ඉවතලන කාඩ්බෝඩ් වලින් පහසුවෙන්ම වෙසක් කූඩුවක් සාදාගනිමු!

10:55 AM 6 Comments
අද තාක්ශණික තොරතුරක් නම් නෙමෙයි කියන්න යන්නෙ.මට මේක හම්බුනේ අන්තර්ජාලයෙන්.වැදගත් වේවි කියලා හිතුන නිසා බෙදාගන්න හිතුවා.

ගොඩාක් අය දැන් වෙසක් එකට අටපට්ටමක්,තරුවක්,නෙලුම් මලක් ගෙදර හදන්නෙ නෑ,පාරෙ විකුනන්න තියෙන සව්කොල අලෝලා සම්පූර්ණ කරපු වෙසක් කූඩුවක් හෝ ප්ලාස්ටික් වලින් හදපු පට්ටමක් හෝ ගේනවා මිසක්.ඉස්සරනම් කොච්චර ආසාවෙන්ද හිට්යෙ වෙසක් එනකම්? උණබට කපලා සව්කොල අරගෙන යාලුවොත් එක්ක එකතුවෙලා වෙසක් කූඩුවක් හදලා ඒකට බල්බ් එකක් හරි ඉටිපන්දමක් හරි ගහලා පත්තු කලාම පුදුම සතුටක් හිතට දැනෙන්නෙ! වෙසක් කූඩුව වගේම අපේ හිතත් දැල්වෙනව.හැබැයි දැන් කාලෙ පොඩිත්තො නම් අටපට්ටමක් හදන්න ඕනෙ උණබට කෑලි ගාණවත් දන්නෙ නෑ

වැඩ රාජකාරි අධිකකම හා නාගරික පරිසර වල ජීවත් වෙන එක ඒකට හේතුව වෙන්න පුලුවන්.වෙසක් කූඩුවක් තනියම හදනවා කියන්නෙත් බුද්ධිය වර්ධනය වන ක්‍රියාකාරකමක්!

උණබට,ඔට්ටපාලු වගේ දේවල් දැන් නැති නිසා අපිට පුලුවන් කාඩ්බෝඩ් වලින් අටපට්ටමක් හදාගන්න.පහලින් තියන සැකිල්ල හැටියට කාඩ්බෝඩ් එකක් කපාගෙන ඒකෙ අලවන්න ඉතිරිකරලා තියන තැන් ටික ඇලෙව්වහම අපිට ලේසියෙන්ම අටපට්ටමක් හදාගන්න පුලුවන්.  ඒ වගේම හැකියාවක් තියන්වනම් පොඩි කැටයමක් කපලා ඒක හැඩකරගන්න :)

ඊට පහලින් දාලා තියන සැකිල්ලෙන් අපිට පුලුවන් හතරැස් කූඩුවක් හදාගන්න.

(පින්තූරෙ තව ලොකු කරලා බලන්න ඒක උඩ ක්ලික් කරන්න.)


තව ලේසි ක්‍රමයකට අපිට ලස්සන කූඩුවක් හදාගන්න පුලුවනන්. ඒකට පහත පියවර අනුගමනය කරන්න.

ඒකට මෙන්න මේ ද්‍රව්‍ය අවශ්‍ය වෙනවා.



  1. දිග ශක්තිමත් කාඩ්බෝඩ් පටි දෙකක්. (එක කූඩුවක් සඳහා)
  2. කුඩා ශක්තිමත් කාඩ්බෝඩ් පටි දෙකක්. (එක කූඩුවක් සඳහා)
  3. සමචතුරස්‍ර හැඩයට කපාගත් සව්කොල කැබලි.
ඊටපස්සෙ දිග කාඩ්බෝඩ් පටි දෙක ගම් හෝ ස්ටේප්ලර් භාවිතයෙන් මෙහෙම රවුමක් වගේ අලවගන්න.


ඊට පස්සෙ අර පොඩි කාඩ්බෝඩ් කැබලි දෙක භාවිතා කරලා මෙහෙම සැකිල්ලක් හදාගන්න 



සැකිල්ල හදාගත්තට පස්සෙ අර සමචතුරස්‍ර හැඩේට කපාගත්තු සව්කොල කෑලි වල කොන් එකතු කරල මෙහෙම අලවගන්න.


එහෙම හදාගත්තු සව්කොල කෑලි ටික අර අපි හදාගත්තු සැකිල්ලේ මෙහෙම අලවගන්න.


මේ විදියට මේ සැකිල්ල වටේම සව්කොල කෑලි ටික ඇලෙව්වහම අපිට ලස්සන කූඩුවක් හදාගන්න පුලුවන්.කුඩුවේ එක පැත්තකට රැලි දාලා ලස්සන කරලා ගන්න :) මමනම් මේ පාර වෙසක් එකට බෞද්ධ කොඩියෙ පාටට මේ කූඩු දෙක ගානෙ හදනවා.ගිය පාරත් හැදුව :) එහෙනම් මම ගිහින් එන්නම්! නැවත හමුවෙමු!

Hard Drive එකෙන් කොටසක් රැම් එකක් ලෙස භාවිතා කරන හැටි.

Hard Drive එකෙන් කොටසක් රැම් එකක් ලෙස භාවිතා කරන හැටි.

8:06 PM 8 Comments
පරිගණකය මන්දගාමී වෙන එක අපි හැමෝමටම මුහුන පාන්නට වෙන ගැටලුවක්.මෙම ක්‍රමය අනුගමනය කිරීම මඟින් අපිට හැකිවෙනවා යම්තාක්දුරට අපේ පරිගණකය වේගවත් කරගන්න :)

(මෙහි දැක්වෙන රූප අපැහැදිලි නම් එඑවා මත ක්ලික් කිරීමෙන් ඒවා විශාලකර බලාගත හැක)
මුලින්ම My computer මත right click කර properties යන්න.
එහි advance settings යන්න ක්ලික් කරන්න.


එවිට ලැබින window එකෙහි advanced යන්න ක්ලික් කරන්න


ඉන්පසුව ඒ තුල ඇති performance යටතේ ඇති settings යන්න ක්ලික් කරන්න.

එවිට ලැබෙන window එකෙහි advanced යන්න ක්ලික් කරන්න.

Advanced මෙනූවෙහි ඇති virtual memory යන්නෙහි change යන බොත්තම ඔබන්න.


එවිට පහත පරිදි වින්ඩෝ එකක් ලැබෙනු ඇති.
එහි ඇති automatically manage paging size for all drivers යන්නට ඇති ටික් එක අයින් කරන්න.
ඉන්පසුව පහලින් ඇති කොටුව තුලින් තන්ට කැමති drive එකක් select කරන්න.
ඉන්පසුව custom size යන්නට ටික් එකක් දමා එහි අගය ලෙස කැමති අගයක් යොදන්න (2000 ක් පමණ)
ඉන්පසුව set බොත්තම ඔබන්න.
ඉන්පසු OK ඔබා Apply ඔබන්න.






Facebook messenger දැන් ඔබේ පරිගණකයටත්!

12:05 PM 4 Comments

මෙතෙක් කල් android හා ios යෙදවුමක් ලෙස භාවිත කල facebook messenger දැන් අපේ පරිගණකයට ලබාගැනීමෙ හැකියාව තිබෙනවා.පහත පියවර අනුගමනය කිරීමෙන් අපිට අපේ පරිගණකයෙන් messenger භාවිත කල හැකියි.

මුලින්ම https://messenger.com/ යන්න.

එවිට පහත පරිදි එයි,
එහි ඇති login section එකෙහි තමන්ගේ facebook email එක හා password එක යෙදීමෙන් අපිට messenger වෙත ලොග් විය හැකියි.
ලොග් වූපසු පහත පරිදි දිස්වෙනවා.


ඉන් පසුව අපට සාමාන්‍ය පරිදි messenger භාවිත කල හැකියි :)

VB.net 6 පාඩම - ඇරේ භාවිතා කරන ආකාරය.

7:27 PM 2 Comments

ඇරේස් භාවිතා කිරීම.

පරිගණක වැඩසටහන් සකසන විට එහි දත්ත තාවකාලිකව රදවා තබා ගැනීමට වේරියබල් භවිතා කරන බව දනිමු. මෙසේ විවිධ වර්ගයේ දත්ත විශාල ප්‍රමාණයක් ‍රැදවීමට වේරියබල් විශාල ප්‍රමාණයක් යොදා ගැනීම වෙනුවට තනි ඇරේ එකක් භාවිතා කල හැක. පහතින් දැක්වෙන්නේ ඇරේ එකක පොදු ආකෘතියයි.
[කීවර්ඩ් එක] [ඇරේ එකෙහි නම] [ඉලමන්ට් ගණන] As [ඩේටා ටයිප් එක]
කීවර්ඩ් එක : කීවර්ඩ් එක යොදන ආකාරය අනුව ඇරේ වර්ග 3 කි.


ප්‍රොසීජ (Procedure)

ප්‍රොසීජ (Procedure) වර්ගයේ  ඇරේ එක තුල දී Dim හෝ Static හෝ යන කීවර්ඩ් දෙකෙන් එකක් යොදාගෙන ඇරේ එක සකසයි. මේ වර්ගයේ ඇරේ ක්‍රියාත්මක වන්නේ එක් කන්ට්‍රෝල් එකකට අදාලව තනි ඉවෙන්ට් එකක් තුලදීය.

ෆෝම් ඇරේ (Form)

ෆෝම් ඇරේ (Form) යනු තවත් එක් ඇරේ වර්ගයකි. මෙම වර්ගයේ ඇරේ එකක් සකසන විට Dim හෝ Private යන කීවර්ඩ් දෙකෙන් එකක් භාවිතා කල යුතුය. එවිට මෙම ඇරේ එක එක් වින්ඩෝ එකක් තුල ඕනෑම විටකදී භාවිතා කල හැකි අතර මෙම ඇරේ වින්ඩෝ එකෙහි ඇති Class MainWindow යන්නට පහතින් සැකසිය යුතුය.

ප්‍රොජෙක්ට් ඇරේ (Project)

ප්‍රොජෙක්ට් ඇරේ (Project) මෙම ඇරේ එක සදහා Public යන කීවර්ඩ් එක යොදාගනී. මෙවැනි ඇරේ එකක් සම්පූර්ණ් ප්‍රොජෙක්ට් එක තුලදීම භාවිතා කල හැක. මෙම ඇරේ එක සෑදිය යුත්තේ මොඩියුල් (Module) එකක් තුලය.

ඇරේ එකෙහි නම


ඉහත දක්වා ඇති ඇරේ එකෙහි පොදු ආකෘතියේ තිබෙන ඇරේ එකෙහි නම වශයෙන් කැමති නම යොදන්න පුලුවන්. එහෙත් එම නම අංකයකින් හෝ වෙනත් ලකුනක් භාවිතා කරමින් හෝ ආරම්භ කල නොහැක. ඇරේ එකක නමෙහි මැද කොටසකදි හෝ අවසාන යේදි හෝ ඉලක්කම් භාවිතා කරන්නට පුලුවන. එහෙත් ඇරේ එකක නමෙහි මැද හෝ අවසානයේ හෝ වුවද, යටි කඩ ඉර හෙවත් අන්ඩස්කෝ[ _ ] ලකුන හැර වෙනත් කිසිදු ලකුනක් භාවිතා කල නොහැක්. එමෙන්ම නමෙහි කොටස් දෙකක් අතර හිස්තැන් තැබිය හැක.

මෙම කොන්දෙසි සපුරන සේ හෙවත් නිවැරදිව සකස් කල අරේ නේම් කිහිපයක් මෙසේය.

Softland
Softland1
Softland_1

ඉලමන්ට් ගණන හා ඩේටා ටයිප් එක.

ඇරේ එකෙහි නමට පසුව යොදන්නේ ඉලමන්ට් ගණනයි. එය වරහන් තුළ ඉලක්කමින් අවශ්‍ය ප්‍රමාණයකට සටහන් කල හැකිය. මෙයට පසුව යොදන As පදය අනිවාර්යයෙන් යෙදිය යුතුය. එයින් පසුව හිස් තැනක් තබා ඩෙටා ටයිප් එක ලබා දිය යුතුය. එය ඇරේ එකට යොදන දත්ත අනුව වෙනස් කර ගත හැක.
ඇරේ එකක් ක්‍රියාත්මක වන පොදු ආකෘතිය තේරුම් ගණ්නට Dim strFirst(5) As String යන කේතය විමසා බලමු.
මෙහි  Dim යනු කීවර්ඩ් එකයි. strFirst යනු ඇරේ එක සදා ලබාදී තිබෙන නමයි. මෙම ඇරේ එකෙහි ඩේටා ගණන ලබාදී ඇත්තේ 5 යි. මේ අනුව 0 සිට 5 දක්වා ඉලමන්ට් 6 ක් සහිත ඇරේ එකක් නිර්මාණය කර ඇත. මෙසේ සකස් කර ගන්නා ඇරේ එකට එකිනෙකට වෙනස් දත්ත 6 ක් ඇතුලු කර ගත හැක. නමුත් ඔබට දත්ත 10 ක් ඇතුලත් කල යුතු ඇරේ එකක් සැකසීමට අවශ්‍ය නම් ඇරේ එක Dim strFirst(9) As String ලෙස වෙනස් කල යුතුය. මෙසේ ඇරේ එකක් තුල ඇති තනි ඉලමන්ට් එකක් තනි වේරියබල් එකක් ලෙස භාවිතා කල හැක.

ඇරේ එකට දත්ත ඇතුලත් කිරීම.


ඇරේ එකට දත්ත ඇතුළු කරනවිට එය කළ යුත්තේ 'නම(ඉලමන්ට් එක) = දත්තය' යන පොදු ආකෘතිය අනුවටය. එය නිදසුනක් ලෙස මෙසේය.

        ex : intSecond(1) = 12

 මෙහිදී intSecond නම් ඇරේ එකෙහි 1 වන ඉලමන්ට් එක වෙත 12 සංඛ්‍යාව ඇතුලත් කර ඇත.
මෙසේ දත්ත ඇතුලත් කරන ආකාරය තේරුම් ගැනීමට පහත වැඩසටහන සකස් කර බලමු.
මේ සදහා නව WPF Apllication ප්‍රොජෙක්ට් එක විවෘත කර එහි වින්ඩෝ එක මතට බට්න් එකක් හා ලේබල් එකක් යොදා ගත යුතුය. දැන් බට්න් එක මත ඩබල් ක්ලික් කර එහි ක්ලික් ඉවෙන්ට් එකට අදාලව පහත කෝඩ් කොටස ලිවිය යුතුය.

        Dim intSoftland(2) As Integer
        intSoftland(0) = 10
        intSoftland(1) = 20
        intSoftland(2) = 30
        Label1.Content = intSoftland(0) + intSoftland(1) + intSoftland(2)

මෙහි පළමු පේලියේදී intSoftland යන නමින් ඉලමන්ට් 3 කින් යුත් ඇරේ එකක් සකස් කර ඇත. 2,3 හා 4 පේලිවලට පිලිවලින් ඇරේ එකෙහි වූ 0,1 හා 2 යන ඉලමන්ට් වලට 10, 20 හා 30 යන අගයන් ඇතුලත් කර ඇත. පස්වන පේලිය මගින් ඇරේ එකෙහි ඉල්මන්ට් තුනේ එකතුව ලේබල් එක වෙත යොමු කීරීම සිදු කරයි.
ඉහත ඇරේ එකෙහි ඩේටා ටයිප් Integer වේ එනම් ඉහත ඇරේ එකට ඇතුලත් කල හැක්කේ සංඛ්‍යාත්මක අගයන් පමණි. නමුත් වචන හෝ වෙනත් සංකේත් ඇරේ එක සදහා භාවිතා කරන්නේ නම් ඇරේ එක සදහා යොදා ගත යුත්තේ String ඩේටා ටයිප් එකයි. එවැනි වැඩසටහනක් පහත පරිදි සකස් කර ගත හැක.
මේ සදහා නව WPF Apllicationප්‍රොජෙක්ට් එක විවෘත කර එහි වින්ඩෝ එක මතට බට්න් එකක් හා ලේබල් එකක් යොදා ගත යුතුය. දැන් බට්න් එක මත ඩබල් ක්ලික් කර එහි ක්ලික් ඉවෙන්ට් එකට අදාලව පහත කෝඩ් කොටස ලිවිය යුතුය.

        Dim strFriends(2) As String
        strFriends(0) = "Nimash "
        strFriends(1) = "Rocky "
        strFriends(2) = "Mithun"
        Label1.Content = strFriends(0) & strFriends(1) & strFriends(2)

පළමු පේලියේදී String ඩේටා ටයිප් එක යොදාගෙන ඉලමන්ට් 3 කින් යුතු ඇරේ එකක් සදා ගත හැක. 2,3 හා 4 පේලිවලට පිලිවලින් ඇරේ එකෙහි වූ 0,1 හා 2 යන ඉලමන්ට් වලට Nimash, Rocky හා Mithun යන අගයන් ඇතුලත් කර ඇත. පස්වන පේලිය මගින් ඇරේ එකෙහි ඉල්මන්ට් තුනේ වචන තනි පේලියක් සේ ලේබල් එක වෙත යොමු කීරීම සිදු කරයි. මෙහිදී + ලකුණ වෙනුවට & ලකුණ යොදාගෙන ඇත්තේ සංඛ්‍යත්මකව එකතු කිරීමක් මෙහිදී සිදු නොවන නිසාය.

මෙවර පාඩමට අදාල විෂුවල් බේසික් ප්‍රොජෙක්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.

පසුගිය පාඩම් මාලාවන් :
පළමු පාඩම     : http://softwarelanthaya.blogspot.com/2014/08/visual-basic-net.html
දෙවන පාඩම   : http://softwarelanthaya.blogspot.com/2014/09/vbnet-2.html
තෙවන පාඩම  : http://softwarelanthaya.blogspot.com/2014/09/vbnet-3.html
සිව්වන පාඩම : http://www.softwarelanthaya.com/2014/10/vbnet-4.html
පස්වන පාඩම : www.softwarelanthaya.com/2015/01/vbnet-5.html