Arduino Tips 1 - Arduino sketch 2 ක් එකතු කරන්නේ කොහොමද

7:28 PM 1 Comment
Arduino Tips 1 පලවෙනි article එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Arduino sketch 2ක් හෝ කිහිපයක් එකතු කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක් ගැන. මෙතනදී මන් ප්‍රධාන කාරණා  4 ක් ගැන කියන්න බලාපොරොත්තු වෙනවා. කොහොම උනත් මේ විදහට sketch දෙකක් එකතු කිරීමේදී අනුගමනය කරන්න ඕනේ දේවල් අපි එකතු කරන්න යන sketch දෙක අනුව වෙනස් වෙනවා. ඒක නිසා මම මෙතනදි හැම වෙලේම පොදු කරුණු ටිකක් විතරක් කතා කරනවා!
  1. Arduino pins
  2. Variables
  3. Functions
  4. Delay

Arduino Pins

sketch එකතු කරද්දී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තැනක් තමා arduino pin, මෙතනදී අපි බලන්න ඕනේ sketch දෙකේම එකම pin එක use වෙනවද කියලා. එහෙම එකම pin එක use වෙලා තියෙනවනම්, ඒකට ගැලපෙන වෙනත් පින් එකක් භාවිතා කරන්න ඕන.

Variables

variables කියන්නෙත් අපි විශේෂයෙනම් සැලකිලිමත් විය යුතු තැනක්. සාමාන්‍යයෙන් varible එකක් define කරනකොට අපි රීති කිහිපයක් අනුගමනය කරනවා. එතනින් ප්‍රධානම එකක් තමයි එක sketch එකක එකම නමින් varible 2ක් තියන්න බෑ කියන එක. 
උදාහරණයක් විදිහට අපි හිතමු, sketch 2ක් එකතු කරන්න යද්දි, එක sketch එකක තියෙනවා String byteMy; කියලා variable  එකක්. අනිත් sketch එකේ තියෙනවා int byteMy; කියලා varible එකක්. මේ sketch දෙකේ වෙනස් data type වලින් එකම නමින් varible 2ක් තියෙනවා. නමුත් අපි මෙහෙම එකතු කරලා ලබාගන්න sketch එකේ මේ විදිහට එකම නමින් varible 2ක් තියෙන්න බෑ. ඒක නිසා අපි සිද්ධ වෙනවා එක sketch එකක් varible name එක වෙනස් කරන්න. අපි හිතමු පලවෙනි sketch එකේ variable name එක වෙනස්  කරා කියලා. මෙතනදී අපි variable එක define කරපු තැන විතරක් නම වෙනස් කරලා මදි. අපි ඒ නම වෙනස් කරපු හැම variable එක use වෙන හැම තැනකම අලුත් නම දාලා වෙනස් කරන්න ඕන.

variable ගැන වැඩි දුර කියවන්න : https://softwarelanthaya.blogspot.com/2016/09/arduino-4-variable.html

Functions

function ගැනත් කියන්න තියෙන්න varible ගැන කියපු ටිකම තමා. කොහොම උනත් එකම නමින් function දෙකක් හෝ කිහිපයක් එකම sketch එකක තියෙන්න පුලුවන්. මේ වගේ ඒවට අපි function overloading කියලා කියනවා. කැමති අය google කරලා බලන්න. කොහොම උනත් function overloading ගැන තෙරුම් ගන්න අමාරුනම් හොදම විදිහ තමා එකම නමින් function කියහපයක් නොතියෙන්න වගබලා ගන්න එක.

function ගැන වැඩි දුර කියවන්න :  https://softwarelanthaya.blogspot.com/2016/09/arduino-6-void-function.html

Delay

delay කියන්නෙ අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන තැනක්. බොහෝ වෙලවට delay නිසා program එකේ error එකක් ආවේ නැතත් එක sketch එකක තියෙන delay එකක් නිසා අනිත් sketch එකේ ක්‍රියාකාරීත්වයට බාධාවෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට sketch දෙකක් එකතු කරනකොට පුලුවන් තරම අවම delay ගණනකින් program එක ලියන්නත්. හැකි සෑම වෙලාවකම millis function එක යොදාගෙන delay එක හදාගන්න උත්සහ ගන්න් ඕන!

මේ millis function එක යොදාගන්නේ කොහොමද කියලා example එකක් තියෙනවා arduino IDE එකේ. File > Examples > 02.Digital > BlinkWithoutDelay

කොහොම උනත් මේ විදිහට sketch එකතු කරද්දී දෙන්න තියෙන ප්‍රධාන උපදේශකය තමා, එක පාරටම  copy paste කරන්නේ නැතුව program එක කියවලා පුලුවන් තරම් දුරට code එක තේරුම් ගෙන sketch එකතු කරන්න කියන එක තමයි !!!

Arduino පාඩම 17 - [Advanced coding] Introduction to registers in ATmega328

7:41 PM 3 Comments

අපි අද කතා කරන්න යන්නේ registers ගැන. ඕනෑම CPU එකක තියෙනවා registers. මේ register එකක් කියන්නේ මතකයක් එහෙමත් නැත්නම් memory එකක්. ඒ වගේම මේ එක එක registers වලට විශේෂ රාජකාරී පැවරිලා තියෙනවා. අපි කතාකරන ATmega328 එහෙමත් නැත්නම් Arduino UNO/Nano board වල තියෙන microcontroller එකේ අපිට පාලනය කරන්න පුලුවන් මේවගේ registers එහෙමත් නැත්නම් General purpose registers 32 ක තියෙනවා.

මේ registers වලින් වැඩ ගන්න හැටි ඉගෙන ගන්න කලින් මේ registers හැදිලා තියෙන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න එක වැදගත්.

Register එකක් හැදිලා තියෙන්නේ කොහොමද ?

කලිනුත් කිව්වා වගේ register කියන්නේ memory එකක්. ඒ කියන්නේ මේකේ data store කරලා තියෙනවා. data කියන්නේ 1 සහ 0. ඒ අනුව බලන කොට memory එකක්දී වෙන්නේ මේ 1/0 කියන data අපේ අවශ්‍යතාව store කිරීමයි. 

දැන් අපි බලමු single bit එකක් මේ memory එකේ store කරන්නේ කොහොමද කියලා.



ඉහලින් තියෙන Logic circuit එක සලකන්න. මෙතනදී OR gate එකේ output එක සම්බන්ධ කරලා තියෙනවා එම OR gate එකේම B input එකට. 
  1. ආරම්භයේදී OR gate එකේ input දෙකම 0 අවස්ථාවෙ තියෙනවා කියල සලකන්න. 
  2. දැන් අපි A input එකට 1 ඇතුලු කරමු. (A=1 සහ B=0)
  3. ඒ අනුව output එකත් 1 වෙනවා.
  4. output එක 1 වෙනවත් සමගම B input එකත් 1 වෙනවා.
  5. දැන් අපි අයෙමත් A input එක 0 කරමු. දැන් A=0 සහ B=1 අවස්ථාව. 
  6. මෙතනදී B=1 නිසා A වලට මොන විදිහක බලපෑමක් කලත් output එක වෙනස් නොවී පවතිනවා.
  7. ඒ කියන්නේ අපි කලින් කරපු වෙනස් කම, A=1 කිරිම්ම තවදුරට logic circuit එකේ සේව් වෙලා තියෙනවා.
  8. නමුත් මෙතනදී තියෙන අවාසිය තමා එක් වරක් A=1 කරාට පස්සේ නැවත output එක 0 කරන්න බෑ.
දැන් අපි බලමු ඉහල logic circuit එකම AND gate එක යොදාගෙන නිර්මාණය කරලා.


  1. ආරම්භයේදී AND gate එකේ input දෙකම 1 අවස්ථාවෙ තියෙනවා කියල සලකන්න. 
  2. දැන් අපි A input එකට 0 ඇතුලු කරමු. (A=0සහ B=1)
  3. ඒ අනුව output එකත් 0 වෙනවා.
  4. output එක 0 වෙනවත් සමගම B input එකත් 0 වෙනවා.
  5. දැන් අපි අයෙමත් A input එක 1 කරමු. දැන් A=1 සහ B=0 අවස්ථාව. 
  6. මෙතනදී B=0 නිසා A වලට මොන විදිහක බලපෑමක් කලත් output එක වෙනස් නොවී පවතිනවා.
  7. ඒ කියන්නේ අපි කලින් කරපු වෙනස් කම, A=0 කිරිම්ම තවදුරට logic circuit එකේ සේව් වෙලා තියෙනවා.
මේ logic circuit දේකේම තියෙන අවාසිය තමා එක වරක් සිදුකරන ලද වෙනස් කමක් circuit එක තුල දිගටම save වෙලා තිබීම. ඒ කියන්නේ එක් වරක් save කරාට පසුව නැවත update කරන්න බෑ. 

මේ හේතුව නිසා මේ logic circuit 2 කම එකතු කරලා වෙනත් circuit එකක් හදලා මේ අපහසුතාව මග ඇරගන්න පුලුවන් !

මේ විදිහට නිර්මාණය කරගන්න logic circuit එකකට කියනවා AND-OR Latch එකක් කියලා.

මෙතන්දී  SET = 1 කිරීම මගින් OUTPUT එක 1 කරන්නත් RESET = 1 කිරීම මගින් OUTPUT එක 0 කරන්නත් පුලුවන්. 

ඒ අනුව අපිට පුලුවන් අපි කැමති විදිහට single bit data එකක් store කරල තියන්න. ඒ අනුව මේක තමා single bit memory එකක මුලාකෘතිය. 

මේ ක්‍රමයෙදී එහෙමත් නැත්නම් AND-OR Latch එකක තියෙන දුරවල කමක් තමා output එක 1 කරන්න එක input එකකුත්, output එක 0 කරන්න තව input එකකුත් භාවිතා කිරීම.

මේ අපහසුතාව මග ඇරගන්න AND-OR Latch එකම තවත් වැඩිදියුණු කරලා Gated Latch එක නිර්මාණය කරලා තියෙනවා.


Gated Latch එකේත් input දෙකක් තියෙනවා DATA input සහ Write enable වශයෙන්. මෙතනදී අපිට මොනව හරි data එකක් memory එකේ write කරන්න ඕනෙ උනාම මුල්නම් කරන්න ඕන write enable =1 කරන එක. ඊට පස්සේ අපිට ඕන data එක input කරලා. නැවත write enable = 0 කරන්න්න ඕන.

මේ  විදිහට තමා single bit data එකක් අපි memory එකක් save කරන්නේ !

මේ ආකාරයට ක්‍රියාත්මක වෙන latch group එකකට අපි කියනවා REGISTER එකක් කියලා. ඒවගේම මේ register එකක තියෙන bit ගානට අපි කියනවා width එක කියලා.

සාමාන්‍යයෙන් අපි computer එකක 32-bit, 64-bit කියලා අදහස් කරන්නේ මේ register එකක් width එක. 

CPU වල මූලික අවදියේදි මේ register width එක 8-bit වලින් පටන් ගෙන 64-bit දක්වා  විකාශනය වෙලා තියෙනවා.

Why registers

register එකක් සාමාන්‍යයෙන් RAM එකකට වඩා ඉතාමත් වේගයෙන් ක්‍රියාකරනවා. අනිත් විශේෂ දේ තමා CPU එකේ program/task එකක් execute වීමට අදාල data තියෙන්නෙත් registers වලමයි. උදාහරණයක් විදිහට කියනවනම් ACR, IR, PCR දක්වන්න පුලුවන්.

Arduino program කරන්න register දැනුම ඕනෙ ඇයි?

Arduino කියන්නේ platform එකක්. ඒ කියෙන්නේ අපි භාවිතා කරන Arduino  Mega/Nano/UNO කියන development boards වලට නෙමේ Arduino කියන්නේ. ඒවා Arduino platform එක compatible development board. 

සාමාන්‍යයෙන් arduino board වල තියෙන්නේ Atmel microcontroller එකක්. මේ Atmel microcontroller  එකක් program කරන්න තියෙන default language එක තමයි assembly/C  වගේ language. ඉතින් මේ වගේ language එකක් use කරලා low level program කරන්න හොද දැනුමක් තියෙන්න ඕන. ඉතින් මේ අපහසු තාව මග ඇරගන්න තමා arduino හදුන්වා දෙන්නේ. ඒක නිසා තමා අද පොඩි ළමයෙකුට උනත් microcontroller  එකක් program කරන්න ලේසි වෙලා තියෙන්නේ.

කොහොම උනත් මේ විදිහට arduino වලින් program කරන්න ගියාම අපිට වැඩ කරන්න වෙන්නේ arduino වල තියෙන සීමා මායිම් වලට යටත් වෙලා. එහෙම උනාම සමහර අවස්තා වල අපිට microcontroller එකේ තියෙන full features use කරන්නත් බැරි වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල code එකත් අනවශ්‍ය විදිහට complex වෙන්න පුලුවන්.

උදාහරණයක් විදිහට කිව්වොත් හිතන්න, අපිට ඕනෙ D8-D13 තියෙන pin ටික ඔක්කොම HIGH කරන්න. අපි මේක කරන්න සාම්ප්‍රදායික විදිහ,

digitalWrite(8,HIGH);
digitalWrite(9,HIGH);
digitalWrite(10,HIGH);
digitalWrite(11,HIGH);
digitalWrite(12,HIGH);
digitalWrite(13,HIGH);

මේ විදිහයි නමුත් අපි register පිළිබඳ දැනුම තියෙනවනම් කලින් code line 6 කින් කරපු දේ තනි පේළියෙන් කරන්න පුලුවන් පහල තියෙන විදිහට.

PORTD |= B00111111; // sets digital pins 8,9,10,11,12,13 HIGH

දැන් ඔයාලට තේරුම් ගන්න පුලුවන් register පිළිබද දැනුම තියෙනවනම් අපේ වැඩ කොච්චර ලේසි කරගන්න පුලුවන්ද කියලා! 

General purpose registers in  ATmega328

සාමාන්‍යයෙන් CPU එකක් තුල registers කිහිපයක් තියෙනවා. මේ තියෙන registers ප්‍රමාණය තීරණය වෙන්නේ ඒ ඒ CPU එකේ හැකියාව මත.

ATmega328 කියන්නේ AVR microcontroller පව්ලේ 8-bit microcongtroller එකක්. ඒකියන්නේ මේ ATmega328 එකේ තියෙන CPU එකේ register එකක් width එක 8 ක්. තවත් විදිහකට කියනවනම් මේ register එකේ bit 8 ක් වෙන වෙනම store කරන්න පුලුවන්.

කලිනුත් කිව්වා වගේ ATmega328 microcontroller එකෙ Register වර්ග 32 ක් තියෙනවා. පහල තියෙන්නේ එයින් කොටසක්. atmega328 datasheet එක බැලුවොත් ඔක්කොම බලාගන්න පුලුවන්.

Register Name Description
EEARH The EEPROM Address Register
EEARL The EEPROM Address Register
EEDR The EEPROM Data Register
EECR The EEPROM Control Register
GPIOR2 General Purpose I/O Register 2
GPIOR1 General Purpose I/O Register 1
GPIOR0 General Purpose I/O Register 0
OSCCAL Oscillator Calibration Register
CLKPR Clock Prescale Register
SMCR Sleep Mode Control Register
PRR Power Reduction Register
MCUCR MCU Control Register
MCUSR MCU Status Register
WDTCSR Watchdog Timer Control Register
EICRA External Interrupt Control Register A
EIMSK External Interrupt Mask Register
EIFR External Interrupt Flag Register
PCICR Pin Change Interrupt   Control Register
PCIFR Pin Change Interrupt Flag Register
PCMSK2 Pin Change Mask Register 2
PCMSK1 Pin Change Mask Register 1
PCMSK0 Pin Change Mask Register 0
PORTB The Port B Data Register
DDRB The Port B Data Direction Register
PINB The Port B Input Pins Address
PORTC The Port C Data Register
DDRC The Port C Data Direction Register
PINC The Port C Input Pins Address
PORTD The Port D Data Register
DDRD The Port D Data Direction Register
PIND The Port D Input Pins Address
ඊළඟ පාඩමෙන් මේ registers කොහොමද පාවිච්චි කරන්නේ කියලා බලමු !

Share කරගෙනම යන්න !!

Source : CrashCourse [Youtube Channel]

Arduino පාඩම 16 - [Advanced coding] Binary number system සහ Bitwise operations

11:35 AM Add Comment


ගොඩ කාලෙකට පස්සේ ලැබුන නිවාඩුවේ අලුතින් පාඩම් ටිකක් කරන්න හදන්නේ. අද ඉදලා පටන් ගන්න Advanced coding series එකේදී මන් බලාපොරොත්තු වෙන්නේ Arduino support කරන AVR microcontroller වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් විදිහට කොහොමද ප්‍රොග්‍රෑම් කරන්නේ කියලා. මන් ඉස්සරහට කරන්න ඉන්නේ content ගැන කියනවනම්,

  • Binary number system with bitwise and bit shift operation
  • Introduction to registry
  • Port programming
  • Timers
  • ISR
  • Analog comparator විදිහට තමා මන් පාඩම් ටික ලිස්ට් ඩවුන් කරලා තියෙන්නේ. 
මේ විදිහ ටොපික් කතාකරන සිංහල බ්ලොග් එකක් හරි වීඩියෝ මන් දැනුවත්ව නම් නෑ දැනට. ඒක නිසා අනිත් අයටත් බලන්න ශෙයා කරගෙන යන්න.

මේ ටික අපිට කරන්න මූලික වශයෙන් ඕන වෙන්නේ binary number system එක ගැන තියෙන දැනුම. ඒක නිසා පලවෙනි පාඩම binary number system ගැන.

Binary number system

Binary(බයිනරි) එහෙමත් නැත්නම් ද්විමය සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා සරලව කිව්වොත්, binary number එකක් කියන්නේ මොකක් හරි අංකයක්  2 කේ පාදයෙන් නිරූපනයට. (අපි එදිනෙදා පාවිච්චි කරන්නේ decimal එහෙමත් එත්නම් දශමය සංඛ්‍යා පද්ධතිය.)
මීට අමතරව තව සංඛ්‍යා පද්ධති කිහිපයක් ම තියෙනවා. අපි ඒවා ගැන අවශ්‍යතාව අනුව ඉස්සරහට කතාකරමු.

මේ විදිඅහට මොන සංඛ්‍යා පද්ධතියෙන් තියෙන සංඛ්‍යාවක් උනත් ඒක වෙනත් සංඛ්‍යා පද්ධතියක තියෙන සංඛ්‍යාවක් විදිහට හරවගන්න පුලුවන්.
මෙතනදී සංඛ්‍යා පද්ධතිය වෙනස් උනාට ඒ සංඛ්‍යාවේ අගය වෙනස් වෙන්නේ නෑ. මෙතනදී වෙනස් වෙනේ පාදය විතරයි.

උදා : 4710 = 11012

උඩ උදාහරණයේ තියෙන්නේ 10 පාදයෙන් තියෙන සංඛ්‍යාව 2 පාදයේ (binary) සංඛ්‍යාවක් කරලා තියෙන විදිහයි.

Decimal to Binary conversion

අපි දැන් කතා කරන්න යන්නේ කොහොමද decimal number එකක් binary number එකකට convert කරගන්නේ කොහොමද කියලා.

බොහොම සුලු දෙයක් තමා මෙතනදී කරන්න තියෙන්නේ. ඒ කියන්නේ decimal number එක අන්තිමට 0 ලැබෙන කන් දිගින් දිගටම 2න් බෙදාගෙන යන එකෙ.

let's do it

උදාහරණය විදිහට කලින් කියපු 47 ගමු.

JavaScript Math: Convert a decimal number to binary, hexadecimal ...

මෙතනදී කරලා තියෙනේ මුලින්ම 47 කියන සංඛ්‍යාව 2න් බෙදනව ඉතුරු ගනන පැත්තකින් ලියනවා. බෙදිලා ලැබෙන උත්තරය නැවතත් 2න් බෙදවා, ඉතුරු ගනන පැත්තකින් ලියනවා. මේ විදිහට බෙදිලා ලැබෙන් උත්තරය  0 වෙනකන් දිගින් දිගටම මේක කරනවා. ඊට පස්සේ ඉතුරු විදිඅහට ලැබෙන අගයන් ටික පිලිවෙලට පහල ඉදන් උඩට ලිව්වාම උත්තරේ ලැබෙනවා.

Binary to Decimal conversion

දැන් අපි කතා කරන්න යන්නේ binary number එකක් කොහොමද decimal number එකක් බවට හරවගන්නේ කියලා. මන් මේකටත් කලින් උදාහරණයම පාවිච්චි කරන්වා.

අපි මුලින්ම කරන්න ඕනේ අපේ බයිනරි අංකය පිලිවෙලට ලියාගන්න ඕන.(අපි මේ එක කොටුවකින් නිරූපණය වෙන එක 1 හෝ 0 සංඛ්‍යාවකට bit එකක් කියලා කියනවා.) මෙහෙම bit ටික ලියාගත්තට පස්සේ අපේ දකුණු අත පැත්තේ අන්තිමට එන bit එකට LSB (least significant bit) කියලා කියනවා. ඒ වගේම වම් අත පැත්තේ අවසාන bit එකට MSB (least significant bit) කියලා කියනවා.

දැන් අපි binary number එක පීලිවලට ලියාගත්තට පස්සේ අපි ඒ ඒ bit වල්ට 2 පාදයෙන් බර තිය තිය එනවා LSB එකේ ඉදන් MSB වෙනකන්. 

ඊට පස්සේ bit එකයි ඒකට අදාල බර සංඛ්‍යාවයි ගුණකරනවා. අවසානයේ ඒ සියලු අගයන් එකට එකතු කරනවා.

32+0+8+4+2+1 = 47

Why binary

දැන් අපි කතා කරන්න යන්නේ ඇයි අපිට binary number system එකක් ඕනේ ? කියලා. මේකට දෙන්න පුලුවන සරලම උත්තරේ තමා, 
අපි වැඩ කරන්නේ ඉලෙක්ට්‍රොනික පද්ධති එක්ක. මේවට මිනිස භාෂාව තේරුම් ගන්න විදිහක් නෑ. මේවට තේරුම ගන්න පුලුවන් 1 සහ 0 පමණයි. ඒ ද කියලා කියන්නේ 0v ද නැත්නම් 5v විතරයි (logic level එක 5v කියලා හිතමු!). 

උදාහරණයක් විදිහට අපි arduino වල HIGH/LOW කියන අවස්තා දෙක වෙනුවට 1/0 යොදාගන්න පුලුවන්. මේ binary numbers වලින් කරන්න පුලුවන් වැඩගැන අවබෝධයක් ඉස්සරහ පාඩම් වලින් ගන්න පුලුවන් වෙයි තවත්.


Bitwise operation

bitwise operations කියන්නේ binary numbers වලදී කතාකරන බූලියානු ගණිත කර්ම වලට. අපි decimal numbers වලට +, /, *, - operators භාවිත කරනවා වගේ binary numbers වලටත් විශේෂ operators තියෙනවා. අපි ඒවට කියන්නේ bitwise operators කියලා. අපි දැන් මේ operators එකින් එක ගැන කතාකරමු.

Bitwise operators 

  • &  (bitwise and) 
  • |     (bitwise or) 
  • ~    (bitwise not) 
  • ^    (bitwise xor) 
  • << (bitshift left) 
  • >> (bitshift right) 

&  (bitwise and) 

& operator එකෙන් වෙන්නේ එකම ස්තානයේ තියෙන bit දෙකක් AND operation එකකට යටත් කරනවා.මේ ගැන අවබෝධයක් ගන්න truth table එක බලන්න.
Logic Gates and Truth Table - AND, OR, NOT, NOR, NAND, XOR, XNOR

& (AND) operation එක සරලවම සංඛ්‍යා දෙකක ගුණිතයක් වගේ.

0  0  1  1    operand1
0  1  0  1    operand2
----------
0  0  0  1    (operand1 & operand2) - returned result


Example code

පහල තියෙන්නේ කොහොමද & opeartor එක C/C++ එහෙමත් නැත්නම් arduino program එකදී  පාවිච්චි කරන්නේ කියලා.

මෙතනදී integer variblae 2ක් a සහ b කියලා declare කරලා පිලිවලින් values 2ක් assign කරලා තියෙනව. මේ value කෙලිනම් decimal format එකෙන් දීලා තියෙන්නේ.

අවසානයේ තවත් veriable එකක් declare කරලා ඒකට value එකක් assign කරලා තියෙනවා. මෙතනදී value එක assign කරන කොට a සහ b, & operator එකෙන් සම්බන්ධ කරලා තියෙනවා.  මෙතන වැදගත්ම දේ තමා bit wise operation එකක් කරන හැම අවස්ථාවකම values binary format එකෙන් තියෙන්නේ ඕනේ නෑ. සංඛ්‍යා කිහිපයක් සම්බන්ධ වෙන්නේ bitwise operator එකකින් නම්, bitwise operation එකක් තමා perform වෙන්නේ.

int a =  92;    // in binary: 0000000001011100
int b = 101;    // in binary: 0000000001100101 
int c = a & b; // result: 0000000001000100, or 68 in decimal.

| (bitwise or) 

මේකෙත් වෙන්නේ AND operation එක වගේමයි. මෙතන වෙනසක තියෙන්නේ operator එකයි. මේක හරියට සංඛ්‍යා දෙකක එකතුවක් වගේ. මේ ගැන අවබෝධයක් ගන්න OR gate truth table එක බලන්න.
Logic Gates and Truth Table - AND, OR, NOT, NOR, NAND, XOR, XNOR
0  0  1  1    operand1
0  1  0  1    operand2
----------
0  1  1  1    (operand1 | operand2) - returned result

Example code

int a =  92;    // in binary: 0000000001011100
int b = 101;    // in binary: 0000000001100101
int c = a | b;  // result:    0000000001111101, or 125 in decimal.


~    (bitwise not) 

සරලව කිව්වොත් මෙතනදි 1 තියෙනවනම් 0 වෙනවා, 0 තියෙනවනම්  1 වෙනවා. මේ ගැන අවබෝධයක් ගන්න truth table එක බලන්න.

Universal Logic Gate NAND - Logic Gate - DYclassroom | Have fun ...

0  1    operand1
-----
1  0   ~operand1

Example code

int a = 103;  // binary:  0000000001100111
int b = ~a;   // binary:  1111111110011000 = -104

^    (bitwise xor) 

මේ ගැන අවබෝධයක් ගන්න truth table එක බලන්න.
Devlog #006: XOR-encryption and how it works news - Mod DB

0  0  1  1    operand1
0  1  0  1    operand2
----------
0  1  1  0    (operand1 ^ operand2) - returned result

Example code

int x = 12;     // binary: 1100
int y = 10;     // binary: 1010
int z = x ^ y;  // binary: 0110, or decimal 6


<< (bitshift left) 

bitshift operators කලින් කතාකරපු ඒවට වඩා ටිකක් වෙනස්. bitsshift left  operator එකේදී වෙන්නේ operator එකට දකුණු අත පැත්තෙන් දෙන අගයට සමාන ස්තාන ගණනක් අපේ binary number එකේ ස්තාන කියිහිපයක් වම් අත පැත්තට තල්ලු වෙන එක. පහල රූපයෙන ඒ ගැන හොද අවබෝදයක් ලැබෙයි.

Original binary එක බලන්න, මේකේ decimal value එක වෙන්නේ 23. ඊට පස්සේ මන්  මේ original binary එක bitshift left operator එකෙන් ස්ථාන 2ක් වමට තල්ලු කරලා තීයෙනවා. (කොළ පාටින් තියෙන කොටු බලන්න). මෙහෙම වමට ස්ථාන 2ක් තල්ලු කරහම කලින් පිරිලා තිබුන 1-bit සහ 2-bit ස්ථාන වලට 0 එනවා.

දැන් මේ අලුත් shifted binary එකේ decimal value එක ගත්තොත් 92 ක. ඒකියනේ 23 x 4.
මේක තවත් සරල කලොත් 23 x 22  . මෙතනදී අපි ස්ථාන 2ක් shift කරපු නිසා 2ප්‍රමාණයකින් අපේ මුලින් තිබුන සංඛ්‍යාව ගුණ වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මෙතනදී අපි bit 3ක් වමට shift කලොත් 2ප්‍රමාණයකින් අපේ මුලින් තිබුන සංඛ්‍යාව ගුණ වෙනවා.

පහල තියෙන්නේ මේ bitshift exmple එකට අදාලා c++ code එක.

int a = 23;      // binary: 0000000000010111
int b = a << 2; // binary: 0000000001011100, or 92 in decimal

>> (bitshift right) 

මේකත් කලින් කතා කරපු bitshift left operator එක වගේමයි. මෙතනදී වෙනස අදාලා bits ගණන දකුණට තල්ලු වීමයි. ඒ ගැන පහල රූපයෙන් වඩා හොද අවබෝධයක් ලැබෙයි. 


මෙතනදී මුලින් තිබුන decimal value එක වෙන්නේ 23, ඊට පස්සේ මන් bit 2ක් දකුණට shift කරලා තියෙනවා. මේ අලුත් decimal value එක බැලුවොත් ඒක 5.

තව දුරටත් පැහැදිලි කලොත් 23/ 2 = 5, ඉතිරි 3. (binary වලදි දශම අගයන් නිරූපණය කරන්න පුලුවන් උනත් දැනට අපි ඒ ගැන කතා කරන්නේ නෑ) 

කලින් 2 කේ බල ප්‍රමාණයකින් ගුණ උනා වගේ මෙතනදී වෙන්නේ 2 කේ බල ප්‍රමාණයකින් වෙන්නේ බෙදෙන එක.

පහල තියෙන්නේ මේ bitshift exmple එකට අදාලා c++ code එක.

int a = 23;     // binary: 10111
int b = a >> 2; // binary: 00101, or 5 in decimal

bitwise operations ගැන මේ ටික තමා කතාකරන්න තියෙන්නේ. ප්‍රශ්න comment section එකෙන් අහන්න. අනිත් අයටත් බලන්න share කරගෙනම යන්න !!!