යාලුවන්ව පොඩ්ඩක් අන්දමුද? :D

යාලුවන්ව පොඩ්ඩක් අන්දමුද? :D

10:11 AM 4 Comments

අද අපි පොඩි ෆන් වැඩක් කරන්න යnන්නෙ :D යාලුවන්ව පොඩ්ඩක් අන්දන්න කැමතිද?කැමති ඇතිනෙ!හ්ම්ම් එහෙනම් අපි වැඩේට බහිමු.මේක නිකං කෘතීම බුද්ධියක් වගේ එකක්.අහන අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා.උත්තර දෙනව කිව්වට අපි උත්තරෙත් දීලම තමයි ප්‍රශ්නෙ අහන්න.ඔහොම කිව්වට තේරෙන්නෙ නැතුව ඇති! අපිවැඩේ කරල බලමුකො එතකොට තේරෙයි.

මුලින්ම මෙන්න මේ සයිට් එකට යන්න> http://www.peteranswers.com
එතකොට මෙන්න මේ වගේ එකක් එනව.

ඕකෙ petition කියල තියන තැනට අපි ඉල්ලීමක් කරන්න ඕනෙ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියල හරියට මෙන්න මේ වගේ"Peter, please answer the following question" බයවෙන්න එපා මේක අපි ගහන්න ඕනෙ නෑ කරන්න තියන්නෙ මෙච්චරයි මුලින්ම keyboard එකේ ඩොට් එක (.) ඔබන්න,ඊට පස්සෙ  නිකන් ඒක ටයිප් කරනව වගේ මොනව හරි අකුරු ටිකක් ඔබන්න ඒක autoම එතකොට ටයිප් වෙනව.ඒකේ "Peter, please answer the following question" කියලා ටයිප් වෙලා ඉවරවුනහම ඔයාගෙ යාලුවා අහන ප්‍රශ්නෙට උත්තරෙත් එතනම ටයිප් කරන්න. අපි ඒක ටයිප් කලාට ඒක පෙනෙන්නෙ නෑ.

ඊට පස්සෙ question එක අහන්න,අහලා ok කලාම ලස්සනට අපි අර කලින් දීපු උත්තරේ එයි!! :D කොහොමද ඈ වඩේ?

windows xp වලට auto log වෙමුද?

7:37 AM Add Comment

ඔන්න අදත් ආවා පොඩි ට්‍රික් එකක් අරගෙන!! තාමත් ඉතින් ගොඩ දෙනෙක් windows xp භාවිතා කරනවනෙ අන්න ඒ කස්ටියට තමයි අද මම මේ ට්‍රික් එක අරගෙන ආවෙ!කවුරුත් දන්නවනෙ ඉතින් අපි winxp වලට ලොග් වෙනකොට welcome screen එක එනව කියල,පාස්වර්ඩ් එකක දාලා තිබ්බත් නැතත් ඒක එනවනෙ!සමහර වෙලාවට ඒක හරි කරදරයක් නේද? කැමතිද ඕක අයින් කරල දාන්න ඈ.එහෙමනම් ඕක අයින්ම කරල දාමු.හැබැයි ඉතින් පාස්වර්ඩ් එහෙම දාලා තමන්ගෙ කොම්පීතරේ ආරක්ශාව සපයගන්න අයට මේක කරන්න බෑ,කරන්න බැහැයි කිව්වෙ කරන්න පුලුවන් හැබැයි එතකොට පාස්වර්ඩ් ගහන්න එනෙ නෑ auto ම ලොග් වෙනව.හ්ම්ම් අපි එහෙමනම් වැඩේට බහිමුකෝ,ලේසි වැඩක් කරන්න තියෙන්නෙ අනේ!

මුලින්ම start යන්න,ඒකෙ තියනවා නේද run කියල එකක්? මෙන්න මේ වගේ


හරි අන්න ඒ run එක ක්ලික් කරල ඒකෙ මෙන්න මේ විදිහට ටයිප් කරන්න
control userpasswords2

එහෙම ටයිප් කරලා එන්ටර් කලාම මෙන්න මේ වගේ window එකක් එයි.ඒකෙ තියන usermaust enter a username and password to use this computer කියල තියන චෙක් බොක්ස් එකේ තියන ටික් එක අයින් කරන්න.

හරි දැන් apply කියල තියන බොත්තම ඔබන්න එතකොට ඔයාගෙ username එකයි පාස්වර්ඩ් එකයි ගහන්න එයි පාස්වර්ඩ් නැති අය ඒ කොටුව හිස්ව තියන්න.දැන් restart කරල බලන්නකෝ... වැඩේ හරි ඇති! :D :D

එහෙනම් මම අදට සමුගන්නව ලගදීම තවත් පෝස්ට් එකකින් හමුවෙමු!!!!!

ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක තිබිය යුතුම වටිනා ඇප්ස් ටිකක්.part 2

ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක තිබිය යුතුම වටිනා ඇප්ස් ටිකක්.part 2

9:24 AM 5 Comments

කොහොමද යාලුවනේ ඔන්න මම පොරොන්දු වුන විදිහටම ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක තිබිය යුතුම වටිනා ඇප්ස් ටිකක්. ලිපියේ දෙවෙනි කොටස අරගෙන ආවා! පලවෙනි ලිපිය බලන්න බැරි වුන කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් ඒ ලිපිය බලන්නකෝ :)
හරි එහෙනම් අනිත් වටින කියන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ටික.මේ වගේ වයිරස් එහෙම නෑ කියල 100% සහතික වෙන්න පුලුවන් මොකද මම දෙන්නෙ play store එකේ ලින්ක්ස් විතරයි නිසා.

  • Tape-a-talk- කුඩා ප්‍රමාණයේ voice recorder ඇප් එකක් screen එක off වෙලා තියනකොට උනත් රෙකෝඩ් කරන්න පුලුවන්.
  • Calculator-ඇඩ් බැඩ් නැති පට්ට කැල්කියුලේටර් එකක් ප්‍රස්තාර අදින්නත් පුලුවන් :D
  • Viber-ගොඩක් කස්ටිය දන්න එකක්නෙ!මේකෙන් අපිට wifi හෝ 3G භාවිතා කරල නොමිලේම message යවන්න පුලුවන්
  • Screenshots-රූට් නොකරම උනත් අපි ෆෝන් එකේ screenshot පහසුවෙනම ගන්න පුලුවන්.
  • Contacts+-හොඳ contact manager ඇප් එකක්.
  • Glympse -ඔයාගේ යාලුවො ඉන්නෙ කොහෙද කියල අපිට මේකෙන් හොයාගන්න පුලුවන්!
  • HelloText-ෆෝන් එකේ තියන sms ඇප් එකට එච්චර කැමැත්තක් නැත්නම් මේක දාගෙන බලන්න.
  • Easy Backup-ඔයාගේ ෆෝන් එකේ තියන sms,mms,call log ඔක්කොම sd card එකට backup කරගන්න මේකෙන් පුලුවන්.
  • Easy Alarm-youtube එකේ සින්දුවක් අපිට මේකෙන් එලාම් එක විදිහට තියාගන්න පුලුවන්.
  • MightyText-අපේ කම්පියුටර් එකෙන් අපිට sms යවන්න sms බලන්න මේකෙන් පුලුවන්.
  • Llama-අපි වැඩක ඉන්න වෙලාවක හරි නිදියගන්න වෙලාවක හරි අපේ ෆෝන් එක silence කරනවා :D
  • Pixlr-ෆොටෝ edit කරගන්න පට්ට ඇප් එකක්.
  • µTorrent-ෆෝන් එකෙන්ම ටොරෙන්ට් බාගන්න මේකෙන් අපිට පුලුවන්.
  • Aviary-මේකත් පට්ට photo edit කරන්න පුලුවන් ඇප් එකක්
  • MX Player-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකට හොඳම වීඩියෝ ප්ලේයර් එක.
එහෙනම් යාලුවනේ අදට මම ගිහිල්ල එන්නම්! /bye හිතනවා මේ ඇප්ස් ටික ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල.මේ ඇප්ස් ගැන ඕනෙම ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාල අපෙන් අහන්න :) 

අමතර සොෆ්ට්වෙයා නැතුව හාඩ් ඩිස්ක් පාටිෂන් කරමුද !

12:38 PM Add Comment

අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ වෙනත් කිසිම සොෆ්ට්වෙයා එකක සහාය නැතුව වින්ඩොස් වලින්ම හාඩ් ඩිස්ක් පාටිෂන් කරන හැටි. මම ඒ ක ඔයාලට සරල පියවරවල් කිහිපයකින් කියලා දෙන්නම්.

1. මුලින්ම Computer අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා ලැබෙන් මෙනූ එකෙන් Manage යන්න තොරා ගන්න ඕනේ. ඊට පස්සේ ඕපන් වෙන්නේ Computer Management වින්ඩෝ එක.

2. Computer Management වින්ඩෝ එකේ දකුණු පැත්තෙ තියෙනවා Computer Management කියලා කැටගරි එකක්, ඒක යටතේ තියෙනවා Storage කියලා කැටගරි එකක්. Storage කැටගරි එක දිගහැරියම ඔයාලට දැකගන්න පුලුවන්. එතන Disk Management කියලා ඔප්ෂන් එකක් තියෙනවා. Disk Management මත ක්ලික් කරහම ඔයාලට Computer Management වින්ඩෝ එක මැදින් දැකගන්න පුලුවන් ඔයාලගේ පරිගණකයේ තියෙන හාඩ් ඩිස්ක්, පෙන් ඩ්‍රයිව් හා CD/DVD රොම් ටික.



දැන ඔයාට පහලින් දැක ගන්න පුලුවන් ඔයාගේ පරිගණකයට සම්බන්ධ කරලා තියෙන් හඩ් ඩිස්ක් ඩ්‍රයිව් හා ඒවායේ පාටිෂන් ටික. දැන ඔයාට දෙකඩ කරන්න ඕනේ පාටිෂන් එක ‍තෝරා ගෙන  ඒ මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනූ එකෙන් Shrink Vloume යන්න ‍තෝරදිය යුතුය. එවිට ‍තෝරා ගත් පාටිෂන් එක Shrink කිරීමට අදාල වින්ඩෝ එක විවෘත වේවි. එහි විස්තර පහත පරිදි වේ.



i. දෙකඩ කිරීමට බලා පොරොත්තුව වන පාටිෂන් එකෙහි ධාරිතාව.

ii. දෙකඩ කිරීමට බලා පොරොත්තුව වන පාටිෂන් එක දෙකඩ කිරීම සදහා යෙදවිය හැකි උපරිම ධාරිතාව.

iii. දෙකඩ කර ලබා ගන්නා නව පටිෂන් එකෙහි ධාරිතාව මෙහි ඇතුලත් කල යුතුය.

iv. පාටිෂන් එක දෙකඩ කෙරූ පසුව පෙර පැවති පාටිෂන් එකෙහි ඉතුරු වන ධාරිතාව.

නව පාටිෂන් එකෙහි ධාරිතාව මෙහි ඇතුලත් කර පසු Shrink බොත්තම එබිය යුතුය. එවිට නව පාටිෂන් එකක් සැකසේ. දැන් ඔබ සාදාගත් නව පාට්ෂන් එකෙහි ධාරිතාවෙන් පාටිෂන් එකක් පහත පරිදි (Unallocated Drive ලෙස) පෙන්වයි. නමුත් එය තවම භාවිතා කිරීමට නොහැක. ඒ සදහා තවත් වැඩ කොටසක් කල යුතුය.



4. දැන් එම ලැබුනු නව පාටිෂන් එක මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනූ එකෙන් New Simple Volume යන්න ‍තෝරා ගත යුතුය. දැන් විවෘත වෙන්නේ New Simple Volume wizard එකයි. මෙහි ඉදිරි පියවර වෙත යොමුවීම සදහා Next බොත්තම එබිය යුතුය.

i. මීලග පියවරේදී නව පාටිෂන් එකෙහි ධාරිතාව ඇතුලත් කර ඉදිරි පියවර වෙත යොමුවීම සදහා Next බොත්තම එබිය යුතුය.

ii. මින් පසුව එලබෙන්නේ පාටිෂන් එක සදහා ඩ්‍රයිව් ලෙටර් එකක් ‍තෝරා දියයුතු පිවරයි. මෙහිදී ඩ්‍රයිව් ලෙටර් එකක් තොරා දුන් පසු ඉදිරි පියවර වෙත යොමුවීම සදහා Next බොත්තම එබිය යුතුය.

iii. ඉදිරි පියවරේදී Volume Label යන්න පමණක් වෙනස් කොට අන් සැකසුම් එලෙසම තිබියදී ඉදිරි පියවර වෙත යොමුවීම සදහා Next බොත්තම එබිය යුතුය.

iv. පසුව අවසාන පියවරේදී Finish යන්න එබිය යුතුය. දැන් නව පාටිෂන් එක සකස් වන අත මේ සදහා මද වේලාවක් ගතවේ. ඉන් පසුව ඔබට නව පාටිෂන් එක භාවිතා කලහැක.

බිට්කොයින් වලින් සල්ලි හොයමු. earn money from bitcoin.- emoney පාඩම් අංක 1

2:36 PM 37 Comments

මම අද ඔයාලට කියන්න යන්නෙ emoney හොයාගන්න විදිහක් ගැන.එහෙම කිව්වට ඉතින් මේකෙන් එකපාර දාස් ගාණක් හොයන්න බලාපොරොත්තු වෙනවනම් මේක කරන්න එපා.මොකද මේකෙන් සල්ලි හොයන්න නම් අනිවාරෙන්ම උත්සහය කැපවීම ඕනෙ ,ඒ වගේම විශේෂයෙන්ම ඉවසීම හොඳට ඕනෙ.බිට්කොයින් වලින් සල්ලි හොයනව කියන්නෙ මේ වෙනකොට ලෝකෙ ගොඩක් ජනප්‍රිය දෙයක්.
මේ පාඩම මම අරගෙන එන්න හිතුවේ තාම ගොඩාක් අය මේක ගැන එච්චර අවබෝදයක් නැති නිසා.

මොනවද මේ බිට්කොයින් කියන්නෙ?

බිට්කොයින් කියන්න ඩිජිටල් මුදල් වර්ගයක්, ඒ කිව්වෙ මේක රජයක් විසින් නිකුත් කරන මුදල් වර්ගයක් නෙමේ.මේකෙදි නෝට්ටු කාසි දකින්න ලැබෙන්නෙ නෑ.අපිට තියෙන්නෙ හම්බෙන බිට්කොයින් වෙන මුදල් වර්ගයකට පරිවර්තනය කරගන්න.මම මේකෙන් කියල දෙන්නෙ bitcoin mining වලින් සල්ලි හොයන ක්‍රමේ නම් නෙමේ සරල ක්‍රම වලින් බිට් කොයින් හොයන හැටි.මේක ptc(paid to click) වලට වඩා නම් හොඳයි.

මෙන්න මේ video එකත් බලන්නකො

බිට්කොයින් එකක් කීයක් විතර වෙනවද?

බිට්කොයින් එකක් මම මේ බලන මොහොත වෙනකොට 518.1$ වෙනවා /sweat .නමුත් මේ ගාන දවසින් දවස වෙනස් වෙනවා.හැබැයි අපි මේ සල්ලි හොයන ක්‍රමේදී අපිට හම්බෙන්නෙ sbtc නැත්නම් බිට්කොයින් සත ගනන් වලින්(සතොශි කියන්නෙ මේවට)

බිට්කොයින් ආරක්ෂිතද?

ඔව් බිට්කොයින් ආරක්ෂිතව මුදල් උපයන ක්‍රමයක්.ඒ ගැන වැඩිදුර තොරතුරු මෙන්න මේ වෙබ් අඩවියෙන් ඔයාලට බලාගන්න පුලුවන්. https://bitcoin.org

බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න පුලුවන්ද?

ඔව් හැබැයි ලංකාවෙනම් බෑ.සමහර රටවල් වල බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න පුලුවන් කඩ සාප්පු තියනවා.ඒවගේම ඔයාලට අන්තර්ජාලය හරහා බිට්කොයින් වලි විවිධ ගනුදෙනු කරන්න පුලුවන්.namecheap වගේ ප්‍රසිද්ධ domain name මිලට ගන්න පුලුවන් වෙබ් අඩවිත් බිට් කොයින් වලින් ගනුදෙනු කරනවා.ලංකාවෙත් කවදාහරි පුලුවන් වෙන්නෙ නැතෑ. :D

බිට්කොයින් වල වාසි මොනවද?

  • බිට් කොයින් වලින් අපිට ඕනෙම ගානක් ගෙවන්න පුලුවන්.බැංකු නිවාඩු දවස් මොනවත් අදාල වෙන්නෙ නෑ ඒ වගේම බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න කිසිම ලිමිට් එකකුත් නෑ.
  • අනික ආරක්ශිතයි,මොකද ඉතින් පේන්න එක කාසියක්වත් නෑනෙ! :))
  • අනික බිට් කොයින් වලින් ගනුදෙනු කරනකොට ඒවෙනුවෙන් කිසිම අමතර මුදලක් ගෙවන්න වෙන්නෙ නෑ
ඊළග කොටසින් අපි බලමු බිට්කොයින් ගිණුමක් හදාගන්න හැටි සහ බිට්කොයින් වලින් සල්ලි හොයන හැටි ගැන,එහෙනම් අදට සමුගනිමු!!! /bye

පාඩම් අංක 2 මෙතනින්!





Visual Basic .NET පාඩම් මාලාව- පළමු පාඩම.

10:08 AM 7 Comments
අයුබෝවන් යාළුවනේ! ඔයාලා අද අපිත් එක්ක එකතු වෙන්නේ සොෆ්ට්වෙයාලන්තයේ අපි ගෙනෙන අලුත්ම විශේෂාංගයක් එක්කයි. අද ඉදලා අපි විෂුවල් බේසික් සොෆ්ට්වෙයා ඩිවෙලොප්මන්ට් පාඩම් මාලාවක් අරබනවා. මයික්‍රෝසොෆ්ට් විෂුවල් බේසික් කියන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලදී මෙන්ම උබුන්‍ටු වැනි ලිනක්ස් මෙහෙයුම් පද්ධති වලදීද ක්‍රියාත්මක විය හැකි සේ පරිගණක වැඩසටහන් සෑදීමට යොදා ගත හැකි පරිගණක භාෂාවක්.

Download Visual Studio 2010, 2013

ප්‍රදාන වශයෙන් විෂුවල් බේසික් ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් කොටස් දෙකකට වෙන්කර දක්වන්න පුලුවන්. එනම් Win Form Application හා Windows Presentation Foundation Application (WPF) යනුවෙනි. මෙයින් Win Form Application යනු සාමාන්‍ය අකාරයේ සරල වැඩසටහන් තැනීමට භාවිතා කලහැකි ව්‍යාපෘති විශේෂයයි. WPF Application යනු තරමක් සංකීර්ණ හා වඩාත් අලංකාරව හා නිර්මාණ ශීලීව වැඩසටහන් නිර්මාණය කරගත හැකි ව්‍යාපෘති විශේෂයයි. අපගේ විෂුවල් බේසික් පාඩම් මාලාවේදී අප විසින් වැඩි අවධානයක් යොමු කරනුයේ WPF Application ව්‍යාපෘති විශේෂයටයි.
මම මෙම පාඩම් මාලාව සදහා භාවිතා කරන්නේ Visual Studio 2013 පැකේජය සමග ඇති VB.net 2013 වර්ශන් එකයි. නමුත් Visual Studio 2008, 2010, 2012 පැකේජවල ඇති VB.net වර්ශන් එකක් උනත් ගැටලුවකින් තොරව  භාවිතා කරන්න පුළුවන්. ඔයාලා ගාව දැනට විෂුවල් බේසික් පැකේජයක් නැතිනම් පහත ඇති ලින්ක් මගින් Visual Studio පැකේජ නොමිලේ ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්.
මයික්‍රෝසොෆ්ට් විෂුවල් බේසික් වැඩසටහන ඉන්ස්ටෝල් කරගත් පසු ඒ වෙත පිවිසීමට Start මෙනූ එකෙන All Programs යන්න ‍තෝරා ලැබෙන මෙනූ එකෙන් Visual Studio 2013 යන්න ‍තෝරා දැන් ලැබෙන මෙනූ එකෙන් Visual Studio 2013 ‍තෝරා ඒ වෙත පිවිසිය හැක. වැඩසටහන පිවිසුන විට පළමුව දක්නට හැක්කේ Start Page නම් ටැබ් පේජ් එකයි.

නව විෂුවල් බේසික් ව්‍යපෘතියක් ඇරබීම.
මේ සදහා Start Page මත ඇති New Project ලින්ක් එක මගින් හෝ File මෙනූ එකෙන් New Project හෝ යන්න හරහා ගොස් නව ව්‍යපෘතියක් ආරම්භ කල හැක. මෙහිදී ලැබෙන New Project  වින්ඩෝ එකෙහි ඇති තොරතුරු පහත පරිදි වේ.



1. New Project වින්ඩෝව
2. ව්‍යාපෘතිය සදා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන Microsoft .Net Framework වර්ශන් එක. මෙහිදී ‍තෝරා දෙනු ලබන .Net Framework වර්ශන් එක වෙනත් පරිගණකයකදී ඔබ විසින් සාදනු ලබන වැඩසටහන ක්‍රියාත්මක වීමට අවශ්‍යවේ.
3. තොරාගෙන ඇති templates යටතේ ඇති ව්‍යපෘති ලැයිස්තුව පෙල ගැසවීම වෙනස් කිරීමට.
4. මේ වන විට ස්ථාපනය කර ඇති templates වර්ග ක්ෂනිකව සොයා දෙයි.
5. අවසාන වතාවට භාවිත කෙරූ ව්‍යාපෘති, මේ වන විට ස්ථාපනය කර ඇති templates වර්ග පෙන්වයි.
6. ‍තෝරාගෙන ඇති templates එකට අදාලව ඇති ව්‍යපෘති ලැයිස්තුවක් පෙන්වයි.
7.  ‍තෝරාගෙන ඇති ව්‍යාපෘතියට යොදන නම මෙහි ඇතුලත් කල යුතුය.
8. Ok / Cancel බටනයන් භාවිතය.

නව VB.net ව්‍යාපෘතියක් ඇරබීම සදහා Installed > Templates > Visual Basic යන්න යටතේ ඇති Winows ක්ලික් කරන්න. දැන් පසෙකින් ඒ යටතේ ඇති ප්‍රෝග්‍රෑම් වර්ග දක්නට හැක. අප මෙහිදී සෑදීමට බලාපොරොත්තු වන්නේ WPF Application නිසා මෙහිදී ‍තෝරාගත යුත්තේ WPF Application  යන්නයි. WPF Application  යන්න ‍තෝරගත් පසු Name යන්න ඉදිරියෙන් සුදුසු නමක් ලබා දී Ok බටනය ක්ලික් කල පසු නව ව්‍යාපෘතියක් සෑදේ. එයින් පසුව යොමු වන්නේ විෂුවල් බේසික් ඩොට් නෙට් ඇප්ලිකේෂන් වින්ඩොව වෙතයි. එනම් වීබී ඩොට් නෙට් අයිඩීඊ (IDE - Intergrated Develoment Environment) එක වෙතටයි.

වීබී ඩොට්නෙට් යනු අක්ෂර සංවේදී භාෂාවක් නොවේ. එබැවි වීබී කේත ලිවීමේදී ඉංග්‍රීසි භාෂාවේ කැපිටල් හා සිම්පල් අකුරු පිළිබද සැලකිල්ලක් දැක්විය යුතු නොවේ. එසේම වීබී යනු අනෙක් භාෂාවන් හා සසදන කලිහි පහසුවෙන් ඉගෙන ගත හැකි හා පහසුවෙන් භාවිතා කල හැකි පරිගණක භාෂාවකි.

IDE එකෙහි විස්තර
වීබී ඩොට් නෙට් භාවිතයෙන් වැඩසටහන් සැකසීම සදහා IDE එකෙහි මූලික කොටස් පිළිබද අවබෝධයක් තිබිය යුතුය. එහි විස්තර මෙසේය.



1. ටයිටල් බාර් (Tital bar) : සාමාන්‍ය වැඩසටහනකදී මෙන්ම මෙහිදීද ඉහලින්ම දැක ගත හැක්කේ ටයිටල් බාර් හෙවත් මාතෘකා තීරුවයි. මෙහිදී ඔබගේ ව්‍යාපෘතියේ නම හා වැඩසටහන මිනිමයිස්, මැක්සිමයිස්, ක්ලොස් කිරීමට අදාල විදානයන් දැක ගත හැක.

2. මෙනූ බාර් (Menu bar) : ටයිටල් බාර් එකට පහලින් දැක ගත හැක්කේ මෙනූ බාර් එකයි. ඒ තුල File, Edit, View ආදී මෙනූ දැකගත හැක.

3  ස්ටෑටඩ් ටූල් බාර් (Standard  Tool bar) : මෙනූ බාර් එකට පහලින් ඇත්තේ ස්ටෑටඩ් ටූල් බාර් එකයි. මෙනූ බාර් එක තුල ඇති බොහෝ ක්‍රියා කාරකම් ස්ටෑටඩ් ටූල් බාර් එකතුල ෂෝට් කට වශයෙන් දැකගත හැක. ස්ටෑටඩ් ටූල් බාර් එක IDE තුල දැකගත නොහැකි නම් මෙනූ බාර් එක තුලින් View මෙනූ එක ක්ලික් කොට, Toolbar යන්න ‍තෝරා ගත් විට ලැබෙන මෙනූ එකෙන් Standard යන්න ලබා ගත යුතුය.

4. ටූල් බොක්ස් (Tool box) :  සාමාන්‍ය යෙන් මෙය තිරයේ වම් පස දැක ගත හැකිය. මෙය දැකගත නොහැකිනම් View > Other window > Tool box යන්න තුලින් එය ලබා ගත හැකිය. ඔබ සකසන වැඩසටහනේ ඉන්ටෆේස් එක සකස් කිරීම සදහා අවශ්‍ය වන සියලුම ටූල්ස් අඩංගු වන්නේ මෙම ටූල් බොක්ස් එක තුලයි. මෙම ටූල් බොක්ස් එක ප්‍රධාන වශයෙන් ගොනු දෙකකට බෙදේ එනම් Common Controls හා All Controls ලෙසයි. Common Controls තුල සාමාන්‍ය භාවිතයට අයත් ටූල් ඇති අතර All Controls තුල වීබී තුල ඇති සියළුම ටූල්ස් දැක ගත හැක. මීට අමතරව අන්තර් ජාලය ඔස්සේද විවිද ටූල්ස් ලබා ගත හැක.

5. ෆෝම් වින්ඩෝව (Form Window) : අප විසින් අලුතින් සකසන වැඩ සටහනේ ඉන්ටෆේස් එක සකස් කල යුත්තේ මේ තුලයි. මේ නිසා මෙය ඩිසයිනර් කියාත් හදුන් වනවා. ඉන්ටෆේස් එක නිර්මාණය කිරීමෙදී ටූල් බොක්ස් එක මගින්  ෆෝම් එකට අවශ්‍ය කොන්ට්‍රොල්ස් එක් කර ගැනීම කල යුතුය. වැඩ සටහනේ ඉන්ටෆේස් සැකසීමේදී අවශ්‍ය නම් එක් ෆෝම් එකක් වෙනුවට ෆෝම් කිහිපයක් වූවත් යොදා ගත හැකි.

6. කෝඩ් වින්ඩෝව (Code Window) : මුල් සැකසුම් අනුව තිබියදී මෙය දැක ගත නොහැකිය. කෝඩ් වින්ඩෝ එක බැලීමට අවශ්‍ය නම් ඒ සදහා ෆෝම් එක හෝ ලබා ගත් කොන්ට්‍රෝල් එකක් මත ඩබල් ක්ලික් කල යුතුය. එ විට කෝඩ් වින්ඩෝව දර්ශනය වනු ඇත. එවිට එම ස්ථානයේ ඉහළින් වෙනමම ටැබ් එකක් සේ ෆෝම් වින්ඩෝ  එක දැක ගත හැක. එම ටැබ් එක මත ක්ලික් කලවිට නැවත කෝඩ් වින්ඩෝ එක දර්ශනය වනු ඇත.

7. XAML කෝඩ් වින්ඩෝව (XAML Code Window) : මෙමගින් XAML කෝඩ් ලියා වැඩසටහන වෙත කොන්ට්‍රෝල්ස් එකතු කරගත හැක. මීට අමතරව වැඩ සටහන වෙත ලබා ගන්නා කොන්ට්‍රෝල්ස් වෙත වර්ණ එකතු කිරීම, විවිධ ඉෆෙක්ට් ලබාදීම හා තීම් එකතු කිරීම කලහැක. මෙය සාමාන්‍ය සැකසුම් යටතේ ෆෝම් වින්ඩෝවට පහලින් දැක ගත හැක.

8. සොලූෂන් එක්ස්ප්ලෝරර් වින්ඩෝ (Solution Explorer Window) : මූලික සැකසුම් අනුව තිබියදී මෙය IDE එකෙහි වම් පසින් දැක ගත හැක. මෙය දැක ගත නොහැකි නම් View > Other window > Solution Explorer යන්න තුලින් එය ලබා ගත යුතුය. ප්‍රොජෙක්ට් එක තුල තිබෙන ෆෝම්, ඡායාරූප හා යොදාගෙන ඇති වෙනත් විවිධ ෆයිල් වර්ග පෙන්වයි. ෆෝම් වින්ඩෝව තුල දැනට ෆෝම් එක පෙන්වන්නේ නැත්නම් මේ තුලින් ෆෝම් එකට අදාල නම (උදා : -MainWindow.xaml) මත ඩබල් ක්ලික් කර එය විවෘත කරගත හැක.

9. ප්‍රොපටීස් වින්ඩෝව (Properties Window) : මූලික සැකසුම් අනුව තිබියදී මෙයත් IDE එකෙහි දකුණු පස දැක ගත හැකිය. එසේ නොමැති නම් View > Other window > Properties Window යන්න හරහා ගොස් එය ලබා ගත යුතුය. ෆෝම් එක ඩිසයින් කරන අවස්තාවේදී සිලෙක්ට් කරනු ලබන ඕනෑම ඔබ්ජෙක්ට් එකකට අදාල සැකසුම් වෙනස් කිරීමට මෙය යොදා ගත හැක. උදාහරණ ලෙස සිලෙක්ට් කරනු ලැබූ ඔබ්ජෙක්ට් එකෙහි නම, උස, පලළ, වර්ණය දැකවිය හැකිය.

තවත් කොටසක් සමගින් නැවත හමුවෙමු !

Adobe Muse වෙබ් ඩිසයිනින් පාඩම් මාලාව- පළමු පාඩම

10:06 AM 3 Comments
අයුබෝවන් යාළුවනේ ! ඔයාලා අද අපිත් එක්ක එකතුවෙන්නේ සොෆ්ට්වෙයාලන්තයේ අපි අරබන තවත් අලුත් පාඩම් මාලාවක් සමගයි. අපි හදුනවා දෙන්නට සූදානම් වන්නේ ඇඩෝබි මියුස් කියන සොෆ්ට්වෙයා එකයි. ඇඩෝබි මියුස් යනු වෙබ් අඩවි නිර්මාණය කිරීම සදහා යොදා ගත හැකි වැඩසටහනකි. මෙහි විශේෂත්වය වන්නේ HTML කෝඩ් බාවිතයෙන් තොරව ඉතාම මනරම් වෙබ් අඩවි නිර්මාණය කිරීමට ඇති හැකියාවයි. එසේම මෙම ගින් සෑදූ වෙබ් අඩවිය නොමිලේ හොස්ට් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඩවුන්ලොඩ් කිරීම හා වැඩිදුර තොරතුරු සදහා මෙතන ක්ලික් කරන්න.


පළමු පාඩමේදී අප බලා පොරොත්තු වන්නේ Adobe Muse  හදුනවා දීම පමණි. Adobe Muse  මගින් සාර්ථක වෙබ් අඩවියක් නිර්මාණය කොට එයට විසිටර්ස්ලා ගෙන්වා ගැනීම දක්වා වූ සියලු කරනු ඉදිරි පාඩම් වලදී සාකච්ඡා කෙරෙනු ඇත.

ඇඩෝබි මියුස් වැඩසටහන ඉන්ස්ටෝල් කරගත් පසු ඒ වෙත පිවිසීමට Start මෙනූ එකෙන All Programs යන්න ‍තෝරා ලැබෙන මෙනූ එකෙන් Adobe Muse  ‍තෝරා ඒ වෙත පිවිසිය හැක.

වැඩ සටහන වෙත පිවිසුන පසු මුලින්ම දැක ගත හැක්කේ හිස් පසුබිමකි. නව වෙබ් අඩවියක් නිර්මාණය සදහා File > New Site යන්න හරහා ගොස් නව ව්‍යාපෘතියක් ඇරබිය යුතුවේ. මෙහිදී වෙබ් අඩවියේ දිග හා පළල ලබාදී අනිත් සැකසුම් එලෙසම තිබියදී Ok යන්න ක්ලික් කරන්න එවිට නව වෙබ් අඩවියක් නිර්මාණය කර හැකිසේ Adobe Muse හි ඉන්ටෆේස් එක වෙනස් වෙයි. මෙවිට ලැබෙන ඉන්ටෆේස් එක හදුන් වන්නේ ප්ලෑන් මෝඩ් (Plan mode) කියාය.

ප්ලෑන් මෝඩ් (Plan mode) එකෙහි විස්තර : ප්ලෑන් මොඩ් එක භාවිතා කරනු ලබන්නේ වෙබ් අඩවියට පි‍ටු එකතු කිරීම, ඉවත් කිරීම හා පි‍ටුවල පෙලගැස්ම සැකසීම සදහාය. මෙහි ප්‍රධාන කොටස් කිහිපයක් මෙසේය.


1. ටයිටල් බාර් (Tital bar) : සාමාන්‍ය වැඩසටහනකදී මෙන්ම මෙහිදීද ඉහලින්ම දැක ගත හැක්කේ ටයිටල් බාර් හෙවත් මාතෘකා තීරුවයි. මෙහිදී ඔබගේ ව්‍යාපෘතියේ නම හා වැඩසටහන මිනිමයිස්, මැක්සිමයිස්, ක්ලොස් කිරීමට අදාල විදානයන් දැක ගත හැක.

2. මෙනූ බාර් (Menu bar) : ටයිටල් බාර් එකට පහලින් දැක ගත හැක්කේ මෙනූ බාර් එකයි. ඒ තුල File, Edit, View ආදී මෙනූ දැකගත හැක.

3. ටූල් බාර් (Tool bar) :  මෙනූ බාර් එකට පහලින් ඇත්තේ ප්ලෑන් මොඩ්  ටූල් බාර් එකයි. මෙනූ බාර් එක තුල ඇති බොහෝ ක්‍රියා කාරකම් ස්ටෑටඩ් ටූල් බාර් එකතුල ෂෝට් කට වශයෙන් දැකගත හැක.

4. කොන්ට්‍රෝල්ස් බාර් (Control bar): අදාල මෝඩ් තුලදී භාවිතා කරනු ලබන විශේෂිත ටූල්ස් මෙහි අඩංගුව ඇත. මෙය දැක ගත නොහැකි නම් View > Control යනන් හරහා ගොස් මෙය ලබා ගත හැක.

5. සයිට් ඩයග්‍රම් (Site diagram) : වෙබ් අඩවියෙ පි‍ටු පිටන අකාරය තීරණය කිරීම සදහා මෙය යොදා ගත හැක.

6. මාස්ටර් පේජස් (Master pages): මෙම ගින් නිර්මාණය කරගන්නා පේජස් වෙබ් අඩවිය තුලදී දර්ශණය නොවන අතර වෙබ් අඩවිය තුලදී දර්ශණය වන පේජස් සදහා ටෙම්ප්ලීට්ස් ලෙස යොදාගත හැක.


ඩිසයින් මෝඩ් (Design Mode) එකෙහි විස්තර : වෙබ් පි‍ටුවක් නිර්මාණය කිරීම සදහා යොදා ගත යුත්තේ ඩිසයින් මෝඩ් (Design Mode) එකයි. ඒ වෙත පිවිසීම සදහා ප්ලෑන් මොඩ් එක තුලදී ඩිසයින් කර යුතු පි‍ටුව මත ඩබල් ක්ලික් කල යුතුය. ඩිසයින් මොඩ් එකෙහි විස්තර පහත වේ.


1. ටූල් බාර් (Tool bar) :  මෙනූ බාර් එකට පහලින් ඇත්තේ ප්ලෑන් මොඩ්  ටූල් බාර් එකයි. මෙනූ බාර් එක තුල ඇති බොහෝ ක්‍රියා කාරකම් ස්ටෑටඩ් ටූල් බාර් එකතුල ෂෝට් කට වශයෙන් දැකගත හැක.

2. කොන්ට්‍රෝල්ස් බාර් (Control bar): අදාල මෝඩ් තුලදී භාවිතා කරනු ලබන විශේෂිත ටූල්ස් මෙහි අඩංගුව ඇත. මෙය දැක ගත නොහැකි නම් View > Control යනන් හරහා ගොස් මෙය ලබා ගත හැක.

3. පේජ් (Page): ඩිසයින් කිරීම සදහා තොරා ගන්නා ලැබූ පි‍ටුව දැක්වේ.

4. ටූල් බොක්ස් (Tool box): ඩිසයින් කිරීම සදහා යොදා ගත හැකි විවිධ ටූල්ස් හා සැකසුම් සිදුකරීමට මෙහිදී පහසුකම් සලසා දී ඇත.

තවත් කොටසක් සමගින් නැවත හමු වෙමු !

ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල secret codes ටිකක්.

1:12 PM 1 Comment
අනිවාරෙන්ම කියවන්න

මේ දවස් වල ඉස්කෝලෙත් නිවාඩුනේ :D ඔන්න ඔය නිවාඩුවෙ ඉන්න ටිකෙ මමත් මගෙ  පෝං එක ගැන අධ්‍යනය කොරල බැලුවා.තව පොඩ්ඩෙන් කෙල වෙලාම යනව දන්නෙ නැති වැඩ කොරන්ඩ ගිහිල්ල ! අන්න ඒක නිසා තමයි මම මේ මහපලවෙනියෙන්ම කියන්නෙ මම පහලින් දීලා තියන කෝඩ්ස් අත්හදා බලන්න යනවනම් පොඩ්ඩක් ෆෝන් එක එහෙම අතපත ගාන,පෝං එකේ එක එක එව්වා අත්හදාබලන්න කැමති අය විතරක් ඕක කරන්න.නැත්නම් ඉතින් කට්ටිය මට බනී ෆෝන් එකේ අරව ඩිලීට් වුනා මෙව්වා ඩිලීට් වුනා කියල.තවත් එකක් කියන්න තියන මේවා වැඩ ඇන්ඩ්‍රොඉඩ් ෆෝන් වලට විතරයි එහෙම කියල හැම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකටම වැඩ නොකරන පුලුවන් හරිය.

ඔන්න ඉතින් warning එකක් දීලම වැඩේ පටාන් ගම්මුකෝ _/\_ _/\_

මේ කෝඩ් සාමාන්‍ය විදිහටම කෝල් එකක් ගන්න විදියටම ටයිප් කරන්න.
  • *#*#4636#*#*-මේ කෝඩ් එකෙන් අපිට අපේ ෆෝන් එකේ බැට්‍රිය හා ෆෝන් එක ගැන ගැන වටින තොරතුරු ටිකක් ගන්න පුලුවන්.මෙන්න මේ තොරතුරු තමයි ගන්න පුලුවන්.බැට්‍රිය ගැන තොරතුරු,ෆෝන් එක ගැන තොරතුරු,Wifi information,Usage statistics,Battery history
  • *#*#7780#*#* - factory data reset කරගන්න මේ කෝඩ් එකෙන් පුලුවන්,හැබැයි එතකොට මෙන්න මේවා ඩිලීට් වෙනවා ,#Google account settings,System and application data and settings,Downloaded applications හැබැයි මෙන්න මෙව්වනම් මේකෙන් ඩිලීට් වෙන්නෙ නෑ,#Current system software and bundled applications,sd card එකේ තියන එවා මෙව්වා.
  • *2767*3855# - මේක ට්‍රයි කරන එකනම් එච්චර ඇඟට ගුණ නෑ මොකද මේකෙන් factory format වෙනවා! එතකොට ඉතින් කාලා හමාරයි ඔක්කොම ඩිලීට් වෙලා යනවා ආයෙ ඉතින් firmware ගහන්න වෙනවා. මේ කෝඩ් එක ගහල ඉක්මනට බැට්‍රිය ගැලෙව්වනම් හරි :)
  • *#*#34971539#*#*-ඔයාගෙ ෆෝන් එකේ කැමරාව ගැන තොරතුරු මේකෙන් ගන්න පුලුවන්.හැබැයි මේකෙ option එකක් විදිහට තියන Update camera firmware in image කියන option එකනම් විහිලුවටවත් ඔබන්න එපා. එතකොට කැමරාව වැඩ නැතුව යනව !
  • *#*#7594#*#* -අපි සාමාන්‍යයෙන් power බට්න් එක ඔබාගෙන හිටියම options 4ක් එනවනෙ restart, Airplane mode ,Power off ,Data network mode කියල. මේ කෝඩ් එකෙන් අපිට පුලුවන් පවර් බට්න් එක එබුවාම ඒකෙන් එක දෙයක් විතරක් වෙන විදිහට හදාගන්න.
  • *#*#273283*255*663282*#*#*-මේ කෝඩ් එක ගහපුවාම File copy screen එකක් එනව.ඒකෙන් අපිට media filese (images,videos,mp3) backup කරගන්න පුලුවන්.
  • *#*#197328640#*#* - මේ කෝඩ් එක ගහපුවාම service mode එකට යන්න පුලුවන් නිකන් තියෙද්දිට වඩා settings එහෙම අපිට මේකෙදි හදන්න පුලුවන්.

WLAN, GPS and Bluetooth Test Codes:  

  • *#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* -WLAN test 
  • *#*#232338#*#*-wifi වල mac address එක පෙන්නනවා.
  • *#*#1472365#*#*-GPS test
  • *#*#1575#*#* - Another GPS test
  • *#*#232331#*#* - Bluetooth test
  • *#*#232337#*# -blue tooth device address එක පෙන්නනවා.

Firmware version ගැන තොරතුරු ගන්න කෝඩ්ස්:

  • *#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate
  • *#*#1234#*#* - PDA and Phone
  • *#*#1111#*#* - FTA SW Version
  • *#*#2222#*#* - FTA HW Version
  • *#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number

එක එක Factory Tests අත්හදා බලන්න කෝඩ්ස්:

  • *#*#0283#*#* - Packet Loopback
  • *#*#0*#*#* - LCD test
  • *#*#0673#*#* OR *#*#0289#*#* - Melody test
  • *#*#0842#*#* - Device test (Vibration test and BackLight test)
  • *#*#2663#*#* - Touch screen version
  • *#*#2664#*#* - Touch screen test
  • *#*#0588#*#* - Proximity sensor test
  • *#*#3264#*#* - RAM version
ඔයාලත් මේවා ට්‍රයි කරල බලන්නකො මමත් මේවා ට්‍රයි කරා සමහරක් ඒවා එක එක ෆෝන් අනුව වැඩ නෑ ට්‍රයි කරල ඔයාගෙ අදහසුත් කියන්නකො අපිට :D
                                                                                            -අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු ඇසුරිනි
ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක තිබිය යුතුම වටිනා ඇප්ස් ටිකක්.part 1

ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක තිබිය යුතුම වටිනා ඇප්ස් ටිකක්.part 1

1:53 PM 13 Comments
Best Android Apps


කොහොමද යාලුවනේ ! හ්ම්ම් ඔන්න අලුත් ලිපියක්!කවුරුත් දන්නවනෙ ඇන්ඩ්‍රොයිඩ් ගැන.මේකෙ තියන සරල බව භාවිතයට පහසුබව නිසාම මේක ගොඩාක් දෙනා අතරෙ ජනප්‍රියයි.ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියනවනම් අපිට පරිගණකයෙන් කරගන්නත් බැරි වැඩ ගොඩාක් කරගන්න පුලුවන්. ඒ එක එක ඇප්ස් භාවිතා කරල.අන්න ඒවගේ වටින කියන ඇප්ස් ටිකක් තමයි මම මේ දෙන්න යන්නෙ.මේව බාගන්න ඕනෙ නම් දීලා තියන ලින්ක් උඩ ක්ලික් කරන්න.

  • My Tracks-ඔබ ගමන් කරන වේගය,ගමන් කල දුර මේ ඇප් එකෙන් අපිට බලාගන්න පුලුවන්.
  • Fing-ඔයාගේ wifi network එකට connect වෙලා තියන අනිත් device බලාගන්න පුලුවන්.
  • File Wrangler -භාවිතය පහසු ඒත් ගොඩක් වැඩ කරන file management ඇප් එකක්.
  • Any.Do -ඔබට කරන්න තියන වැඩ,විශේෂ දින වගේ දේවල් කලමණාකරනය කරගන්න පුලුවන් ඇප් එකක්.
  • Focal -පරණ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට වුනත් ගොඩක් වැඩ කිඩ තියන කැමරා ඇප් එකක්.
  • HomeStyler-නිවසක ඇතුලත පිංතුරෙකට ගෘහ භාණ්ද එහෙම එකතු කරල හැඩ වැඩ බලන්න පුලුවන්. :D
  • Splashtop-ඔයාගෙ වින්ඩෝස් හරි මැක් හරි කම්පියුටර් එක දුරින් ඉඳල පාලනය කරන්න පුලුවන්.
  • Repix-ෆොටෝ එක අම්බානට ඉඩිට් කරගන්න. :)
  • Clean Master-ෆෝන් එක slow ද එහෙනම් මේක දාගන්න.
  • Reader -pdf ෆයිල් ෆෝන් එකෙන් කියවන්න.ඒ වගේම මේකෙන් අපිට ලොක් කරල තියන pdf ෆයිලුත් කියවන්න පුලුවන්.
  • TeamViewer-ඔයාගෙ පරිගණකයත් දුර ඉඳගෙන පාලනය කරන්න.  
  • Ustream-කොහෙ ඉඳගෙන හරි මොකක් හරි දෙයක් live broadcast කරන්න මේකෙන් අපිට පුලුවන්.
  • tTorrent -ටොරෙන්ට් ෆයිල් ඩිරෙක්ට් ඔයාගෙ ෆෝන් එකට බාගන්න.
  • RingtoneMaker-ඔයාටම හරියන විදිහට ringtone හදාගන්න.
  • WiFi Manager -අවට තියන wifi network හොයාගෙන ඒවගෙන් හොඳම එකට කනෙක්ට් කරල දෙනව.
  • Timely-හ්ම්ම් මේකනම් ඉතින් වටිනව නියම එලාම් ක්ලොක් එකක්.
  • InstaFontMaker-ඔයාගෙ අත් අකුරින්ම ඔයාට කැමති විදිහට ෆොන්ට් හදාගන්න පුලුවන්.
  • TrueCaller-දන්නෙ නැති නම්බර්ස් වලින් එක කෝල් අදුනගන්නවා.ඒ වගේම කරදරකාරී sms එවන නම්බර්ස් බ්ලොක් කරන්නත් පුලුවන්.
  • FoxFi-ඔයගේ ෆෝන් එක wifi hotspot එකක් කරල දෙනවා.
  • Avast-ඔයාගෙ ෆෝන් එක හොරුන්ගෙන්,වයිරස් වලින් ආරක්ෂාකරල දෙනවා.
  • AVG AntiVirus -ඔයාගෙ ෆෝන් එක හොරුන්ගෙන්,වයිරස් වලින් ආරක්ෂාකරල දෙනවා.
  • MyScript-ඔයාගෙ අත් අකුරු පවා අඳුනගන්න ගොඩක් වැඩ කිඩ තියන කැල්කියුලේටර් එකක්.
  • DU BatterySaver-බැට්‍රියේ චාජ් එක රැකගන්න මේකෙන් අපිට පුලුවන්.
  • SuperBeam-ඇන්ඩ්‍රොයිඩ් device දෙකක් අතර ෆයිල්ස් පහසුවෙන් බෙදාගන්න මේකෙන් අපිට පුලුවන්.
  • SmartCam-ෆෝන් එකේ කැමරාව වෙබ්කැම් එකක් විදිහට හරවලා පරිගණකයෙන් ස්කයිප් වගේ ඒවට පාවිච්චි කරන්න පුලුවන්. 

ඔය මොන ඇප්ස් තිබ්බත් වැඩක් නෑ ඔයාගේ ෆෝන් එකේ අපේ බ්ලොග් එකේ ඇප් එක නැත්නම් ! :D
ඒක මෙන්න මෙතනින් බාගන්න!මේ ඇප්ස් භාවිත කරන හැටි ගැන ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරල අපෙන් අහන්න ඕනෙ වෙලාවක උදව්වට අපි ඉන්නව.
හම්මේ වෙලාව මදි ඉතුරු ටික ඊලඟ ලිපියෙන් දෙන්නම්. එහෙනම් ඔන්න අපි චුත වුනා බායි ඈ.

මෙන්න එහෙනම් ලිපියෙ දෙවෙනි කොටස ඒකත් කියවලම බලන්ටකෝ!!

HTML, CSS, Java script කෝඩ් නැතුව මනරම් වෙබ් අඩවියක් හදමු!

11:11 AM 4 Comments


අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඇඩෝබි සමාගමෙන් හදුන්වා දීපු අලුත්ම වෙබ් ඩිසයිනින් සොෆ්ට්වෙයා එකක් ගැන. මේකෙ නම ඇඩෝබි මියුස් (Adobe Muse). මේකෙ තියෙන විශේෂත්වය තමයි වෙබ් සයිට් එක හදලා ඉවර උනහම පස්සේ ඇඩෝබි සමාගමේම සර්වර් පරිගණක වලම ‍ෆ්‍රී හොස්ට් කරන්න පුළුවන් වීම ඒ වගේම HTML, CSS, Java Script වගේ වෙබ් අඩවි නිර්මාණ භාෂාවන් ගැන නොදන්න අයෙකුට උනත් පහසුවෙන්ම ඉතාම අලංකාර වෙබ් අඩවියක් හදාගන්න පුළුවන්. ‍මොකද මේ සොෆ්ට්වෙයා එකෙන් වෙබ් සයිට් හදන්න කිසිම අඩවි නිර්මාණ භාෂාවක් භාවිතා නොකරන නිසා.

ෆ්‍රී හොස්ට් කරන්නත් හරිම ලේසි. සයිට එක හදලා ඉවර උනහම Tool bar එකේ උඩ තියෙන Publish බට්න් එක click කරහම සයිට් එක ඉබේම හොස්ට් වෙනවා. ෆ්‍රී හොස්ට් කරහම ඔයාට මේ වගේ (ex:http://yourname.businesscatalyst.com/) URL එකක් ගන්න පුළුවන්.
ඒ වගේම තමයි ඉතාමත්ම ලස්සනට වෙබ් සයිට් එක ඩිසයින් කරන්න ප්ලග් ඉන්ස් ගණනාවක්මත් තියෙනවා.

වැඩි දුර තොරතුරු සදහා : http://www.muse.adobe.com

 Adobe Muse CC 7.0 වර්ශන් එක ක්‍රැක් එකත් එක්ක ‍ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පහල ලින්ක් එක පාවිචිකරන්න : http://kickass.to/adobe-muse-cc-7-0-build-314-multilanguage-chingliu-t8206533.html

  Adobe Muse CC 2014 වර්ශන් එක ක්‍රැක් එකත් එක්ක ‍ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පහල ලින්ක් එක පාවිචිකරන්න : http://kickass.to/adobe-muse-cc-2014-t9275603.html
උඩ තියෙන එකට ගිහිල්ලා Download Torrent බට්න් Click එක කරන්න. එත කොට torrent ෆයිල්  එකක් ඩවුන්ලෝඩ් වෙවි ඒක පාවිච්චි කරලා ඔයාලට පුලුවන් මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න.

අපි ඔයාල වෙනුවෙන්ම ඇඩෝබි මියුස් පාඩම් මාලාවකුත් පටන් ගත්තා! ඉගෙන ගන්න කැමති අය මෙතින් යන්න. සරලව පැහැදිලිව හදලා තියෙන්නෙ :D

පහල තියෙන වීඩියො වලින් පුලුවන් මේ සොෆ්ට්වෙයා එකෙන් වැඩ කරන හැටි ඉගෙන ගන්න :

1. මූලික  මට්ටමේ වෙබ් අඩවියක් නිර්මාණය
 


 2. Photo Slideshow භාවිතා කිරීම

3. Publish කිරීම

ඔයාලගේ වෙබ් සයිට් එකටත් Ultimate Web Traffic !

1:04 PM 13 Comments


මම අද ඔය ගොල්ලන්ට අරන් ආවේ හුගක් වටින සොෆ්ට්වෙයා එකක්. ඇත්තටම කිව්වොත් මේ සොෆ්ට්වෙයාර් එක හුගක්ම වැදගත් වෙන්නේ බ්ලොග් සයිට් එකක් එහෙමත් නැත්නම් වෙබ් සයිට් එකක් කරන අයට. මේ සොෆ්ට්වෙයා එක ඇත්තටම ට්‍රැ‍ෆික් බොට් එකක්. ඒ කියනේ බ්ලොග් සයිට්/වෙබ් සයිට් වලට යුරෝපය, ඇමෙරිකාව වගේ රටවල් වලින් විසිටර්ස්ලා ගෙන්වගන්න පුලුවන් වැඩසටහනක්.
හැබැයි මේ සොෆ්ට්වෙයා එකට නොනවතින අන්තර්ජාල සම්බන්ධතාවක් ඕන.

 කොහොම උනත මේකේ ඔක්කොම තියෙන්නේ චීන භාෂාවෙන්. ඒක නිසා මේකෙන් වැඩ කරන හැටි පහල තියෙන රූප වලින් ඕය ගොල්ලන්ට බලාගන්න පුළුවන්.

 පියවර 1 : Download කිරීමට මෙතන ක්ලික් කරන්න.  ඊට පස්සේ  එතන තියෙන Download බට්න් එක උඩ ක්ලික් කරහම සොෆ්ට්වෙයා එක වේවි. ඊට පස්සේ ඩවුන්ලෝඩ් වෙන සිප් ෆයිල් එකේ තියෙන් සොෆ්ට්වෙයා එක extract කරන්න. මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න දෙයක් නැහැ. ඩබල් ක්ලික් කරහම නිකන්ම ඕපන් වෙනවා.

(සැ.යු. : මේ සොෆ්ට්වෙයා එක බොට් එකක් නිසා මේ සොෆ්ට්වෙයා එක වයිරස් ගාඩ් එකෙන් වයිරස් එකක් කියලා පෙන්නයි. ඒ උනාට මේක වයිරස් එකක් නෙමෙයි. මේ සොෆ්ට්වෙයා එක මමත් පාවිච්චි කරනවා.)


පියවර 2 : සොෆ්ට්වෙයා එක ඕපන් කරගත්තට පස්සේ පහල රූපයේ දැකවෙන් බට්න් එක ක්ලික් කරන්න.






පියවර 3 : ඊට පස්සේ පොඩි වින්ඩෝ එකක් විවෘත වෙවි, එතනදී ඔයා වෙබ් සයිට්/බ්ලොග් සයිට් එකේ වෙබ් ඇඩ්ඩ්‍රස් එක ඇතුලත් කරලා රූපයේ තියෙන් බට්න් එක ක්ලික් කරන්න.






මේවගෙ ඔය ගොල්ලන්ට වෙබ් සයිට් 4 ක් දකවා ඇතුලත් කරන්න පුලුවන්. දැන් තියෙන්නේ බලන් ඉන්න විතරයි. බලන් ඉදිද්දී ඔයාගේ සයිට් එකට විසිටර්ස් ලා ගලාගෙන ඒවි.
අවවාදයයි:ඔබ google adsense භාවිතා කරයි නම් මෙමඟින් ඔබගේ ගිනුමට යම් යම් ගැටලු මතුවිය හැක.

පරිගණකය වේගවත් කරගන්න කැමතිද! Smart Cleaner!

11:44 AM 4 Comments

මෙන්න තවත් එල සොෆ්ට්වෙයා එකක්. මේකෙ නම Smart Cleaner. ඇත්තටම කිව්වොත් මේක මගේ වැඩක්. මේ සොෆ්ට්වෙයා එක සිස්ටම් ක්ලීනර් (System Cleaner) වර්ගයේ සොෆ්ට්වෙයා එකක්. ඒ කියන්නේ මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා ඔය ගොල්ලන්ගේ පරිගණකයේ තියෙන අනවශ්‍ය ෆයිල්, අනවශ්‍ය තොරතුරු  හාඩ් ඩිස්ක් එකෙන් ඉවත් කරලා හාඩ් ඩිස්ක් එකේ තියෙන හිස් ඉඩ (Free space) වැඩි කරගන්න පුලුවන්. ඒ වගේම පරිගණකය වෙගවත් කරගන්නත් පුලුවන්.

ඊට අමතරව Duplicate කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එකෙන් ඔයාලා නොදැනුවත්ව පරිගණකයේ ගොඩගැහුනු එක වගේ ෆයිල් ස්කෑන් කරලා මකලා දාන්නත් පුලුවන්.

භාවිතය: මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරන්න හරිම ලේසි! සොෆ්ට්වෙයා එක ඉන්ස්ටොල් කරගත්තට පස්සේ ඕපන් කරගන්න. ඊට පස්සේ Cleaner ටැබ් එක සිලෙක්ට් කරලා Next බට්න් එක ඔබන්න. ඊට පස්සේ Start බට්න් එක ඔබන්න. දැන් ඔයාගේ පරිගණකය පිරිසිදුවේවි.

හැබැයි ඉතින් මේක වැඩ කරන්න Microsoft .Net Framework 3.5 version එක හරි ඊට වඩා අළුත් එකක් හරි ඕන. Windows 7, 8, 8.1 වලටනම් ඒක ප්‍රශ්නයක් නෑ.

Download Smart Cleaner Now

(Don't click EDIT CUSTOM button. )


Games ගහන්න VGA එක මදිද? එහෙනම් මෙන්න විසදුම!!

8:47 AM 8 Comments

"දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ ආයි ආයි ආඅපි ඔන්න සෙල්ලම් කාලේ"
ඔහොම කිව්වට ඉතින් දැන් කලේ ගොඩ දෙනෙක් සෙල්ලම් කරන්න්නෙ කම්පියුටරෙත් එක්කනෙ!කට්ටිය ගේම එහෙමත් තියාගෙන ගහනව ඇතින් ඉතින් ඇට්ටි හැලෙන්න :D හැබැයි අපි හැමෝටම හොඳ හොඳ ගේම්ස් ගහන්න බෑනෙ මොකද ඒවට ගොඩක් VGA එක එහෙම ඕනෙනෙ! මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ අඩු VGA එකක් තියාගෙන වුනත් ඊට වඩා VGA එක ඕනෙ ඟේම්ස් ගහන විදිහක්.
හැබැයි මේකට ටිකක් ස්පීඩ් කම්පියුටර් එකකුයි(2.5Ghz හරි ඊට වැඩිය හරි) 2gb හරි ඊට වඩා හරි රැම් එකකුයි ඕනෙ.
මේ රූප අපැහැදිලි නම් ඒවා උඩ ක්ලික් ක්‍රන්න එතකොට ලොකුවට පෙනෙයි. :D
කරන්නෙ මෙහෙමයි.
අපි මේක කරන්නෙ SwiftShader software renderer කියන සොෆ්ට්වෙයා එක මගින්



  1. මුලින්ම මෙන්න මේ ලින්ක් එකෙන් එයාලගෙ වෙබ්සයිට් එකට යන්න.www.transgaming.com/swiftshader  වෙබ්සයිට් එකේ පහලින් තියන Download The SwiftShader Demo කියන එක උඩ ක්ලික් කරන්න. 

  2.               
  3.  එතකොට එන FORM එක පුරවල Send my Registration කියන බට්න් එක ක්ලික් කරන්න.
  4. ඊට පස්සෙ ඔයාලට transgaming කියන කම්පැනි එකෙන් ඊමේල් එකක් එයි.

  5. ඒක ඕපන් කරල ඒකෙ තියන ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කරන්න.එතකොට අර සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් වෙයි.      
  6. ඊට පස්සෙ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඕපන් කරගන්න.ඒකෙ ඇති ‍x86 හා x64 කියල ෆෝල්ඩර් දෙකකකේකෙන් 32bit තියන අය x86 ෆෝල්ඩරෙත් 64bit තියන අය x64 ෆෝල්ඩරෙත් ඕපන් කරගන්න.(ඔයාලගෙ කම්පියුටරේ 32bit ද 64bit ද කියල හොයාගන්න start menu එකේ computer උඩ right click කරල properties ගිහිල්ල බලාගන්න පුලුවන්)                                                                                                                                                                     
  7. ඕපන් කරගත්තු ෆෝල්ඩර් ඇතුලෙ තියන d3d9.dll කියන ෆයිල් එක.
  8.  ඔයාලගෙ ගේම් එක තියන ෆෝල්ඩර් එකට කොපි කරගන්න.
  9. දැන් ගේම් එක run කරල බලන්න ගේම් එක වැඩ ඇති හැබැයි අර සොෆ්ට්වෙයා එකේ watermark එක ගේම් එකේදි පෙන්නනව.
  10. ඊට පස්සෙ මෙන්න මේ සොෆ්ට්වෙයා එක බාගන්න Download 3D Analyze here.
  11. ඒ සොෆ්ට්වෙයා එක බාගෙන install කරගන්න.ඉන්ස්ටෝල් කරගෙන ඒ සොෆ්ට්වෙයා එක ඕපන්කරගන්න.
  12. ඕපන් කරගත්තහම තියන select button එකෙන් ඔයාලගෙ ගේම් එකේ .exe ෆයිල් එක තෝරගන්න.
  13.  සොෆ්ට්වෙයා එකේ අනිත් පැත්තෙන් තියනව ෆිල් කරන්න ටිකක් ඒවට හරියන settings ඔයාලට internet එකෙන් හොයාගන පුලුවන්.
  14. දැන් මම පොඩි ට්‍රික් එකක් කියල දෙන්න යන්නෙ.මේ සොෆ්ට්වෙයා ඒකේ ලෝගෝ එකට යටින් තියන box ටික පුරවන්න ඕනෙ ඒකෙ පෙන්නනව නේද devices 4ක් ඒකෙන් ඔයාලට හරියන device එක තෝරගන්න.ඒ device වල යටින් තියනව ඒවගෙ Device IDs and Vendor IDs අන්න ඒ ටික එවට එහා පැත්තෙන් තියන box වලට ඇතුල් කරන්න.(ඔයාලට පුලුවන් ඕනෙම graphic card එකක Device and Vendor Ids internet එකෙන් හොයාගන්න)
  15. ඔයාල ඒ ඔක්කොම කරහම RUN button එක ඔබන්න! 
දැන් අපි ඔක්කොම වැඩ කරල ඉවරයි !! ගේම් එකේදි අර watermark එක පේන්නෙ අපි අර සොෆ්ට්වෙයා එකේ demo එක ගයත්ත නිසා ඒ සොෆ්ට්වෙයා එක සල්ලි දීල ගත්තනම් ඒක පේන්නෙ නෑ!

තවත් හොඳින් game එක වැඩ කරන්න නම් ,
  • Razer Game Booster සොෆ්ට්වෙයා එක බාගන්න..Downloadi Link Wn7,Vista , XP
  • ගේම එකේ resolution අඩු කරන්න.
  • වැඩි රැම් එකක් පාවිච්චි කරන්න.
  •  SwiftShader Full Version එක බාගන්න.
එහෙනම් අපි ගියා ආයෙ අලුත් වටින ලිපියකින් හම්බෙමු!
අව්ලක් තියනවනම් කමෙන්ට් කරල අහන්න ඕනෙ වෙලාවක අපි ඉන්නව!
ඔයාලට අපේ සයිට් එකේ සාමාජිකයෙක් වෙන්න ඕනෙ නම් "සාමාජිකයෝ" කියල තියන ගැජට් එකේ "join this site" ක්ලික් කරන්න.       
සහෝදර ktips.info බ්ලොග් අඩවියේ ඉංග්‍රීසි භාශාවෙන් පලවූ ලිපියෙහි සිංහල පරිවර්තනයකි.