VB.net 6 පාඩම - ඇරේ භාවිතා කරන ආකාරය.

7:27 PM

ඇරේස් භාවිතා කිරීම.

පරිගණක වැඩසටහන් සකසන විට එහි දත්ත තාවකාලිකව රදවා තබා ගැනීමට වේරියබල් භවිතා කරන බව දනිමු. මෙසේ විවිධ වර්ගයේ දත්ත විශාල ප්‍රමාණයක් ‍රැදවීමට වේරියබල් විශාල ප්‍රමාණයක් යොදා ගැනීම වෙනුවට තනි ඇරේ එකක් භාවිතා කල හැක. පහතින් දැක්වෙන්නේ ඇරේ එකක පොදු ආකෘතියයි.
[කීවර්ඩ් එක] [ඇරේ එකෙහි නම] [ඉලමන්ට් ගණන] As [ඩේටා ටයිප් එක]
කීවර්ඩ් එක : කීවර්ඩ් එක යොදන ආකාරය අනුව ඇරේ වර්ග 3 කි.


ප්‍රොසීජ (Procedure)

ප්‍රොසීජ (Procedure) වර්ගයේ  ඇරේ එක තුල දී Dim හෝ Static හෝ යන කීවර්ඩ් දෙකෙන් එකක් යොදාගෙන ඇරේ එක සකසයි. මේ වර්ගයේ ඇරේ ක්‍රියාත්මක වන්නේ එක් කන්ට්‍රෝල් එකකට අදාලව තනි ඉවෙන්ට් එකක් තුලදීය.

ෆෝම් ඇරේ (Form)

ෆෝම් ඇරේ (Form) යනු තවත් එක් ඇරේ වර්ගයකි. මෙම වර්ගයේ ඇරේ එකක් සකසන විට Dim හෝ Private යන කීවර්ඩ් දෙකෙන් එකක් භාවිතා කල යුතුය. එවිට මෙම ඇරේ එක එක් වින්ඩෝ එකක් තුල ඕනෑම විටකදී භාවිතා කල හැකි අතර මෙම ඇරේ වින්ඩෝ එකෙහි ඇති Class MainWindow යන්නට පහතින් සැකසිය යුතුය.

ප්‍රොජෙක්ට් ඇරේ (Project)

ප්‍රොජෙක්ට් ඇරේ (Project) මෙම ඇරේ එක සදහා Public යන කීවර්ඩ් එක යොදාගනී. මෙවැනි ඇරේ එකක් සම්පූර්ණ් ප්‍රොජෙක්ට් එක තුලදීම භාවිතා කල හැක. මෙම ඇරේ එක සෑදිය යුත්තේ මොඩියුල් (Module) එකක් තුලය.

ඇරේ එකෙහි නම


ඉහත දක්වා ඇති ඇරේ එකෙහි පොදු ආකෘතියේ තිබෙන ඇරේ එකෙහි නම වශයෙන් කැමති නම යොදන්න පුලුවන්. එහෙත් එම නම අංකයකින් හෝ වෙනත් ලකුනක් භාවිතා කරමින් හෝ ආරම්භ කල නොහැක. ඇරේ එකක නමෙහි මැද කොටසකදි හෝ අවසාන යේදි හෝ ඉලක්කම් භාවිතා කරන්නට පුලුවන. එහෙත් ඇරේ එකක නමෙහි මැද හෝ අවසානයේ හෝ වුවද, යටි කඩ ඉර හෙවත් අන්ඩස්කෝ[ _ ] ලකුන හැර වෙනත් කිසිදු ලකුනක් භාවිතා කල නොහැක්. එමෙන්ම නමෙහි කොටස් දෙකක් අතර හිස්තැන් තැබිය හැක.

මෙම කොන්දෙසි සපුරන සේ හෙවත් නිවැරදිව සකස් කල අරේ නේම් කිහිපයක් මෙසේය.

Softland
Softland1
Softland_1

ඉලමන්ට් ගණන හා ඩේටා ටයිප් එක.

ඇරේ එකෙහි නමට පසුව යොදන්නේ ඉලමන්ට් ගණනයි. එය වරහන් තුළ ඉලක්කමින් අවශ්‍ය ප්‍රමාණයකට සටහන් කල හැකිය. මෙයට පසුව යොදන As පදය අනිවාර්යයෙන් යෙදිය යුතුය. එයින් පසුව හිස් තැනක් තබා ඩෙටා ටයිප් එක ලබා දිය යුතුය. එය ඇරේ එකට යොදන දත්ත අනුව වෙනස් කර ගත හැක.
ඇරේ එකක් ක්‍රියාත්මක වන පොදු ආකෘතිය තේරුම් ගණ්නට Dim strFirst(5) As String යන කේතය විමසා බලමු.
මෙහි  Dim යනු කීවර්ඩ් එකයි. strFirst යනු ඇරේ එක සදා ලබාදී තිබෙන නමයි. මෙම ඇරේ එකෙහි ඩේටා ගණන ලබාදී ඇත්තේ 5 යි. මේ අනුව 0 සිට 5 දක්වා ඉලමන්ට් 6 ක් සහිත ඇරේ එකක් නිර්මාණය කර ඇත. මෙසේ සකස් කර ගන්නා ඇරේ එකට එකිනෙකට වෙනස් දත්ත 6 ක් ඇතුලු කර ගත හැක. නමුත් ඔබට දත්ත 10 ක් ඇතුලත් කල යුතු ඇරේ එකක් සැකසීමට අවශ්‍ය නම් ඇරේ එක Dim strFirst(9) As String ලෙස වෙනස් කල යුතුය. මෙසේ ඇරේ එකක් තුල ඇති තනි ඉලමන්ට් එකක් තනි වේරියබල් එකක් ලෙස භාවිතා කල හැක.

ඇරේ එකට දත්ත ඇතුලත් කිරීම.


ඇරේ එකට දත්ත ඇතුළු කරනවිට එය කළ යුත්තේ 'නම(ඉලමන්ට් එක) = දත්තය' යන පොදු ආකෘතිය අනුවටය. එය නිදසුනක් ලෙස මෙසේය.

        ex : intSecond(1) = 12

 මෙහිදී intSecond නම් ඇරේ එකෙහි 1 වන ඉලමන්ට් එක වෙත 12 සංඛ්‍යාව ඇතුලත් කර ඇත.
මෙසේ දත්ත ඇතුලත් කරන ආකාරය තේරුම් ගැනීමට පහත වැඩසටහන සකස් කර බලමු.
මේ සදහා නව WPF Apllication ප්‍රොජෙක්ට් එක විවෘත කර එහි වින්ඩෝ එක මතට බට්න් එකක් හා ලේබල් එකක් යොදා ගත යුතුය. දැන් බට්න් එක මත ඩබල් ක්ලික් කර එහි ක්ලික් ඉවෙන්ට් එකට අදාලව පහත කෝඩ් කොටස ලිවිය යුතුය.

        Dim intSoftland(2) As Integer
        intSoftland(0) = 10
        intSoftland(1) = 20
        intSoftland(2) = 30
        Label1.Content = intSoftland(0) + intSoftland(1) + intSoftland(2)

මෙහි පළමු පේලියේදී intSoftland යන නමින් ඉලමන්ට් 3 කින් යුත් ඇරේ එකක් සකස් කර ඇත. 2,3 හා 4 පේලිවලට පිලිවලින් ඇරේ එකෙහි වූ 0,1 හා 2 යන ඉලමන්ට් වලට 10, 20 හා 30 යන අගයන් ඇතුලත් කර ඇත. පස්වන පේලිය මගින් ඇරේ එකෙහි ඉල්මන්ට් තුනේ එකතුව ලේබල් එක වෙත යොමු කීරීම සිදු කරයි.
ඉහත ඇරේ එකෙහි ඩේටා ටයිප් Integer වේ එනම් ඉහත ඇරේ එකට ඇතුලත් කල හැක්කේ සංඛ්‍යාත්මක අගයන් පමණි. නමුත් වචන හෝ වෙනත් සංකේත් ඇරේ එක සදහා භාවිතා කරන්නේ නම් ඇරේ එක සදහා යොදා ගත යුත්තේ String ඩේටා ටයිප් එකයි. එවැනි වැඩසටහනක් පහත පරිදි සකස් කර ගත හැක.
මේ සදහා නව WPF Apllicationප්‍රොජෙක්ට් එක විවෘත කර එහි වින්ඩෝ එක මතට බට්න් එකක් හා ලේබල් එකක් යොදා ගත යුතුය. දැන් බට්න් එක මත ඩබල් ක්ලික් කර එහි ක්ලික් ඉවෙන්ට් එකට අදාලව පහත කෝඩ් කොටස ලිවිය යුතුය.

        Dim strFriends(2) As String
        strFriends(0) = "Nimash "
        strFriends(1) = "Rocky "
        strFriends(2) = "Mithun"
        Label1.Content = strFriends(0) & strFriends(1) & strFriends(2)

පළමු පේලියේදී String ඩේටා ටයිප් එක යොදාගෙන ඉලමන්ට් 3 කින් යුතු ඇරේ එකක් සදා ගත හැක. 2,3 හා 4 පේලිවලට පිලිවලින් ඇරේ එකෙහි වූ 0,1 හා 2 යන ඉලමන්ට් වලට Nimash, Rocky හා Mithun යන අගයන් ඇතුලත් කර ඇත. පස්වන පේලිය මගින් ඇරේ එකෙහි ඉල්මන්ට් තුනේ වචන තනි පේලියක් සේ ලේබල් එක වෙත යොමු කීරීම සිදු කරයි. මෙහිදී + ලකුණ වෙනුවට & ලකුණ යොදාගෙන ඇත්තේ සංඛ්‍යත්මකව එකතු කිරීමක් මෙහිදී සිදු නොවන නිසාය.

මෙවර පාඩමට අදාල විෂුවල් බේසික් ප්‍රොජෙක්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.

පසුගිය පාඩම් මාලාවන් :
පළමු පාඩම     : http://softwarelanthaya.blogspot.com/2014/08/visual-basic-net.html
දෙවන පාඩම   : http://softwarelanthaya.blogspot.com/2014/09/vbnet-2.html
තෙවන පාඩම  : http://softwarelanthaya.blogspot.com/2014/09/vbnet-3.html
සිව්වන පාඩම : http://www.softwarelanthaya.com/2014/10/vbnet-4.html
පස්වන පාඩම : www.softwarelanthaya.com/2015/01/vbnet-5.html

Share this

Related Posts

Previous
Next Post »

2 comments

Write comments
April 6, 2015 at 8:47 PM delete

ඔබෙන් සිදුවෙන්නෙ විශාල මෙහෙවරක් ස්තුතියි

Reply
avatar
April 8, 2015 at 9:58 AM delete

ස්තූතියි සහෝදරයා !

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon