Hallmark Card Studio සුභ පැතුම් පත් සාදන සොෆ්ට්වෙයා එක.

11:19 AM 4 Comments

අපිට විවිධ අවස්ථවලදි සුභ පැතුම් පත් ඕනෙ වෙනවා උදාහරණයක් විදිහට උපන් දින වලට.ඉතින් අපි කරන්නෙ මොකක්ද කඩෙන් ගිහිල්ලා එකක් ගන්න එක. ඒත් අද ඉඳන්නම් එහෙම ඕනෙ නෑ මොකද අපිට මේ සොෆ්ට්වෙයා එකෙන් ගේමක් නැතුවම සුභ පැතුම් පත් හදාගන්න පුලුවන්.මේකෙ එක එක කාඩ් වර්ග 5000ක් විතර තියනවා clipart 13000ක් විතර තියනව ඒක නිසා ලේසියෙන්ම අපිට කාඩ් හදාගන්න පුලුවන්,දන්නැති අය ඉන්නවනම් ඉගෙන ගන්න මේකෙ video tutorial තියනවා. එහෙනම් පහලින් බාගන්න.
http://lp.ezdownloadpro.info/doc/?q=Hallmark%20Card%20Studio%20Deluxe%20%282014%29%20DVD

ඇදහිය නොහැකි අයි පෑඩ් මැජික්!unbelievable I Pad magics!

10:21 AM 1 Comment

අද මම පොඩි විශේශාංග ලිපියක් ගෙනාවා වෙනසකටත් එක්ක :) මෙන්න බලන්නකෝ මේ ගොල්ලන් අයි පෑ එකන් දාන වැඩ කිඩ,මටනම් විශ්වාස කරන්න්නත් බෑ!ඒ තරමටම අපූරුයි අලංකාරයි.ඇත්තටම මේ කස්ටිය මේවා කරන්නෙ කොහොමද දන්නෙ නෑ නේද?

 

 

 

 

 

 

 


ඔක්කොම  බැලුවා නේද? එහෙනම් මේ ගැන ඔයාලගෙ අදහසුත් පහලින් කියමු බලන්න..

කරදරකාරී shortcut virus එක ඔබේ පරිගණකයෙන් ඉවත් කරගන්න.How To Remove Shortcut Virus From Pendrive, Hard disk, PC, Memory Cards

5:36 PM 8 Comments


මම ගොඩක් තැන් වල දැකාලා තියනවා මේ shortcut virus එක නිසා ගොඩක් අය අව්ල් වෙලා ඉන්නවා.මොකද මේක ආපුවාම ඒ ශෝට්ක්කට් ෆයිල් ඩිලීට් කරන්නත් බෑ අනික ඩිලීට් කලත් ආපහු එනවා.ඇත්තටම මේක වයිරස් ගාඩ් එකක් තියන පීසී එකකට වුනත් කිසි අව්ලක් නැතුව වෙන්න පුලුවන්.මම අද කියල දෙන්න යන්නෙ අන්න ඒ කරදරකාරයව අයින්ම කරලා දාන හැටි .හොඳට අහගන්න ඕනෙ ඈ? :v
  • මුලින්ම ඔයා වයිරස් රාජයා තියන පෙන් එක මෙමරි කාඩ් එක් හරි මොන මගුලක් හරි ගහලා ඉන්න.
  • ඊට පස්සෙ මෙන්න මෙතනින් “AutorunExterminator” මලයව බාගන්න.
  • තුන්වෙනියට ඒක බාගෙන ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්න.
  • එතකොට ඔයාලට දකිම්න පුලුවන් නෝටිෆිකේශන් බාර්(bar ඈ) එකේ මෙන්න මෙහෙම පොඩි කතිරයක් තියනව.ඕක කොලාම autorun.inf ෆයිල් ටික බංග වෙලා යනව.

දැන් ඉතින් වැඩේට බහින්න තමා තියෙන්නෙ.
  • Command Prompt එක administrator විදිහට (එහෙම කරන්නෙ මෙහෙමයි start>all programs >accessories ගියාම ඇති Command Prompt කියලා,ඒක උඩ right click කරලා run as administrator දෙන්න එතකොට හරි ) :))  ඕපන් කොර ගන්න.
  • ඒකෙ ඇතුලෙ මෙන්න මේ කෝඩ් එක ගහලා වැරෙන් එන්ටර්(enter)පාරක් දෙන්න.

attrib -h -r -s /s /d g:\*.*

 *වැදගත්-මම මේකෙදි වයිරස් එක තියන drive එක විදිහට ගත්තෙ g drive එක ඔයාලට පුලුවන්  
attrib -h -r -s /s /d g:\*.* කෝඩ් එකේ රතුපාටිං තියන g වෙනුවට වයිරස් එක තියන drive එකේ පාත් එක දෙන්න.
  • ඔන්න අන්තිම හරිය මෙතනින් Malwarebytes’ Anti-Malware සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා අප්ඩේට්(update)කරගෙන ෆුල් ස්කෑන් එකක් වයිරස් එක තිබ්බ පාත් එකට දෙන්න.
  • ඊටපස්සෙ ඕකට අහුවෙන ඔය කුනු කන්දල් ටික ඩිලීට් කරලා දාන්න.
හරි දැං ඔක්කොම හරි බලන්නකෝ ඔය මහලොකු වයිරස් එක :Pතිබ්බ පෙන් එකට ගිහිල්ල ලස්සනට shortcuts ටික බංගස්තාන් වෙලා ඇති!

එහෙනම් අපි චුත වුනා :Dආයෙ තව එකින් ලගඳිම හම්බෙමු ඈ දිගටම අපිත් එක්ක ඉන්නෝ.......!
 

අලුත්ම තාලයේ හෙලිකොප්ටරය-VC200 – the first Volocopter to carry two people

7:58 AM Add Comment

          
               බැලූ බැල්මට පේන්නෙ නිකම්ම නිකන් හෙලිකොප්ටරයක් කියල නේද?ඒත් නෑ මේක ගොඩක් වෙනස්.පරිසර හිතකාමී,විදුලියෙන් තමයි ක්‍රියා කරන්නෙ.දෙදෙනෙකුට කිසි අව්ලක් නැතුව යන්න පුලුවන්.එක හදපු e-volo කියන ජර්මන් සමාගමේ නම් අදහස් මේක තව කට්ටිය ගෙනියන්න පුලුවන් විදිහට හදන්නයි.පැයට කිලෝ මීටර් 100ක විතර ස්පීඩ් එකකින් යන්නත් පුලුවන්.පැය එකකට වඩ්ෆා ගුවන් කාලයක් තියනවා.කිලෝ ගරෑම් 450ක විතර බරක් එක්ක මේකට පියාඹන්න පුලුවන්.අඩි 6500ක පමණ උසකට මේකට ලඟාවෙන්න පුලුවන් කියල තමයි මේක හදපු සමාගම නම් කියන්නෙ.එහෙනම් මෙන්න බලන්නකෝ ඒකෙ වීඩියෝස් ටිකක්. :Dතාම වෙලඳපොලට නිකුත් කරලා නෑ ඈ.

 



එහෙනම් අපි ගියා ආයෙ හමුවෙමු ජයෙන් ජය!!

ලෝකයේ ලස්සනම ජාතික වනෝද්‍යාන 10

11:00 AM 2 Comments

අදමම ඔයාලට දෙන්න හිතුවා ලෝකෙ තියන ලස්සනම් ජාතික වනෝද්‍යාන 10 ගැන තොරතුරු.කියවලම බලන්නකෝ ඔයාල දන්න දේවලුත් තියන්ව නම් පහලින් කමෙන්ට් කරන්න.ඒ වගේම ලංකාවෙත් මේවගේ ලස්සන තැන් ගොඩාක් තියනව.

1. Snowdonia, Wales   


Snowdonia ජාතික වනෝද්‍යානය පිහිටලා තියෙන්නෙ වේල්ස් වල  Snowdon කියන කන්ද ආශ්‍රිතව.ඒ කන්ද අඩි 3560ක් පමණ උසයි.මේ වනෝද්‍යානය ගස් වලින් වැහුනු විල්,පරණ ඉදිකිරීම,පරණ මාලිගා වලින් සමන්විතයි.  

2. Grand Canyon, the United States   

Grand Canyon  වනෝද්‍යානය හැදිලා තියෙන්නෙ කොලරාඩෝ ගංගාව වසර දහස් ගණනක් ගාලායම නිසා ඇතිවුන ගැඹුරු දොරුව නිසා.Grand Canyon කියන්නෙ ස්වභාවික ලෝක පුදුම වලින් එකක්.ඒ වගේම ඒක යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියනවා.මේ වනෝද්‍යානය ඇරිසෝනා වල අක්කර 1,200,000 පුරා විහිදෙනවා 

3. Kruger National Park, South Africa  

Kruger වනෝද්‍යානය පිහිටලා තියෙන්නෙ අප්‍රිකාවෙ.ඒක අප්‍රිකාවෙ තියන ලොකුම වනෝද්‍යානයක්.අක්කර මිලියන ගණනක් පුරා පැතිරුන එහි අපිට බලාගන්න පුලුවන් අප්‍රිකානු අලි,ජිරාෆ්ලා.තැනි තැන පිහිටලා තියන ටවර් උඩට ගිහිල උන්ව හොඳටම බලාගන්න පුලුවන්

4. Deosai, Pakistan    


Deosai වනෝද්‍යානය හරිම ප්‍රසිධයි මල් වලට හැම අසන්ත සෘතුවකම අපිට මල් දහස් ගණනක් එහි දැකගන්න පුලුවන්. 

5. Kakadu, Australia 


Kakadu වනෝද්‍යානය ඕස්ට්‍රේලියානු රජය හා එරට ආදිවාසීන් තමයි පවත් වාගෙන යන්නෙ.ඒ වගේම ඒක ලෝක උරුමයකකපිට බොහොම ලස්සන  දර්ශන එහෙදි දැකගන්න පුලුවන්.ඒ වගේම ආදිවාසිනුත් ඉන්නවා.

6. Hortobagy, Hungary 

මේක තමයි හන්ගේරියාවෙ පලවෙනි ජාතික වනෝද්‍යානය මේක කැලෑ අශ්වයන්ට වගේම තර්ජනයට මුහුනපාලා ඉන්න කුරුල්ලන්ටත් නිවසක්.ගොඩක් කුරුලු නිරීක්ශකයෝ මෙහාට එනවා කුරුලන්ව දැක ගන්න

7. Plitvice Lakes, Croatia

ගංගා ඇල දොල වලින් පිරුණු මෙය නෙත් සිත් පිනවන ඉතාම අලංකාරන වනෝද්‍යානයකි.

8. Madain Saley National Historic Park, Saudi Arabia

කාන්තාර හා කලු ගල් වලින් පිරුනු  අලංකාර වනෝද්‍යානයකි .එමෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථානද දැක ගත් හැකිය.

9. Sagarmatha National Park, Nepal


එවරස්ට් කන්ද ආශ්‍රිතව පිහිටා ඇහි මෙහි ආරාම මෙන්ම Sherpa ගම්මානද පිහිටා ඇත.කඳුකර එලුවන් ආදී සතුන් බොහෝමයකට මෙය නිවස වී ඇත.

10. Iguazu National Park, Argentina and Brazil 


Iguazu ජාතික වනෝද්‍යානය ආජන්ටිනාව හා බ්‍රසීලය යන රටවල් දෙක අතර පිහිටා ඇත.වැසි වනාන්තරයක් වන මෙහි Iguazu දිය ඇල්ල ඇතුළුව තවත් දිය ඇලි රාශියක්ම තියනවා.

එහෙනම් අදට මම යනවා තවත් පෝස්ට් එකකින් ලගඳිම් හමුවෙමු!