facebook photo comment දහස් ගණනක් ඔබේ අතේ !!

3:03 PM 8 Comments



අද කාලෙ ඉතින් facebook නැති එකෙක්ව හොයාගන්නව කියන එකත් අර මොනවද හොයනව වගේ වැඩක් .
ඒක නිසා හැමෝම දන්නවනෙ ඉතින් picture comment ගැන .photo comments වලින් අපිට පුලුවන් අපිට කියන්න ඕනෙ දේ වැදෙන්නම බොක්කෙන්ම කියන්න.
මමත් ඉතින් ඒක නිසා දකින දකින් හැම photo comments එකක්ම download කරගත්තා!ඒත් හිටි ගමන් මට ඕනෙ එක හොයාගන්න බෑනෙ ඕයි !සමහරක් වෙලාවට අපිට ඕනෙ එකත් නෑ !
ඔහොම ඔහොම ඉන්නකොට තමා මට මෙන්න මේ සොෆ්ට්වෙයා කෑල්ල හම්බුනේ.මේකෙ නම වනාහි "comment me" මේකෙන් අපිට පුලුවන් ඕනෙම photo comments එකක් ගේමක් නැතුව තත්පර පහෙන් හදාගන්න.(ශුද්ධ සිංහලෙන් ඈ )එල නේ?
මේක එල වෙන්න තවත් කාරනාවක් තමයි මේක ශ්‍රීලංකාවේ කොල්ලෙක්ගෙ වැඩක් වන එක !"සියරට දේ සිරි සැප දේ" කියනවනෙ!
හ්ම්ම් කතාව ඇති වැඩිය වල් පල් කියන්නෙ නැතුව වැඩේට බහිමු :v
මුලින්ම හොඳ ලමයි වගේ පහල link එකෙන් comment me download කරගෙන ඉන්ස්ටෝල් කරගන්නකෝ .
https://sourceforge.net/projects/commentme/
වැඩි විස්තර ඕනෙ නම් මෙන්න එයාලගෙ site එක >>http://www.commentme.tk


තව පොඩි දෙයක් තියනවෝ
මෙන්න මේ online site එකෙනුත් අපිට සුද්ද සිංහලෙන්ම photo comments හදාගන්න පුලුවන ඈ.
http://www.picco.im/generate?

google දෙයියන්ගේ ටිප්ස් & ට්‍රික්ස් part-1

1:06 PM 16 Comments

හම්මෝ හත් අවුරුද්දකින් විතර post එකක් ලියන්න බැරිවුන මොන ලියලිද?  මේ විභාගෙ අස්සෙ විභාගෙ තමයි ඉතින් අපේ අබාගෙ "සතුට යනු විභාගය ඉවර වේමයි .දුක යනු ලකුනු ආ විට ...........
හ්ම්ම් කමක් නෑ ඕන්න  එහෙනම් අද කිරි කිරි විබාගෙන් පස්සෙ පලවැනි පෝස්ට් එක දාන්න තමයි යන්නෙ .
ඔය ගොල්ලො කවුරුත් දන්නවනෙ ඉතින් google දෙයියො ගැන .එහෙම දන්නෙ නැති එකෙක් ඉන්නවනම් අල්ලල ගස් බදින්නෝන. ඇත්තටම කිව්වොත් මට හිතෙන හැටියට ගූගල් මගෙ හොඳම යාලුව වගෙ මොකද ඉතින් එයා මට ඕනෙ හැමදෙයක්ම නෑ බෑ නොකිය හොයල දෙනවනේ .:-( ඒත් එයා මගෙ හොදම යාලුව වුනාට  මට කියල නැති රහස් ගොඩාක් තිබිල තියෙනවා .සමහරක් විට මේව එයා ඔයාලටවත් කියල නැතුව ඇති .ඒ හින්ද මම අද oඔයාලට ඒ ආතල් රහස් ටිකක් කියන්න තමයි යන්නෙ !!

මුලින්ම කියන්න ඕනෙ මම පහල දීල තියන ඒව ගූගල් වලට ගිහින් ගහල search බුට්න් එක ඔබන්න 
  • zerg rush
  • sqrt(cos(x))*cos(300x)+sqrt(abs(x))-0.7)*(4-x*x)^0.01, sqrt(6-x^2), -sqrt(6-x^2) from -4.5 to 4.5
  • Z or R twice
  • Askew
  • recursion
  • the loneliest number
  • binary 
  • the number of horns on a unicorn 
  • infused
  • atari breakout කියල ගහලා image results වලට යන්න .
මෙන්න මේවා ගහල i'm feeling lucky ඔබන්න 
  •  Do a barrel roll
  •  Google Gravity
  • Google Sphere
  • Google Space
  •  Google Mirror
  •  Pacman
  •  Goglogo
  • Google Rainbow
  • Epic Google
ගහලා බලලා හොඳ නම්  එකකුත් දාන්න ඈ!
තව ටිකක් ලගදීම බලාපොරොත්තුවන්ඩ .
එහෙනම් මම යනෝ ලගදිම අලුත් පෝස්ට් එකකින් හම්බෙමු.bye ඈ!

ඔන්ලයින් රේඩියෝවක් පටන්ගම්මුද?

11:38 AM Add Comment

උදේ පාන්දරම ඔන්න පෝස්ට් එකෙක් දානව .විභාගෙත් ලඟයි අව්ලක් නෑ .ඔන්න මම අද කියල දෙන්න යන්නෙ ඔයාලගෙම ඔන්ලයින් රේඩියෝ සේවයක් පවත්වගෙන යන හැටි
මුලින්ම මෙතනින් සයිට් එකට යන්න .
                                                                     <<<<Go to the site>>>>


හොරුන්ගෙන් අපේ පෝස්ට් බේරගනිමු

6:25 PM 8 Comments


දැන් ලංකාවෙ ඉන්නෙ මාර හොරුනෙ! මම මේ ලඟදි ආරන්චි වුනා  මොකක්ද මේ අලුත් සයිට් එකක්  පෝස්ට් අම්බානට හොරකං  කරනව කියල . අද ඔයාලට කියන්න යන්නේ ඔයාලගෙ බ්ලොග් එකේ පෝස්ට් හොරකන් කරන එක වලක්වගන්න පුලුවන් විදිහක්!කවුද කැමති ඉතින් තමන් අමාරුවෙන් ලියපු පෝස්ට්  අනිත් අය ලේසියෙන් කොපි කරල තමන්ගෙ සයිට් එකේ කොපි පේස්ට් කරගන්නවට.අපි පෝස්ට් ලියන්නෙ කහනවටයැ!  මමත් ඉතින් ඔය ගැන හිතල පොඩ්ඩක් බැලුව මේක නතරකරගන්න පුලුවන් විදිහක්.හරිම සරල විදිහකින් අපිට ඒක කරගන්න පුලුවන්.කොටින්ම පරිගණක දැනුමක් ඕනෙම නෑ .


හරි හරි අපි වැඩේට බහිමු.


  • මුලින්ම පහල තියෙන කෝඩ් එක  ඔයාගෙ බ්ලොග් එකේ කොපි පෙස්ට් කරගන්නකෝ.



 ඒක කරන්නෙ මෙහෙමයි .
  • ඔයගෙ බ්ලොග් එකෙ layout ගිහින් add a gadget යන්න ඒකෙ html javascript තෝරගෙන මේ කෝඩ් එක පේස්ට් කරල සේව් කරන්න . 
  • හරි දැන් ඉතින් ඔයාලට පොඩි පුරශ්නයක් ඇති අපිට අනිත් අයට දෙන්න ඕනෙ  ටෙක්ස්ට් එහෙම  දෙන්නෙ කොහොමද කියල (මොකද ඉතින් මම දෙන ඔය කෝඩ් එහෙම  කරගන්ඩ )
  • බයවෙන්ඩ එපා ඒකටත් මං ගාව උත්තරයක් තියෙනව!
  • ඒකට කරන්ඩ තියෙන්නෙ මම පහලින් දීල තියෙන කෝඩ්  ටික කොපි කරල අවශ්‍ය තැනට පේස්ට් කරල ඉඩිට් පාරක් දෙන එක.


ඒක කරන්නෙ මෙහෙමයි 


  • මුලින්ම ඔයාල  අලුත් පෝස්ට් එකක් ලියන්න ඕනෙ වුනාම නිව් පෝස්ට් යනවනෙ අන්න ඒකට ගිහාම ඇති HTML කියල එකක් ඒකට මම පහලින් දීල තියෙන කෝඩ් එක කොපි කරගන්න .
  • ඊට පස්සෙ At w3schools.com you will learn how to make a w
    ebsite. We offer free tutorials in all web development technologies.
    කියන ටෙක්ස්ට්  එක වෙනුවට ඔයාලට කැමති  ටෙක්ස්ට් එකක් දෙන්න .








මෙම කෝඩය අගට </textarea> යන  කෝඩය දිය යුතුය .
උදා:-
</textarea><textarea rows="4" cols="50">
ආයුබෝවන් සොෆ්ට්වෙයා ලන්තයට සාදරයෙන් පිලිගනිමු!
</textarea>

හිතෙනවා ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියල .අව්ලක් තියෙනව නම් කමෙන්ට් කරන්න .
නැත්නම් මාව ෆේස් බුක් එකෙන් හම්බවෙන්න .
https://www.facebook.com/nipuna.liyanage.98




ලේසියෙන්ම සිංහල ටයිප් කරමු . පැන්සල (pencil)

8:56 PM Add Comment



හායි !කොහොහොමද? ආරන්චියක් තියෙනව ගූගල්ල ඔය ක්‍රෑක් කරපු සොෆ්ට්වෙයා එහෙම තියෙන සයිට් අයින් කරනව කියල .එහෙම වුනොත් ඉතින් අපේ බ්ලොග් එකටත් කෙල වෙනව.ඉතින් එහෙම නොවේවා කියලවත් ප්‍රාර්තනා කරමු!මොක උනත් කමක් නෑ මම අද ඉඳල  ඔය මල ජරා ක්‍රැක් සොෆ්ට්වෙයා දෙන එක නවත්තනව ඕං (බොරු ඈ!).මම අද  දෙන්න යන්නෙ  එල සින්ග්ලිශ් සොෆ්ට්වෙයා එකක්.ඔයගොල්ලන්ට ඉන්ටනෙට් එකේදි සින්ග්ලිශ් ගොඩක් ප්‍රයෝජනවත්නෙ. මට සින්ග්ලිශ් සොෆ්ට්වෙයා තිත්ත වෙලා තිබුනෙ.මොකද කියනවනම් ඉතින් ඒවගෙ තියෙන අඩුපාඩු නිසා. අනික සමහරක් ඒව ඔන්ලයි විදිහට තියෙන්නෙ .කියල වැඩක් නෑ මේකනම් එල.

facebook shortcuts

2:10 PM Add Comment


ගොඩක් අය දන්නේ නැතුව ඇති ෆේස්බුක් ශෝට් කට්ස් ගැන.මෙතනට එන හැන කෙනෙක්ම වගේ ඉතින් බුකියෙත් ඉන්නවනෙ.ඒකයි ගොඩක්ම දෙන්න හිතුවෙ.මේවගෙන් අපට පුලුවන් පනදාගෙන හොයනැතුව ලේසියෙන්ම ෆේස්බුක් එකේ එක එක තැන මාරුවෙන්න!කරල බලන්නකෝ අනිව වැඩ අව්ලක්නම් ක්මෙන්ට් කරන්න.

files රිකවර් කරගැනීම හා සදහටම delete කිරීම.

11:16 AM 2 Comments


ඔයාලටත් ඉතින් සමහර files හදිස්සියේ recycle bin එකෙනුත් එලියට ඩිලීට් කරන්න වෙන අවස්ථා ඇතිනේ*මම කියන්න යන්නේ අන්න ඒවගේ අවස්ථාවල ඩිලිට් කරපුවා ආපහු ගන්න හැටි!

  • මේක මෙගා බයිට් 5 කටත් වඩා අඩුයි. ඒවුනාට මාර ප්‍රයෝජනවත්.මුලින්ම මෙන්න මේ සයිට් එකෙන් සොෆ්ට්වෙයා එක  බාගන්න. සොෆ්ට්වෙයා එක තමා undelete my files.

                                                      >>බාන්න මාව ක්ලික් කරන්න<<
  • ඊට පස්සෙ සොෆ්ට්වෙයා එක ඕපන් කලහම ඇති File rescue හා Media recover කියල මේ දෙකක් File rescue  එකෙන් කරන්නේ ඩිලීට් වුන ෆයිල්ස් රිකවර් කරන එක.අනිත් එකෙන් කරන්නේ පොටෝස් ,audio ,video රිකවර් කරන එක.