Disney nature විසින් monkey kingdom නමින් ලංකාවේදී රූගත කල චිත්‍රපටයක් එලිදක්වයි.

3:42 PM 2 Comments

ලෝක ප්‍රකට Disney ආයතනය විසින් Monkey kingdom නමින් ශ්‍රී ලංකාවේ වෙසෙන වඳුරන් හා වෙනත් සතුන් පාදක කරගනිමින් චිත්‍රපටයක් නිපදවා තිබෙනවා.එහි එන කතාව කෙටියෙන් මෙසේයි,

මායා නමින් වඳුරු රාජධානියේ වැදිරියක් සිටිනවා.ඇයට නව දරුවෙකු ලැබීමත් සමගම ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.ඇය ඇගේ දරුවා ආරක්ශා කරගැනීමට කටුයුතු කරනවා,ඒ වගේම ඇය පරිසරය පිලිබඳව දැඩි අවදානයෙන් සිටිනවා මෙසේ තම පුතු හා තමන්ගේ වාසස්ථානය ආරක්ශා කරගන්න අයුරු මෙම චිත්‍රපටයෙන් දැක්වෙනවා.

Mark Linfield විසින් මෙය අධ්‍යක්ශනය කොට තිබෙනවා.මෙහි සංගීත අධ්‍යක්ශනය කොට තිබෙන්නේ Harry Gregson-Williams විසින්. මිහිතල දිනය යෙදෙන අප්‍රේල් 17 වනදා මෙය ඇමරිකාවේදී තිරගත වීමට නියමිතයි. අප්‍රේල් 23 වන දින මෙය ශ්‍රී ලංකාවේ හා කොලොම්බියාවේ තිරගත වෙනවා.

චිත්‍රපටයේ පෙරදසුන හා ඡායාරූප පහතින්.





වැඩිදුර තොරතුරු හා ඡායාරූප සඳහා මෙතැන ඔබන්න.

Facebook හා Instagram වෙබ් අඩවි බිඳ වැටේ!

2:53 PM Add Comment

ෆේස්බුක් හා instagram වෙබ් අඩවි ලොව පුරා ඊයේ රාත්‍රී 10ත් 11 ත් අතර කාලය තුල මිනිත්තු 30 ක පමණ බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.ඒත් සමගම http://downrightnow.com/  නැමැති මේ වන විට සක්‍රීයව හා බිඳවැටී ඇති වෙබ් අඩවි ගැන තොරතුරු දැනගත හැකි වෙබ් අඩවියද බිඳ වැටී තිබෙනවා.Lizard Squad නැමැති කණ්ඩායම විසින් එල්ල කරන ලද Ddos ප්‍රහාරයක් නිසා මෙය සිදු වී ඇති බව වෙබ් අඩවි වාර්ථා කරනවා.

Norse  නමින් හදුන්වන අන්තර්ජාල ආරක්ශන සමාගමේ ipviking නැමැති තාක්ශනය ඔස්සේ Ddos attack එල්ලවන ස්ථාන හදුනාගත හැකියි.ඒ සමාගමට අනුව ඊයේ රාත්‍රියේ දී ඇමරිකාව වෙත ඉතා විශාල Ddos ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.මේ නිසාවෙන් ෆේස්බුක් වෙබ් අඩවිය බිඳවැටී තිබෙනවා.


මේ පිලිබඳව ෆේස්බුක් අඩවිය මෙසේ සඳහන් කර තිබුනා.

"Facebook and Instagram experienced a major outage tonight from 22:10 until 23:10 PST. Our engineers identified the cause of the outage and recovered the site quickly. You should now see decreasing error rates while our systems stabilize. We don't expect any other break in service. I'll post another update within 30 mins. Thank you for your patience."

කෙසේවෙතත් මේ වන විට ෆේස්බුක් හා instagram වෙබ් අඩවි නැවත යථා තත්වයට පත් වී තිබෙනවා.

YouTube වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

2:37 PM 8 Comments


ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා.
මම අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා.ඔයාලත් පාවිච්චි කරල බලන්න.

Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension  එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්.

කරන්නෙ මෙහෙමයි, ( මෙහි පිංතූර අපැහැදිලි නම් ඒවා මත ක්ලික් කිරීමෙන් ඒවා විශාල කර බැලිය හැක)
  • මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න.                                                 Chrome    සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින්
  • දැන් ඒක install කරගන්න.
  • සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න.
  • එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න.

  • ඊට පස්සෙ මෙන්න මේ වගේ tap එකකට යයි.

  • මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන  එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එකට ටික් එකක් දාන්න.


එහෙනම් දැන් වැඩේ හරි!! මේ වගේ තවත් ට්‍රික් එකකින් ආයෙත් හමුවෙමු෴

සිම් නැතිව කතා කල හැකි google connections ලඟදීම.

7:19 AM Add Comment

අපේ රටේ නම් Dialog,mobitel,etisalat,Airtel.hutch වගේ දුරකථන සේවා සම්පාදකයින් ගොඩාක් ඉන්නවා.මම හිතනවා අපි හැමෝම මෙන්න මේ වගේ දෙයක් කවදා හරි හිතල ඇති "අපිටත් සිම් එකක් නැතිව කතාකරන්න පුලුවන්නම්" කියල.ඒත් ඒ බලාපොරොත්තුව වැඩි ඈතක නොවෙයි.දැනටමත් ගූගල් ආයතනය ඒ පිලිබඳව ව්‍යාපෘතියක් සිදුකරගෙන යනවා.

Nick Fox කියන ගූගල් සමාගමේ නිලධාරියෙක් තමයි මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙ. ඇමරිකාවේ T-mobile හා Sprint යන දුරකථන සේවා සම්පාදකයින් එක්ක එකතුවෙලා තමයි මේ MVNO mobile virtual network operator) රැහැන් රහිත දුරකථන ජාලය හදන්න යන්නෙ. මෙම ව්‍යාපෘතියේ නම "NOVA" ලෙස හදුන්වලා තිබෙනවා. කෙසේනමුත් මෙම ව්‍යාපෘතිය දැනට T-mobile හා Sprint සම්බන්ධතා ඇති ප්‍රදේශ වලට සීමා වේවි.

ඒ අනුව අපිටත් ලඟදීම සිම් පතක් නැතුව කතා කරන්න පුලුවන් යුගයක් ඒවි෴

මේ වීඩියෝ එකත් බලන්න.


දිනකට කොකා කෝලා 10 බැගින් දින 30ක් කොකා කෝලා පානය කල පුද්ගලයෙකුට අවසානයේ ලැබුන ප්‍රතිඵලය!

3:06 PM 8 Comments

සාමාන්‍යයෙන් අපි සෑම දෙනාම වාගෙ සිසිල් බීම පානය කරනවා.ඒ අතරින් කොකා කෝලා වලට හිමිවන්නේ විශේෂ තැනක්.එහෙත් කොකා කෝලා කියන්නෙ නම් අපේ කොහෙත්ම හොඳ දෙයක් නම් නොවෙයි.මෙම පුද්ගලයා සිදු කල පරීක්ශණය අවසානයේ ඔහුට ලැබුන ප්‍රතිඵල වලින් ඔබට ඒ බව අවබෝධ වේවි.

Prior කියන මේ පුද්ගලයා මෙසේ කොකා කෝලා පානය කරන්නෙ පරීක්ශණයක් සිදු කිරීම සඳහායි.
ඔහු මෙසේ දිනකට 10 බැගින් කෝක් පානය කරන අතරම තමන්ගේ දෛනික ආහාරවේල හා ව්‍යායාම එලෙසම සිදුකලා.ඔහු මේ පරීක්ෂණ ආරම්භ කරන විට ඔහුගේ බර රාත්තල් 168ක් වුනා.


ඒත් සතියක් යන විට ඔහුගේ බර ඉහල යන්නට වුණා





ඔහු දත් වලට කොකා කෝලා වලින් කරන බලපෑම ගැනද සොයා බැලුවා.ඔහු දතක් කොකා කෝලා වල ගිල්වා දින 41ක් තැබුවා.දින 41ක් අවසානයේ ඔහුගේ දත් වලට සිදුවූ දෙයයි මේ.ඉදිකටුවකින් හිල් කල හැකි තරම් දත් දුබල වුනා.මේ දත්වල රැදුනු කහට කෙසේවත් ඉවත් කල නොහැකි වුනා.


Prior මේ පරීක්ෂණයට පෙර හා පසු 


අවසානයේදී ඔහුගේ බර රාත්තල් 190 දක්වාම වැඩි වුනා.ඒ වගේම ඔහු මේ පානයන්ට ඇබ්බැහි වුණා.


Prior විශ්වාස කරනවා තමන් කල මේ පරීක්ෂණයෙන් වත් මිනිස්සු මේ සීනි හා රසායනද්‍රව්‍ය අධික පානයන්ගෙන වැලකී සිටීවි කියා෴


                                                                                  -අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු ඇසුරිනි.

තවත් මෙවැනිම ලිපියකින් හමුවෙමු! ඔබේ අදහස් පහලින් පල කරන්න පුලුවන්.

Facebook Lite ඔස්සේ android දුරකථන සඳහා වඩාත් පහසු facebook අත්දැකීමක්.

8:08 AM 3 Comments

අපි බොහෝ දෙනෙක් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලින් facebook යන්න පාවිච්චි කලේ ඇන්ඩ්‍රොයිඩ් සඳහා එන Facebook app එක.ඒත් ඒ ඇප් එකෙ ගැටලු කිහිපයක්ම තිබුනා.ඒවගෙන් කිහිපයක් විදිහට අධිකව බැටරිය වැය වීම, අධිකව ඩේටා වැය වීම,සිංහල නොමැති දුරකථන වලදී නිසි ලෙස සි‍හල අකුරු නොපෙනීම වගේ ප්‍රශ්න.මේ නිසාම සමහර පිරිස් facebook යන්න Opera mini,UC browser වගේ බ්‍රව්සර් පාවිච්චි කලා නමුත් දැන් අපිට එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ .මොකද Facebook Lite කියන ඇප් එක Facebook විසින් හඳුන්වාදී තිබෙන නිසා.

screen shot

Facebook Lite වලදී ඉහත මම කියපු සෑම ගැටලුවක්ම වාගේ දකින්න ලැබෙන්නෙ නැහැ.ඩේටා පරිභෝජනයත් ගොඩාක් අඩුයි,ඒ වගේම බැට්‍රිය වැය වීමත් අඩුයි,සිංහල නැති ෆෝන් වල පවා කිසිම ගැටලුවක් නැතිවම සිංහල පෙනෙනවා.එහෙනම් පහල බොත්තම ඔබා Facebook Lite Download කරගන්න.
Facebook Lite(Google play store)

තවත් ලිපියකින් හමුවෙමු෴


whatsapp දැන් ඔබේ පරිගණකයේ!

5:34 PM Add Comment
අපි බොහෝ දෙනෙක් භාවිතා කරන ඇප් එකක් විදිහට whatsapp හදුන්වලා දෙන්න පුලුවන්. ඒත් අපිට අපේ ස්මාර්ට් දුරකථනයෙන් විතරයි whatsapp භාවිතා කරන්න පුලුවන් වුනේ.ඒත් දැන් අපිට අපේ පරිගණකයෙනුත් whatsapp භාවිතා කරන්න පුලුවන්! මෙන්න මෙහෙමයි කරන්න ඕනෙ.


  • මුලින්ම ෆෝන් එකෙන් whatsapp open කරගන්න.
  • ඒකෙ options හරහා whatsapp web යන්න.

  • එතකොට මෙහෙම එයි.


  • දැන් ෆෝන් එක පැත්තකින් තියලා computer එකෙන් web.whatsapp.com යන්න.
  • එතකොට මෙන්න මෙහෙම එයි.

  • දැන් ෆෝන් එකේ WHATSAPP එකෙන් මේ QR code එක scan කරන්න.
  • එහෙනම් වැඩේ හරි දැන් ඔයාලට ෆෝන් එකෙන් වගේම computer එකෙනුත් whatsapp යන්න පුලුවන්.හැබැයි මේකෙදී ඔයාගෙ ෆෝන් එකේ whatsapp on කරලා තිබීම අනිවාර්යයයි.
නැවතත් මෙවැනිම ලිපියකින් හමුවෙමු෴


Windows 10 පරිගණක ක්‍රීඩා කරුවන්ට කෙසේ වේවිද?

Windows 10 පරිගණක ක්‍රීඩා කරුවන්ට කෙසේ වේවිද?

Unknown 4:56 PM 1 Comment



අප තවමත් බොහෝ අවස්ථාවන්හි මෙහෙයුම් මෘදුකාංගයක් පරිගණකයට යොමු කරන විට පරිගණක ක්‍රීඩා පිලිබඳ බොහෝ සැලකිලිමත් වෙනවා යන්න මා කිව යුතු කරුණක් නොවේ, ඔබ දැනටමත් අනිවාර්යයෙන් දන්නවා ඇති මෙම වර්ෂයේ ඉදිරි මාස කීපය ඇතුලත Microsoft Windows හී නවතම සංස්කරණය වන windows 10 වෙළෙඳ පොලට දැක්වීමට නියමිත බව,

නමුත් මෙම සංස්කරණය පරිගණක ක්‍රීඩා සඳහා කෙසේ සහය දක්වයිද යන්න තවමත් ගැටලුවකි, නමුත් අපට හමුවූ  සුභ ආරංචියක් තමා මෙම සංස්කරණය Direct X 12 යන direct x සංස්කරණය සමග එලි දැක්වීමට සුදානම් බව. එසේ 
උවහොත් නිසැකවම අපට කිසිදු 
සැකයකින් තොරව Windows 10 
පාවිච්චි කල හැකි බව තහවුරු වේ.. 
Windows 10 පිලිබඳ තවත් තොරතුරු 
දැන ගැනීමට අප සමග දිගටම රැඳී සිටින්න...


තවත් මෙවැනි ලිපියකින් හමු වෙමු..

ජලය ගැන ඔබ නොදත් කරුණු රැසක්.

1:07 PM 2 Comments
  1. වැඩුනු මිනිසෙකුගේ ශරීර ස්කන්ධයෙන් දළ වශයෙන් 70% ක් පමණ ජලය වේ.
  2. උපතේදී බිලිඳෙකුගේ ශරීර ස්කන්ධයෙන් 80%ක් පමණ ජලය අඩ්ංගු වේ.
  3. සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුට දිනකට ජලය ගැලුම් 3ක් (කෝප්ප 48) පමණ පානය කල හැක.
  4. ජලය බොහෝ ප්‍රමාණයක් එකවර පානය කිරීමෙන් මත්ගතිය ඉක්මනින්ම නැති කල හැකිය.
  5. සාමාන්‍යයෙන් ජලය අඬු කෝප්ප 8ක් පමණ දිනකට පානය කල යුතුය.
  6. පෘථීවියේ පිටතින් ඇති ජල තලයට වඩා වැඩි ප්‍රමාණයක් ජලය පෘථිවි අභ්‍යන්තරයේ ඇත.
  7. පෘථිවියෙන් 75% ක් පමණ ජලයෙන් වැසී ඇත.
  8. පෘථීවියේ  ඇති ජලයේ පරිමාව කියුබික් සැතැප්ම මිලියන 326 ක් පමණ වේ.
  9. ජලය හා සම්බන්ධ ලෙඩ රෝග වලින් වසරකට ලොකයේ මිලියන 3.4ක පමණ පිරිසක් මිය යයි.
  10. සාමාන්‍ය වශයෙන් ආසියාවේ හා අප්‍රිකාවේ සමහර මිනිසුන් වතුර ලබාගැනීම සඳහා කිලෝමීටර 6ක් පමණ ඇවිදිති.
  11. ලොව පුරා ඇති වැසිකිලි සාමාන්‍යයෙන් ලීටර 5ක් පමණ ජලය එක් flush කිරීමකට භාවිතා කරයි :D
  12. ඔබගේ අස්ථි වල 31%ක් ජලය ඇත.
  13. පෘථිවියේ ඇති ජලයෙන් බීමට ගත හැක්කේ 1% ක් පමණි.
  14. සීතල ජලයට වඩා උණුසුම් ජලය බරින් වැඩි වේ.
  15. පිරිසිදු බීමට ගත හැකි ජලයෙන් 90% ක් ම ඇත්තේ ඇන්ටාක්ටිකාවේය.
  16. ලෝකයේ නිවසේදී භාවිතයට ගන්නා ජලයෙන් 2/3 ක්ම භාවිතයට ගන්නේ නාන කාමරයේදීය.
  17. ජල ගෝලය පෘථිවියේ ස්කන්ධයෙන් 0.07% ක් පමණක් වේ.
  18. ලෝකයේ ඇති නොමිදුනු නැවුම් පානීය ජලයෙන් 20% ක් ම අඩංගු වන්නේ රුසියාවේ බයිකල් විලේය.
  19. පානීය ජල බෝතල් වල ඇති කල් ඉකුත් වීමේ දිනය අදාල වන්නේ එහි ඇති ජලයට නොව බෝතලය සඳහාය.
  20. බිල් ගේට්ස්(මයික්‍රොසොෆ්ට් හි නිර්මාතෲ) අප ජලය පානීය ජලය බවට පත් කරනා වැඩසටහනකට අනුග්‍රහය දක්වයි. 
ඔබේ මිතුරන්ටත් මෙය බලන්න share කරන්න෴

අහස නිල් පාට ඇයි? why is the sky blue?

2:13 PM 4 Comments

"අපි හැමෝම හැමදාම දකින් නිල් වන් අහස! ඒත් ඇයි අහස නිල පාට විතරක්! රතුපාට,කොළ පාට,කහ පාට වෙන්න තිබුනනෙ." ඔන්න ඔය වගේ ප්‍රශ්ණ කාට කාටත් ඇවිල්ලා ඇති.ඉතින් මම අද කියන්න යන්නෙ අපට පෙනෙන මේ අහස නිල් පාට ඇයි කියල.

අපි හැමෝම දන්නවා සූර්‍ය ආලෝකය වර්ණ හතකට බෙදෙනවා ඒ රතු,තැඹිලි,කහ,කොළ,නිල්,ඉන්ඩිගෝ,දම් වශයෙන්.අපි පොඩි කාලෙනම් ඕක මතක තියාගත්තෙ රන් තැඹිලි කඩන කොල්ලෝ නිල් ඉබ්බන් දකී කියන කවියෙ.මෙන්න මේ ආලෝකයේ වර්ණ ආශ්‍රයෙන් තමයි අපිට අහස නිල් පාටට පෙනෙන්නේ.


වායුගෝලයෙ නයිට්‍රජන්, ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ් වගේ වායුන් රැසකින් හැදිලා තියෙන්නෙ.මෙන්න මේ වායු එකතුවෙලා ස්ථර වශයෙන් වායුගෝලයේ තිබෙනවා.අන්න ඒ වායු ස්ථර අතරින් ආලෝකය ගමන් කරනකොට ආලෝකය වර්තනයකට ලක්වෙනවා (වර්තනය කියන්නේ එක් පාරදෘශ්‍ය මාධ්‍යක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යක් දක්වා ආලෝක කිරණ ගමන් කරන විට එම කිරණ නැමී ගමන් කිරීම.) මෙසේ ආලෝකයේ ඇති වර්ණ වර්තනයට ලක්වෙලා අපේ ඇසට වැඩිපුර පැමිනෙන්නේ ආලෝකයේ වර්ණ අතරින් නිල් පැහැය විතරයි. අන්න ඒ නිසයි අපට අහස නිල් පාටට පේන්නේ.


ඉර බැහැගෙන යනකොට පෘථිවිය හා ඉර අතර කෝණය වෙනස් වෙන නිසා අපේ ඇහැට රතු,කහ වගේ වර්ණයන් පැමිනෙනවා ඒ නිසා අපිට ඉර බැහැගෙන යනකොට අහස රතු පාටට දකින්න පුලුවන්!

ඉතින් සොෆ්ට්වෙයාලන්තයෙන් පරිගණක දැනුමට අමතරව මේ වගේ විද්‍යාත්මක කරුණුත් අප ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.මේ ලිපියේ යම් වැරැද්දක් තියනවනම් අපට ඒක පෙන්වලා දෙන්න කාරුණික වෙන්න.එසේනම් යලිත් හමුවෙමු‍‍෴

Grand Theft Auto V

Unknown 12:04 PM 2 Comments
Official Website
මේ නමින් හෝ GTA කියල හරි කියපුවම දන්නේ නැති පොඩි එකෙක් උනත් නැති තරම් කියල හැමෝම දන්නවනේ ඉතින්, බොහෝ කාලෙකට පස්සේ තමා මේ පෝස්ට් එකක් publish කරන්නේ, නොයෙක් කටයුතු නිසාවෙන් කාර්යබහුල උන  නිසා පෝස්ට් එකක් වත් දා ගන්න බැරි උන එකට පලමුවෙන්ම sorry කියනවා... :D

හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමා 'මේක PC එන්නේ නැද්ද එහෙමත් නැතිනම් කවදද PC සංස්කරණය නිකුත් වන්නේ යන්නයි', මොකද අපේ PC කට්ටිය කෙල හල හල බලා හිටියත් ඉස්සෙල්ලම ගේම ආවේ Consoles (X360 , PS3 , XO , PS4 , WII etc..) වලට නමුත් Console වලිනුත් 1st එකේම ආවේ x box 360 සහ ps3 යන දෙවර්ගයටයි, ඒ 2013 සැප්තැම්බර් 27 වෙනිදා, නමුත් x box one සහ ps4 යන නවතම consoles දෙක කලඑළි දැක්වීමට සුදානම් ව තිබියදීම මොවුන් පැරණි සංස්කරණ දෙකකට මෙය එලි දැක් උවේ ඇයි යන්න සියලු දෙනාටම මහත් ගැටලුවකි..! නමුත් පරිගණක ක්‍රීඩා ලොවම කලබමින් මෙම ක්‍රීඩාව උණු උණුවේ ලෝක වාර්තා තබමින් අලෙවිය සිදු උනා, 'සත්‍ය වශයෙන්ම මෙය තැනේ හැටියට කොක්ක ගැසීමකි..' මන්ද Rockstar ආයතනයට වෙනත් ආයතනයක වෙළෙදාම මත තම පරිගණක ක්‍රීඩාවේ රදා පැවතීම තබා ගැනීමට අවශ්‍ය නොවීමයි.

කෙසේ වෙතත් 2014 නොවැම්බර් 18 දින X Box ONE සහ Playstation 4 යන console දෙක සඳහා මෙය එලි දැක් උනා, සහ එමෙන්ම Rockstar පවසා සිටියේ GTA V PC සංස්කරණය 2015 ජනවාරි 27 ලබා දෙන බව නමුත් අවාසනාවකට මෙන් ක්‍රීඩාවේ තුල ඇති Bugs කිහිපයක් හේතුවෙන් ක්‍රීඩාව නැවත පරීක්ෂණය සිදු කල යුතු හේතුවෙන් PC සංස්කරණය 2015 මාර්තු 24 දක්වා කල් ගිය බව ඔවුන් නිල දැනුම් දීමකින් පවසා සිටියේය..., මෙවැනි සිදුවීමක් Watch Dogs ක්‍රීඩාවේ දීත් සිදු වූ නමුත් Ubisoft ආයතනය එම ගැටලුව නිරාකරණය කොට ගත්තා, බලමුකෝ එහෙනම් Rockstar මොකෝ කරන්නේ කියල... ;)


GTA V 20min PC Gameplay....

PC Requirements ටික ඉතින් Google එකෙන් වත් බලා ගන්න, මේ වගේම තව අලුත් පෝස්ට් එකකින් ආයෙත් සෙට් වෙමු..., දිගටම අපිත් සමග රැදී සිටින්න.. ගූඩ් ලක් , Happy Gaming.. :D


ආයෙත් ms dos games ගහමු!

4:26 PM Add Comment

අපි කවුරුත් ඉස්සර ආසාවෙන් ගහපු ms dos games මතකයි නේද? දැන්නම් ඒ ගේම්ස් හොයාගන්නත් අමාරුයි,මම විශ්වාස කරනවා ඔයාලත් ඒ අතීතයේ ගහපු dos games නැවතත් ක්‍රීඩා කරන්න කැමති වෙයි කියලා.මේ වෙබ් අඩවියේ dos games දහස් ගණනක් තියෙනවා.අපිට ආයෙත් අලුතින් ඩවුන්ලෝඩ් කරලා ක්‍රීඩා කරන්න අවශ්‍යය වෙන්නේ නෑ,අපිට පුලුවන් මේ ගේම්ස් ඔක්කොම online ගහන්න.

එහෙනම් මෙතන ක්ලික් කරලා ගිහින් ඉස්සර වගේ ටිකක් විනෝද වෙන්න :D

Youtube ලඟදීම අංශක 360 විඩීයෝ සඳහා සහය දෙන ලකුණු.

4:08 PM Add Comment
ඉදිරි සති කිහිපය තුළදී ලෝකප්‍රසිද්ධ youtube අඩවිය අංශක 360 විඩියෝ පට සඳහා සහය දක්වන බව gizmodo නම් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.ඔවුන් එහි මෙලෙසින් සඳහන් කොට තිබෙනවා
Look out, YouTube fans. Soon, you’ll be able to immerse yourself in videos that go all the way around. Google has just confirmed to Gizmodo that it will be adding native support for 360-degree videos to its streaming video service,
එමෙන්ම ගූගල් ආයතනයේ ප්‍රකාශ්කයෙකුද ඒ බව සනාථ කොට තිබෙනවා.නමුත් එම සහය දීමට නියමිත් දිනය පිලිබඳව නම් තවම සඳහනක් නැහැ.ඔබටත් අංශක 360 වීඩියෝ පටයක් සෑදීමට අවශ්‍යනම් ඔබට සිදුවෙනවා  Ricoh Theta, Kodak SP360, Giroptic 360cam, VSN V.360, Bublcam  වගේ කැමරා ඒකට භාවිතා කරන්න.

අංශක 360 විඩීයෝ පට පිලිබඳව වැඩිදුර තොරතුරු පහත වීඩියෝව තුලින්..


අංශක 360 විඩීයෝ පට මෙතනින්.

එසේනම් නැවතත් හමුවෙමු ඔබට සුභ දවසක්!

ලොව විශාලතම ගෘහස්ථ වෙරළ තීරය.

11:22 AM 3 Comments

ඔබ පුදුමයටත් කුතුහලයටත් පත්වෙන්න ඇති "ගෘහස්ථ වෙරළ " කියා ඇහුවාම.නමුත් ඒක ඇත්තක්.මෙම ගෘහස්ථ වෙරළ තීරය අපිට ලොව විශාලතම ගෘහස්ථ පිහිනුම් තටාකය කියලත් හදුන්වන්න පුලුවන්.

                      ජර්මනියේ "Krausnick" කියන පලාතේ පිහිටි මෙය ගෘහස්ථ වෙරළ තීරයක් සෑදීම ස්දහාම ඉදි වූවක් නොවෙයි.මෙය අතීතයේ භාවිතයට ගෙන තිබෙන්නෙ ගුවන් යානා අංගනයක් වශයෙන්.නමුත් පසු කලෙක එය අතහැර දමා තිබෙනවා.මෙය දුටු මැලේසියානු සමාගමක් තමයි මෙහි මේ මෙරළ තීරය ගොඩනගා තිබෙන්නෙ.
                      මෙය කොපමණ විශාලයිද කියතොත් මෙය විශාල පාපන්දු පිටි 8 කට සමාන
වෙනවා.වෙරළක් විතරක් නොවෙයි මෙහි ගස් 50000 ක් පමණ ඇති වනාන්තරයකුත් තිබෙනවා.ඒ වගේම මෙහි ඇතුලත වායු බැලුන් වලින් පවා ගමන් කිරීමට පහසුකම් ඇති බව පුදුමයට කරුණක්.
                      එකවර 6000 ක පමණ පිරිසකට මෙහි ඉන්න පුලුවන්.මෙහි ඇති තවත් විශෙශාංග කිහිපයක් පහතින් බලාගන්න පුලුවන්.

ඇතුළත පරිසරය..

ගිමන් හරිමින්..


විවේක සුවයෙන්..


වනාන්තරය..


ආපන ශාලා..


Night club..


පොඩ්ඩන්ට..


පුළුල් දර්ශනය..




කුරුළු ඇසින්..


පිටත පෙනුම..


නැවතත් මෙවැනිම ලිපියකින් හමුවෙමු෴