Windows පරිගණකයක admin account එකට පාස්වර්ඩ් නොමැතිව ලොග් වෙන හැටි!

6:54 PM
මෙහිදී ඔබේ පරිගණකයට සිදුවනා හානි පිලිබඳව කිසිඳු වගකීමක් අප දරන්නේ නැත.මෙය හුදෙක් අධ්‍යාපනික ප්‍රයෝජනය සඳහා පමණි.
(මෙහි දැක්වෙන රූප අපැහැදිලි නම් එම රූප මත එබීමෙන් ඒවා විශාල කර බැලිය හැකිය)

පළමුවෙන්ම ඔබේ පරිගණකය ක්‍රියාත්මක කරන්න එවිට පහත පරිදි boot screen වෙත පැමිණි විට පරිගණකය එකවරම ක්‍රියාවිරහිත කරන්න.(power බොත්තම දිගටම ඔබාගෙන සිටි විට පරිගණකය ක්‍රියාවිරහිත වේ.මෙසේ සිදු කිරීමෙන් ඔබේ පරිගණකයට කිසිඳූ හානියක් සිදුනොවේ.)



ඉන්පසුව නැවත පරිගණකය ක්‍රියාත්මක කරන්න.එවිට පහත පරිදි මෙනූවක් ඔබට දැකගත හැකි වනු ඇත.


එම මෙනූවේ ඇති "Launch Startup Repair" යන්න තෝරා enterබොත්තම ඔබන්න.
එවිට Startup Repair  ක්‍රියාත්මක වේ.මද වේලාවක් ගිය පසු පහත රූපයේ දැක්වෙන ආකාරයට වින්ඩෝවක් ඔබට ලැබේවි.එහි cancel බොත්තම ඔබන්න. 


cancel බොත්තම එබූ පසු පහත පරිදි වින්ඩෝවක් දිස්වේවි.එහි Show problem details ඔබා පහලට යන්න.ඉන්පසුව එහි  x:\widows\system32\en-us\erofflps.txt යන ලින්කුව මත කලික් කරන්න.




එවිට පැමිණෙන notepad එකෙහි   File/Open යන්න.ඉන්පසුව local disk (:c) වෙත යන්න.(සාමාන්‍යයෙන් ඔබේ මෙහෙයුම් පද්ධතියට අදාල file පවතින්නේ c partition එක තුලය)
ඉන්පසුව එහි ඇති widows ෆෝල්ඩරයට යන්න.ඉන්පසුව  windows folder එක තුල ඇති system 32 ලෙස නම් කර ඇති ෆෝල්ඩරය තුලට යන්න.

system 32 ෆෝල්ඩරයට ඇතුලු වූ පසු පහලින් ඇති "Files of type" සඳහා All files යන්න ලබා දෙන්න.
ඉන්පසු sethc යනුවෙන් ඇති ෆයිල් එක සොයාගන්න.ඉන්පසුව එය  sethc 1 ලෙස rename කරන්න.



එසේ කිරීමෙන් පසුව system 32 ෆෝල්ඩරය තුලම ඇති cmd යන ෆයිල් එක සොයාගන්න.සොයාගත් පසු එය copy කර එම ෆෝල්ඩරයටම paste කරන්න.
එසේ paste කරගත් file එක  "cmd-Copy" ලෙස දිස් වේ.එය නැවත sethc ලෙස නම් කරන්න.





දැන් ඔබේ පරිගණකය restart කරන්න.restart කිරීමෙන් පසුව නැවත login screen එකට පැමිණි විට shift key එක පස් වරක් ඔබන්න එවිට පහත පරිදි command prompt එක විවෘත වේ.



එහි net localgroup Administrators ලෙස type  කර enter ඔබන්න.මෙහිදී ඔබට ඔබේ පරිගණකයේ admin accounts දිස් වේ.
ඉන්පසුව command prompt එකෙහි net user <ACCOUNT NAME HERE> * ලෙස ටයිප් කොට enter ඔබන්න .මෙහි  <ACCOUNT NAME HERE> යන්න වෙනුවට ඉහතදී දිස් වූ admin accounts අතරින් ඔබට ලොග් වීමට අවශ්‍ය account එකෙහි නම දෙන්න.

උදා:- මට ලොග් වීමට අවශ්‍ය account එකෙහි නම nipuna නම් මෙය net user nipuna * ලෙස විය යුතුය.

එසේ කිරීමෙන් අනතුරුව පහත දක්වා ඇති ලෙස නව මුරපදයක් ^password) ඇතුලු කිරීමට පැමිණේ.ඒ සඳහා ඔබට කැමති මුරපදයක් එක් කොට enter ඔබන්න.ඉන් පසුව නැවතත් එම මුරපදයම යොදා enter ඔබන්න.


සුභ පැතුම්! දැන් ඔබට ඉහත ඔබ ඇතුලු කල මුරපදය යොදා ඔබේ පරිගණකයට ඇතුලු විය හැකියි!

මෙම ක්‍රමයෙන් 100% නිවැරදිව ඔබේ මුරපදය වෙනස් කල හැකිය.windows 07 වලදී අත්හදා බලා තිබේ.

මෙච්චර හොඳ ලිපියක් ගෙනල්ලත් Comments නොදා යන්න එපා ;) 

Share this

Related Posts

Previous
Next Post »

23 comments

Write comments
Anonymous
February 21, 2015 at 2:02 PM delete

නියමයි. thanks

Reply
avatar
February 21, 2015 at 2:27 PM delete

Comment එකටත් බොහොම ස්තූතියි! :)

Reply
avatar
February 27, 2015 at 10:45 AM delete This comment has been removed by the author.
avatar
February 27, 2015 at 10:47 AM delete

පොඩි නිවැරදි කිරීමක්....

//(power බොත්තම දිගටම ඔබාගෙන සිටි විට පරිගණකය ක්‍රියාවිරහිත වේ.මෙසේ සිදු කිරීමෙන් ඔබේ පරිගණකයට කිසිඳූ හානියක් සිදුනොවේ.)//

"පරිගණකයට කිසිඳූ හානියක් සිදුනොවේ" කියන දේ නම් නිවැරදි නෑ. මේකෙන් කෙලින්ම හාර්ඩ් ඩිස්ක් එකට හානි සිදුවෙනවා. හාර්ඩ් ඩිස්ක් Bad Sectors එන්න ප්‍රධාන හේතුවක් මේක.

හොද ලිපියක්,, ජය..!!

Reply
avatar
February 28, 2015 at 9:28 AM delete

එක් වරක් විතරක් සිදු කරන නිසයි ,ඒ මොහොතේ පරිගණකයට කිසිදු හානියක් වෙන්නේ නැති නිසාවෙනුයි එහෙම දැම්මෙ,කොහොමවුනත් නිවැරදි කොරීමට ස්තූතියි!

Reply
avatar
October 26, 2015 at 9:17 PM delete

jilbuwwwwwaaaaaaaaaaaaaaaaaaaa................ela

Reply
avatar
December 23, 2015 at 9:25 AM delete

බොහෝම ස්තූතියි :)

Reply
avatar
March 15, 2016 at 5:42 PM delete

Me okkoma e widihatama kara admin okkoma tika hari command port eke anthimata watenawa mere help is anailabale by typeing net helpmsg 2245.

Reply
avatar
March 15, 2016 at 9:03 PM delete

windows 7 වලද කරලා බැලුවෙ?

Reply
avatar
April 28, 2016 at 10:40 AM delete

Thank you for the tips. Hope it will work. By the way try this micro sd card recovery software, and it is really good for the beginners.

Reply
avatar
January 30, 2017 at 11:47 PM delete

සුපිරි බ්‍රෝ

Reply
avatar
February 20, 2018 at 11:10 AM delete

එළකිරි බ්‍රෝ... මේ වගේ වැඩ දිගටම කරන්න. ගොඩක් දෙනාට මේ වගේ දේවල් ප්‍රයෝජනවත්. අපිටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. ස්තුතියි...

Reply
avatar
March 7, 2018 at 9:58 AM delete

හොද ලිපියක්. ස්තුතියි

Reply
avatar
July 6, 2018 at 4:25 PM delete

Good but bad lesson to mad boys

Reply
avatar
August 17, 2018 at 5:38 PM delete

Oya nam patta aiye thank godak

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon