ජනවිකාශනය සමග ශ්‍රී ලංකාවේ ඉ-වානිජ්‍යමය බලපෑම

9:27 AM Add Comment


ජනවිකාශනය සමග ශ්‍රී ලංකාවේ ඉ-වානිජ්‍යමය බලපෑම
භූ විද්‍යාත්මක පදනම අතින් දකුණු ආසියානු රටවල් ලොවෙහි ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. විශේෂයෙන් ඉහළ ජන ඝනත්වයක් පැවතීම ද ඊට හේතු වෙනවා. ජනගහණය මිලියන 20ක් වෙමින් ශ්‍රී ලංකාව ද ඒ හා කරට කර සිටිනවා. ඉන් 4,788,751ක් ම අන්තර්ජාලය භාවිතා කරන අයයි. ඉතින් 22%ක අන්තර්ජාල භාවිත බලපෑමක් සමග ආසන්න රටවල් සමග එය ඉතා හොඳ තත්වයක්. මේ හැමෙකක් ම පෙන්නුම් කරන්නේ ඉ-වානිජ්‍ය සහ ශ්‍රී ලංකාව තුළ එහි වර්ධනය යි.
ලාංකේය ඉ-වානිජ්‍යය ගැන ඉහළ අත්දැකීමකින් යුත් මාර්ගගත වෙළඳසලක් වන Kaymuවිසින් ඉ-වානිජ්‍යයේ වර්ධනය සඳහා පාදකවන සාධක හා සංරචකයන් පිළිබඳ අධ්‍යයනය කොට වාර්තාවක් ඉදිරිපත් කොට තිබෙනවා. එමගින් වැදගත් අංගයන් මෙන් ම ඉ-වානිජ්‍යය සඳහා ජනයාගේ බලපෑම ද අඩංගු කර තිබීම මේ කරුණ පැහැදිලි කිරීම සඳහා මහඟු පිටිවහලක් සපයනවා.
වයස් භේදය
රටක බොහෝ අංශ පිළිබඳ තරුණ, වැඩිහිටි, මහළු ආදී ලෙස වූ වයස් භේදයන්ගේ ජන සංඛ්‍යා ව්‍යාප්තිය කරුණු සපයනවා. විශේෂයෙන් කුතුහලයෙන් යුත් තරුණ පරපුර නිරන්තරයෙන් නවමු දෑ සොයමින් හා මාර්ගගතව සිටිමින් අන්තර්ජාල වෙළඳසල්වල සැරිසැරීමට කැමැත්තක් දක්වනවා. පහත සටහන වයස් පරතරයන් අතර ප්‍රතිශතමය සංඛ්‍යාවන් දක්වනවා.
C:\Users\Administrator\Downloads\images\LK - 1.png
අවුරුදු 25 සිට 34වූ පරතරය ඉහළ අගයක් ගනිද්දී දෙපස 35-44 හා 17-24 පරතරයන් දෙවන හා තෙවන ස්ථානයන්හි රැඳී සිටිනවා. මෙම 18-24 කණ්ඩායම අඩු අගයක් ගෙන ඇත්තේ ඇතැම්විට සම්පත් මඳබව හා ඉ-වානිජ්‍යයට පිවිසීමට ඇති අනිකුත් බාධාවන් විය හැකියි.
ස්ත්‍රී පුරුෂ බව
සංවර්ධනය වෙමින් පවතින රටවල ඉ-වානිජ්‍යය සඳහා ස්ත්‍රී පුරුෂ භාවය ද ප්‍රධාන බලපෑමක් එල්ල කරනවා.
C:\Users\Administrator\Downloads\images\lk 2.png
ඉහත වට ප්‍රස්තාරය මගින් ඉවානිජ්‍යය සඳහා බලපෑම පුරුෂ හා ස්ත්‍රී අනුපාතයන් අනුව දැක්වෙනවා. ඒ අනුව 68%ක් පුරුෂයින් ඉහළ අගයකින් ද 32%ක් ස්ත්‍රීන් ද වශයෙන් ද බලපවත්වනවා.
කොහොමනමුත්, හොඳ දෙයක් මෙතන තියෙනවා. මොකද දැන් කෙනෙක් කියන්න පුළුවන් කාන්තාවන් තමයි shopping කරන්න වඩාත් කැමති කියලා. ඒත් අන්තර්ජාලය හරහා මේ ගනුදෙනු කරන්නට ඔවුන් ඉතා වගකීම් සහගත බවක් දක්වන බවයි පෙනෙන්නෙ. අන්තර්ජාලයේ කැමති දෙයක් ඔවුන් දැක්කොත් මිළදී නොගෙන ඉන්නෙත් නැහැ.
භූගෝලීය බලපෑම
රටේ භූවිද්‍යාත්මක පිහිටීම අනුව කොළඹ විශාලතම වෙළඳ පාරාදීසය වෙනවා. එසේ ම ඉ-වානිජ්‍ය කටයුතු අතින් ද ඉහළ තැනක් කොළඹ අත්පත් කොටගෙන තිබෙනවා. එනම්, 31%ක්. අනතුරුව 17% හා 13% සමග මහනුවර හා ගාල්ල රැඳී සිටිනවා.
C:\Users\Administrator\Downloads\images\lk 3.png
ශ්‍රී ලාංකේය ඉ-වානිජ්‍ය ජනවිකාශන වර්ධනයන් පිළිබඳ දත්ත සඳහා උනන්දුව දක්වන්නෙකුට ඉහත කරුණු ඉතා වැදගත් වේවි. වැඩි විස්තර ඔබට සම්පූර්ණ වාර්තාව කියවීමෙන් ලබාගත හැකිවේවි.

දැනගෙන තෙල් ගහමුද?

7:19 AM 8 Comments

1. Full Tank ගහන එක හොදයිද ?

හැමෝම දැකලා ඇති ඉන්ධනහල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවා.
අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්‍රව්‍යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා . අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේ. මේක ඉතිං හැමෝම දන්න දෙයක්නෙ..
මීට අමතරවව Full Tank පෙට්‍රල් ගැසීමේ අවාසි තමයි මේ...
පෙට්‍රල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වංක්‍රීයව නවතින ක්‍රමයක් තියන බව අපි හැමෝම දන්නවා.
මෙතනදී වැඩිපුර පැමිණි පෙට්‍රල් ප්‍රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා. නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්ය..
එනම් ඔබ මේ ඉන්ධන සදහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධනහල් හිමිකරුට ඉන්ධන වලින්ම ආධාර කර ඇත.

2. තෙල් ගහන්න වෙලාවක් තියනවද ?

හැකිතාක් උදේ වරුවෙ තෙල් ගහන්න. මොකද උදේ වරුවට පොලොව රත්වී නොමැති නිසා භුගත ගබඩා වල පවතින් ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමේ පවතී.. නමුත් උෂ්නත්වය වැඩිවීමටත් සමග ද්‍රව ප්‍රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ..
අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක් මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්‍රමාණයකි.

3. ඉක්මනට තෙල් ටික ගහමුද ?

හැමෝම හොදින් දැකලා ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්. නැවත මතක් කර ගත්තොතින් පෙට්‍රල් කියන්නෙ ඉතා ඉක්මනින් වාෂ්ප වන දුවයක් කියන එක ඔයාලටම තේරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී..
ඔබ වේගයෙන් පෙට්‍රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්‍රල් වලින් ප්‍රමාඉණයක් ඔබට නොදැනීම වායුගොලයට එක්වී හමාරය.
හැකි තරම් සෙමින් ඉන්න මුදාහැරීම සුදුසුය..

4. බවුසරයෙන් ආපු අලුත්ම තෙල් ගහමුද ?

ඕනෑම ඉන්ධනහලක ගබඩා කරලා තියෙන්නෙ භූගත ටැංකි වලය. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවනවත් දැකලා ඇතිනෙ..
හෙන්න මේ වගේ අවස්ථාවක ඉන්ධනහලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොද. මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණුරොඩු කැළඹීමට පත්වෙනවා. මේ වගේ වෙලාවක ඉන්ධන ලබාගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණුරොඩු ඔබේ ඇන්ඩිමටද ලබාගැනීමට හැකියාවක් තියනවා..
මෙම ලිපියෙන් මොනයම් දෙයක් හරි අලුතින් ඉගෙනගත්තා නම්.. ලිපිය හොදයි නම් share කරලා අනිත් යාලුවන්ටත් පෙන්නන්න අමතක කරන්න එපා
උපුටා ගැනීමකි

පරිගණකය ගැන දන්න නොදන්න හැමදෙයක්ම දැනගන්න.

4:32 PM 3 Comments
පරිගණකයේ ඇති දෘඩාංග හා මෘදුකාංග පිළිබද වඩා ගැඹුරින් සොයා බැලියහැකි විවිධ මෘදුකාංග තිබේ. This-PC යනු තවත් එවැනි වැඩසටහනකි. මෙමගින් පරිගණකයේ ඇති මෘදුකාංග, දෘඩාංග, නෙට්වර්ක් හා යූසර් එකවුන්ට් ගැන තොරතුරු විවිධ කාණ්ඩ 8 යටතේ ලබාදේ. එසේම මෙමගින් පහසුවෙන් විවිධ උපාංගවල ඩ්‍රයිවර්ස් සොෆ්ට්වෙයා වල අංකද පහසුවෙන් සොයාගත හැක. මෙය නොමිලේ දෙනුලබන මෘදුකාංගයකි.

                                                                                 
                                                                                   Screen Shots:

ඩවුන්ලෝඩ් කරගන්න :
http://aquaform.businesscatalyst.com/this-pc.html

VB.net 7 පාඩම - සරල කැල්කියුලේටර් වැඩසටහනක් නිර්මාණය.

9:09 PM 8 Comments



විෂුවල් බේසික් භාවිතා කරමින් සරල කැල්කියුලේටර් වැඩසටහනක් නිර්මාණය කරන ආකාරය මෙවර පාඩම් මාලාවෙන් විස්තර කෙරේ. විෂුවල් බේසික් තුලදී විවිධ ගණිත කර්ම භාවිතා කරන ආකාරය පාඩම් මාලාවෙන් විස්තර කර ඇත.


පාට පාට folders හදන හැටි!

7:13 AM 3 Comments
පළමුවෙන්ම ගොඩ කාලයක් අපේ බ්ලොග් අඩවිය අක්‍රීයව තිබීම ගැන කණගාටු වෙනවා.අද දිනයේ සිටි නැවතත් සුපුරුදු පරිදි අපේ බ්ලොග් අඩවිය ක්‍රියාත්මක වෙනාවා :)
අපේ වින්ඩෝස් පරිගණකයේ පෙනුම වෙනස් කරන්න දැන් ගොඩාක් සොෆ්ට්වෙයාස් තිබෙනවා.ඒ අතරින් මම හිතුවා මේ ෆෝල්ඩර්ස් වල පාට වෙනස් කරන සොෆ්ට්වෙයා එක ඔයාලට වැදගත් වෙයි කියලා.මොකද මේ විදිහට folders වල පාට වෙනස් කලාම අපිට ඒ folders වෙන් කරලා හදුනාගන්න පුලුවන් වගේම වර්ගීකරණය කරගන්නත් පහසුයි!



මුලින්ම FolderColorizer කියන සොෆ්ට්වෙයා එක මෙතන ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න.

ඊටපස්සෙ ඒ සොෆ්ට්වෙයා එක install කරගන්න.මේ software එක 100% ෆ්‍රී සොෆ්ට්වෙයා එකක්.නමුත් ඔයාලා මේ සොෆ්ට්වෙයා එක පලවෙනි වතාවට open කලහම ඔයාලගෙන් email id එක ඉල්ලයි.ඒකට ඔයාලගෙ ඊමේල් එක දෙන්න.බොරු ඊමේල් එකක් දුන්නත් ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ

සොෆ්ට්වෙය එක ඉන්ස්ටෝල් කලාට පස්සෙ තමන්ට පාට වෙනස් කරගන්න ඕනෙ ෆෝල්ඩෙරේ උඩට ගිහින් right click කරන්න.right click කලාට පස්සෙ ඔයාලට දකින්න ලැබෙයි right click menu එකේ අලුතින් option එකක් තියනවා Colorize ! කියලා.\එකෙන් ඔයාලට කැමති පාටක් දාලා ok කරන්න.



දැන් වැඩේ හරි!
මෙවැනිම ලිපියකින් නැවතත් හමුවෙමු෴