ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල secret codes ටිකක්.

1:12 PM
අනිවාරෙන්ම කියවන්න

මේ දවස් වල ඉස්කෝලෙත් නිවාඩුනේ :D ඔන්න ඔය නිවාඩුවෙ ඉන්න ටිකෙ මමත් මගෙ  පෝං එක ගැන අධ්‍යනය කොරල බැලුවා.තව පොඩ්ඩෙන් කෙල වෙලාම යනව දන්නෙ නැති වැඩ කොරන්ඩ ගිහිල්ල ! අන්න ඒක නිසා තමයි මම මේ මහපලවෙනියෙන්ම කියන්නෙ මම පහලින් දීලා තියන කෝඩ්ස් අත්හදා බලන්න යනවනම් පොඩ්ඩක් ෆෝන් එක එහෙම අතපත ගාන,පෝං එකේ එක එක එව්වා අත්හදාබලන්න කැමති අය විතරක් ඕක කරන්න.නැත්නම් ඉතින් කට්ටිය මට බනී ෆෝන් එකේ අරව ඩිලීට් වුනා මෙව්වා ඩිලීට් වුනා කියල.තවත් එකක් කියන්න තියන මේවා වැඩ ඇන්ඩ්‍රොඉඩ් ෆෝන් වලට විතරයි එහෙම කියල හැම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකටම වැඩ නොකරන පුලුවන් හරිය.

ඔන්න ඉතින් warning එකක් දීලම වැඩේ පටාන් ගම්මුකෝ _/\_ _/\_

මේ කෝඩ් සාමාන්‍ය විදිහටම කෝල් එකක් ගන්න විදියටම ටයිප් කරන්න.
  • *#*#4636#*#*-මේ කෝඩ් එකෙන් අපිට අපේ ෆෝන් එකේ බැට්‍රිය හා ෆෝන් එක ගැන ගැන වටින තොරතුරු ටිකක් ගන්න පුලුවන්.මෙන්න මේ තොරතුරු තමයි ගන්න පුලුවන්.බැට්‍රිය ගැන තොරතුරු,ෆෝන් එක ගැන තොරතුරු,Wifi information,Usage statistics,Battery history
  • *#*#7780#*#* - factory data reset කරගන්න මේ කෝඩ් එකෙන් පුලුවන්,හැබැයි එතකොට මෙන්න මේවා ඩිලීට් වෙනවා ,#Google account settings,System and application data and settings,Downloaded applications හැබැයි මෙන්න මෙව්වනම් මේකෙන් ඩිලීට් වෙන්නෙ නෑ,#Current system software and bundled applications,sd card එකේ තියන එවා මෙව්වා.
  • *2767*3855# - මේක ට්‍රයි කරන එකනම් එච්චර ඇඟට ගුණ නෑ මොකද මේකෙන් factory format වෙනවා! එතකොට ඉතින් කාලා හමාරයි ඔක්කොම ඩිලීට් වෙලා යනවා ආයෙ ඉතින් firmware ගහන්න වෙනවා. මේ කෝඩ් එක ගහල ඉක්මනට බැට්‍රිය ගැලෙව්වනම් හරි :)
  • *#*#34971539#*#*-ඔයාගෙ ෆෝන් එකේ කැමරාව ගැන තොරතුරු මේකෙන් ගන්න පුලුවන්.හැබැයි මේකෙ option එකක් විදිහට තියන Update camera firmware in image කියන option එකනම් විහිලුවටවත් ඔබන්න එපා. එතකොට කැමරාව වැඩ නැතුව යනව !
  • *#*#7594#*#* -අපි සාමාන්‍යයෙන් power බට්න් එක ඔබාගෙන හිටියම options 4ක් එනවනෙ restart, Airplane mode ,Power off ,Data network mode කියල. මේ කෝඩ් එකෙන් අපිට පුලුවන් පවර් බට්න් එක එබුවාම ඒකෙන් එක දෙයක් විතරක් වෙන විදිහට හදාගන්න.
  • *#*#273283*255*663282*#*#*-මේ කෝඩ් එක ගහපුවාම File copy screen එකක් එනව.ඒකෙන් අපිට media filese (images,videos,mp3) backup කරගන්න පුලුවන්.
  • *#*#197328640#*#* - මේ කෝඩ් එක ගහපුවාම service mode එකට යන්න පුලුවන් නිකන් තියෙද්දිට වඩා settings එහෙම අපිට මේකෙදි හදන්න පුලුවන්.

WLAN, GPS and Bluetooth Test Codes:  

  • *#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* -WLAN test 
  • *#*#232338#*#*-wifi වල mac address එක පෙන්නනවා.
  • *#*#1472365#*#*-GPS test
  • *#*#1575#*#* - Another GPS test
  • *#*#232331#*#* - Bluetooth test
  • *#*#232337#*# -blue tooth device address එක පෙන්නනවා.

Firmware version ගැන තොරතුරු ගන්න කෝඩ්ස්:

  • *#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate
  • *#*#1234#*#* - PDA and Phone
  • *#*#1111#*#* - FTA SW Version
  • *#*#2222#*#* - FTA HW Version
  • *#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number

එක එක Factory Tests අත්හදා බලන්න කෝඩ්ස්:

  • *#*#0283#*#* - Packet Loopback
  • *#*#0*#*#* - LCD test
  • *#*#0673#*#* OR *#*#0289#*#* - Melody test
  • *#*#0842#*#* - Device test (Vibration test and BackLight test)
  • *#*#2663#*#* - Touch screen version
  • *#*#2664#*#* - Touch screen test
  • *#*#0588#*#* - Proximity sensor test
  • *#*#3264#*#* - RAM version
ඔයාලත් මේවා ට්‍රයි කරල බලන්නකො මමත් මේවා ට්‍රයි කරා සමහරක් ඒවා එක එක ෆෝන් අනුව වැඩ නෑ ට්‍රයි කරල ඔයාගෙ අදහසුත් කියන්නකො අපිට :D
                                                                                            -අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු ඇසුරිනි

Share this

Related Posts

Previous
Next Post »

1 comments:

Write comments

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon