ජනවිකාශනය සමග ශ්‍රී ලංකාවේ ඉ-වානිජ්‍යමය බලපෑම

9:27 AM


ජනවිකාශනය සමග ශ්‍රී ලංකාවේ ඉ-වානිජ්‍යමය බලපෑම
භූ විද්‍යාත්මක පදනම අතින් දකුණු ආසියානු රටවල් ලොවෙහි ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. විශේෂයෙන් ඉහළ ජන ඝනත්වයක් පැවතීම ද ඊට හේතු වෙනවා. ජනගහණය මිලියන 20ක් වෙමින් ශ්‍රී ලංකාව ද ඒ හා කරට කර සිටිනවා. ඉන් 4,788,751ක් ම අන්තර්ජාලය භාවිතා කරන අයයි. ඉතින් 22%ක අන්තර්ජාල භාවිත බලපෑමක් සමග ආසන්න රටවල් සමග එය ඉතා හොඳ තත්වයක්. මේ හැමෙකක් ම පෙන්නුම් කරන්නේ ඉ-වානිජ්‍ය සහ ශ්‍රී ලංකාව තුළ එහි වර්ධනය යි.
ලාංකේය ඉ-වානිජ්‍යය ගැන ඉහළ අත්දැකීමකින් යුත් මාර්ගගත වෙළඳසලක් වන Kaymuවිසින් ඉ-වානිජ්‍යයේ වර්ධනය සඳහා පාදකවන සාධක හා සංරචකයන් පිළිබඳ අධ්‍යයනය කොට වාර්තාවක් ඉදිරිපත් කොට තිබෙනවා. එමගින් වැදගත් අංගයන් මෙන් ම ඉ-වානිජ්‍යය සඳහා ජනයාගේ බලපෑම ද අඩංගු කර තිබීම මේ කරුණ පැහැදිලි කිරීම සඳහා මහඟු පිටිවහලක් සපයනවා.
වයස් භේදය
රටක බොහෝ අංශ පිළිබඳ තරුණ, වැඩිහිටි, මහළු ආදී ලෙස වූ වයස් භේදයන්ගේ ජන සංඛ්‍යා ව්‍යාප්තිය කරුණු සපයනවා. විශේෂයෙන් කුතුහලයෙන් යුත් තරුණ පරපුර නිරන්තරයෙන් නවමු දෑ සොයමින් හා මාර්ගගතව සිටිමින් අන්තර්ජාල වෙළඳසල්වල සැරිසැරීමට කැමැත්තක් දක්වනවා. පහත සටහන වයස් පරතරයන් අතර ප්‍රතිශතමය සංඛ්‍යාවන් දක්වනවා.
C:\Users\Administrator\Downloads\images\LK - 1.png
අවුරුදු 25 සිට 34වූ පරතරය ඉහළ අගයක් ගනිද්දී දෙපස 35-44 හා 17-24 පරතරයන් දෙවන හා තෙවන ස්ථානයන්හි රැඳී සිටිනවා. මෙම 18-24 කණ්ඩායම අඩු අගයක් ගෙන ඇත්තේ ඇතැම්විට සම්පත් මඳබව හා ඉ-වානිජ්‍යයට පිවිසීමට ඇති අනිකුත් බාධාවන් විය හැකියි.
ස්ත්‍රී පුරුෂ බව
සංවර්ධනය වෙමින් පවතින රටවල ඉ-වානිජ්‍යය සඳහා ස්ත්‍රී පුරුෂ භාවය ද ප්‍රධාන බලපෑමක් එල්ල කරනවා.
C:\Users\Administrator\Downloads\images\lk 2.png
ඉහත වට ප්‍රස්තාරය මගින් ඉවානිජ්‍යය සඳහා බලපෑම පුරුෂ හා ස්ත්‍රී අනුපාතයන් අනුව දැක්වෙනවා. ඒ අනුව 68%ක් පුරුෂයින් ඉහළ අගයකින් ද 32%ක් ස්ත්‍රීන් ද වශයෙන් ද බලපවත්වනවා.
කොහොමනමුත්, හොඳ දෙයක් මෙතන තියෙනවා. මොකද දැන් කෙනෙක් කියන්න පුළුවන් කාන්තාවන් තමයි shopping කරන්න වඩාත් කැමති කියලා. ඒත් අන්තර්ජාලය හරහා මේ ගනුදෙනු කරන්නට ඔවුන් ඉතා වගකීම් සහගත බවක් දක්වන බවයි පෙනෙන්නෙ. අන්තර්ජාලයේ කැමති දෙයක් ඔවුන් දැක්කොත් මිළදී නොගෙන ඉන්නෙත් නැහැ.
භූගෝලීය බලපෑම
රටේ භූවිද්‍යාත්මක පිහිටීම අනුව කොළඹ විශාලතම වෙළඳ පාරාදීසය වෙනවා. එසේ ම ඉ-වානිජ්‍ය කටයුතු අතින් ද ඉහළ තැනක් කොළඹ අත්පත් කොටගෙන තිබෙනවා. එනම්, 31%ක්. අනතුරුව 17% හා 13% සමග මහනුවර හා ගාල්ල රැඳී සිටිනවා.
C:\Users\Administrator\Downloads\images\lk 3.png
ශ්‍රී ලාංකේය ඉ-වානිජ්‍ය ජනවිකාශන වර්ධනයන් පිළිබඳ දත්ත සඳහා උනන්දුව දක්වන්නෙකුට ඉහත කරුණු ඉතා වැදගත් වේවි. වැඩි විස්තර ඔබට සම්පූර්ණ වාර්තාව කියවීමෙන් ලබාගත හැකිවේවි.

Share this

Related Posts

Previous
Next Post »

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon