Arduino පාඩම - Arduino පිළිබද මූලික හැදින්වීම

4:56 PM

හුග කාලෙකට පස්සෙ සොෆ්ට්වෙයලන්තය අපි ඔයාලව හම්බවෙන්නෙ අලුත් පාඩම් මාලාවක් අරගෙන.  මෙ තැන් සිට ඔයාලට කියලා දෙන්න හදන්නේ  Arduino  එක්ක ඉලෙක්ට්‍රොනික් වැඩ කරන හැටි. මේ පාඩම් මාලාව මෙතැන් සිට ඉදිරියට සැකසෙන්නේ  Arduino  ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට උනත් ඉතාම පහසුවෙන තෙරුම් ගන්න පුලුවන් වෙන විදිහටයි. සියල්ලට ප්‍රථමයෙන් අපි  Arduino යනු කුමක්ද යන්න විමසා බලමු.

 Ardunio  යනු කුමක්ද ?

සරලවම කියනවානම්  Arduino  කියන්නේ Open source electronic development platform එකක්. තව ටිකක් වෙනස් විදිහකට කියනවානම්  PIC Programming වගේ, නමුත්  PIC Programming වලට වඩා පහසුවෙන් ඉතාම සංකීර්ණ නිර්මාණ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවනම්  LED bulb එකක් දැල්වෙන නිවෙන අවස්ථාවේ ඉදලා ඉතාම සංකීර්ණ මට්ටමෙ රොබෝ කෙනෙක් වැනි සංකීර්ණ ව්‍යාපෘති පවා ඉතාම පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්.
තවවිදිහක උදාහරණයකින් පැහැදිලි කරනවානම් ඔබට ඔබ සාදන ඉලෙක්ට්‍රොනික පරිපථය පරිගණකය හා සම්බන්ධ කිරීමට අවශ්‍ය වූයේ යැයි සිතන්න. එසේනම්  Arduino bord  එකත් සමග ලැබෙන USB cable එක යොදාගෙන ඉතාම පහසුවෙන් පරිගණකය හා සම්බන්ධ කලහැක. එසේම යම් හෙයකින් ඔබ සාදන පරිපථයට Touch screen display එකක් එක් ඉරීමට අවශ්‍ය වූයේයැයි සිතන්න. ඒ සදහා ඔබට අවශ්‍ය වන්නේ Arduino  වෙනුවෙන් නිපදවා තිබෙන  Touch screen module එකක් පමණි.
මේ අකාරයෙන් Arduino bord එකක් වෙනත්  Shield හා Module යොදාගෙන සංකීර්ණ පරිපථ පහසුවෙන් සාදාගත හැක.

මොනවද මේ Shiled හා Module කියන්නේ ?

Shiled හා Module කියලා නම් දෙකකින් හැදින්වූවාට Arduino තුලදී මේ වචන දෙකටම ලැබ්න්නේ බොහෝeවිට එකහා සමාන අදහසක්. Shiled එහෙම නැත්නම් Module කියන්නේ Arduino තුලදී යම්  යම් විශේෂිත කාර්යයන් පහසුකර ගැනීමට ඒ වෙනුවෙන්ම නිපදාවා තිබෙන පරිපථ සමූහයකටයි. ඇතැම් Shiled/Module කෙලින්ම  Ardunio bord එක මතට සවිකිරීමට නිපදවා තිබෙන අතර, ඇතැම් ඒවා බාහිරින් වයර් යොදාගෙන Arduino bord එක මතට සවිකරගත යුතු වෙනවා. උදාහරණයක් ලෙස පහත කරුණු විමසා බලන්න.

පරිපථය WiFi හා සම්බන්ධ කිරීමට - WiFi Module
Touch Screen එකක් සම්බන්ධ කිරීමට - TFT Touch screen module
GPS  හා සම්බන්ධ කිරීමට - GPS Moule
පරිපථය Internet හා සම්බන්ධ කිරීමට - Ethernet shield

මේ ආකාරයෙන් Arduino හා විවිධ Module යොදාගනිමින් ඉතාම සංකීර්ණ කාර්යයන් සදහා වූ ඉලෙක්ට්‍රොන පරිපථ පහසුවෙන් සාදා ගැනීමට හැකියාව ලැබෙනවා.

Arduino එකට Shiled එකක් සම්බන්ධ කරන අවස්ථාවක්.

Arduino සමගින් පරිපථ නිර්මාණයට අවශ්‍ය මොනවාද ?

1. Arduino board එකක්.
2. Bread bord + Jumper cabels
3. Arduino Software හා එය ධාවනය කල හැකි පරිගණකයක්.
4. Pay Pal + eBay account එකක්. (අත්‍යවශ්‍ය නොවේ.)

1. Arduino Bord

Arduino සමඟ වැඩ කිරීමට අවශ්‍ය ප්‍රධාන උපාංගය තමයි Arduino board එක කියන්නේ. ඇත්තටම original Arduino bord හදන සමාගම Arduino bord හදලා තියෙන්නේ ඇමරිකාවට, ඇමරිකාවෙන් පිට රට වල් සදහා නිපදවා තිබෙන්නේ Genuino නම් board එකක්. එනම් ඔබට යම් හෙයකින් මවු සමාගම මගින් නිපදවන Arduino bord එකක් ඇනවුම් කිරීමට අවශ්‍ය වූයේ යැයි සිතන්න. එවිට ඔබ සිටින්නේ ඇමෙරිකාවෙන් පිට නම් ඔබ ඇනවුම් කල යුත්තේ Genuino Bord එකකුයි. මෙහි නම් වල ඇති වෙනස් කම හැරුන කොට ක්‍රියාකාරීත්වයේ වෙන්සක් දක්නට නොලැබේ. නමුත් මා ඉ සදහන් කල පරිදි Arduino යනු Open source bord බැවින් මවූ සමාගම නොවන වෙනත් සමාගම් Ardunio bord නිෂ්පාදනය කරන අතර එමනිසා ඇමෙරිකාවෙන් පිට රටවලටත් Ardunio bord ලබා ගැනීමට හැකියාව් ලැබීතිබෙනව. කෙසේ වෙතත් මේ වන විට විවිධ මාදිලි වලින් Arduino bord මිලිදී ගැනීමට තිබෙනවා.

උදාහරණ වශයෙන් : Arduino UNO, Arduino Mega, Ardunio Nano, Arduino Pro mini, Arduino Lily pad, Arduino 101, Arduino Primo, Arduino YUN ..... දැක්විය හැක.
විවිධ Arduino bord වර්ග කිහිපයක්

නමුත් මෙයින් බහුලවම භාවිතයට ගැනෙන්නේ  Arduino UNO හා Arduino Mega යන දෙවර්ගයයි. මේ අතරින් ආධුනිකයෙකුට වඩාතs්ම සුදුසු වන්නේ Arduino UNO bord එකයි. එබැවින් මෙතැන් සිට මෙම පාඩම් මාලාවේ වැඩි බර තැබෙන්නේ Arduino UNO ආශ්‍රිත පරිපථ පිළිබඳව යි. නමුත් වෙන මාදිලි වලින්ද මෙහි ඉදිරිපත් කරන පරිපථ එකසේ ක්‍රියාත් කිරීමට පුළුවන.

කොහොමද Arduino Bord මිලදී ගන්නේ ? ලංකාවෙන් ගන්න වනම් Lankatronic, Unitech ඇතුළු ප්‍රසිද්ධ ඉලෙක්ට්‍රොනික උපාංග අලෙවිසැල් වලින් මිලදී ගැනීමට හැකියාව තිබෙන අතර eBay වැනි සේවා හරහා ඉතාම අඩු මුදලකට නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා.

2. Bread bord + Jumper cabels

Arduino හෝ වෙනත් ඕනෑම පරිපථයක් ඊයම් යොදා පෑස්සීමට පෙර පරිපථය නිවැරදිව ක්‍රියා කරනවා     යි පරීක්ෂා කර බැලීමට Bread bord යොදා ගතහැක. Bread bord මත පරිපථය එකලස් කිරීමට Jumper cabels අවශ්‍ය වේ. බොහොමයක් අවස්ථාවල Bread bord සමඟ Jumper cabels ලැබෙන අතර ඇතැම් විට මිලදී ගත යුතුය. Bread bord ලංකාව පුරා බොහොමයක් ඉලෙක්ට්‍රොනික අලෙවිසැල් වලින් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

3. Arduino Software

Arduino bord එකට programme එක ලිවීමට ඇති standard software එක වශයෙන් මෙය හැදින් විය හැක. මෙය www.arduino.cc යන නිල වෙබ් අඩවියෙන් නොමිලයේ download කරගැනීමට හැකියාව    තිබෙනවා. Arduino IDE එක තුලදී ක්‍රියාත්මක වන පරිගණක භාෂාව ලෙස වැඩි දියුනු කල C++ භාෂාව හදුන්වා දීමට පුළුවන. කෙසේ නමුත් මීට අමතරව Arduino code ලිවීම සදහා සැකසූ විවිධ මෘදුකාංග ද තිබෙනවා.

4. Pay Pal + eBay account

Pay Pal + eBay account එකක් තිබීම අත්‍යවශ්‍ය නොවුනත් Pay Pal + eBay account තිබීම මගින් ලාබදායි ලෙස Arduino සම්බන්ධ උපාංග, අමතර කොටස් හා විවිධ මෘදුකාංග අන්තර්ජාලය හරහා ලබා ගැනීමට හැකියව තිබෙනවා.
උදාහරණයක් ලෙස ලංකාවේ Rs:1200/= තිබෙන Arduino UNO bord, eBay හරහා Rs:500/= පමණ මුදලකට ගෙන්වා  ගැනීමේ හැකියව තිබෙනවා.

Online උදව් !

Arduino සමඟ කටයුතු කිරීමේ දී ඇතිවන ගැටලු සදහා විසදුම් සෙවීමට ඔන්ලයින් සහය පැතිය හැක. මේ සදහා ලංකාව තුල Arduino සම්බන්ධයෙන් ඇති ජනප්‍රියම Facebook Group දෙක ලෙස,
ආර්ඩුයිනෝ දැනුම බෙදාගමු > https://www.facebook.com/groups/arduinoathhadabalimdanumabedagamu/
Arduino Porgramming-LK > www.facebook.com/arduinoprogramming-lk
දැක්විය හැක.

මේ වන විට Arduino සම්බන්ධව ඇති මූලික කරුණු සියල්ලම පහේ ස කර අවසන්. මීළඟ කලාපය දී Arduino  මගින් සරල පරිපථ යක් නිර්මාණය කරගන්න ආකාරය සාකච්ඡා කරමු.
මේ සම්බන්ධ ඇති ඕනෑම ගැට්ලුවක් comment මගින් විමසන්න.......
Arduino sinhala

Share this

Related Posts

Previous
Next Post »

11 comments

Write comments
August 10, 2016 at 6:38 AM delete

දිගටම කරගෙන යමු...

Reply
avatar
August 10, 2016 at 8:28 AM delete

Baida microcontroller programming meawidihada sinhalen karanna.

Reply
avatar
Zag
September 13, 2016 at 9:55 AM delete

හොද වැඩක් සහෝ...

Reply
avatar
January 2, 2018 at 10:42 PM delete

Niyma wadk hoyala hoyala anthimta hmbuna sinhala tutorial

Reply
avatar
April 4, 2018 at 3:23 PM delete

මරු වැඩක් දිගටම කරගෙන යන්න....

Reply
avatar
July 25, 2018 at 11:54 AM delete

Aaduino upanga matarin ganna tiyenne koheda ?

Reply
avatar
Anonymous
January 4, 2019 at 11:47 AM delete

සුපිරි වැඩක් බ්‍රෝ දිගටම ඕනෙ.
ජය වේවා !

Reply
avatar
May 30, 2019 at 2:44 PM delete

wede hugak hondai godak sthuthi
ardiuno softwere eka free ganne kohomada link ekak dennako

Reply
avatar
July 28, 2019 at 8:09 AM delete

.thanks lot for your effort.
Hemantha, Maskeliya

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon