ඉවතලන කාඩ්බෝඩ් වලින් පහසුවෙන්ම වෙසක් කූඩුවක් සාදාගනිමු!

10:55 AM
අද තාක්ශණික තොරතුරක් නම් නෙමෙයි කියන්න යන්නෙ.මට මේක හම්බුනේ අන්තර්ජාලයෙන්.වැදගත් වේවි කියලා හිතුන නිසා බෙදාගන්න හිතුවා.

ගොඩාක් අය දැන් වෙසක් එකට අටපට්ටමක්,තරුවක්,නෙලුම් මලක් ගෙදර හදන්නෙ නෑ,පාරෙ විකුනන්න තියෙන සව්කොල අලෝලා සම්පූර්ණ කරපු වෙසක් කූඩුවක් හෝ ප්ලාස්ටික් වලින් හදපු පට්ටමක් හෝ ගේනවා මිසක්.ඉස්සරනම් කොච්චර ආසාවෙන්ද හිට්යෙ වෙසක් එනකම්? උණබට කපලා සව්කොල අරගෙන යාලුවොත් එක්ක එකතුවෙලා වෙසක් කූඩුවක් හදලා ඒකට බල්බ් එකක් හරි ඉටිපන්දමක් හරි ගහලා පත්තු කලාම පුදුම සතුටක් හිතට දැනෙන්නෙ! වෙසක් කූඩුව වගේම අපේ හිතත් දැල්වෙනව.හැබැයි දැන් කාලෙ පොඩිත්තො නම් අටපට්ටමක් හදන්න ඕනෙ උණබට කෑලි ගාණවත් දන්නෙ නෑ

වැඩ රාජකාරි අධිකකම හා නාගරික පරිසර වල ජීවත් වෙන එක ඒකට හේතුව වෙන්න පුලුවන්.වෙසක් කූඩුවක් තනියම හදනවා කියන්නෙත් බුද්ධිය වර්ධනය වන ක්‍රියාකාරකමක්!

උණබට,ඔට්ටපාලු වගේ දේවල් දැන් නැති නිසා අපිට පුලුවන් කාඩ්බෝඩ් වලින් අටපට්ටමක් හදාගන්න.පහලින් තියන සැකිල්ල හැටියට කාඩ්බෝඩ් එකක් කපාගෙන ඒකෙ අලවන්න ඉතිරිකරලා තියන තැන් ටික ඇලෙව්වහම අපිට ලේසියෙන්ම අටපට්ටමක් හදාගන්න පුලුවන්.  ඒ වගේම හැකියාවක් තියන්වනම් පොඩි කැටයමක් කපලා ඒක හැඩකරගන්න :)

ඊට පහලින් දාලා තියන සැකිල්ලෙන් අපිට පුලුවන් හතරැස් කූඩුවක් හදාගන්න.

(පින්තූරෙ තව ලොකු කරලා බලන්න ඒක උඩ ක්ලික් කරන්න.)


තව ලේසි ක්‍රමයකට අපිට ලස්සන කූඩුවක් හදාගන්න පුලුවනන්. ඒකට පහත පියවර අනුගමනය කරන්න.

ඒකට මෙන්න මේ ද්‍රව්‍ය අවශ්‍ය වෙනවා.



  1. දිග ශක්තිමත් කාඩ්බෝඩ් පටි දෙකක්. (එක කූඩුවක් සඳහා)
  2. කුඩා ශක්තිමත් කාඩ්බෝඩ් පටි දෙකක්. (එක කූඩුවක් සඳහා)
  3. සමචතුරස්‍ර හැඩයට කපාගත් සව්කොල කැබලි.
ඊටපස්සෙ දිග කාඩ්බෝඩ් පටි දෙක ගම් හෝ ස්ටේප්ලර් භාවිතයෙන් මෙහෙම රවුමක් වගේ අලවගන්න.


ඊට පස්සෙ අර පොඩි කාඩ්බෝඩ් කැබලි දෙක භාවිතා කරලා මෙහෙම සැකිල්ලක් හදාගන්න 



සැකිල්ල හදාගත්තට පස්සෙ අර සමචතුරස්‍ර හැඩේට කපාගත්තු සව්කොල කෑලි වල කොන් එකතු කරල මෙහෙම අලවගන්න.


එහෙම හදාගත්තු සව්කොල කෑලි ටික අර අපි හදාගත්තු සැකිල්ලේ මෙහෙම අලවගන්න.


මේ විදියට මේ සැකිල්ල වටේම සව්කොල කෑලි ටික ඇලෙව්වහම අපිට ලස්සන කූඩුවක් හදාගන්න පුලුවන්.කුඩුවේ එක පැත්තකට රැලි දාලා ලස්සන කරලා ගන්න :) මමනම් මේ පාර වෙසක් එකට බෞද්ධ කොඩියෙ පාටට මේ කූඩු දෙක ගානෙ හදනවා.ගිය පාරත් හැදුව :) එහෙනම් මම ගිහින් එන්නම්! නැවත හමුවෙමු!

Share this

Related Posts

Previous
Next Post »

6 comments

Write comments
April 25, 2015 at 1:49 PM delete

Good job. I'll try. Thanks for sharing :-)

Reply
avatar
Anonymous
April 26, 2015 at 9:29 AM delete

supiri. niyama wadak. thanks!

Reply
avatar
April 26, 2015 at 3:16 PM delete

:) ස්තූතියි කමෙන්ට් එකට! කූඩුවක් හදල බලන්න :)

Reply
avatar
April 27, 2015 at 1:40 PM delete

මෙදා මේ වගේ ශෝට් & ස්වීට් එකකට යන්න වෙනව. වෙසක් ලඟම එනව. ම‍ාසෙ මුලම. වෙලාවත් මදි!

Reply
avatar
April 27, 2015 at 4:20 PM delete

ඔව්! ඒකතමයි.අවුරුදු ඉවරවුණා විතරයි දන්නෙවත් නැතුව වෙසකුත් එනව!

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon