අමතර සොෆ්ට්වෙයා නැතුව හාඩ් ඩිස්ක් පාටිෂන් කරමුද !

12:38 PM

අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ වෙනත් කිසිම සොෆ්ට්වෙයා එකක සහාය නැතුව වින්ඩොස් වලින්ම හාඩ් ඩිස්ක් පාටිෂන් කරන හැටි. මම ඒ ක ඔයාලට සරල පියවරවල් කිහිපයකින් කියලා දෙන්නම්.

1. මුලින්ම Computer අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා ලැබෙන් මෙනූ එකෙන් Manage යන්න තොරා ගන්න ඕනේ. ඊට පස්සේ ඕපන් වෙන්නේ Computer Management වින්ඩෝ එක.

2. Computer Management වින්ඩෝ එකේ දකුණු පැත්තෙ තියෙනවා Computer Management කියලා කැටගරි එකක්, ඒක යටතේ තියෙනවා Storage කියලා කැටගරි එකක්. Storage කැටගරි එක දිගහැරියම ඔයාලට දැකගන්න පුලුවන්. එතන Disk Management කියලා ඔප්ෂන් එකක් තියෙනවා. Disk Management මත ක්ලික් කරහම ඔයාලට Computer Management වින්ඩෝ එක මැදින් දැකගන්න පුලුවන් ඔයාලගේ පරිගණකයේ තියෙන හාඩ් ඩිස්ක්, පෙන් ඩ්‍රයිව් හා CD/DVD රොම් ටික.



දැන ඔයාට පහලින් දැක ගන්න පුලුවන් ඔයාගේ පරිගණකයට සම්බන්ධ කරලා තියෙන් හඩ් ඩිස්ක් ඩ්‍රයිව් හා ඒවායේ පාටිෂන් ටික. දැන ඔයාට දෙකඩ කරන්න ඕනේ පාටිෂන් එක ‍තෝරා ගෙන  ඒ මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනූ එකෙන් Shrink Vloume යන්න ‍තෝරදිය යුතුය. එවිට ‍තෝරා ගත් පාටිෂන් එක Shrink කිරීමට අදාල වින්ඩෝ එක විවෘත වේවි. එහි විස්තර පහත පරිදි වේ.



i. දෙකඩ කිරීමට බලා පොරොත්තුව වන පාටිෂන් එකෙහි ධාරිතාව.

ii. දෙකඩ කිරීමට බලා පොරොත්තුව වන පාටිෂන් එක දෙකඩ කිරීම සදහා යෙදවිය හැකි උපරිම ධාරිතාව.

iii. දෙකඩ කර ලබා ගන්නා නව පටිෂන් එකෙහි ධාරිතාව මෙහි ඇතුලත් කල යුතුය.

iv. පාටිෂන් එක දෙකඩ කෙරූ පසුව පෙර පැවති පාටිෂන් එකෙහි ඉතුරු වන ධාරිතාව.

නව පාටිෂන් එකෙහි ධාරිතාව මෙහි ඇතුලත් කර පසු Shrink බොත්තම එබිය යුතුය. එවිට නව පාටිෂන් එකක් සැකසේ. දැන් ඔබ සාදාගත් නව පාට්ෂන් එකෙහි ධාරිතාවෙන් පාටිෂන් එකක් පහත පරිදි (Unallocated Drive ලෙස) පෙන්වයි. නමුත් එය තවම භාවිතා කිරීමට නොහැක. ඒ සදහා තවත් වැඩ කොටසක් කල යුතුය.



4. දැන් එම ලැබුනු නව පාටිෂන් එක මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනූ එකෙන් New Simple Volume යන්න ‍තෝරා ගත යුතුය. දැන් විවෘත වෙන්නේ New Simple Volume wizard එකයි. මෙහි ඉදිරි පියවර වෙත යොමුවීම සදහා Next බොත්තම එබිය යුතුය.

i. මීලග පියවරේදී නව පාටිෂන් එකෙහි ධාරිතාව ඇතුලත් කර ඉදිරි පියවර වෙත යොමුවීම සදහා Next බොත්තම එබිය යුතුය.

ii. මින් පසුව එලබෙන්නේ පාටිෂන් එක සදහා ඩ්‍රයිව් ලෙටර් එකක් ‍තෝරා දියයුතු පිවරයි. මෙහිදී ඩ්‍රයිව් ලෙටර් එකක් තොරා දුන් පසු ඉදිරි පියවර වෙත යොමුවීම සදහා Next බොත්තම එබිය යුතුය.

iii. ඉදිරි පියවරේදී Volume Label යන්න පමණක් වෙනස් කොට අන් සැකසුම් එලෙසම තිබියදී ඉදිරි පියවර වෙත යොමුවීම සදහා Next බොත්තම එබිය යුතුය.

iv. පසුව අවසාන පියවරේදී Finish යන්න එබිය යුතුය. දැන් නව පාටිෂන් එක සකස් වන අත මේ සදහා මද වේලාවක් ගතවේ. ඉන් පසුව ඔබට නව පාටිෂන් එක භාවිතා කලහැක.

Share this

Related Posts

Previous
Next Post »

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon