WPF VB.Net පාඩම 12 - Window කිහිපයක් සමඟ වැඩකරන හැටි.

9:37 AM


හුගක් වෙලාවට මොකක් හරි වැඩසටහනක් හදන්න ගියහම එක එක වැඩ කරගන්න window කිහිපයක් ඕනෙ වෙනවා මේ පාර මම කියල දෙන්නේ vb.net වලදී මේ විදිහට window කිහිපයක් සමඟ වැඩකරන හැටි ගැනයි.

පසුගිය පාඩම් ටිකට මෙතනින් යන්න.

අලුත් window ලබාගැනීම්.

මේකට මුලින්ම අලුත් WPF project එකක් open කරගන්න ඕනේ. ඊට පස්සේ එහෙම ලැබෙන Main Window එකට button එකක් add කරගෙන එකේ properties පහල තියෙන විදිහට හදාගන්න ඕනේ.

Button Name : btnShow Content : Show Window





ඊට පස්සේ කරන්න තියෙන්නේ අලුත් window ලබාගන්න එක ඒ කට solution explorer එකේ project name උඩ right click කරල ලැබෙන menu එකෙන් Add > New item වලට යන්න ඕනේ ඊට පස්සේ ලැබෙන්නෙ Add new item window එක ඒකෙන් Window (WPF) තෝරලා කැමති නමක් දීලා Add button එක click කරන්න. මම මෙතනදී MyNewWindow කියන නම තමයි දීලා තියෙන්නේ.

දැන් මේවිදිහට ගත්ත අලුත් window එකට label එකක් add කරගෙන ඒකේ content එක විදිහට කැමති දෙයක් ලියන්න. ඒ වගෙම label එකේ name එක විදිහට lblname සකසන්න.




මම දැන් කරන්න යන්නේ Main Window එකේදී අපි add කරගත් button එක click කරන කොට අපි අලුතින් ලබාගත්ත MyNewWindow කියන එක පේන විදිහට program එකක් ලියන එක.

ඒ කට මුලින්ම Main window එකට ගිහිල්ලා කලින් add කරගත්ත button එකේ click event එකේ පහල තියෙන code එක ලියන්න. click event එකට යන්න button එක උඩ double click කරලා හරි button එක select කරලා properties panel එකේ තියෙන අකුණු ලකුණ උඩ click කරලා ලැබෙන ලිස්ට් එකෙන් click කියන තැනට ඉස්සරහින් තියෙන text box එක උඩ double click කරලා හරි  පුලුවන්.
මේවිදිහට button එකේ click event එකට ගියාට පස්සේ event එක ඇතුලේ මේ කෝඩ් එක ලියන්න.

Dim myWindow As New MyNewWindow
myWindow.Show()

මෙතන MyNewWindow කියල තියෙන්නේ කලින් ලබාගත් window එකේ නමයි, ඒ වගේම මෙතන myWindow වෙනුවට තමන් කැමති නමක් දෙන්න පුලුවන්.

දැන් program එක run කරලා බලන්න. F5 එබුවත් හරි ඒකට. දැන Show Window කියන button එක ඔබන වාරයක් පාසා අලුත් window එකක් ලැබේවි.

මේ විදිහට window කිහිපයක් නැතුව හරියටම එක window එකක් විතරක් ගන්න ඕනෙනම් උඩ ලියපු code එක පහල තියෙන විදිහට වෙනස් කරන්න.

Dim myWindow As New MyNewWindow
myWindow.ShowDialog()

අලුතින් ලැබෙන window හි ඇති control හැසිරවීම

මේක තේරුම් ගන්න තියෙන හොදම විදිහ තමයි පොඩි program එකක් ලියන එක. මම මෙතනදී කරන්න යන්නෙ අලුතින් ලැබෙන window එක කීවෙනි අලුත් window එකද කියලා එකේ තියෙන label  එකේ display වෙන විදිහට program එකක් ලියන එක.

මුලින්ම Class MainWindow කියන පේලියට යටින් Dim count As Integer = 0 කියන code කොටස ලියන්න.

මෙතනදී මම count කියන නමින් integer වරගයේ variable එකක් හදාගෙන තියෙනවා. ඒවගේම ආරම්භයේ ඒකේ අගය 0 සමාන කරලා තියෙනවා. (variable ගැන දන්නේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න.)
ඊට පස්සේ කලින් වගේම button එකේ click event එකේ පහලින් තියෙන code එක ලියන්න්න.

Dim myWindow As New MyNewWindow
count += 1
myWindow.lblName.Content = "Window " & count
myWindow.Show()

මෙතන තියෙන count += 1 කියන පේලියෙන් කරන්නේ count කියන variable එකේ දැනට තියෙන අගයට 1 ක් එකතු කරනවා කියන එක. උදාහරණයක් විදිහට ඔයා button එක එක පාරක ක්ලික් කලොත් ඒකෙ අගය 1 වෙනවා තව පාරක් ක්ලික් කලොත් අගය 2 වෙනවා මේ විදිහට එක ක්ලික් කරන වාරයක් පාසා count varaible එකේ අගය එකකින් වැඩි වෙනවා.

myWindow.lblName.Content = "Window " & count පෙලියෙන් කරන්නේ දෙවෙනියට ලබාගත්ත window එකේ තියෙන label එකේ content එක වෙනස් කරන එක. & ලකුනෙන් කරන්නේ වචන 2 ක් එක පේලියට ලියන එකයි.

අන්තිම පේලියෙන් window එක පෙන්නනවා.

මේ පාර පාඩමට අදාල project file එක මෙතනින් download කරගන්න.
ලිපිය හොදයි නම comment එකක් දාලා තව කෙනෙකුට බලන්න share කරන්න.

Share this

Related Posts

Previous
Next Post »

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon