2014 ජූනි 27 එන Transformers: Age of Extinction ගැන තොරතුරු.

5:43 PM

කවුරුත් දන්නවනෙ ඉතින් transformers කතා මාලාව :D ගොඩක් ජනප්‍රිය වුන ෆිල්ම් සෙට් එකක්.ඔන්න ඒකෙ 4වෙනි කතාව ජූනි 27 එන බව තමයි ආරංචිය. Mark Wahlberg වගේ හොලිවුඩ් තරු ඒකට දායක වෙලා තියනව.කලින් චිත්‍රපට වල වගේම මේකත් අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Michael Bay සහාය අධ්‍යක්ෂනය Steven Spielberg විසින් සිදු කරලා තියනවා.තිර රචනය කරල තියෙන්නෙ  Ehren Kruger.ට්‍රාන්ස්ෆෝමර්ස් කතා මලාවේ කලින් හිටියෙ නැති අලුත් චරිතත් ඩයිනෝසරයන් වැනි රොබෝවන් (Dinobots) ඇතුලත් වීම විශේෂයි.Optimus Prime, Bumblebee, Ratchet, and Brains වගේ අපේ සිත් ගත්ත ට්‍රාන්ස්ෆෝමර්ස්ලත් මේකෙ ඉන්නව ඈ.

අපි දැන් පොඩ්ඩක් මේකෙ කතාව දිහා බලමු,
transformers 3 වලදි චිකාගෝ වල සිදුවූ විනාශයත් එක්කම මිනිස්සු transformers ලව විශ්වාශ කරන එක නවත්තනව.ඒක නිසා රජය transformers ලව,අනෙකුත් තර්ජනයක් වන රොබෝලව විනාශ කරන්න සැරසෙනවා.මේක නිසා tansformers ලා හැංගෙනව.ඊට අවුරුදු 4කට පස්සෙ යාන්ත්‍රික ශිල්පියෙකු(Cade) හා ඔහුගෙ දුව(Tessa) ගේනවා ට්‍රක් එකක් ඒකෙ කෑලි ගලවලා parts විකුණන්න.ඒක නිකන්ම ට්‍රක් එකක් නෙමේ ඒතමයි Optimus Prime! transformers ලා නැති නිසා රජය අලුතින් ඔවුන්ට අවශ්‍ය විදිහට transformers ලා අලුතින් හදනවා.ඒත් අන්තිමට අලුතින් හදපු ට්‍රාස්ෆෝමර්ස්ලා ඔවුන්ට විරුද්ධ වෙනවා.Optimus Prime, Bumblebee, Ratchet, and Brains වගේ අපේ සිත් ගත්ත ට්‍රාන්ස්ෆෝමර්ස්ල,Cade, Tessa හා ඇයගේ පෙම්වතාත්  එක් වෙලා ඔවුන්ව පරාජය කරලා විශ්වය රැක ගන්න ආකාරය තමයි මේකේ කතාව වෙන්නෙ.ඒ කට්ටියගෙ උදව්වට පරණ Dinobots ලාත් අවදි කරගන්නවා විශ්වය රැක ගන්න. :)

මෙන්න එහෙනම් official trailer එක

 
ෆිල්ම් එක ආපු ගමනම අපි බාගන්න  ලින්ක් එකත් දෙන්නම් ඈ

Share this

Related Posts

Previous
Next Post »

1 comments:

Write comments
Anonymous
May 20, 2014 at 8:14 AM delete

ඔබගේ සියලු තාක්ෂණික ගැටලු,නිරාකරණය කර ගැනීමට අදම අප හා එකතු වන්න http://lktips.com/discussions

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon