Arduino පාඩම 15 - I2C ප්‍රොටොකෝලය

10:38 PM 4 Comments

මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ I2C protocol එක ගැන කතා කරන්නයි. Arduino කරන ගොඩක් අය දැන හෝ නොදැන මේ Protocol එක use කරනවා ඇති මේවෙනකොටත්. මේ ලිපිය  මම protocol  එකක් ගැන කතාකරන පලවෙනි අවස්ථාව නිසා අපි මුලින්ම බලමු මොකක්ද මේ protocol කියන්නේ කියලා.

මොකක්ද  protocol කියන්නේ ?

 protocol කියන්නෙ නීති පද්ධතියකට. උදාහරණකින් පැහැදිලි කලොත් මෙහෙමයි. A හා B කියලා ඒ දෙක අතර communicate කරන device 2ක් තියෙනවා, ඒ වගේම මේ දෙක අතර data transfer වෙන්නේ x කියන  protocol එකෙන් කියලා හිතමු.

මේ x කියන  protocol එකෙන් වෙන්නේ මෙහෙම දෙයක්, අපි හැමෝම දන්නවා machine වලට තේරුම් ගන්න පුලුවන් 1  හා 0 කියන අවස්ථා විතරයි. ඒ කියන්නේ අපිට මේ device දෙක අතර communication එකේදී දාන සෙල්ලම් ඔක්කොම දාන්න වෙන්නෙ මේ 1  හා 0 වෙන් විතරයි. ඉතින් මේ 1  හා 0 තමන්ට කැමති විදිහට භාවිතා කරන්න පුලුවන්නේ ඉතින් මේ නිසා ඇතිවෙන අපහසුතා මගහරවා ගන්න අපිට protocol භාවිතා කරන්න පුලුවන්.

මෙතනදී අපි protocol එකක් හදනකොට එකේදී මෙ 1 හා 0 තේරුම ගන්නේ කොහොමද කියලා තමයි අර්ථ දක්වෙන්නේ. උදාහරණයක් විදිහට අපි හිතමු A device එකෙන් B device එකට x protocol එක හරහා "begin" කියලා command එකක් එනවා. ඉතින් මේ command එක එන්නේ 10001011 කියන  bit pattern කියලා, මේ bit pattern එක x protocol එකෙන් define කරලා තියෙන්නේ 10001011 කියන්නේ "begin" කියන වචනය කියලා. ඉතින් අර  A device එකෙන් B device එකට 10001011 කියලා pattern එක ආවහම B කියනා device එක දැන ගන්නවා 10001011 කියන්නේ "begin" කියන command එක කියලා, ඉතින් ඒ අනුව B device එක වැඩ කරනවා.

ඕක තමයි protocol කියන්නෙ මොකක්ද කියලා කියන්න පුලුවන් සරලම විදිහ. ඒත් ඇත්තටම මේ protocol වැඩකරන්නෙ මීට වඩා ගොඩක් සංකීර්ණ විදිහකට, ඊට අමතරව මේ protocol වැඩකරන විදිහ protocol එක අනුවත් වෙනස් වෙනවා.

protocol එකක් තෝරා ගැනීම

අපි මොකක් හරි project එකක් කරනකොට වඩා වැදගත් දෙයක් තමයි project එකට ගැලපෙන protocol එකක් තෝරාගන්නඑ එක. මේ වෙන කොට protocol විශාල ප්‍රමාණයක් තියෙනවා.ඒවා අතරින් කිහිපයක් තමයි,
  • UART (Serial protocol)
  • I2C
  • ISP
  • CAN
  • 4-20mA current loop
  • RS485
  • RS422
  • RS232 කියන්නේ.
UART කියන්නෙ අපි arduino වලදී නිතර භාවිත කරන Serial protocol එක.(හැම තිස්සෙම Serial.begin කියලා ගහන කෝඩ් එක), I2C ගැන අද අපි කතා කරමු, ICSP කියන්නෙ micro control අතර, ඒ වගේම Sensor-micro control අතර communication වලට භාවිතා කරන protocol එකක්, RS485,RS232 කියන්නේ ගොඩක්ම industrial වැඩ වලට ගැලෙපෙන device,sensor විශාල ප්‍රමාණයක් එකට සම්බන්ධ කරන්න පුලුවන් protocol  එකක්.

මම පසුගිය ලිපියක UART protocol එක use කරන හැටි ගැන කියලා දීලා තියෙනවා. මෙතනින් ඒ පාඩම බලන්න. අද මම කතා කරන්න යන්නේ I2C protocol එක ගැන.

I2C protocol 

I2C කියන්නෙ inter integrated circuit එකට. මේ protocol එකට power pin 2ක හැරුනහම SCL හා SDA කියලා තව pin 2ක් තියෙනවා. SCL pin එකෙන් කරනේ microcontroller එකේ ඉදලා වෙන microcontroller එකකට හරි sensor එකකට හරි clock signal එක යවන එක. SDA pin එකෙන් කෙරෙන්නේ data යවන එක. සාමාන්‍යයෙන් I2C protocol එකකට I2C device කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරන්න පුලුවන්. ඒ කියන්නේ මේ SCL,SDA pin වලට i2c device කිහිපයක්ම සම්බන්ධ කරන්න පුලුවන්. ඒ වගේම මේ වගේ device කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරහම ප්‍රධාන(Master) device එකට සම්බන්ධ කරලා තියෙන අනිත්(slave) device එකිනෙකින් වෙන් කරලා හදුනා ගන්න ID එකක් තියෙනවා. මේ කට අපි I2C address කියලා හදුන්වනවා. ඒ වගේම තමයි මේ master device එක සෑම විටම වගේ microcontroller එකක් සහිත device එකක් වෙනවා.

සාමාන්‍යයෙන් PCB එකක හදපු I2C device අතර twisted pair හෝ shielded cable යොදාගෙන 100m වගේ දුරකට data transmit කරන්න පුලුවන් කියලා සදහන් වෙනවා. කොහොම උනත් ප්‍රායෝගික තත්වයන් අනුව සත්‍ය දුර 100m වඩා අඩු වෙන්න ඉඩ තියෙනවා.

සාමනයෙන් අපිට මොකක් හරි device එකක් I2C connect කරන්න ඕනෙ උනොත් ප්‍රධාන වශයෙන් ක්‍රම 2ක් තියෙනවා.
  1. microcontroller එකක් භාවිතය
  2. I2C expander ic එකක් භාවිතය.
 ඒවගේම තමයි බොහොමයක් sensor සහ module වල I2C සදහා භාවිත වෙන්නෙ මේ I2C expander ic.

Micro-Controller එකක් භාවිතය

මෙතනදී මම microcontroller එකක් භාවිතය කියලා අදහස් කලේ Master device එක වගේම slave devices සදහාත් microcontroller එකක් භාවිතා කිරීමයි. 
example එකකින්ම මේක පැහැදිලි කරන්නයි සූදානම.

Send Data to Slave from Master


මේවැඩේට arduino board 3ක් ඕනේ වෙනවා. මම මෙතන්දී කරන්න හදන්නේ Arduino master device එකකට හයි කරපු potentiometer 2කින් arduino salve device 2කට වෙන වෙනම හයි කරපු LED 2ක brightness control කරන එක. 

Arduino mega/uno/nano/pro mini  වගෙ board වල A4 pin එක SDA විදිහටත් A5 pin එක SCL pin එකත් වෙනවා.

circuit diagram එක මෙහෙම හදා ගන්න. potentiometer විදිහට 10k වගේ එකක් දාන්න. ඒ වගේම arduino board වලට වෙන වෙනම power supply කරනවා නම් arduino boards සියල්ලෙහිම GND පින් එකට connect කරන්න


මීලගට පහත් දැක්වෙන codes වෙන වෙනම අදාල arduino boards වෙත upload කරන්න.


Code explain

මම මෙතනදී කරන්න හදන්නේ master device එකට හයි කරපු potentiometer දෙකෙන් වෙන වෙනම slave device 2 කට හයි කරපු LED දෙකේ brightness control කරන එකයි.

Master code - Send Data to Slave from Master

උඩම පේලියෙන් කරලා තියෙන්නෙ wire කියන library එක import කරගන්න එකයි. මේ library එකේ තමයි I2C වලට අදාල data ටික.

ඊළඟ පේලි දේකේ තියෙන්නේ A0, A1 කියන arduino analog pin දෙක define කරලා තියෙනවා. මේ පින් දෙකට තමයි potentiometer දෙක හයි කරලා තියෙන්නේ.

ඊට පස්සේ address1,address2 කියන define දෙකෙන් තියෙන්නෙ slave device දෙකේ address. 1 කියන්නේ පලවෙනි slave device එකේ address එක 2 ක කියලා තියෙන්නේ දෙවෙනි slave device එකේ addres.


ඊට පස්සේ තියෙන්නේ setup එක, Wire.begin(); කියන line එකෙන් තමයි I2C connection එක start කරන්නේ. ඊට පස්සේ ඉතින් analog pin 2 ක setup කරලා තියෙනවා.

ඊට පස්සේ තියෙන්නෙ loop එක. loop එක ඇතුලේ ලියන ඕනම code එකක් cycle එකක් වගේ power දීලා තියෙනකන් වැඩ කරනවා.

int pot1=analogRead(pot1)/4; කියන line එකෙන් int කියන type එකේ pot1 කියන නමින් variable එකක් හදලා එතනම ඒ variable එකට පලවෙනි potentiometer එකේ data read කරලා 4න් බෙදලා සමාන කරලා තියෙනවා. 4 න් බෙදලා තියෙන්නේ අපිට analog read එකක් 5v වලින් 1024 පන්ගුවක් විදිහට ලැබුනත් අපිට arduino වලදී analog write කරන්න පුලුවන් 5v වලින් 256 න් පංගුවක් විදිහට විතරක් නිසයි.

Wire.beginTransmission(address1);  මේ ලයින් එකෙන් කරන්නේ address1 කියන device එක I2C network එකෙන් හොයාගෙන එයත් එක්ක communication එක ආරම්භ කරන එකයි.

Wire.write(pot1);  මෙතනදී pot1 කියන value එක අදාල device එකට යවනවා. ඊට පස්සේ පේලියෙන් අදාල device එක අතර communication එක නවත්තනවා.

ඊට පස්සේ තියෙන්නෙත් දෙවෙනි  device එකට අදාල මේ code කොටසමයි. අන්තිමේදී 500 ms delay එකක් තියලා තියෙනවා.

Slave Code- Send Data to Slave from Master

Send data to Master from Slave

අපි කලින් කතාකලේ I2C හරහා master device එකේ ඉදලා slave device වලට data යවන්නේ කොහොමද කියන එකයි.
දැන් මම කියන්න හදන්නේ Salve device වල ඉදලා master device එකට data එවන්නේ කොහොමද කියන එකයි.

ඒ කට පහල තියෙන විදිහට circuit එක හදාගන්න, board 3 ම GND පින් එකට සම්බන්ධ කරන්න.



ක්‍රියාවලිය

මම මෙතනදී මුලිනම code explain කරන්න කලින් I2C හරහා slave device එකේ data master device එක read කිරීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න හිතුවා. 
මොකද මේ ක්‍රියාවලිය master එකෙන් slave එකට data send ක්‍රියාවලියට වඩා පොඩ්ඩක් වෙනස්.

master එකෙන් slave එකට data send කරනකොට උනේ master අපි දෙන data set එක අපි යවන්න ඕනේ slave device එකේ device address එකේ header එකකුත් එක්ක යවන එක. slave device එක හැමතිස්සෙම master එකෙන් data එනවද කීය කිය බල බල ඉන්නවා. එහෙම master එකෙන් data packet එකක් අවොත් එකේ තියෙන device address එක තමන්ගෙ address එකනම් ඒ packet එක read කරනව එහෙම නැත්නම් නොසලකා හරිනවා.

නමුත් slave එකෙන් එන data master එකෙන් read කරන්නේ පොඩ්ඩක් වෙනස් විදිහකට.

ඇත්තටමමෙතනදී වෙන්නේ slave device එකකින් එන data එකක් read කරගන්න ඕනේ උනහම කරන්නේ අදාලා slave device එකට request එකක් ගහන එක එහෙම්ත් නැත්නම් master device එකෙන් slave device එකකට ඉල්ලීමක් කරන්වා data එවන්න කියලා. 
මෙහෙම request එකක් ගැහුවට පස්සේ අදාල slave device එකෙන් data එවනවා, ඊටපස්සේ තමයි master එකෙන් slave device එකේ data read කරන්නේ.

Code Explain

මම මෙතන කරන්න හදන්නේ salve device 2කට වෙන වෙනම හයි කරපු pot 2 ක values master device එකට එවලා. master device එකේ serial monitor එක හරහා බලන එකයි.

Master code - Send Data to Master from Slave

මෙතනදීත් මම මුලින්ම Wire library එක import කරගෙන තියෙනව. ඊට පස්සේ මම කලින් වගේම Wire.begin(); එකෙන් I2C communication එක initialize කරගෙන තියෙනවා, ඊට පස්සේ Serial.begin(9600); කියන code එකෙන්  line එකෙන් serial communication එක 9600 ක baudRate එකක් සහිතව initialize කරගෙන තියෙනවා.

ඊටපස්සේ තියෙන්නේ loop එක. loop එක ඇතුලෙ තියෙන 
Wire.requestFrom(1, 4); 
    while (Wire.available()) {
    char c = Wire.read();
    Serial.print(c);        
}

code කොටස තමයි slave එකෙන් එන data read කරන්නේ.

Wire.requestFrom(1, 4);  මේ code එකෙන් තමයි slave device එකට request එක ගහන්නේ. වරහන් ඇතුලේ තියෙන 1 කියන ඉලක්කමෙන් කියවෙන්නේ slave device එකේ address එක. 4 කියන ඉලක්කමෙන් කියවෙනේ slave device එක එවන byte ගනන. මේ අගය slave device එක එවන data ප්‍රමාණය අනුව වෙනස් වෙනා .

video coming soon......

ඊලඟ කොටසින් I2C ගැන තව කතා කරමු.  article එක හොදයි නම් අනිත් අයටත් බලන්න share කරන්න. comment එකකුත් දාගෙන යන්න.



IoT සිංහලෙන් - IoT Development boards

9:00 PM 8 Comments

සොෆ්ට්වෙයාලන්තයට හැමෝම පිළිගන්නවා. මම පසුගිට කොටසෙන් IoT කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරලා දුන්නා. මම අද කියලා දෙන්න හදන්නේ IoT Development boards ගැන සහ ඒවයේ තියෙන විශේෂත්ව ගැනයි ඒ වගේම තමන්ගෙ වැඩෙට අදාල board එකක් තෝරගන්න හැටි ගැනයි. IoT development board ගැන කතා කරහම ගොඩක් board අපිට වෙළෙඳපොළ තුල මිලදී ගන්න තියෙනවා. පහල තියෙන්නේ අපිට බහුලවම හමුවෙන development board කිහිපයක්.

පළමු පාඩමට මෙතනින් යන්න>>>
  1. Arduino
  2. NodeMCU
  3. Magicblocks
  4. Raspberry Pi
  5. Banana Pi
  6. Intel Edison
  7. Beagle Bone
මේවා තමයි අපිට නිතරම මුන ගැහෙන IoT development board. අපි දැන් මේ එක එක development boards ගැන වෙන වෙනම බලමු.

Arduino

Arduino ගැන කියපුවහම නොදන්න කෙනෙක් නැති තරම්. මේ වෙනකොට arduino දන්න හැමෝම arduino වලින් robotics, automation වගේ project කරලා ඇති ඒ වගේම Bluetooth වලින් light on off කරනවා වගේ වැඩ කරලත් ඇති. මේවගේ වැඩ වලට ඔයාලා හැමෝම වගේ use කරන්නේ Arduino UNO, Nano, ProMini, Mega එහෙමත් නැත්නම් Arduino DUE board එකක්. මම කලින් කිව්වා වගේම IoT කියන්නේ internet එක්ක සම්බන්ධ කරන technology එකක් කියලා, ඉතින් මම කලින් කියපු board වලින් මේ වැඩේ තනියෙම කරන්න බෑ.. ඒ කට අපි වෙනම උපාංග හයි කරගන්නා ඕනා.


  • මොනවා මේ උපාංග.

මම මෙතැනදී උපාංග කියලා කිව්වේ Ethernet shield, GSM shiled වගේ arduino board එක ඉන්ටෙර්නෙට් හරහා සම්බන්ධ කරන්න පුලුවන් device එකකට.

Ethernet Shiled

Ethernet shield එක arduino එකත් එක්ක connect කරලා shiled එකේ තියෙන RJ45 port එකට internet line එක සම්බන්ධයෙන් කරහම අපිට අපේ project එක IoT project එකක් කරගන්න පුලුවන්.


GSM Shield

arduino එක internet එක්ක connect කරන්න තියෙන තවත් විදිහක් තමයි GSM shield එකක් use කරන එක. මෙතනදී මේ shield එකට SIM එකක් දාලා අපිට ඒ හරහා data send/receive කරගන්නත් පුලුවන්. ඒ වගේම ගොඩක් shield වලින් voice line එක use කරන්නත් පුලුවන්.


මේ ක්‍රම වලට අමතරව arduino සමාගම විසින්ම IoT වැඩවලටම හදපු boards වගයක් තියෙනවා මේ සූදානම ඒ ගැන දැනුවත් කරන්නයි.

1. Arduino YUN
 මේ board ATMega32U2 micro controller එකක් සහ Atheros AR9331 micro processor එකක් තියෙනව. ඒ වගේම මේ board එකේ Ethernet සහ WiFi සම්බන්ධතාව තියෙනව.


1. Arduino Ethernet

 මේ board ATMega328P micro controller එකක් තියෙනව. ඒ වගේම මේ board එකේ Ethernet සම්බන්ධතාව තියෙනව.


මීට අමතරාව තව ගොඩක් arduino boards තියෙනව.


NodeMCU


NodeMCU කියන්නේත් ඇත්තටම ගොඩක් හොද ඒවගේම ලාබදායි IoT platform එකක්. ඇත්තටම මේ platform එක NodeMCU කියලා ලඝු කරන්නේ නැතුව මම කැමතියි මේ කට ESP12 එහෙමත් නැත්නම් esp8266 development board එකක් කියනවන්ම්. මොකද මේ esp8266 කියන chip එක මූලික කරගත්ත development board ගොඩක් තියෙනවා. NodeMCU කියන්නේ මෙයින් එකක් විතරයි. ඒ කියන්නේ ESP 1,2,3,4,5,6,7,8,9,10,11,12, 12E,12F සහ ESP32 වශයෙන් ESP modules තියෙනවා. 

මේ esp chip එක තමයි NodeMCU  වල තියෙන micro controller එක. ඒ කියන්නෙ අපි arduino එක program කරනකොට Atmega328 එක program වෙනවා වගේ මෙතනදී program වෙන්නේ මේ esp module එක. මෙතන esp එක ඇතුලේ සාමාන්‍ය micro controller එකට අමතරව WiFi වලට අදාල modem එකත් මේ esp chip එක ඇතුලෙම තියෙනවා. NodeMCU එකේ තියෙන්නෙත් ESP 12E කියන  chip එක. ඒ වගේම මේ හැම esp module එකකම WiFi තියෙනවා. ඒ කියන්නේ මේ chip එකට වෙනත් කිසිම component එකක් භාවිතා නොකර WiFi network එකක් එක්ක connect වෙන්න පුලුවන්. මීට අමතරව ESP32 කියන module එකේ අනෙක් module වලට සාපේක්ෂව GPIOs ප්‍රමාණය වැඩියි වගේම WiFi වලට අමතරව Built-in Bluetooth technology එකත් තියෙනවා.

කොහොම උනත් මේ modules වලින් අපිට වැඩි පුරම භාවිත වෙන්නේ ESP-01, ESP-12 හා ESP-32 කියන modules තමයි. ඒ වගේම තමයි මම මේ IoT පාඩම ඉදිරියට කරන් යන්න භාවිතා කරන්නෙත් ESP-12 භාවිත වෙන NodeMCU board එකක් තමයි.


ESP 32

දැන් අපි බලමු NodeMCU එකේ තාක්ෂණික විස්තරම මොනවාද කියලා !

Operating Voltage :2.5V ~ 3.6V
Operating Current Average value: 80 mA 
Operating Temperature Range : –40°C ~ 125°C
CPU : Tensilica L106 32-bit processor
CPU clock speed : 80MHz
GPIOs : 17 (PWM 4)
Analog input pin : 1
EEPROM : 4Kb
WiFi Protocols : 802.11 b/g/n

ඇයි අපි NodeMCU භාවිතා කරන්නේ ?

මේ esp modules අතරින් අපි මේ NodeMCU කියන board එක භාවිතා කරන්න හේතුව තමයි මිල අඩුවීම, සාපේක්ෂව වැඩි GPIOs ප්‍රමාණයක් තිබීම, කෙලින්ම USB plug කරන්න පුලුවන් වීම, ඒ වගේම අනිත් සමහර esp module වලට වඩා කාර්යක්ෂම වීම වගේ කරුනු.

NodeMCU program කරන්නේ කොහොමද ?

NodeMCU එහෙමත්නැත්නම් මේ esp modules program කරන්න Java, C, Phython, Lua programming languages ගොඩක් භාවිතා කරන්න පුලුවන්. ඒක නිසා අපි මේක කරන්නත් භාවිතා කරන්නේ C++ වලින් program කරන්න පුලුවන්, arduino program කරන්නත් භාවිතා කරන Arduino IDE එකම තමයි.
අපි ඊළග පාඩමෙන් බලමු  කොහොමද Arduino IDE යොදාගෙන NodeMCU වලට program එකක් ලියන්නෙ කොහොමද කියලා...


MagicBlocks

magicblocks කියන්නේ අපේ රටට ටිකක් වැදගත් platform එකක්. මොකද මම එහෙම කිව්වේ මේ magicblocks platform එක හදලා තියෙන්නෙ ශ්‍රීලංකාවේ අයියලා කට්ටියක්. මේ platform එකේ තියෙන විශේෂතවය තමයි code ලියන්න ඕනේ නැති වීම. ඒ කියන්නෙ මේකෙ අපේ program එක ලියන්න තියෙන්නෙ blocks වලින්. හරියට photoshop වලදීවගේ, මෙතනදී කරන්න තියෙන්නෙ කරන්න ඕනේ vවැඩේට අදාල block එක flow එකට drag & drop කරන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නෙ coding ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට උනත් ඉතාම පහසුවෙන් තමන් කැමති IoT projects කරන්න මේ platform එක භාවිතා කරන්න පුලුවන්.
learn more : http://magicblocks.io/
magicblocks Flow
ඒ වගේම අපිට මේ IoT platform එකෙන් IoT development boards වර්ග 2 කුත් හදුන්වලා දීලා තියෙනවා. MagicWiFi සහ MagicShiled කියන්නේ මේ board තමයි. ඒ වගේම තමයි මේ boards 2ත් පාදක වෙලා තියෙන්නෙ esp12 කියන module එක මතයි.

MagicWiFi

මේකෙන් ඔයාලට කෙලින්ම IoT projects කරන්න පුලුවන්.

MagicShiled

මෙකෙන්ඔයලට ඔයාගෙ Arduino UNO, Mega එක internet එකෙන් control වෙන්න හදාගන්න පුලුවන්.
මේවා තමයි අපිට අඩු මුදලට ගන්න තියෙන IoT development boards. අනිත් boards තරමක් මිලෙන් වැඩ්යි.
ඒ ක නිaසා අපි මිලඅඩු එකකින් වැඩේ පටන් ගමු.

අපි ඊළඟ පාඩමෙන් බලමු කොහොමද NodeMCU එක්ක වැඩ කරන්නේ කියලා...

Jhat English to Sinhala Dictionary V1.6 සුපිරි ශබ්දකෝෂය

8:54 AM Add Comment


දැන් ශබ්දකෝෂ මෘදුකාංග ඕනෑ තරම් තිබුණත් මෙය සාපේක්ෂව ගොඩක් වෙනස් වැඩ සහිත මෘදුකා‍ංගයක්. 

මේ මගින් ඉංග්‍රීසි, සිංහල වචන වල තේරුම දැනගන්නත්, ඒවා Pronounce කරන්නත් වගේම OCR තාක්ෂණයෙන් සිංහල, ඉංග්‍රීසි වචන වල තේරුම ලබා ගැනීම ඒ කියන්නේ වෙබ් කැමරාව ඉදිරිපස අපි ඉ‍ංග්‍රීසි වචන සහිත යමක් පෙන්වූ පසු එය කුමක්දැයි Recognize කරගන්න වැනි වටිනා පහසුකම් රැසක් සහිතයි. 



singlish ටයිප් කිරීම මගින් සිංහල වචන search කරන්නත් පුළුවන්.

32 bit පරිගණක සඳහා මෙතනින්ද, 64 bit පරිගණක සඳහා මෙතනින්ද, බාගන්න. 

බාවිතයට උපදෙස් පහතින් බලන්න.
  • singlish වචනයක් type කිරීමෙන් පසුව අවසානයට space bar press කරන්න. 
  • උදාහරණයක් විදිහට "අම්මා" ලෙස type කිරීමට ඔනිනම් "amma " ලෙස type කර යුතුය. සෑමවිටම අවසානයට "space bar" type කල යුතුය. 
  • අපට සිංහල වලට හැරවීමට ඕන කරන "singlish" වචනය ,අකුර හෝ අකුරු සමූහය type කිරීමෙන් පසුව අනිවාර්යෙන් "space bar" type කරන්න. එවිට එය සිංහල වචනයකට,අකුරකට හෝ අකුරු කිහිපයකට හැරේ. 
  •  අවශ්‍ය සෑම ගොනුවක්ම ඔබ Download කරන ගොනුව තුල අඩංගුවේ. වෙනම Download කිරීමට අවශ්‍ය නොවේ.