ඔබත් google භාවිතා කරන්නෙක්ද? එසේනම් මෙම URL (LINK) ඔබ දැන සිටිය යුතුමයි!

6:11 PM

අපි හැමෝම ගූගල් මොකකට හරි භාවිතා කරනවනෙ.උදාහරණයක් විදිහට google search,you tube නැත්නම් ඉතින් නිකමට හරි ඊ මේල් අක්වුන්ට් එකක්වත් හදලා තියනවනෙ.ඇත්තට ගූගල් භාවිතා නොකරන එක්කෙනෙක් නෑ.ගූගල් කියන්නෙ නිකං ඉන්ටනෙට් වගේ!හැබැයි ගූගල් වල අපි නොදන්න ගොඩාක් දේවල් තියනව.හරියට මම අර දුන්න ගූගල් ෆන් වැඩකිඩ ටික වගේ.හැබැයි මේවනම් එහෙම ඒවා නෙමේ හරිම ප්‍රයෝජනවත්.මට හිතෙන හැටියට පහලින් මම දීලා තියන් ඒවාගෙන් එකක්වත් ඔයාට කවදා හරි ඕනෙ වෙයි.

1.අපිට අලුතින් ගූගල් account එකක් හදන්න ඕනෙ නම් අනිවාර්යයෙන්ම අපිට අලුත් ඊමේල් එකකුත් හදන්න වෙනව,ඒත් මේ ලින්ක් එකෙන් ගිහිල්ලා අපිට අලුත් ගූග්ලල් acc එකක් අළුත් ඊමේල් එකක් හදන්නෙ නැතුව අපි හදලා තියන පරණ ඊමේල් එකෙන්ම හදාගන්න පුලුවන්!

https://accounts.google.com/SignUpWithoutGmail

2.Google ads අපිට වෙබ් සයිට් වල ඇඩ් පෙන්නන්නෙ අපි ගැන විශ්ලේශනයක් කරලා.ඒ කිව්වෙ අපි වැඩියෙන්ම යන වෙබ් සයිට් වල ස්වභාවය :D වගේ දේවල් බලලා අපේ වයස,කැමති දේවල්,ස්ත්‍රී පුරුශ භාවය ගූගල් අනුමාන කරලා ඒ වයසට කැමති දේවල් වලට ගැලපෙන ඇඩ් තමා ගූගක් ඇඩ්ස් වලින් පෙන්නන්නෙ.ඒ විදිහට ගූගල් ඔයාවත් අනුමාන කරපු හැටි මේ url එකෙන් ගිහිල්ලාඅ ඔයාට දැනගන්න පුලුවන්.


https://www.google.com/ads/preferences/

3.අපිට අපි සතුව ගූගල් වල තියන videos,photos,contacts,gamail messages වගේ දේවල් එකම තැනකින් බාගන්න පුලුවන් ඒ ඔක්කොගෙම එක්තුවක් මෙතන තියනවා.

https://www.google.com/takeout

4.අපේ බ්ලොග් එකක තියන දේවල් කොපි කරගෙන තවත් කෙනෙක් එයාගෙබ්ලොග් එකේ දාගෙන ඉන්නවනම් අපිට පුලුවන් ගූගල් වලට පැමිනිලි කරලා ඒ වෙබ් සයිට් එක ගූගල් search වලින් අයින් කරලා ඒ content එක අයින් කරලා දාන්න.

https://support.google.com/legal    

5
.අපේ android device එකක් තියනවනම් ඒකෙන් අපි ඉන්න තැන අපේ වේගය වගේ දත්ත ගූගල් එකේ සර්වර්ස් වලට යවනව වෙන්න පුලුවන් අන ඒ දත්ත ඔක්කොම අපිට මෙතනින් බලාගන පුලුවන්!

https://maps.google.com/locationhistory 

6.ගූගල් අපි google search වල search කරපු හැම වචනය පාසා රෙකෝඩ් කරගෙන ඉන්නෙ.ඒ වගේ අපි ක්ලික් කරපු ඇඩ් ගැන තොරතුරුත් ගූග්ල් ගාව තියනවා.ඒ තොරතුර් අපිට මේ URL එකෙන් බලගන්න පුලුවන්.

https://history.google.com

7.google නීති රීති වලට අනුව අපි මාස 9කට එක වතාවක් වත් අපේ ඊමේල් acc එකට පිවිසුනේ නැත්නම් ඒ ගිණුම අවලංගු වෙනවා.ඊමේල් ගිණුම් බර ගාණක් තියන කෙනෙක්ට මෙක වෙන්න පුලුවන්.මේ url එකෙන් ගොහින් ඔයාලට්‍ර පුලුවන් ගිණුමක් අක්‍රීය කරන්න ලඟයි නම් ඒ ගැන තොරතුරු අපේ වෙනත් ඊමේල් එකකට ගන්නත් ගිණුම අක්‍රීය කරන්ඩ හේතු බලාගන්නත්.

 https://www.google.com/settings/account/inactive 

8
.අපේ ඊමේල් ගිණුම වෙන මොකෙක් හරි මොන ජිගිලිමාට් එක දාලා හරි හැක් කොරලා හරි ඒකෙ පාස්වර්ඩ් දැනගෙන හරි කියල අපිට සැකයක් ඇති වුනොත් මෙන්න මේ URL එකෙන් ගිහිල්ලා ඔයාට පුලුවන් activity log එක බලන්න.මේකෙන් අපිට පුලුවන් අපි අපේ ගූගල් ගිණුමට ලොග් වුන device එක ip adress එක වගේම අපි හිටිය තැනෙත් දළ සිතියමක් ගන්න පුලුවන්.

https://security.google.com/settings/security/activity 

9
.පහලින් තියන URL එකෙන් ගිහින් අපිට පුලුවන් අපි අපේ ඊමේල් එක හරි ගූගල් ප්ලස් ගිණුම හරි යොදාගෙන sign up වුන වෙබ්සයිට් වල ලිස්ට් එකක් බලාන්න.

https://security.google.com/settings/security/permissions

මේටික ඔයාලට අනාගටයටත් වැදගත් වෙයි කියල හිතනවනම් ctrl+D ඔබලා bookmark කරගන්න.එහෙනම් ආයෙත් මෙ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු හැමෝටම සුභ වෙසඟක් වේවා!

Share this

Related Posts

Previous
Next Post »

10 comments

Write comments
May 13, 2014 at 6:51 PM delete

වැදගත් තොරතුරු ටිකක් බෙදාගත්තට ස්තූතියි.

Reply
avatar
May 13, 2014 at 7:04 PM delete

අදහසක් දැක්වුවාට ඔබත් බොහෝම ස්තූතියි!

Reply
avatar
May 13, 2014 at 9:11 PM delete

ඇත්තටම කියනවනම් සුපිරියි මචෝ....එල

Reply
avatar
May 14, 2014 at 6:28 AM delete

තැන්කියූ බං :D !

Reply
avatar
Anonymous
May 15, 2014 at 1:55 AM delete

ස්තුති හැමදාමත් හොද දේවල් දීලා අපිව දැනුවත් කරනවට

Reply
avatar
May 15, 2014 at 6:26 AM delete

ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාල නිසා තමයි අපි මෙච්චර දුරක් ආවෙ!

Reply
avatar
May 17, 2014 at 1:10 AM delete

6 වෙනි එකෙන් ගිහිල්ලා අතීතය අවුස්සලා බැලුවා.. ස්තුතියි මෙවැනි දෙයකින් දැනුවත් කලාට..

Reply
avatar
May 17, 2014 at 1:00 PM delete

අදහසක් දැක්වුවට ඔයාටත් ස්තූතියි!

Reply
avatar
May 31, 2014 at 11:01 AM delete

බොහොම ස්තූතියි මේවගේ නොදන්න ඒවා කියලා දෙනවට......

Reply
avatar
June 1, 2014 at 8:18 PM delete

උඹලගෙ කමෙන්ට් දකිද්දි තමයි බං අපිටත් තව තව ලියන්න ගැම්මක් එන්නෙ,ගොඩක් ස්තූතියි අදහස කිව්වට දිගටම අපේ බ්ලොග් එකත් එකම ඉන්න!

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon