8spkHA


E-mail ගිනුම් කීපයක් එකම වින්ඩෝවක පෙන්වන-Gmail Multi Account.



අපිට g-mail ගිනුම් කීපයක් තියනවනම් ඒ ඔක්කොම ගැන අවධානයෙන් ඉන්න ඕනෙනෙ, ඒකට ඉතින් ලොග් අවුට් වෙවී සයිනප් වෙවී ඉන්න වෙනව. හැබැයි මේ add-on කෑල්ලෙන් අපිට ඒ ඔක්කොම එකම වින්ඩෝ එකකට ගෙන්නගන්න පුලුවන්.
goo.gl/8spkHA

පරිගණක තිරයෙන් ඔබේ ඇසට සිදුවන හානිය වලකන-20cubed.


අපි හැමෝම වගේ computer එක ඉස්සරහට ගියහම වෙලාවක් කලාවක් මතක නෑ ඔහේ ඉන්නව. ඇත්තටම ඒක අපේ ඇහැට ලොකු තර්ජනයක්.මේ ඇඩොන් එකෙන් අපිට සෑම මිනිත්තු 20කට වරක්ම පරිගනක තිරයෙන් ඇස් එලියට ගන්න මතක් කරල දෙනව.

goo.gl/8spkHA

පහසුවෙන් වෙබ් පිටුවක screenshots ගන්න-awesome screenshot.
අපිට සමහර අවස්ථාවලදි වෙබ් පිටුවල ගන්න වෙනව හැබැයි එහෙම ගන්නකොට ඕනෙ කෑලි ටිකයි එපා කෑලි ටිකයි ඌකොම එවනවා.මේකෙන් අපිට අපි කැමති ප්‍රදේශයක විතරක් එකක් ගන්න පුලුවන්.
goo.gl/8spkHA

Firefox    

වෙබ් පිටුවක් අපි කැමති විදිහකට සටහනක් තබන්න පුලුවන් Screen draw.
ඔයාල කැමති විදිහට වෙබ් පේජ් එකක සටහනක් තියාගන්න. ඒවගේම ඒක .PNG,>JPEG format එකකින් සේව් කරගන්නත් පුලුවන්.
goo.gl/8spkHA

Youtube ස්වයංක්‍රීයව ධාවනය වීම වලක්වන Youtube Auto Stopper.


අපි හිතමු අපි Youtube එකේ මොකක් හරි video එකක් බලන්න යනව කියල, එතකොට ඒ ලින්ක් එකට ගිය ගමන්ම එක ප්ලේ වෙන්න ගන්නව නේද?මේකෙන් අපිට ඒක නවත්තල අපිට ඕනෙ වෙලාවට විතරක් ප්ලේ වෙන්න විතරක් හදාගන්න පුලුවන්.
goo.gl/8spkHA

Tabs වල notification  ඔබට alert කරන Tab Notifier.


අපි tabs කීපයක් විවෘත කරගෙන මොකක් හරි වැඩක් කරද්දී.අපිට facebook,twitter වලින් එන notifications(අලුත් messageඑකක් ආ විට,tweet එකක් ආ විට)මගහැරෙන්න පුලුවන් මේකෙන් අපිට ඒ ඔක්කොම බලාගන්න පුලුවන්.
goo.gl/8spkHA

Opera 

ලේසියෙන්ම වෙබ් අඩවිවලට යන්න-bugme not.

 
අපි අලුතින් වෙබ් අඩවියකට යනකොට ඒවගෙන් වැඩ කරන්න නම් ඒවගෙ වෙන්න ඕනෙනේ,ඒත් මේ ඇඩොන් එකෙන් ඒවා ඔටෝම වෙනව අපිට තියෙන්නෙ වැඩ කරගන්න විතරයි.

goo.gl/8spkHA

අනවශ‍ය දේ ඉවත් කර දෙන stop social.

අපි සමාජ ජාල වෙබ් අඩවි වලට යනකොට එන අනවශය්‍ය commnet,ads,widgets මේකෙන් නවත්ව ගන්න පුලුවන්.
goo.gl/8spkHA
හිතනවා ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වුනා කියල පුලුවන්නම් පොඩි පාරක් දාලා මට සහයෝගයක් දෙන්න.

Share this

Related Posts

Previous
Next Post »

4 comments

Write comments
January 26, 2014 at 7:00 AM delete

ප්‍රයෝජනවත් වුනානම් ගොඩක් සතුටුයි සහෝ

Reply
avatar
Paradox
February 23, 2014 at 10:30 AM delete

This Blocks annoying video ads on YouTube, Facebook ads, banners and much more.

Adblock Plus blocks all annoying ads, and supports websites by not blocking unobtrusive ads by default (configurable).

https://addons.mozilla.org/en-US/firefox/addon/adblock-plus/

Reply
avatar
February 23, 2014 at 10:54 AM delete

Great! thanks for sharing with us!!

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon