අද අපි පොඩි ෆන් වැඩක් කරන්න යnන්නෙ :D යාලුවන්ව පොඩ්ඩක් අන්දන්න කැමතිද?කැමති ඇතිනෙ!හ්ම්ම් එහෙනම් අපි වැඩේට බහිමු.මේක නිකං කෘතීම බුද්ධියක් වගේ එකක්.අහන අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා.උත්තර දෙනව කිව්වට අපි උත්තරෙත් දීලම තමයි ප්‍රශ්නෙ අහන්න.ඔහොම කිව්වට තේරෙන්නෙ නැතුව ඇති! අපිවැඩේ කරල බලමුකො එතකොට තේරෙයි.
මුලින්ම මෙන්න මේ සයිට් එකට යන්න> http://www.peteranswers.com
එතකොට මෙන්න මේ වගේ එකක් එනව.
ඕකෙ petition කියල තියන තැනට අපි ඉල්ලීමක් කරන්න ඕනෙ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියල හරියට මෙන්න මේ වගේ"Peter, please answer the following question" බයවෙන්න එපා මේක අපි ගහන්න ඕනෙ නෑ කරන්න තියන්නෙ මෙච්චරයි මුලින්ම keyboard එකේ ඩොට් එක (.) ඔබන්න,ඊට පස්සෙ නිකන් ඒක ටයිප් කරනව වගේ මොනව හරි අකුරු ටිකක් ඔබන්න ඒක autoම එතකොට ටයිප් වෙනව.ඒකේ "Peter, please answer the following question" කියලා ටයිප් වෙලා ඉවරවුනහම ඔයාගෙ යාලුවා අහන ප්‍රශ්නෙට උත්තරෙත් එතනම ටයිප් කරන්න. අපි ඒක ටයිප් කලාට ඒක පෙනෙන්නෙ නෑ.
ඊට පස්සෙ question එක අහන්න,අහලා ok කලාම ලස්සනට අපි අර කලින් දීපු උත්තරේ එයි!! :D කොහොමද ඈ වඩේ?




